උදායී ස්ථවිරගාථා වර්ණනාව
මනුස්සභූතං යන ආදිය ආයුෂ්මත් උදායි තෙරුන්ගේ ගාථාවන්ය. මොහු ද පෙර බුදුවරුන් වෙත දී කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ ආත්මභාවවලදී සසරට පිහිට වන පින් රැස්කර දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්‍ථුස්මිං යනු බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද උදායී. උදායියැයි ලබන ලද නම් ඇත්තේ වැඩිවිය පත්වූයේ බුදුන්ගේ නෑ සමාගමයෙහි බුදුන්ගේ ආනුභාව දැක හටගත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වී විදර්ශනා සඳහා උත්සාහ ගන්නේ නොබෝ කලකින් රහත්බවට පත්විය. උදායි තෙරුන් තුන් නමකි. පළමු පැමිණි අමාත්‍ය පුත්‍රයා කාළුදායි. කොවරියපුත්‍ර ලාලුදායි. මෙහි කියන ලද බ්‍රාහ්මණ පුත්‍රයා මහාඋදායි නම් වේ. ඒ ඔහු එක්දිනක් භාග්‍යවතුන් වහන්සේ, මහජනයා විසින් ප්‍රශංසා කරනු ලබන සියළු අලංකාරයෙන් යුත් සුදු ඇතෙකු අරමුණු කරගෙන නාගොපම සූත්‍රාන්තය දේශනා කරන ලද කල්හි දේශනා අවසානයෙහි තමන්ගේ ඥාන බලයට අනුරූප ලෙස බුදු ගුණ සිහිපත්කොට බුද්ධාරම්මණ ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇත්තේ මේ මහජනයා මේ තිරිසන්ගත හස්තියකු වර්ණනා කරති. බඳු බුදුන් මහා හස්තියකු බඳු බුදුන්වහන්සේට ප්‍රශංසා නොකරති. ඒ නිසා මම ඒ බුද්ධ මහා හස්තිරාජයාගේ ගුණයන් ප්‍රකට කරන්නෙමියි බුද්ධගුණ ගයන්නේ
මනුස්සභූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං,
ඉරිමානං බ්‍රහ්මපථෙ චිත්තස්සූපසමෙ රතං.
යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මානපාරගුං,
දෙවාපි තං නමස්සන්ති ඉතිමෙ අරහතො සුතං.
සබ්බසංයොජනාතීතං වනා නිබ්බානමාගතං,
කාමෙහි නෙක්‍ඛම්මරතං මුත්තං සෙලාව කඤ්චනං.
සචෙ අච්චනතරුචී නාගො හිමවාවඤ්ඤෙ සිලුච්චයෙ,
සබ්බෙසං නාගනාමානං සච්චනාමො අනුත්තරො.
නාගං වො කිත්තයිස්සාමි නහි ආගුං කරොති සො,
සොරච්චං අවිහිංසා ච පාදා නාගස්ස තෙ දුවෙ.
සතිච සම්පජඤ්ඤඤ්ච චරණා නාගස්ස තෙපරෙ,
සද්ධානාහත්‍ථො මහානාගො උපෙක්‍ඛා සෙතදන්තවා.
සතිගීවා සිරොපඤ්ඤා වීමංසා ධම්මචින්තනා,
ධම්මකුච්ඡි සමාවාසො විවෙකො තස්සවාලධී.
සො ඣායී අස්සාසරතො අජ්ඣත්තං සුසමාහිතො,
ගච්ඡං සමාහිතො නාගො ඨිතො නාගො සමාහිතො.
සයං සමාහිතො නාගො නිසින්නොපි සමාහිතො,
සබ්බත්‍ථ සංවුතො නාගො එසා නාගස්ස සම්පදා.
භුඤ්ජති අනවජ්ජානි සාවජ්ජානි න භුඤ්ජති,
සාසං අච්ඡාදනං ලද්ධා සන්නිධිං පරිවජ්ජයෙ.
සංයොජනං අණුංථූලං සබ්බං ජෙත්‍වාන බන්‍ධනං,
යෙ යෙනෙව ගච්ඡති අනපෙක්‍ඛොව ගච්ඡති.
යථාපි උදකෙ ජාතං පුණ්ඩරීකං පවඩ්ඪති,
නොපලිම්පති තොයෙන සුචි ගන්‍ධං මනොරමං.
තථෙව ච ලොකෙ ජාතො බුද්ධො ලොකෙ විහරති,
නොපලිම්පති ලොකෙන තොයෙන පදුමං යථා.
මහාගිනි පජ්ජලිතො අනාහාරොපසම්මති,
අංගාරෙසු වසන්තෙසු නිබ්බුතොති පවුච්චති.
අත්‍ථස්සායං විඤ්ඤාපනී උපමා විඤ්ඤූහි දෙසිතා,
විඤ්ඤිස්සන්ති මහානාගා නාගං නාගෙන දෙසිතං.
වීතරාගො වීතදොසො වීතමොහො අනාසවො,
සරීරං විජහං නාගො පරිනිබ්බිස්සත්‍යනාසවො’ති.
මේ ගාථා ප්‍රකාශ කළේය.
එහි මනුස්සභූතං යනු මනුෂ්‍යයන් අතර වූ, මිනිසුන් අතර උපන්නා වූ, ශාස්තෲන් වහන්සේ වනාහි ආශ්‍රව ක්‍ෂය කර ඥානය අවබෝධ කර ගැනීම නිසා සියළු ගතිවලින් මිදුනේ නමුත් අවසාන ආත්ම භාවයේදී ගන්නා ලද ප්‍රතිසන්ධි වශයෙන් මනුෂ්‍යයැයි ව්‍යවහාර කරනු ලැබේ. ගුණ වශයෙන් වනාහි දෙවියන්ට අතිදේව වූ බ්‍රහ්මයන්ට අතිබ්‍රහ්ම වූයේය. සම්බුද්ධං යනු තමා විසින්ම අවබෝධ කරගත් බුදුබව. අත්තදන්තං යනු තමා විසින් දමනය කරන ලද. භාග්‍යවතුන් වහන්සේ වනාහි තමා විසින්ම උපදවා ගත් ආර්ය මාර්ගයෙන් ඇසින්, මනසින් ආදී වශයෙන් උතුම් දමනයෙන් දැමුණු බවට පත්වූයේ. සමාහිතං යනු අටවැදෑරුම් සමාධියෙන් හා මාර්ගඵල සමාධියෙන් යුක්ත වූ. ඉරිමානං චක්‍ඛුපථෙහි යනු සතරවැදෑරුම් බ්‍රහ්මවිහාර මාර්ගයෙහි. බ්‍රහ්මයා කෙරෙහි හෝ උතුම් වූ ඵලසමාපත්ති මාර්ගයෙහි සමවැදීම් වශයෙන් පවත්නා වූ, කෙසේ වෙතත් භාග්‍යවතුන් වහන්සේ සැමකල්හිම ඉහත කියූ බ්‍රහ්ම මාර්ගයේ හැසිරෙන්නේ නැත. සතර බඹ විහරණ මාර්ග සඵලත්වය හා එයට නැඹුරු වූ බව අරමුණු කරගෙන ඉරිමානං යැයි කියන ලදී. චිත්තස්සූපසමෙ රතං යනු සිත සංසිඳීමට හේතුභූත වූ සියළු සංස්කාරයන් දමනය කරනු ලබන නිර්වාණයෙහි ඇළුණු සිත් ඇත්තේ. යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මානපාරගු යනු යම් බුදුවරයාණන් කෙනෙක් සියළුම ඛන්‍ධ, ආයතන ආදී ධර්මයන් පිළිබඳ අභිඤ්ඤාපාරගු පරිඤ්ඤාපාරගු පහාන පාරගු භාවනා පාරගු සච්ඡිකිරියා පාරගු සමාපත්ති පාරගු යන සයවැදෑරුම් පාරගු යනු එතර වූ - ඉක්මවා ගිය යන අර්ථයි. අභිඤ්ඤා - විශේෂ ඥානය, පරිඤ්ඤා සම්පූර්ණ අවබෝධය, පහාන - සියළු කෙලෙස් ප්‍රහීණ කිරීම, භාවනා - භාවනාව, සච්ඡිකිරියා ප්‍රත්‍යක්‍ෂ කරගැනීම, සමාපත්ති - සමාපත්තිය යන සය වැදෑරුම් පරතෙරට ගිය අවබෝධය අන් අයට වඩා උසස් තත්ත්වයට පත් පරම අවබෝධ ගුණය ක්‍ෂත්‍රිය පණ්ඩිත ආදී මනුෂ්‍යයෝ නමස්කාර කරත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලින් පුදන්නාහු කයින්, වචනයෙන්, සිතින් (උන්වහන්සේට) අවනත වූවාහු වෙත්. දෙවාපිතං නමස්සන්ති හුදෙක් මිනිසුන් පමණක් නොවේ. ඉක්බිති අප්‍රමාණ වූ ලෝකධාතූන්හි දෙවිවරු උන්වහන්සේ නමස්කාර කරත්. ඉති මෙ අරහතො සුතං යනු මෙසේ මා විසින් අරකත්‍වය ආදී කරුණුවලින් (ආරක යනු කෙලෙසුන් කෙරෙන් ඈත් වූ යන අරුතින් රහතන් වහන්සේට පමණක් යොදන විශේෂණයක්) අර්හත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සේනාපති හිමියන් ආදීන් ද ‘සත්‍ථා දේවමනුස්සානං’ යනාදිය ප්‍රකාශ කරන්නවුන්ගේ සමීපයෙන්ද මෙසේ අසන ලදී යනුවෙන් දක්වයි.