15. අත්තදණ්ඩ සූත්‍ර වර්ණනාව
අත්තදණ්ඩා භයං ජාතං යනු අත්තදණඩ සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනයට හේතුව කුමක්ද? සම්මාපරිබ්බාජනිය සූත්‍රය දේසනයට හේතුවූ කරුණු දැක්වීමේ දී ජලය නිසා හටගත් සැකි-කෝලියවරුන්ගේ අරගලය විස්තර කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ එය දැන, ‘නෑදැයින් කලහ කරති’යි ද, ඔවුන් එයින් වළක්වමි’යි ද අදහස්කොට, යුද සේනා දෙකට මැද වැඩසිට මෙම සූත්‍රය වදාළහ.
එහි පළමු ගාථාවේ අරුත නම්, ලෝ වාසීනට මෙලොව හෝ පරලොව හෝ බය හටගනී ද, ඒ සියල්ලට අත්තදණ්ඩාභයං ජාතං තමන්ගේ දුසිරිත් කරුණු හේතු වේ. මෙසේ ඇතිකල ජනං පස්සථ මෙධගං එකිනෙකා කෙරෙහි කලහය - හිංසාව - හිරිහැරයට පත් මේ සැකිකුලාදි ජනයා දෙස බලව. එසේ එකිනෙකාට සතුරුව, වැරදි මගට පිළිපන් ජනයාට දොස් නඟා තමන්ගේ නිවැරදි පිළිවෙතින් ඔවුනට සංවේගය දැනවීමට සංවේගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා ලෙස කීහ. පෙර බෝසත් කාලය මෙයින් අදහස් කෙරේ.
මීළඟට එසේ සංවේගයට පත් ආකාරය ‘ඵන්දමානං’ ආදී ගාථාවෙන් කීහ. ඵන්දමානං තණ්හා ආදියෙන් කම්පනය වන, අප්පොදකෙ මද ජලය ඇති, අඤ්ඤමඤ්ඤෙහි ව්යාරුද්ධෙ දිස්වා නොයෙක් සත්වග එකිනෙකා කෙරෙහි සතුරුවන අයුරු දැක, මං භයමාවිසි මට බය දැනුණි.
සමන්තමසාරො ලොකො නිරය පටන් මුළු ලෝකයම අසාර වූ, තිරසාර බවක් නැති, දිසා සබ්බා සමෙරිතා සියළුම දිසා තිර බවක් නොමැති බවින්, අනිස බැවින් කම්පා වී, ඉච්ඡං භවන මත්තනො තමාට රැකවරණයක් කැමතිව, නාද්දසාසිං අනොසිතං ජරාව ආදියෙන් ඉවත්වුනු කිසිදු තැනක් නුදුටුවෙමි.
ඔසානෙත්වෙව ව්යාරුද්ධො දිස්වා මෙ අරතී අහූ යොවුන් බව අවසානයෙහිම, කෙළවරෙහිම, වැනසෙන කල්හිම, ජරාවෙන් පීඩිතව, නොසතුටු සිත් ඇති සත්වග දැක නොඇලීමක් කලකිරීමක් මට ඇතිවිය. අත්ථෙව සල්ලං ඉක්බිති මේ සතුන් කෙරෙහි වූ රාගාදී උල්, හදය නිස්සිතං සිතෙහි ඇතිවූ
ඒ උලෙහි බලය කෙතෙක්ද? ‘යෙන සල්ලෙන ඔතිණ්ණෙ’ යන ගාථාවෙන් එය කියන ලදී. එම ගාථාවෙහි, දිසා සබ්බා විධාවතී සියළු දුසිරිත් නැගෙනහිර, ආදී දිසා හා අනුදිසාවලටද පැතිරෙයි. තමෙව සල්ලං අබ්බුය්හ න ධාවති න සීදති ඒ උල උදුරා දැමීමෙන් පසුව, දිසා අනුව (සසර) නොදුවයි. සිවු සැඩපහරෙහි නොගිලෙයි.
මෙසේ මහා බලවත් උලකින් සිදුරුව පීඩාවට පත් සත්වග අතරෙහි (වෙනසක්) ‘සික්ඛානූගීයන්ති.........’ යන ගාථාවෙන් දැක්වේ. එහි තේරුම නම්, ලොකෙ පස්කම් සැප ලැබීමට එහි ගැලී මුලා වී, ගථිතානි යැයි කියන ලදී. බොහෝ කලක් ඊට පුරුදු වූ, ඒවා ඇසුරු කරන ලද බැවින්ද ගථිතානි නම් වේ. තත්ත ඒ හේතුවෙන්, ඇතුන් හික්මවීම ආදී නොයෙක් සික්ඛා කියනු ලබත් හෝ උගන්වනු ලබති. ‘මේ ලෝකය කොතෙක්දුරට (ඒ ඇති තතු දැකීමට) පමාවූයේද? කියා බලව. මේ අතර දැනුම් තේරුම් ඇති කුලපුතෙක්, තෙසු ඒ ඇලීගැලෙන පස්කම්හි හෝ ඇතුන් හික්මවීම් ආදී කටයුතුවලින් ඈත්වී, න සියා හුදෙක්ම කිසිම දෙයක සදා පැවතීමක් නැතැයි අනිසතාව දැකීමෙන් නිබ්බිජ්ජ සබ්බසෙ කාමෙ අත්තනො නිබ්බාණමෙව සික්ඛෙ.
මීළඟට නිවන් පිණිස හික්මිය යුතු ආකාරය සච්චො සියා යන ගාථාවෙහි සඳහන් වේ. සචචො ඇත්ත කතා කිරීමෙන් ද, නිසි නුවණින් ද, නියම මගෙන් ද යුක්ත වූ, රිත්ත පෙසුනො කේළාම් කීමෙන් වෙන් වී, වෙවිච්ඡං මසුරුකම,
නිද්දං තන්දිං සහෙ ථීනං නිදිකිරා වැටීමද, කයෙහි අලස බව හා සිතෙහි අලස බව යන මේ කරුණු තුන මැඩපවත්වන්නේය. නිබ්බාණමනසො නිවනට යොමු වූ සිත ඇතිව,