13. මහාවියූහ සූත්ර වර්ණනාව
යෙ කෙචි මෙ යනු මහා වියූහ සූත්රයයි. මෙම සූත්රයට හේතු වූ කරුණ කුමක්ද? දෙවියන්ගේ ඒ මහා රැස්වීමේදී, මෙම දැකීම දැඩිව ගත් පුද්ගලයෝ නුවණැතියන් හමුවෙහි ගැරහීම් ලබත්ද, නැතිනම් පැසසුම් ලබත්දැ’යි ඇතැම් දේවතාවුන්ට හටගත් අදහස ගැන පැහැදිලි කරන්නට පෙර පරිදි ඉඳු බලයෙන් පෙන්වන ලද බුදුවරයා ලවා තමන් වහන්සේ විමසා මෙම කරුණු වදාරා ඇත. අන්වානයන්ති - අනු ආනයන්ති නැවත නැවත පෙරටුකොට ගනිති.
දැන් යම් ආකාරයකින් ඔහු ‘මෙයම ඇත්ත’ යයි කියන ඒ දැකීම මුල්කොට ගෙන කිසි තැනකදී පැසසුම් ලබති. මේ පැසසුම් දනවන වාද පලය, රාගාදී (කෙලෙස්) හා සළකනවිට ඒවා නැතිකිරීමට සමත් නොවේ. ඊළඟට වාදයෙහි දෙවන පලය වන නින්දාව ගැන කෙබඳු කතාද? එහෙයින් ඒ කරුණු දක්වා ඒ වාදයෙන් ලබන පලය අල්ප බවත්, (රාගාදී කෙලෙස්) ඉවතලීමට නොහැකි බවත්, විවාදයෙහි පල දෙකක් බවත්, වදාළහ. දුවෙ විවාදස්ස ඵලානි ගැරහීම්, පැසසුම්, ජය, පරාජය ආදී දෙයාකාර පල ලැබෙනු ඇත. එවම්පි දිස්වා ගැරහුම් අවසානය නොවේ. පැසසුම් කෙලෙස් සමනයට හේතු නොවේ යැයි මෙසේ වාද විවාදයෙහි ලැබෙන පලය දැක, ඛෙමාහි පස්සං අවිවාද භූමිං වාද පදනමක් නොමැති නිවන ‘නිබය’ තැනකැයි දකිමින්,
මෙසේ වාද නොකරමින් ‘යා කාචිමා’ යන ගාථාව කීහ. සම්මුතියො ඒ ඒ දැකීම්, පුථුජ්ජා මගපල නොලද්දවුන් විසින්, සො උපයං කිමෙය්ය ඒ තැනැත්තා (තණ්හා දැකීම් ලෙසින්) රූපාදියෙහි කිනම් කරුණක් නිසා හැඟීමක් ඇතිකර ගන්නේ නම්, දිට්ඨෙ සුතෙ ඛන්තිං අකුබ්බමානො දක්නා ලද, අසන ලද දෙයින් පිරිසිදු වේ යන හැඟීම පිළිනොගනිමින්,
බාහිර සසුන් ගැන ‘සීලුත්තමා’ ගාථාවෙන් (අදහස් වේ.) එහි අදහස නම්, සීලයම උතුම් යැයි හඟිමින් සීලුත්තමා, ඇතැම් පින්වත් කෙනෙක් සංයම එපමණකින්, සුද්ධිං කියති. ඇතකුගේ පුරුදු ආදියට එළඹ වතං සමාදාය උපට්ඨිතා මේ දැකීමෙහිම අස්ස එයින් පිරිසිදු යැයි සුද්ධිං වේයැයි, භවූපනීතා සසර ගමනෙහි ඇලුනා වූ, කුසලා වදානා ‘අපි හැකියාව ඇත්තෙමු’යි මෙසේ කියමින්,
සීලයම උතුම් යැයි කියන කෙනෙක්, සචෙ චුතො ගාථාවේ අරුත නම්, සචෙ එසේ වේ නම්, සීලවත්තො අනෙකෙකුගේ නුගුණ කියා වෙන් කිරීමෙන් හෝ නොහැකි වීමෙන් හෝ චුතො හොති, ඔහු ඒ සීල වත ආදී කම්මං පුඤ්ඤාභිසංඛාර ආදී කටයුතු හෝ, විරාධයිත්වා වෙධෙති වරදවාගෙන සැලෙයි. එපමණක් නොවේ, ඒ සීලවත් වලින් පිරිසිදු වේ යැයි ජප්පති විකාර දොඩවයි. පත්ථෙති කුමක් මෙන් ද? සත්ථාව හීනො පවසං ඝරම්හා නොරට වසන පුරුෂයෙක් අසාර්ථක වූයේ නැවත තම ගෙය හෝ භාර්තය පතන්නාක් මෙනි.
මෙසේ උතුම් සීලයකැයි එය (වරදවාගෙන) වෙව්ලීමට (කම්පාවට) පත්වන සැටිත් කියා අරිය සාවකයා සියළුම සීල ව්රත අත්හැර දැමීම ගැන ‘සීලබ්බතං වාපි’ ගාථාවෙන් (සඳහන් කරති.) සාවජ්ජානවජ්ජං සියළු කුසල් ද මෙලොව කුසල් ද, එතං සුද්ධිං අසුද්ධින්ති අපත්ථයානො පස්කම් ආදියෙහි එයින් පිරිසිදු බව ද, අකුසල ආදී ලෙසින් අපිරිසිදු බවද නොපතමින්, විරතො චරෙති පිරිසිදු බවෙන්ද, අපිරිසිදු බවෙන්ද වෙන්ව හැසිරෙන්නේය. සන්තං අනුග්ගහාය දැඩිසේ දැකීම් මත නොගෙන,