තේලකානි ස්ථවිරගාථා වර්ණනාව
චිරරත්තංවතාතාපි ආදිය ආයුෂ්මත් තෙලකානිත්ථෙරස්ස තෙලකානි තෙරුන්ගේ ගාථාවන්ය. මොහු ද පෙර බුදුන් දවස කරන ලද ප්රාර්ථනා ඇත්තේ ඒ ඒ භවයෙහි සසරට පිහිට වන්නා වූ කුසල් රැස්කර මේ බුද්ධෝත්පාද කාලයෙහි බුදුන් පහළවීමට පෙරාතුවම සාවත්ථියං සැවැත් නුවර එක්තරා බ්රාහ්මණ කුලයක ඉපිද තෙලකානී තෙලකානි යැයි ලබන ලද නම් ඇත්තේ වියපත් වූයේ වාසනා සම්පත් ඇති බැවින් කම් සැපෙහි පිළිකුල් ඇත්තේ ගිහිගෙය අත්හැර පරිබ්රාජක පැවිද්දෙන් පැවිදිව ලෝකෝත්තර පක්ෂය කෙරෙහි ඇදීගිය සිත් ඇත්තේ කො සො පාරංගතො ලොකෙ යනාදි ගාථාවන්ගෙන් දක්වන පරිදි මෝක්ෂය සොයමින් ඇවිදින්නේ ඒ ඒ මහණ බමුණන් වෙත පැමිණ ප්රශ්න විචාරයි. නමුත් ඔවුහු ඒ ප්රශ්නවලට උත්තර දීමට අසමත් වූහ. එයින් අසතුටු සිත් ඇතිව හැසිරෙයි. ඉක්බිති අපගේ තථාගතයන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දම්සක් පවත්වා ලොවට වැඩ කරන කල්හි එක්දිනක් බුදුන් වෙත පැමිණ බණ අසා ඇතිකරගත් ශ්රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ වැඩිකල් නොගොස්ම රහත්බවට පත්විය. ඔහු එක්දිනක් භික්ෂූන් සමග හුන්නේ තමා විසින් අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කර ඒ අනුව තමන්ගේ ප්රතිපත්ති සිහිපත්කොට ඒ සියල්ල භික්ෂූන්ට ප්රකාශ කරන්නේ
චිර රත්තං වතාතාපී ධම්මං අනුවිචින්තයං,
සමං චිත්තස්ස නා ලත්ථං පුච්ඡං සමණ බ්රාහ්මණො.
සමං චිත්තස්ස නා ලත්ථං පුච්ඡං සමණ බ්රාහ්මණො.
කො සො පාරංගතො ලොකෙ කොපත්තො අමතොගධං,
කස්ස ධම්මං පටිච්ඡාමි පරමත්ථවිජානනං.
කස්ස ධම්මං පටිච්ඡාමි පරමත්ථවිජානනං.
අන්තො වංකගතො ආසි මච්ඡොව ඝසමාමිසං,
බන්ධො මහින්දපාසෙන වෙපචිත්යසුරො යථා.
බන්ධො මහින්දපාසෙන වෙපචිත්යසුරො යථා.
අඤ්ජාමි නං නමුඤ්චාමි අස්මාසොක පරිද්දවා,
කො මෙ බන්ධං මුඤ්චිං ලොකෙ සම්බොධිං වෙදයිස්සති.
කො මෙ බන්ධං මුඤ්චිං ලොකෙ සම්බොධිං වෙදයිස්සති.
සමණං බ්රාහ්මණං වාකං ආදිසන්තං පභංගුනං,
කස්ස ධම්මං පටිච්ඡාමි ජරාමච්චූපවාහනං.
කස්ස ධම්මං පටිච්ඡාමි ජරාමච්චූපවාහනං.
විචිකිච්ඡා කංඛා ගන්ථිතං සාරම්භබලසඤ්ඤුතං,
කොධප්පත්ත මනත්ථද්ධං අභිජප්පප්පදාරණං.
කොධප්පත්ත මනත්ථද්ධං අභිජප්පප්පදාරණං.
තණ්හා ධනු සමුට්ඨානං ද්වෙච පන්නරසායුතං,
පස්ස ඔරසිකං බාළ්හං භෙත්වාන යදි තිට්ඨති.
පස්ස ඔරසිකං බාළ්හං භෙත්වාන යදි තිට්ඨති.
අනුදිට්ඨිනං අප්පහානං සංකප්පපරතො ජිතං,
තෙන විද්ධො පවෙධාමි පත්තංව මාලු තෙරිතං.
තෙන විද්ධො පවෙධාමි පත්තංව මාලු තෙරිතං.
අජ්ඣත්තං මෙ සමුට්ඨාය ඛිප්පං පච්චති මාමකං,
ජඵස්සායතන කායො යත්ථ සරති සබ්බදා.
ජඵස්සායතන කායො යත්ථ සරති සබ්බදා.
තං න පස්සාමි තෙ කිච්චං යො මෙතං සල්ල මුද්ධරෙ,
නානා රජ්ජෙන සත්ථෙන නාඤ්ඤෙන විචිකිච්ඡිතං.
නානා රජ්ජෙන සත්ථෙන නාඤ්ඤෙන විචිකිච්ඡිතං.
කො මෙ අසත්ථො අවණො සල්ලමබ්භන්තර පස්සයං,
අහිංසං සබ්බගත්තානි සල්ලං මෙ උද්ධරිස්සති.
අහිංසං සබ්බගත්තානි සල්ලං මෙ උද්ධරිස්සති.
ධම්මප්පති හි සො සෙට්ඨො විසදො සප්පවාහකො,
ගම්භීරෙ පතිතස්ස මෙ ඵලං පාණිඤ්ච දස්සයෙ.
ගම්භීරෙ පතිතස්ස මෙ ඵලං පාණිඤ්ච දස්සයෙ.
රහදෙහමස්මි ඔගාළ්හො අහාරියරජමත්තිකෙ,
මායා උසූය සාරම්භථිනමිද්ධ මපත්ථටෙ.
මායා උසූය සාරම්භථිනමිද්ධ මපත්ථටෙ.
උද්ධච්ච මෙසථනිතං සංයොජන වලාහකං,
වාහා වහන්ති කුද්දිට්ඨිං සංකප්පාරාගනිස්සිතා.
වාහා වහන්ති කුද්දිට්ඨිං සංකප්පාරාගනිස්සිතා.
සවන්ති සබ්බධිසොතා ලතා උබ්භිජ්ජතිට්ඨති,
තෙ සොතෙ කො නිවාරෙය්ය තං ලතං කොහි ඡෙච්ඡති.
තෙ සොතෙ කො නිවාරෙය්ය තං ලතං කොහි ඡෙච්ඡති.
වෙලං කරොථ භද්දන්තෙ සොතානං සන්නිවාරණං,
මා තෙ මනොමයො සොතො රුක්ඛං ව සහසා ලුවෙ.
මා තෙ මනොමයො සොතො රුක්ඛං ව සහසා ලුවෙ.
එවං මෙ භයජාතස්ස අපාරාපාරමෙසතො,
තාණො පඤ්ඤාවුධො සත්ථා ඉසිසංඝනිසෙවිතො.
තාණො පඤ්ඤාවුධො සත්ථා ඉසිසංඝනිසෙවිතො.
සොපානං සුකතං සුද්ධං ධම්මසාරමයං දළං,
පාදාසි වුය්හමානස්ස මාභායීතිච අබ්රවි.
පාදාසි වුය්හමානස්ස මාභායීතිච අබ්රවි.
සතිපට්ඨාන පාසාදං ආරූය්හ පච්චවෙක්ඛිසං,
යන්තං පුබ්බෙ අමඤ්ඤිස්සං සක්කායාභිරතං පජං.
යන්තං පුබ්බෙ අමඤ්ඤිස්සං සක්කායාභිරතං පජං.
යදාච මග්ගමද්දක්ඛිං නාවාය අභිරූහනං,
අනධිට්ඨාය අත්තානං තිත්ථමද්දක්ඛි මුත්තමං.
අනධිට්ඨාය අත්තානං තිත්ථමද්දක්ඛි මුත්තමං.
සල්ලං අත්තසමුට්ඨානං භවෙ නෙත්තිපභාවිතං,
එතෙසං අප්පවත්තාය දෙසෙසි මග්ගමුත්තමං.
එතෙසං අප්පවත්තාය දෙසෙසි මග්ගමුත්තමං.
දීඝරත්තානුසයිතං චිරරත්තමධිට්ඨිතං,
බුද්ධො මෙපානුදිගන්ථං විසදොසං පවාහනො ති.
බුද්ධො මෙපානුදිගන්ථං විසදොසං පවාහනො ති.
යන ගාථා ප්රකාශ කළේය.
එහි චිරරත්තං වත යනු බොහෝ කාලයක් වනාහි. ආතාපී යනු වීර්යවන්තව මෝක්ෂ ධර්මය සෙවීමෙහි පටන්ගන්නා ලද වීර්ය ඇති ධම්මං අනුවිචින්තයන්ති යනු මෝක්ෂ ධර්මය කෙබඳු එකක්ද? කෙසේනම් අවබෝධ කළයුතුද ආදී ලෙස විමුක්ති ධර්මය සොයන්නේ, ගවේෂණය කරන්නේ. සමං චිත්තස්ස නාලත්ථං පුච්ඡං සමණ බ්රාහ්මණෙ යනු ඒ ඒ නොයෙක් තීර්ථකයන්ගෙන් හා සමණ බ්රාහ්මණයන්ගෙන් විමුක්ති ධර්මය ගැන විමසන්නේ ප්රකෘතියෙන් තැන්පත් නොවූ ස්වභාව ඇති සිතෙහි සංසිඳීමක් ඇතිකරන සසර දුක නැතිකරන ආර්ය ධර්මයක් නොලැබීය. අවබෝධ නොවීය යන අර්ථයි.
කොසො පාරංගතො ආදිය විමසූ ආකාරය දක්වයි. එහි කො සො පාරංගතො ලොකෙ යනු මේ ලෝකයෙහි විවිධ තීර්ථක නිකායන්හි බැඳීම් ඇති සමණ බ්රාහ්මණයන් කෙරෙහි කවරෙක් නම් සසරින් එතරවන නිර්වාණයක් ලඟාකර ගනීද? කො පත්තො අමතොගධං යනු නිවන පිහිටකොට ඇති විමොක්ෂ මාර්ගයකට කවරෙක් නම් පත්වූයේද? අවබෝධ කරගත්තේද යන අර්ථයි. කස්ස ධම්මං පටිච්ඡාමි යනු කවර නම් ශ්රමණයකුගේ හෝ බ්රාහ්මණයකුගේ අවවාදය පිළිගනිම්ද? පරමත්ථවිජානනං යනු උතුම් අර්ථයාගේ අවබෝධය විපරීත නොවූ ධර්මයන්ගේ පැවැත්ම හා නැවැත්ම ප්රකාශ කරන්නේය යන අර්ථයි.