12. චූලවියූහ සූත්ර වර්ණනාව
සකං සකං දිට්ඨි පරිබ්බසානා යනු චූලවියූහ සූත්රයයි. මෙම සූත්රයට හේතු වූ කරුණ කුමක්ද? (දෙවියන්ගේ) ඒ මහා හමුවෙහිදී ‘මේ දැකීම් දැඩිව ගත් සියල්ලන්ම, අපගේ රූපය මැනවැ’යි කියන බවත්, මොවුන් (ඇත්තටම) තමන්ගේ රූපය යහපත්ය’ යන දැකීමෙහි පිහිටියේද? නැතහොත් වෙනත් දැකීමක් - හැඟීමක් පිළිගනිත්දැයි ඇතැම් දේවතාවුන්ගේ සිත් අනුව, ඒ කරුණු පහදා දීමට, කලින් මෙන් (ඉඳු බලයෙන්) දක්වන ලද බුදුවරයකු ලවා විමසන පරිද්දෙන් මෙම සූත්රය දෙසන ලදී.
එහි මුල් ගාථා දෙකෙහි අසන ලද කරුණු වේ. මේ අතර, සකං සකං දිට්ඨිපරිබ්බසානා තම තමන් දරන දැකීම්-මතවාද අනුව වසමින්, විග්ගය්හ නානා කුසලා වදන්ති ඒ දැකීම් ඉතා දැඩිව-බලවත් ලෙස ගෙන, එය ඉතා හොඳ’ යැයි දක්වමින් නොයෙක් නොයෙක් දේ කියති. එකම අදහසක් නොකියති. යො එවං ජානාති සවෙදි ධම්මං, ඉදං පටික්කො සමකෙවලී සො ඒ දැකීම්-මතවාද උදෙසා ‘මෙසේ දන්නා තැනැත්තා දහම මැනවින් දැනගෙන ඇත. එයට නින්දා පරිභව කරන තැනැත්තා පහත් කෙනෙකැ’යි කියති. බාලො පහත්, ලාමක, අකුසලො නොවියත්,
මීළඟට පැන විසඳන ගාථා තුනකි. ඒ ගාථාවන්හි මුල් පද දෙකින් සඳහන් කළ අදහස පසුපද දෙකෙන් අරුත ‘විසුරුවා’ හැර ඇත. (මුල් අදහස තවත් ආකාරයකට පැහැදිලි කොට ඇත.) ඒ අනුව සූත්රයේ ගාථා පදවලින් කරුණු කෙටිකොට දැක්වෙන සැකැස්ම පරිදි මේ සූත්රය ‘චූල වියූහ’ යන නම ලැබුණි. පරස්ස චෙ ධම්මං අනුන්ගේ දැකීම, මතවාද, සබ්බෙව ඉමෙ බාලා කරුණු මෙසේ ඇති කල්හි මේ සියල්ලෝම අනුවණයන් වෙතියි අදහස් වේ. ඊට හේතු කවරේද? සබ්බෙවිමෙ දිට්ඨි පරිබ්බසානා (වන හෙයිනි.) සන්දිට්ඨියා.......මුතිමා තමාගේ දැකීමෙන්, න විවදාතා පිරිසිදුව බබලන්නේ නොවේ. කිලිටි බවට පත්ව, සංසුද්ධ පඤ්ඤා කුසලා මුතීමා පිරිසිදු නුවණැති, පැණවත් වූ මනා සිහියෙන් යුතු වෙති. නැතහොත් සන්දිට්ඨියා චෙ පන යයි ද පාඨයකි. එහි තේරුම නම්, තමාගේ (නිවැරදි) දැකීමෙන්, පිරිසිදු නුවණැති, පැණවත් වූ, මනා සිහියෙන් යුතු වෙති. න තෙසං කොචි කරුණු මෙසේ ඇතිකල එක් අයෙකුවත් නුවණ අඩු කෙනෙකු නොවේ. ඊට හේතු කවරේද? දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා අනෙක් හැම දෙනාත් එසේ වන බැවිනි.
‘න වාහ මෙතං’... ගාථාවේ කෙටි අදහස නම්, යං ඔව්හු, මිථු පුද්ගලයෝ දෙදෙනෙක් එකිනෙකා ‘අනුවණ’ යැයි කියති. අහං එතං තථියං ඇත්තක් යැයි නෙව නොකියමි. කුමක් නිසාද? ඒ සියල්ලෝම සකං සකං දිට්ඨි මෙයම සච්චං ‘අනික් සියළුම මත බොරු යැයි අකංසු, ඒ කරුණින් ද අනුවණ-මෝඩ යැයි දහන්ති මෙහිද තථියං යැයිද තථිවං යැයිද වචන දෙකකි.
‘යමාහූ.........’ යන විමසන ලද ගාථාවෙහි යං (තම) දැකීම ඇත්ත යැයි කෙනෙක් කියති.
‘එකං හි සච්චං’ යනුවෙන් වූ පැන විසඳන ගාථාවෙහි එකං සච්චං (දුක) නැතිකිරිමේ මග හෝ, යස්මිං පජා නො විවදෙ පජානං ඇත්ත දන්නා වූ තැනැත්තා වාද කරන්නේ නැත. සයං ථුනන්ති තමන්ම කියති.
‘කස්මානු’ විමසන ගාථාවයි. පවාදියාසෙ කියනු ලබන්නා, උදාහි තෙ තක්කමනුස්සරන්ති නැතහොත් තමාගේ මතයම අනුව යති.
‘න හෙව....’ යනු විසඳන ගාථාවයි. අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි හැඟීම් පමණකින් ‘තිර පැවැත්මක් නැතැ’යි සිත්හි දරාගන්නා ලද්දේ, තක්කඤ්ච දිට්ඨිසු පකප්පයිත්වා තමන්ගේ වැරදි කල්පනාවලින් යුතුව දැකීම්-මතවාද ගොඩනගාගෙන, ඒ මතවාදවල විවාදාත්මක කරුණු ගොඩනඟමින් ඒ දැකීම් තරයේ වැළඳ ගනිති. එහෙයින් දැකීමට වහල් වූවන් උපදවති. මනාකොට උපදවති ආදී ලෙසින් නිද්දෙසයෙහි සඳහන් කරන ලදී.
මීළඟට මෙසේ ඇත්ත සේ ගැනෙන බොහෝ දේ නොමැති වූ විට වාදවිවාද හෙවත් තර්කය පමණක් මුල්කරගන්නා දැකීම් දැඩි සේ දරන පුද්ගලයන්ගේ වැරදි පිළිවෙත ‘දිට්ඨෙ’ ආදී ගාථාවලින් කීහ. දිට්ඨෙ දකින ලද දේ, දන්නා ලද දෙයින් පිරිසිදු වේ යැයි අදහසයි. අසන දේ ආදිය ගැනද මේ ආකාරය. එතෙච නිස්සාය විමාන දස්සී මේ දක්නා ලද දේ ඇසුරුකොට, පිරිසිදු වේයැයි සළකා අනෙක් තැනැත්තන්ට ගරහා දොම්නසට පත්වෙමින්, විනිච්ඡයෙ ඨත්වා -පෙ- අකුසලොතිචාහ මෙසේ සළකාගෙන, එම දැකීම් පිළිබඳ තීරණය කොටගෙන, සතුටට පත්ව, විනෝදයට පත්ව, ‘අනෙක් සියල්ලන්ම පහත්ය, වියත් නොවේ’ යැයි මෙසේ කියයි. මේ පිළිබඳව ‘යෙනෙව.......’ යන ගාථාවෙන් ද (පැහැදිළි වේ.) සයං අත්තනා තමන් තමා ගැනම, විමානෙති ගරහයි, තථෙව පාවා ඒ වචනයම, ඒ දැකීම ගැනම, ඒ පුද්ගලයා ගැනම කියයි.
‘අතිසාර දිට්ඨියා’ යන ගාථාවෙහි අරුත නම්, සො ඒ බොහෝ දැකීම්වලින් (දෙසැටක් දැකීම්) සමත්තො පිරුණේ, ඔදවැඩුනේ, ඒ දැකීමෙන්, මානෙන මත්තො ‘මම නුවණැති බවින් පිරුණු සමත්කම් ඇත්තෙමි’ යැයි, පරිපුණ්ණමානී සයමෙව මෙසේ තම මනසින් ‘මම පණ්ඩිත වෙමි’යි අබිසෙස් ලබයි. කුමක් නිසාද? දිට්ඨි හි සා තස්ස තථා සමත්තා ඔහු විසින් ඒ දෘෂ්ටිය ගන්නා ලද ද එහෙයිනි.
‘පරස්ස වෙ’ යන ගාථා සම්බන්ධය හා අරුත ගැන වැඩිදෙයක් සඳහන් කළ යුතුද? තම තීරණයෙහි සතුටුවන ඒ තැනැත්තා ‘අන් හැමදෙනා මෝඩයන්ය, හැකියාවන් නැත්තවුන් යැ’යි කියයි. ඒ අනෙක් තැනැත්තාට පරස්ස චෙ හි වචසා ඔහු එසේ කියමින්, නිහීනො නිහීන ප්රඥා ඇත්තේ වේ. තුමො සහා හොති නිහීන පඤ්ඤො ඔහු ද එයින්, ඒ සමගම නුවණ නැත්තෙක් බවට පත්වෙයි. ඒ තැනැත්තාද ඔහුට ‘මෝඩයෙකැයි’ කියයි. අථ ඔහුගේ (කථාවෙහි) වචන බොහෝය. සයං ඔහුම තමන් වෙදගු ධීරො නම් වෙයි. කරුණු මෙසේ ඇතිකල, න කොචි බාලො සමණෙසු අත්ථි ඒ සියල්ලෝම තමන්ගේ කැමැත්ත අනුව පණ්ඩිතයෝය.