14. තුවටක සූත්ර වර්ණනාව
පුච්ඡාමි තං යනු තුවටක සූත්රයයි. මෙම සූත්රයට හේතු වූ කරුණ කුමක්ද? මෙය ද එම මහාදේව පිරිස රැස්වූ විට, අරහත් බවට පත්වීමේ පිළිවෙත කුමක්දැ’යි ඇතැම් දෙවිවරුන්ට ඇතිවූ අදහස අනුව ඒ කරුණු පැවසීමට, පෙර පරිදිම - ඉඳු බලයෙන් පෙන්වන ලද බුදුකෙනෙකු විසින් තමන් වහන්සේගෙන් විමසවා (ඊට පිළිතුරු ලෙස) දේසනා කරන ලදී.
මුල් ගාථාවෙහි පුච්ඡාමි යනු පැහැදිලි නොවූ කරුණු පිළිබඳව එම කරුණු වඩාත් සවිස්තරව දැනගැනීමට විමසූ අයුරුයි. ආදිච්චබන්ධුං හිරුගේ පරපුරෙන් පැවතෙන, විවෙකං සන්තිපදඤ්ච විවේකය ද සැනසීම හෙවත් නිවීමද, කථං දිස්වා කුමන කරුණු දැක, මේ වටපිටාවෙහි පවත්නා කෙබඳු දෙයක් දැක,
එවිට භාග්යවතුන් වහන්සේ, නුවණ මෙහෙයා ඒ අනුව කෙලෙස් වළක්වයිද, එසේ ලබන අවබෝධයෙන් පිරිනිවනට පත්වේදැයි නොයෙක් ආකාරයෙන් කරුණු පැහැදිලි කරමින්, ඒ දේව සමූහයා කෙලෙස් නැති කිරිමෙහි මඟට යොමුකරවමින්, ‘මූලං’ පපඤ්චසංඛාය’ යනුවෙන් ගාථා පහක් වදාළහ.
ඒ මුල් ගාථාවේ පටන් කෙටි තේරුම් (දක්වමු.) ‘පපඤ්ච’ යනු ‘අවිජ්ජා’ ආදී කෙලෙස් මුල් හඳුන්වනු ලබන වචනයකි. පපඤ්ච සංඛාය මූලං අස්මී එසේ පවතින්නා වූද, සබ්බං මන්තාය උපරුන්ධෙ, යා කාචි අජ්ඣත්තං තණ්හා හටගනු ලබන්නාහ. විනයාය සදා සතො සික්ඛෙ ඒ කෙලෙස් පිළිබඳව සිහිය පිහිටුවාගෙන හික්මෙන්නේය.
මෙසේ පළමු ගාථාවෙන්ම තුන්ආකාර වූ හික්මීම ගැන, අරහත් බව කුළුගන්වමින් දේසනාකොට, මානය නැති කිරීම පිණිස නැවත ‘යං කිඤ්චි’ යන ගාථාව කීහ. යං කිඤ්චි ධම්මභිජඤ්ඤා අජ්ඣත්තං උසස් පහත් ලෙසින් තමන්ගේ කිසියම් ගුණ දැනගත්තේය. අථවාපි බහිද්ධා ගුරුවර - උපාධ්යාය ආදීන්ගේ ගුණ දන්නේය. න තෙන මානං කුබ්බෙථ ඒ ගුණයෙන් මානය ඇතිකර නො ගන්නේ ය.
මීළගට එය නොකරන ආකාරය ‘සෙය්යො න තෙන’ යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එහි තේරුම නම්, තෙන ඒ මානයෙන් ‘මම උසස් වෙමි’ හෝ ‘මම පහත් වෙමි’ හෝ ‘මම සමාන වෙමි’ හෝ වාපි න මඤ්ඤෙය්ය, ඒ උසස් පහත් ආදී ගතිවලින් ඵුට්ඨො අනෙකරූපෙහි ‘මම උසස් කුලයෙන් පැවිදි වූයෙමි’ ආදී ලෙසින් තමන් ගැන කල්පනා (නො) කරන්නේය. න තිට්ඨෙය්ය. නො සිටින්නේය.
මෙසේ මානය නැති කිරීම ගැන දේසනා කොට, මීළඟට ‘අජ්ඣත්තමෙව’ ගාථාවෙන් කෙලෙස් සංසිඳුවන කරුණු කීහ. අජ්ඣත්තමෙව උපසමෙ තමා කෙරෙහි ඇති රාගාදී සියළු කෙලෙස් සංසිඳවන්නේය. න අඤ්ඤතො භික්ඛූ සන්තිමෙසෙය්ය සතිපට්ඨානාදි හැර, වෙනත් දෙයකින් (සිතෙහි) සන්සුන් බව නො සොයන්නේ ය. කුතො නිරත්තං වා (අත්හළ බැවින්) අත්හැරීමට දෙයක් කොයින්ද?
මීළඟට, සන්සුන් වූ, කෙලෙසුන් සිඳ දැමූ (රහත් උතුමන්ගේ) නොසැලෙන බව ‘මජ්ඣෙ යථා’ ගාථාවෙන් කීහ. එහි තේරුම නම්, යථා විසාල, සමුද්දස්ස සාගර පත්ලේ සිට මතුපිට දක්වා අතර යොදුන් හාරදහසක් වූ මැද කොටසෙහි මජ්ඣෙ (යුගන්ධර ආදී) පව් අතර පිහිටි මුහුද මැද ඌමී න ජායති, ඨිතොව මුහුද නොසෙල්වී සිටී. එවං අනෙජො රහතන් වහන්සේ ලාභ ආදියෙහි ඨිතො අස්ස කම්පා නොවෙමින්, රාගාදී කෙලෙස් ගැන ද එපරිදිම උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි.