5. පරමට්ඨක සූත්‍ර වර්ණනාව
පරමන්ති දිට්ඨිසු යනු පරමට්ඨක සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල, නොයෙක් සමයවාදීහු රැස්ව තම තමන්ගේ දැකීම්-මතවාද පෙන්වා දෙමින් ‘මෙය උසස්ය, මෙය උසස් යැයි කලහ කොට රජුට දැන්වූහ. රජු උපතින්ම නෙත් අඳ බොහෝ මිනිසුන් රැස්කරවා, ‘මොවුන්ට ඇතෙකු පෙන්වවු’ යැයි අණකළේය. රාජ භටයෝ අන්‍ධයන් රැස් කොට ඇතු ඔවුන් ඉදිරියේ හොවා - බිම නිදිකරවා ‘බලව’යි කීහ. ඔව්හු ඇතුගේ එක් එක් අඟපසඟ අත ගෑහ. එවිට රජු. ‘මේ ඇතා කෙබඳුද? කවරාකාරදැ’යි ඇසූ විට, සොඬය අතගෑ අන්‍ධයා ‘මහරජ, නගුලිසක් මෙනැයි කීය. දළ ආදිය අත ගෑ මිනිසා, අනෙක් මිනිසාට, ‘රජතුමා ඉදිරියේ බොරු නොකියව’යි නින්දා කොට, ‘මහරජ, ඇතා බිත්තියෙහි ඇති ඇණයක් මෙන්’ යැයි කීවේය. රජු ඒ සියළු කරුණු අසා, ‘ඔබලාගේ මතවාදත් මෙබඳු යැයි කියා, වෙනත් සමයවාදීන් පිටත්කර හැරියේය. පිඬු පිණිස හැසිරුණු එක්තරා මහණක්, ඒ තොරතුරු දැන, භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ නිමිතිකොට සඟ පිරිස අමතා, මහණෙනි, උපතින්ම අන්‍ධවූවන්, ඇතු හඳුනානොගෙන, ඒ ඒ කොටස් අතපත ගා විවාද කළ සේම, තිත්‍ථිය සමයවාදීන් ද (දුක් ආදියෙන්) මිදෙන දහමක් ගැන නොදැන, ඒ ඒ දැකීම් දැඩිව ගෙන විවාද කරන බව පවසා දහම් දෙසනු පිණිස මේ සූත්‍රය වදාළහ.
පරමන්ති දිට්ඨිසු පරිබ්බසානො ‘මෙය උසස්ම එකම දෙය’ යැයි ගෙන, තම තමන්ගේ හැඟීම්-දැකීම්වලට වසඟ වෙමින්, යදුත්තරිං කුරුතෙ තමන්ගේ නායකයන් ආදීන් උසස් බව දනවයි. හීනෙති අඤ්ඤෙ තතො සබ්බමාහ තමන්ගේ ඒ නායකයා හැර, අනික් සියල්ලන්ම ‘පහත්’ යැයි කීය. තස්මා විවාදානි අවීතිවත්තො ඒ කරුණින් ඒ මතවාදී අරගලය නොනැවතී යයි.
දෙවන ගාථාවේ අරුත නම්, මෙසේ නොනැවතී යන යං දිට්ඨෙ සුතෙ සීලබ්බතෙ මුතෙ මේ දේවල් කෙරෙහි ඇති කරගන්නා, ගොඩනගා ගන්නා අදහස් මත, අත්තනි පෙර කී පරිදි, ආනිසංස පස්සති තදෙව සො තත්‍ථ තමන්ගේ දැකීමෙහි පලය සේ, (තම අදහසට අනුව) ‘මෙය උසස් යැයි දැඩිව තහවුරු කොටගෙන, අඤ්ඤං සබ්බං වෙනත් සමයවාදී නායකයන්, නිහීනතො පස්සති
තුන්වන ගාථාවෙහි අරුත නම්, මෙසේ දකිමින්, යං තමන්ගේ නායක ආදීන්ට, නිස්සි තො අඤඤං වෙනත් කොටසකගේ නායක ආදීන්, හීනං පස්සති තං දැකීම ගන්‍ථ (බැම්මක්) ඒවාම කුසලා වදන්ති බැඳීම් යැයි කියන ලදී. යම් ලෙසකින් එහිම තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්‍ඛූ න නිස්සයෙය්‍ය නොඇලෙන්නේ යැයිද කියන ලදී.
සිවුවන ගාථාවෙහි අරුත නම්, දැකීමෙන්, ඇසීමෙන් අදහස්වල තදින් එල්බ ගැනීම පමණක් නොවේ. එමෙන්ම මතු මතු (ඉදිරියට) ඇතිවන, හටගැනෙන දිට්ඨිම්හි ලොකස්මිං න කප්පයෙය්‍ය (එබඳු දැකීම්-මතවාද) නූපදවන්නේ යැයි කියන ලදී. ඒ කෙබඳු අයුරින්ද? ඤාණෙන වා සීලවතෙන වාපි සමවත් ආදී නුවණින් හෝ, සිල්වත් බවින් හෝ අදහසක්, හැඟීමක් වැනි කල්පනා ඇතිකරනු ලබයිද, (රහතන් වහන්සේ) එබඳු දේ අදහස් නොකරති. (එසේ කටයුතු නොකරති.) දැකීමෙන් පමණක් නොව, ජාතිය ආදිය නිසා ඇති කරගන්නා මානයෙන් ද සමොති අත්තානමනූපනෙය්‍ය හීනො න මඤ්ඤෙථ විසෙසිවාපි (කටයුතු නොකරති.)
පස්වෙනි ගාථාවේ අදහස නම්, මෙසේ දැකීම් අනුව දැඩි කල්පනාවට නොගනිමින්, නොසිතමින් ද අත්තං පහාය අනුපාදියානො මුලින් දැරූ හැඟීම - අදහස අතහැර, වෙනත් හැඟීමක් නොගනිමින්, වෙනස් නොකර, ඒ කියන ලද ඤාණෙ දෙආකාරව නිස්සයං නො කරොති (එසේ) නොකරමින් ද සවෙ වියත්තෙසු නොයෙක් දැකීම්, හැඟීම් අනුව බෙදුණු සත්වග අතර න වග්ගසාරී කැමැත්ත පරිදි ඒ දෙසැටක් හැඟීම් අතර, අගතියට නොගොස්, කිඤ්චිපි දිට්ඨිං න පච්චෙති නොපැමිණේ යැයි කියන ලදී.
ගාථාවලින් පෙන්වා දෙන ලද රහතන් වහන්සේගේ ගුණ සොබාව තවදුරටත් විස්තර කරනු පිණිස, යස්සූභයන්තෙ ආදී ගාථා තුනක් කීහ. එහි උභයන්තෙ පෙර කියා ඇති පහස ආදී කරුණු යි. පණිධි තණ්හා, භවාභවය නැවත නැවත ඉපදෙන භවයන්හි, ඉධ වා හුරං වා මෙලොව පරලොව තමාගේ ජීවිතය හෝ, අනුන්ගේ ජීවිත පිළිබඳ හෝ, දිට්ඨෙ වා දැකීමෙන් පිරිසිදු වේ යැයි හෝ, ඇසීම ආදිය ගැනද මෙසේය. සඤ්ඤා හඳුනාගැනීම මත ඇතිවන අදහස් දැඩි ලෙස දරාගැනීම, ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ (ඒ රහතන් වහන්සේ) දෙසැටක් මිසදිටු අදහස් අතර, ‘මෙයම ඇත්තය, අනෙක් සියළුම අදහස්, හැඟීම් හිස්, පල රහිත යැයි නොසළකති. පාරං ගතො න පච්චෙති තාදී ඒ ඒ මගෙන් කෙලෙස් දුරුකොට, නිවනින් (සසර) පරතෙරට ගියේ නැවත නොපැමිණෙති. පස් ආකාරයකින් ‘තාදී’ නම් වෙති. ඉතිරි කරුණු පැහැදිළිය.