7. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර වර්ණනාව
මෙථුනං අනුයුත්තස්ස යනු තිස්ස - මෙත්තෙය්‍ය සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩවසන කල තිස්ස හා මෙත්තෙය්‍ය නම් යහලුවෝ දෙදෙනෙක් එහි පැමිණියහ. මහජනයා සවස් කාලයෙහි ජේතවනාරාම දෙසට යනු දැක ‘කොහි යවු’දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ලොව පහළව, බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසති, එය ඇසීමට ජේතවනාරාමයට යමු’යි කී විට ‘අපි ද අසන්නෙමු’යි (එහි) ගියහ. ඒ දෙදෙන, මහත් පලදායී වන සේ කරුණු පෙන්වාදෙන භාග්‍යවතුන් වහන්සේගේ දම් දෙසුම අසා, පිරිස අතර සිටිමින්ම, ‘ගිහිව සිට මෙම දහම් පිළිවෙත් පිරිය නොහැකි’ යයි සිතූහ. ඉක්බිති මහජනයා සිටියදීම භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්වූහ. ‘මොවුන් පැවිදි කරව’යි එක්තරා මහණකට දැන්වූහ. ඒ මහණ ඔවුන් පැවිදි කොට, හිසකෙස් සිට සම දක්වා කමටහන දී වනවාසයට යාමට සූදානම් විය. එවිට තිස්ස හිමි, මෙත්තෙය්‍ය හිමි අමතා, ‘ඇවැත්නි, අපට අවවාද දුන් උපාජ්ඣාය හිමි වනවාසයට යයි, අපිත් යමු’යි කීය. එවිට තිස්ස හිමි, ‘ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ දැකීමත්, දහම් ඇසීමත් කැමැත්තෙමි, ඔබ යන්නැ’යි පවසා නතර විය. මෙත්තෙය්‍ය හිමි උපජ්ඣාය හිමියන් සමග වනවාසීව මහණදම් පුරා, නොබෝ කලකින්ම උපජ්ඣාය හිමියන් සමගම රහත් බවට පත්විය. (මේ අතර) තිස්ස හිමිගේ දෙටු සොහොයුරා රෝගයක් වැළඳී මළේය. තිස්ස හිමි ඒ අසා තම ගමට ගියේය. එහිදී නෑදෑයෝ තිස්ස හිමියන් පොළඹවා උපැවිදි කළහ. මෙත්තෙය්‍ය හිමි ද ගුරු උපජ්ඣාය හිමි සමග සැවැත් නුවරට පැමිණියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වස් සමය ගතකොට, ජනපද චාරිකාවෙහි යෙදෙමින් ඒ ගමටද පැමිණියහ. එහිදී මෙත්තෙය්‍ය හිමි භාග්‍යවතුන් වහන්සේට වැඳ, ‘හිමියනි, මේ ගමෙහි මගේ ගිහිකල යහළුවෙක් සිටී. අනුකම්පා උපදවා මොහොතක් නැවතී සිටිනු මැනව’යි කියා ගමට පිවිස, ඔහු කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, එකත්පස්ව සිට ඔහු වෙනුවෙන්, මුලින් සඳහන් ගාථාවෙන් පැනයක් විචාළේය. එය පැහැදිලි කිරීමට භාග්‍යවතුන් වහන්සේ ඉතිරි ගාථා වදාළහ. මේ සූත්‍රය දේසනා කිරීමට මුල් වූ කරුණයි.
මෙථූනං අනුයුත්තස්ස (ගැහැණු පිරිමි) ලිංගික සබඳතා පවත්වන්නෙකුට, ඉති මෙසේ කීය. ආයස්මා එය පිය වදනකි. තිස්සො ඒ තෙරුන්ගේ නමයි. නමින් තිස්ස යැයි හඳුන්වන, මෙත්තෙය්‍යො පරම්පරාවයි. පරම්පරාව ලෙසින් ද පතළ විය. ඒ අනුව මේ කතාවෙහිද ‘තිස්ස මෙත්තෙය්‍ය නම් යහළුවන් දෙදෙනා යැයි කියන ලදී. විඝාතං වෙහෙස, බ්‍රෑහි කියනු මැනව, මාරිස එය පියවදනකි. දුක් නැති බව යයි කියන ලදී. සුත්‍වාන තව සාසනං ඔබේ වචනය අසා, විවෙකෙ සික්‍ඛිස්සාමසෙ හික්මෙනා - හික්මිය යුතු අයුරු දහම් දෙසන ලෙස යහළුවා වෙනුවෙන් ඉල්ලයි.
මුස්සති චාපි සාසනං ඉගෙනීමෙන්, පිළිපැදීමෙන් යන දෙආකාරයෙන්ම සසුන නැසෙයි. පි යනු පද අඩුවක් පිරවීමට යෙදු නිපාතයකි. එතං තස්මිං අනාරියං එය බුද්ධාදී උතුමන්ට අයත් නොවූ, ඒ තැනැත්තාට අයත් වැරදි පිළිවෙතකි.
එකො පුබ්බෙ චරිත්‍වාන කලින් පැවිද්දකු ලෙස හෝ සමූහයෙන් වෙන්ව තනිව හැසිර, යානං හන්තංව තං ලොකෙ හීනමාහු පුථුජ්ජනං ඒ සිවුරු හළ පුද්ගලයා ඇතුන් යෙදූ යානයකට (ඇතකු පිට) වැරදි අයුරින් නගිනවිට ඔහුට තුවාල සිදුවෙයි. බෑවුමකට පහළට වැටේ. එසේම කයෙහි දුසිරිතෙහි යෙදීම වැනි වැරදි (ජීවිතයට) පුරුදු කිරීමෙන් නිරයන්හි (ඉපිද) වැටහීමක් නොමැති වූ (සසරෙහි) බිඳවැටීම්ද, ඉපදෙන තැන්වල දරුණු (වද වේදනා) දෙයට ගොදුරු වීමටද, ගමනෙහි යෙදෙන යානයකින් වැටෙන්නා සේ, පහත් බවට පත්වේ. අනෙක් පොදු ජනතාව අතර ලාමක අයෙකු සේ ගැනේ.
යසො කිත්ති ච ලාභ සත්කාර පැසසුම්, පුබ්බෙ පැවිදිව සිටියදී, හායතෙ වාපි තස්ස සා ඒ සිවුරුහළ තැනැත්තාගේ යසස-කිතුරාව පිරිහෙයි. එතම්පි දිස්වා ඒ පෙර තිබූ කිතු යස රාවයට පසුව වන හානිය දැක, සික්‍ඛෙථ මෙථුනං විප්පහාතවෙ තුන් ආකාරයෙන්ම හික්මෙව්. ඊට හේතුව කුමක්ද? ලිංගික සබඳතා ආදියෙන් දුරුවීම පිණිස යැයි කියන ලදී. ලිංගික සබඳතාවලින් වෙන් නොවන තැනැත්තා, නොයෙක් හැඟීම්වලින්, සංකල්පනාවලින් පෙළෙයි. පරෙතො සහිතව, යුතුව, පරෙසං නිග්ඝොසං ගුරුවරුන් ආදීන්ගේ අපහාස වදන්, මංකුහොති සිත අසතුටුව, කතා නොමැතිව සිටී.
මෙයින් පසු ගාථාවල සම්බන්ධය පහසුය. ඒ අතර සත්‍ථානි කය දුසිරිත් ආදියෙන්, එය තමන්ද, අනුන්ද කැපෙන අදහසින් සත්‍ථානි ආයුධ ලෙස කියනු ලැබේ. ඒ අතරින් මෙම කරුණ වෙසෙසින් දැක්වේ. ‘මේ හේතුකොට මම සිවුරු හළෙමි’යි බොරු කීමේ ආයුධයම යොදයි. ‘එසක්‍ඛවස්ස මහාගෙධො මොසවජ්ජං පගාහතී’ යැයි එහෙයින් වදාළහ. එසක්‍ඛවස්ස එස ඛො අස්ස එය වෙයි. මහාගෙධො මහා බැඳීමකි. ‘ඒ කුමන දෙයින්ද? මොසවජ්ජං පගාහතී යනුවෙනි. එයින් ඔහුට බොරුකීම මහා බැඳීමකැයි දතයුතුය.