සේල ස්ථවිරගාථා වර්ණනාව
පරිපුණ්ණකායො ආදි ගාථාවන් ආයුෂ්මත් සෙල තෙරුන්ගේය. මොහුද පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද උගත්බවට පැමිණියේ පිරිසක ප්රධානියා වී පුරුෂයන් තුන්සියයක් හා එක්ව ඔවුන් සමග බුදුරජාණන් වහන්සේට ගන්ධකුටියක් සාදවා, ගඳකිලියේ වැඩ අවසන් වූ පසු බුදුන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට මහ දන් දී ශාස්තෲන් වහන්සේද භික්ෂූන්ද තුන්සිවුරෙන් ඇන්දවීය. ඔහු ඒ පිණින් එක් බුද්ධාන්තරයක් දෙව්ලොවට වැස එයින් චුතව දෙව්මිනිසුන් අතර උපදිමින් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ අංගුත්තරාපෙසු ආපණො අංගුත්තරාපෙසු ආපණ නම් වූ බමුණු ගමෙහි බමුණු කුලයක ඉපිද සෙලොති සෙල යැයි නම් ලැබීය. ඔහු වැඩිවියට පත්වූයේ ත්රිවේදයෙහි ද බ්රාහ්මණ ශිල්පයන්හිද නිමාවට පත්ව මානවකයන් තුන්සියයකට මන්ත්ර උගන්වමින් ආපණෙ එනම් ගමෙහි වාසය කරයි. ඒ කාලයේ භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්ම හයසිය පනහක් භික්ෂූන් සමග අංගුත්තරාපෙසු යනු අංගුත්තරාප නම් දනව්වෙහි චාරිකාවේ වඩින්නේ සෙලස්ස සෙල නමැත්තාගේ හා ඔහුගේ අතවැසියන්ගේ නුවණ මුහුකුරා ගිය බව දැන එක්තරා වනලැහැබක වාසය කරන සේක. ඉක්බිති කෙනියො කෙනිය නම් වූ ජටිලයෙක් බුදුන් වැඩි බව අසා එහි ගොස් පසුදා දානය සඳහා භික්ෂු සංඝයා සහිත බුදුන්වහන්සේට ආරාධනා කොට තමන්ගේ අසපුවෙහි බොහෝ ආහාරපාන සූදානම් කරවීය. ඒ කාලයේ සෙලො සෙල නම් බ්රාහ්මණයා තුන්සියයක් මාණවකයින් සමග ඇවිදගෙන යන්නේ කෙනියස්ස කේනියගේ අසපුවට පිවිස ජටිලයන් දරපැලීම, ලිප් බැඳීම ආදියෙන් දානයට උපකරණ සූදානම් කරනු දැක කිම කේනිය, මහා යාගයක් එළඹ තිබේද? යනාදිය විචාරා ඔහු විසින් ‘අපි හෙට දානය සඳහා බුදුන් වහන්සේට ආරාධනා කළෙමු යැයි’ කී කල්හි ‘බුද්ධ’ යන වචනය අසාම සතුටු වූයේ ප්රීතිසොම්නස් බවට පත්වූයේ එකෙණෙහිම මාණවකයින් සමග බුදුන් ලඟට පැමිණ පිළිසඳර කථාකොට එකත්පස්ව සිටියේ භාග්යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන් දැක මේ ලක්ෂණයන්ගෙන් යුක්ත වූයේ සක්විති රජ හෝ වන්නේය. නැතහොත් බුදුවන්නේය. මේ වනාහි පැවිද්දෙකි. බුදුකෙනෙක්ද නොවේද කියා නොදනිමි. මා විසින් මෙසේ අසා ඇත. යම් ඒ භාග්යවත් අර්හත් සම්බුද්ධයන් වහන්සේලා තමන් ගැන වර්ණනා කරන කල්හි තමන්ව හෙළිදරව් කරති. බුදු නොවූ ඇත්තෝ ඉදිරිපිට සිට බුදුගුණ වර්ණනා කරනවිට ලජ්ජාවට, බියට පත්වෙති. විසාරද බවට පත් නොවූ බැවින් මකුබවට පැමිණෙයි. ඉදින් මම ශ්රමණ ගෞතමයන් වහන්සේව සුදුසු වූ ගාථාවන්ගෙන් වර්ණනා කරමියි සිතා -
පරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරු දස්සනො,
සුවණ්ණාවණ්ණෙහි භගවා සුසුක්කදාඨො විරියවා.
සුවණ්ණාවණ්ණෙහි භගවා සුසුක්කදාඨො විරියවා.
නරස්සහි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා,
සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිස ලක්ඛණ.
සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිස ලක්ඛණ.
පසන්නනෙත්තො සුමුඛො බ්රහා උජුපතාපවා,
මජ්ඣෙ සමණ සංඝස්ස ආදිච්චො’ව විරොචසී.
මජ්ඣෙ සමණ සංඝස්ස ආදිච්චො’ව විරොචසී.
කල්යාණ දස්සනො භික්ඛූ කඤ්චන සන්නිභත්තචො,
කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
රාජා අරහසි භවිතුං චක්කවත්තී රථෙසභො,
චාතුරෙන්තො විජිතාවී ජම්බුසණ්ඩ ඉස්සරො.
චාතුරෙන්තො විජිතාවී ජම්බුසණ්ඩ ඉස්සරො.
ඛත්තියා භොගා රාජානො අනුයන්තා භවන්තිතෙ,
රාජාභිනරාජා මනුජින්දොන රජ්ජං කාරෙහි ගොතම.
රාජාභිනරාජා මනුජින්දොන රජ්ජං කාරෙහි ගොතම.
යන ගාථා සයකින් බුදුගුණ ගැයීය.
එහි පරිපුණ්ණකායො යනු මනා පෞරුෂයකින් හෙබි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සම්පූර්ණ අඩුවක් නැති අඟපසඟ ඇති පිරිපුන් සිරුර සුරුචී යනු සිරුරේ මනා පැහැය. සුජාතො යනු ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත මනා අඟපසඟ ඇති උතුම් ජන්ම ඇති චාරුදස්සනො යනු මනහර වූ දකින අයගේ අවසන් නොවන තෘප්තියක් ඇති පිළිකුල් නොවන මනහර වූ සොඳුරු දැකුමක් මොහුට ඇත්තේනුයි චාරුදස්සන නම් වේ. සමහර කෙනෙක් කීහ. චාරුදස්සනො යනු මනහර වූ ඇස් ඇත්තේ යන අර්ථය දෙති. සුවණ්ණවණ්ණො යනු රන් කහවනු සමාන වර්ණ ඇති. අසි යනු වන්නෙහිය. මේ අසී යන පදය පරිපුණ්ණකායො අසි (පිරිපුන් සිරුරක් ඇත්තෙහිය) ආදී ලෙස සියලුම පදයන් සමග යෙදිය යුතුය. සුසුක්කදාඨො යනු මනාව පිහිටි සුදුපාට දත් ඇති භාග්යවතුන් වහන්සේගේ දන්තයෝ වනාහි සඳකිරණ මෙන් සුදුරැස් විහිදුවත්. විරියවා යනු විරිය පාරමිතාව පිරිමෙන් අංග සතරකින් යුක්ත වීර්යයෙන්ද සතර වැදෑරුම් සම්යග් ප්රධාන වීර්යයෙන්ද යන සම්පත්තීන්ගෙන් අතිශයින් යුක්ත වූ,
නරස්සහි සුජාතස්ස යනු සමතිස් පාරමිතාවන්, ආර්යයන් වහන්සේ හෝ චක්රවර්ති රාජයා හෝ මනාව සම්පූර්ණ කිරීම නිසා මනාව උපන්නා වූ මනුෂ්යයාට, මහා පුරිසයාණන්ට යන අරථයි. සබ්බෙ තෙ යනු යමෙක් ලෝකයේ මහා පුරිසභාවය, අග්රපුද්ගල භාවය සලකුණු කරන්නේය යන අර්ථයෙන් ‘බ්යඤ්ජන’ යනුවෙන් ලබන ලද ව්යවහාර ඇති මනාව පිහිටියා වූ පාද ආදි දෙතිසක් මහාපුරිස ලක්ෂණ සංඛ්යාත වූ තඹවන් නිය, උස්ව පිහිටි නිය ආදී වූ අසූවක් අප්රධාන ව්යඤ්ජන සංඛ්යාත රූපගුණයෝ. ඔව්හු සම්පූර්ණයෙන් තවකායස්මිං ඔබගේ සිරුරෙහි වෙත් යනාදි ලෙස ඉතිරිය අර්ථ ගතයුතුයි.
මහාපුරිස ලක්ඛණානි යනු පෙර කියන ලද ලක්ෂණයන්ම වචනාන්තරයකින් කීය.
දැන් ඉතිරි ලක්ෂණ අතුරෙන් තමන්ට කැමැති ලක්ෂණවලින් භාග්යවතුන් වහන්සේව වර්ණනා කරන්නේ පසන්නනෙත්තො යනාදිය කීය. භාග්යවතුන් වහන්සේ වනාහි පංචවර්ණ පැහැ සම්පතින් පැහැපත් නේත්ර ඇති සේක. පිරිපුන් සඳමඩල වැනි මුහුණක් ඇති බැවින් සුමුඛො නම් වේ. ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත බැවින් බ්රහා බ්රහ්මයාට සමාන ඍජු සිරුරක් ඇති බැවින් උජූ නම් වේ. දීප්තිමත් බව ඇති බැවින් පතාපවා වේ.