11. කලහවිවාද සූත්‍ර වර්ණනාව
කුතො පහූතා කලහා යනු කලහ විවාද සූත්‍රයයි. එයට හේතු වූ කරුණ කුමක්ද? මෙයද ඒ මහා හමුවෙහිදී ‘කලහ ආදියට හේතුවන කරුණු අට කෙසේ පවතීදැ’යි ඇතැම් දේවතාවුන්ට ඇතිවූ අදහස අනුව පෙර පරිදි පෙන්වන ලද බුදුවරයකු විසින් තමන් (වහන්සේ) විමසන ලදුව දේසනා කරන ලද්දකි. විමසීම සහ පිළිතුරු ලෙසින් මෙහි සියළු ගාථා සම්බන්ධ වේ.
එහි පැහැදිළි නොකළ වචන ගැනද මෙසේ දතයුතුය. කුතො පහූතා කලහා විවාදා කලහය ද එයට හේතුවන විවාදය ද යන මේවා හටගත්තේ කොතැනින්ද? පරිදෙවසොකා සහ මච්ඡරා ච හැඩීම්, සෝකවීම්, මසුරු බව කොතැනින් ඇතිවන්නේ ද? මානාතිමානා සහ පෙසුනා ච මානයද, තමාට වඩා අනික් තැනැත්තන් පහත්කොට සිතන අතිමානයද, කේලාම්ද කොතැනින් හටගත්තේ ද? තෙ ඒ කෙලෙස් සහගත කරුණු අට, තදිංඝ බ්‍රෑහි මා විමසන ලද පරිදි තේරුම කියනු මැනවි. මම එය ඉල්ලමි. ඉල්ලීම යන අදහසට ඉංඝ යන නිපාතය යෙදේ.
පියා පහූතා පිය-කැමති බැවින් හටගනී. මීට අදාල කරුණු නිද්දෙසයෙහි කියන ලදී. මච්ඡරිය යුත්තා කලහා විවාදා මේ කලහ විවාද ආදියට හුදෙක් කැමති දේ නිසාද, මසුරු බවද පමණක් හේතු නොවේ. කලහ විවාද මූලිකව ඒ සියළුම කරුණු කියන ලදැයි දතයුතුය. මසුරුකම වේද, එසේම කේලම ද විවාදයට හේතු වේ. එහෙයින් විවාද ජාතෙසු ච පෙසුනානි යැයි කීහ.
පියාසු ලොකස්මිං කුතො නිදානා යෙ වාපි ලොභා විචරන්ති ලොකෙ පියතාව කැමැත්ත නිසා කලහය හටගනී යැයි කියන ලදී. ලොව ඒ කැමැත්තට හේතු වන්නේ කුමක්ද? කැමැත්තම පමණක් නොවේ. කැත් කුලවත් ආදීහු ලෝභයෙන් හැසිරෙති. ලෝභය නිසාම, ලෝභයෙන් මඬනා ලදුව හැසිරෙති. ඔවුන්ගේ ඒ ලෝභයද කොතැනින් හටගනීද යනුවෙන් තේරුම් දෙකක් එකවර විචාරයි. ආසා ච නිට්ඨා ච ආසාවද එය ඉටුවීමද, යෙ සම්පරායාය නරස්ස හොති පරලොව පිණිස පවතී. පිහිට වෙතියි කියන ලදී. මෙයද එකවරම විමසීමයි.
ඡන්‍දානිදානානි කාමච්ඡන්‍දය ආදිය හේතු වේ. යෙ චාපි ලොභා විචරන්ති කැත් කුලවතකු හෝ ලෝභයෙන් හැසිරෙත් ද ඔවුන්ගේ ලෝභයද කැමැත්ත නිසා ඇතිවන බව එකවිටම විසඳයි. ඉතො නිදානා කැමැත්ත හේතුකොටම යැයි කියන ලදී. කුතො නිදානා මේ වචන යෙදෙන අයුරු සුචිලොම සූත්‍රයෙහි කියන ලද පරිදි දතයුතුය.
විනිච්ඡයා තණ්හා දිට්ඨි මුල්කොට තීරණ ගනී, යෙ චාපි ධම්මා සමණෙන වුත්තා තරහ ආදී එබඳු අනෙක් අයහපත් කරුණු කොතැනින් හටගන්නේදැ’යි බුදුරජාණන් වහන්සේ නම් මහණුන් විසින් පවසන ලදී.
තමූපනිස්සාය පහොති ඡන්‍දො එය සැප වේදනා-දුක් වේදනා ලෙසත්, ඒ දෙකොටසටම අයත් මිහිරි -අමිහිරි බව නිසා එක්වීම, වෙන්වීම, (තබා ගැනීමෙන්-ඉවත් කිරීමෙන්) බලාපොරොත්තු, පැතුම් සේ හටගනී. මෙපමණකින් ලෝකයෙහි ඡන්‍දය හෙවත් කැමැත්තට හේතුව කුමක්ද? යන මෙම පැනය විසඳන ලදී. රූපෙසු දිස්වා විභවං භවඤ්ච රූපයන්හි නැසීමද, හටගැනීමද දැක, විනිච්ඡයං කුරුතෙ ජන්තු ලොකෙ අපාය ආදී ලෝකයෙහි (සැප රහිත තැන්හී) මේ මිනිසා සැප සම්පත් ලබාගැනීම පිණිස, තණ්හාවෙන් තීරණය කොට, ‘මට අයිති දෙයක් ලැබුණේ යැයි දැකීමද, හැඟීමද මුල්කොට එයින්ද තීරණය කරයි. මීට අදාළ කරුණු නිද්දෙසයෙහි සඳහන් වෙයි. මෙපමණකින් තීරණය කරයි. මෙපමණකින් තීරණය කොතැනින් මතුවන්නේද? යන පැනය විසඳන ලදී.
එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ මේ ලෝභාදී කරුණු මිහිරි-අමිහිරි යැයි දෙආකාරයෙන්ම ඇතිවිය හැකිය. එසේ ඇතිවන අයුරු නිද්දෙසයෙහි සඳහන් වේ. මෙපමණකින් තුන්වන පැනය විසඳන ලදී. මෙසේ, පැන විසඳීමෙහි සැකයක් වේ නම්, එම සැකය දුරුකර ගැනීමේ මගක් ලෙස කථංකථි ඤාණපථාය සික්‍ඛෙ යැයි වදාළහ. ඇති සැටියෙන්ම නුවණින් දැකීමට - හේතුවන තියුණු නුවණ ලැබ ගැනීමට (සිවුසස් අවබෝධයෙන්) තුන්ආකාර වූ හික්මීම අනුගමනය කළයුතු බව කියන ලදී. ඊට හේතු කුමක්ද? ඤත්‍වා පවුත්තා සමණෙන ධම්මා බුදුරජාණන් වහන්සේ විසින් දැනගෙනම කරුණු පහදා දී ඇති බැවිනි. උන්වහන්සේ නොදත්, අවබෝධ නොකළ කිසිවක් නැත. එම දේසනයෙහි (හෙවත් කරුණු පැහැදිලි කිරීමේදී) කිසිදු වරදක් නැත. එහෙයින් සැකය නැතිකර ගැනීමට නුවණ ලබාගැනීමට හේතුවන මගෙහි ඒ සමණ නම් වූ බුදුරදුන් කියන ලද දහම දැන හික්මීමක් ලබව.
සාතං අසාතඤ්ච කුතො නිදානා මෙහි සාත අසාත යනු සැප දුක් විඳීම අදහස් කෙරේ. න භවන්ති හෙතෙ ඒවා ඇති නොවෙත් ද, විභවං භවඤ්චාපි යමෙතමත්‍ථං, එතං මෙ පබ්‍රෑහි යතො නිදානං සැප දුක් වේදනා ඇති නොවීමද, ඇතිවීමද යනුවෙන් තේරුම දෙන වචනයෙහි ලිඟු වෙනසක් ද මෙහි වෙයි. එය සාතාසාතානං විභවො භවා යැයි (විය යුතු) එහි අරුතත්, ඊට හේතූවත් මට කියනු මැනවි. සැපදුකෙහි හටගැනීම හා හටනොගැනීමත්, ඒ හටගැනීම හා හට නොගැනීම පිළිබඳව ගොඩනගා ගන්නා දැකීමත් මෙහිලා දතයුතුය. එසේම, මේ පැනය විසදීමේදී දුක ඇතිවීම ගැන ගොඩනැගෙන දැකීමටද පහස (සිත හා අරමුණ) හේතු වේ. දුක නැතිවීම ගැන ගොඩනැගෙන දැකීමට ද පහස හේතුවේ යැයි නිද්දෙසයෙහි දක්වන ලදී. ඉතො නිදානා පහස හේතුවන බවයි.