පාරාසරිය ස්ථවිරගාථා වර්ණනාව
සමණාස්ස අහුචින්තා යනාදිය ආයුෂ්මත් පාරාපරිය තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුවරුන් සමීපයෙහි කරණ ලද ප්රාර්ථනා ඇත්තේ ඒ ඒ භවයෙහි සසරට පිහිට වන්නා වූ කුසල් රැස්කොට සුගතිවල සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා බ්රාහ්මණ මහාසාර කුලයක පුත්රයෙක්ව උපන්නේය. වැඩිවියට පත් ඔහුට ගෝත්ර නාම වශයෙන් පාරාපරිය යන නම ලැබිණ. ඔහු ත්රිවේදය ඉගෙන බ්රාහ්මණ ශිල්පයන්හි පරම්පෙරට ගියේ එදිනක් ශාස්තෝන් වහන්සේ ධර්ම දේශනා කරන කල්හි දෙව්රම් විහාරයට ගොස් පිරිස කෙළවර හුන්නේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිතිවිලි විමසා බලා ඉන්ද්රිය භාවනා සූත්රය දේශනා කළ සේක. ඔහු එය අසා හටගත් ශ්රද්ධා ඇත්තේ පැවිදි විය. ඒ සූත්රය ඉගෙනගෙන එහි අර්ථය පිළිබඳව කල්පනා කළේය. යම්සේ වනාහි ගාථාවන්හි අර්ථය තමාම කල්පනා කළේද ඔහු එපරිද්දෙන් කල්පනා කරන්නේ ආයතන ස්වරූපයෙන් විදර්ශනාව පිහිටුවා නොබෝ කලකින්ම රහත් බවට පත්වූයේ පසුකලක තමා විසින් සිතූ ආකාරය ප්රකාශ කරන්නේ
සමණස්ස අහුචින්තා පාරාපරියස්ස භික්ඛුනො,
එකකස්ස නිසින්නස්ස පවිචිත්තස්ස ඣායිනො.
එකකස්ස නිසින්නස්ස පවිචිත්තස්ස ඣායිනො.
කිමානුපුබ්බං පුරිසො කං වතං කිං සමාචරං,
අත්තනො කිච්චකාරිස්ස නචකිඤ්චි විහෙඨයෙ.
අත්තනො කිච්චකාරිස්ස නචකිඤ්චි විහෙඨයෙ.
ඉන්ද්රියානි මනුස්සානං හිතාය අහිතායච,
අරක්ඛිතානි අහිතාය රක්ඛිතානි හිතාය ච.
අරක්ඛිතානි අහිතාය රක්ඛිතානි හිතාය ච.
ඉන්ද්රියානෙව සාරක්ඛං ඉන්ද්රියානිච ගොපයං,
අත්තනො කිච්චකාරිස්ස නචකිඤ්චි විහෙඨයෙ.
අත්තනො කිච්චකාරිස්ස නචකිඤ්චි විහෙඨයෙ.
චක්ඛුන්ද්රියං චෙ රූපෙසු ගච්ඡන්තං අනිවාරයං,
අනාදීනව දස්සාවී සො දුක්ඛා නහි මුච්චති.
අනාදීනව දස්සාවී සො දුක්ඛා නහි මුච්චති.
සොතින්ද්රියං චෙ සද්දෙසු ගච්ඡන්තං අනිවාරියං,
අනාදීනව දස්සාවී සො දුක්ඛ න හි මුච්චති.
අනාදීනව දස්සාවී සො දුක්ඛ න හි මුච්චති.
අනිස්සරණ දස්සාවී ගන්ධෙ ච පටිසෙවති,
න සො මුච්චති දුක්ඛම්හා ගන්ධෙසු අධිමුච්ඡිතො.
න සො මුච්චති දුක්ඛම්හා ගන්ධෙසු අධිමුච්ඡිතො.
අම්බිලං මධුරග්ගඤ්ච තිත්තකග්ග මනුස්සරං,
රස තණ්හාය ගන්ථිතො හදයං නාවබුජ්ඣති.
රස තණ්හාය ගන්ථිතො හදයං නාවබුජ්ඣති.
සුභාන්යප්පටිකූලානි ඵොට්ඨබ්බානි අනුස්සරං,
රත්තො රාගාධිකරණං විවිධං වින්දතෙ දුඛං.
රත්තො රාගාධිකරණං විවිධං වින්දතෙ දුඛං.
මනං චෙ තෙහි ධම්මෙහි යො නසක්කොති රක්ඛිතුං,
නතොනං දුක්ඛමන්වෙති සබ්බෙනෙතෙහි පඤ්චහි.
නතොනං දුක්ඛමන්වෙති සබ්බෙනෙතෙහි පඤ්චහි.
පුබ්බලොහිත සම්පුණ්ණං බහුස්ස කුණපස්සච,
නරවීරකතං වග්ගු සමුග්ගමිව චිත්තිතං.
නරවීරකතං වග්ගු සමුග්ගමිව චිත්තිතං.
කටුකං මධුරස්සාදං පියනිබන්ධනං දුඛං,
ඛුරංව මධුනාලිත්තං උල්ලිහං නාව බුජ්ඣෙති.
ඛුරංව මධුනාලිත්තං උල්ලිහං නාව බුජ්ඣෙති.
ඉත්ථිරූපෙ ඉත්ථිසරෙ ඵොට්ඨබ්බෙපි ච ඉත්ථියා,
ඉත්ථිගන්ධෙසු සාරත්තො විවිධං වින්දතෙ දුඛං.
ඉත්ථිගන්ධෙසු සාරත්තො විවිධං වින්දතෙ දුඛං.
ඉත්ථිසොතානි සබ්බානි සන්දන්ති පඤ්ච පඤ්චසු,
තෙසමාවරණං කාතුං යො සක්කොති වීරියවා.
තෙසමාවරණං කාතුං යො සක්කොති වීරියවා.
සො අත්ථවා සො ධම්මට්ඨො සො දක්ඛො සො විචක්ඛණො,
කරෙය්ය රම්මානොපි කිච්චං ධම්මත්ථසංහිතං.
කරෙය්ය රම්මානොපි කිච්චං ධම්මත්ථසංහිතං.
අථො සීදති සංයුත්තං වජ්ජෙකිච්චං නිරත්ථකං,
නතං කිච්චන්ති මඤ්ඤිත්වා අප්පමත්තො විචක්ඛණො.
නතං කිච්චන්ති මඤ්ඤිත්වා අප්පමත්තො විචක්ඛණො.
යඤ්ච අත්ථෙන සංයුත්තං යාච ධම්මගතා රති,
තං සමාදාය වත්ත්ථෙ සාහි වෙ උත්තමා රති.
තං සමාදාය වත්ත්ථෙ සාහි වෙ උත්තමා රති.
උච්චාව චෙහුපායෙහි පරෙසමභිජිගීසති,
හනත්වා වධිත්වා අථ සොචයිත්වා ආලොපත සාහසා යො පරෙසං.
හනත්වා වධිත්වා අථ සොචයිත්වා ආලොපත සාහසා යො පරෙසං.
තච්ඡන්තො ආණියා ආණිං නිහන්ති බලවා යථා,
ඉන්ද්රියානි ඉන්ද්රියෙ හෙව නිහන්ති කුසලො තථා.
ඉන්ද්රියානි ඉන්ද්රියෙ හෙව නිහන්ති කුසලො තථා.
සද්ධං විරියං සමාධිඤ්ච සතිං පඤ්ඤඤ්ච භාවයං,
පඤ්ච පඤ්චහි හනත්වාන අනීසො යාති බ්රාහ්මණො.
පඤ්ච පඤ්චහි හනත්වාන අනීසො යාති බ්රාහ්මණො.
සො අත්ථවා සො ධම්මට්ඨො කත්වා වාක්යානුසාසනිං,
සබ්බෙන සබ්බං බුද්ධස්ස සො නරො සුඛමෙධතී ති.
සබ්බෙන සබ්බං බුද්ධස්ස සො නරො සුඛමෙධතී ති.
යන ගාථා ප්රකාශ කෙළේය.
එහි සමණස්ස යනු පැවිද්දාගේ යන අර්ථයි. අහූ යනු විය යන අර්ථයි. චින්තා යනු ධර්මය පිළිබඳ සිතුවිලි, ධර්මය පිළිබඳ අවධානය යොමුකිරිම. පාරිපරියස්ස යනු පරාපරගොත්රයෙහි පාරාසරියස්ස යනුද පාඨයකි. භික්ඛුනො යනු සසරෙහි බය දකින ස්වභාවය ඇත්තහුට එකකස්ස යු අසහාය තැනැත්තාගේ, මෙයින් කාය විවේකය දක්වයි. පවිවිත්තස්ස යනු හුදකලා බව හේතුවෙන් කෙලෙසුන් නැති කිරීමෙන් විවේකය පටන් ගන්නා ලද්දාහුට, මෙයින් චිත්ත විවේකය දක්වයි. එයින් කීහ. ඣායිනො යනු ධ්යාන වැඩීම ස්වභාවකොට ඇත්තහුගේ සිහිකල්පනාවෙන් යුක්ත වූවහුගේ යන අර්ථයි. තෙරුන් වහන්සේ තමන් අනුන් මෙන් කොට කියයි. කිමානුපුබ්බං යන ආදියෙන් ඒ සිතිවිල්ල දක්වයි.
එහි පළමු ගාථාවෙහි කිමානුපුබ්බං යන්නෙහි අනුපුබ්බං යනු අනුපිළිවෙලයි. අනුපිළිවෙල කියනකල්හි වත් සමාදාන ආදියෙහි යම් ඒ පිළිවෙලක් වේද ඒ අනුපිළිවෙලින් පිළිපැදිය යුතුයි යන අර්ථයි. පුරිසො කිං වතං කිං සමාචාරං යනු යහපතක් කැමැති පුරුෂයා සමාදන් වියයුතු යන අරුතින් වත යනුවෙන් ලබන ලද නම් ඇති කෙබඳු වූ සීලයක් රකින්නේ තමන්ගේ කටයුතු කරන්නේ කළයුතු දෙය කරන්නේ වන්නෝය. කිසි සත්ත්වයකුට හිංසා නොකරන්නේය. බාධා නොකරන්නේය යන අර්ථයි. තමන්ගේ කටයුතු යනු ශ්රමණ ධර්මයයි. කෙටියෙන් සීල, සමාධි, පඤ්ඤා එය සම්පාදනය කරන්නහුට අනුන්ට හිංසා කිරීම සඳහා උපක්රමයක්ද නැත. එබන්දක් ඇති කල්හි ශ්රමණ භාවයද නැති බැවින් යම්සේ භාග්යවතුන් වහන්සේ විසින් පැවිද්දා අනුන් නසන්නෙක් හෝ හිංසා කරන්නෙක් නොවන්නේය. අනුන්ට හිංසා කරන්නා ශ්රමණයෙක් නොවේයැයි වදාරා ඇත.