9. වාසෙට්ඨ සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං වාසට්ඨෙ සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට අදාල හේතු සූත්‍රයෙහිම කියන ලදී. කලින් විස්තර කොට ඇති වචන හැර ඉතිරි පද විස්තර කරන්නෙමි. ඉච්ඡානංගලො ගමෙහි නමයි. බමුණු මහසල් කුලවලින් චංකී, තාරුක්‍ඛ, තොදෙය්‍ය යනු හඳුන්වනු ලබන නම්ය. පොක්‍ඛරසාති, ජානුස්සොණි යනු නිමිති කියන්නෝය. ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් හිමවතෙහි පොකුණක පියුමෙක උපන්නේය. එක්තරා තවුසෙක් ඒ පියුම ගෙන, එහි නිදාසිටි දරුවකු දැක, ඇති දැඩිකොට රජුට පෙන්වීය. නෙළුම්මලෙහි නිදාසිටි බැවින් පොක්‍ඛරසාති යැයි ඔහුට නම ලැබිණ. එක් තැනැත්තකුගේ තනතුර වූයේ නිමිති කීමයි. එහෙයින් ජානුස්සොණි යැයි පුරෝහිත තනතුර ලැබුණි. ඔහු ඒ නමින්ම පතළ විය.
ඔහු සියල්ලෝම අඤ්ඤෙච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්‍රාහ්මණ මහාසාලා, කවර හෙයින් ඉච්ඡානංගලෙ පටිවසන්ති (එහි වසත්ද) වේදය ඉගැන්වීම සහ සොයාබැලීම පිණිසය. එකල කෝසල ජනපදයට වේදය දත් බමුණෝ වේදය ගායනා කිරිමටද එහි අරුත් විමසා සාකච්ඡා කිරිමටද එම ගමෙහිම රැස්වෙති. තම තමන්ගේ උරුම ගම්වලින් පැමිණි එහි වසත්.
වාසෙට්ඨභාරද්වාජානං වාසෙට්ඨගේද භාරද්වාජගේ ද අයමන්තරා කථා තම තමන්ට ගැලපෙන කතා හා තොරතුරු කතා කරමින්, හැසිරුණහ. ඔවුන්ගේ කතාබහ අතරතුරදී මෙබඳු වෙනත් කතාවක් උදපාදි ඇතිවිය. කියන ලද්දේ වෙයි. සංසුද්ධගහණිකො ඉතා පිරිසිදු කුසකින්, ඉතා පිරිසිදු බැමිණියකගේ කුසෙහි උපන්නේ යැයි අදහසයි. ‘සමවෙපාතිනියා ගහණයා’ ආදී තැන කුසෙහි අහර දිරවන උණුසුම් බව (ගින්න) ගැන කියනු ලැබේ. මෙහිදී මවුකුස අදහස් කෙරේ. යාව සත්තමා ‘මවගේ මව, පියාගේ පියා යැයි මෙසේ අතීතයේ සත්දෙනෙකු දක්වා, මෙහි පියාගේ පියා ද, පියාගේ මව ද පිතාමහ නම් වේ. එසේම මවගේ පියාද මවගේ මවද මාතාමහා නම් වේ. පිතාමහ, මාතාමහා එක්කොට පිතාමහ විය. මෙවැනි යුවළක් පිතාමහ යුගං යුග යනු ආයු කාලයයි. එය වචනයට සීමා වූවකි. තේරුමෙන් සත්මුතු පරම්පරා දෙකක් වේ. අක්‍ඛිත්තො ඉපදීම ගැන, ‘ඔහු කවුදැ’යි කිසිවකු විසින්වත් දොස් නැගිය නොහැකි, අනුපක්කුට්ඨො කුලගොතින්ද දොස් කිව නොහැකි, වත්ත සම්පන්නො හොඳ සිරිත් පිළිපදින, සඤ්ඤාපෙතුං දැන්වීමට, අවබෝධ කිරීමට (කතාබහේදී) නිහඬ කිරීමට, ආයාම යමු.
අනුඤ්ඤාතපතිඤ්ඤා ‘ඔබලා තුන්වේදය දත්තාහු’ යැයි මෙසේ ඇදුරුතුමන්ලාගෙන්ද, හඳුනා සම්මානයට පත්ව, තමන්ම එය දැනසිටිමු’යි තේරුමයි. අස්ම වෙමු. උභො දෙදෙනා, අහං පොක්‍ඛරසාතිස්ස - තාරුක්‍ඛස්සායං මාණවො මම පොක්‍ඛරසාතිගේ දෙටු අතවැසි මුල්ම සිසුවාය. මොහු තාරුක්‍ඛගේ අතවැසියා යැයි ගුරුවරුන් ගැනද තම තමන් ගැනද හඳුන්වති.
තෙවිජ්ජානං තුන්වේදයෙහි කෙවලිනො අවසානය දක්වා ඉගෙන අසමසෙ අපි මෙසේ වෙමු. ඉක්බිතිව ඒ අවසානය දක්වා ඉගෙනීම විස්තර කරමින්, පදකස්මා -පෙ- සාදිසා යැයි කීය. එහි ජප්පෙ වෙදයෙහි යන තේරුමයි. කම්මනා දස ආකාර වූ යහපත් කටයුතුවලට, ‘පෙර මොහු සත් ආකාර වූ කය වචනයෙන් කෙරෙන කටයුතු සඳහා, ‘පින්වත, යම් ලෙසකින් (එසේ කටයුතු කරන තැනැත්තා) සිල්වත් වේ’ යැයි කීය. සිත මුල්වන තුන්ආකාර වූ කටයුතු සඳහා ‘වත් සම්පන්න’ වේ යැයි ද කීය. ඒ තැනැත්තා සීලාචාර කෙනෙකි.
දැන් එය වචනයට පමණක් සීමාකොට අහඤ්ච කම්මනා බ්‍රෑමි යැයි පැවසීය. ඛයාතීතං අඩුබව, ඉකුත් වූ, පිරිපුන් යන අරුත් ද වේ. පෙච්ච එළඹ, නමස්සන්ති වඳිති. චක්‍ඛුං ලොකෙ සමුප්පන්නො අවිඳු අඳුරු වූ ලෝකයෙහි, ඒ අඳුර දුරුකොට, මෙලොවෙහි දැහැමි දෙයෙහි හරවත් බව ලෝකයාට පෙන්වාදෙන, ඇසක් පහළ වූවාක් බඳු,
මෙසේ තුති පැසසුම් කොට, වාසෙට්ඨ විසින් ඉල්ලා සිටි පරිදි, ‘එසේනම්, මම ඔබලාට කියන්නෙමි’යි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙදෙනාටම කරුණු පහදා දීමට වන්හ. ව්‍යක්‍ඛිස්සං කරුණු පැහැදිළි කරන්නෙමි. අනුපුබ්බං ‘මෙසේ කරුණු විස්තර කිරීමෙන් ඒ තරුණයන් හික්මවිය යුතුයි. (නිවැරදි අවබෝධයක් ලබාදිය යුතු යැයි) සිතා, ‘බමුණ, ඔබගේ සිතිවිල්ල තිබියේවා, කීට, පළගැටි, තණකොළ, ගස් ආදියෙහි සිට පිළිවෙලින් පහදා දෙන්නෙමි’යි මෙහි අදහස දතයුතුය. ජාති විභංගං උපත් විස්තර, අඤ්ඤ මඤ්ඤාහි ජාතියො ඒ ඒ ජීවීන්ගේ ඉපදීම - හටගැනීම එකිනෙකට වෙනස්ය. නොයෙක් ආකාර වේ.
එයින් ජීවීන්ගේ උපත් විස්තර කියන කල්හී, ‘තණකොළ හා ගස් ගැනද දැනගනුව’යි ඉපදීමක් ලෙසම දැක්විය නොහැකි දේ දක්වාද පැවසීමට පටන් ගත්හ. ඒ කිනම් අදහසකින්ද? උපදින සියළු සතුන් අතර පහසුවෙන් දැනගැනීම පිණිසයි. ඉපදීමක් නොමැති වූවන්ගේ හටගැනීමේ වෙනස්කම් පෙන්වා දෙනවිට, උපත ලබන්නන් පිළිබඳව කරුණු වඩාත් පැහැදිළි වෙයි. තණකොළ ආදියෙහි ඇතුලත එළය වේ. හරයක් ඇත්තේ පිටතය. එමෙන්ම, තල් පොල් ආදියද තණ කොටසට ගැනේ. ඒ ගස්වල පිටත එළයය. අරටුව හෝ හරය ඇතුලතය. තණ ද ගස් ද තණගස් යන සමාස පදය දුතියා (කම් විබත්) බහුවචනයෙන් තිණ්රුක්‍ඛෙපි ජානාථ යැයි දක්වා ඇත. න චාපි පටිජානරෙ ‘අපි තණ වෙමු. අපි ගස් වෙමු’යි මෙසේ නොදනිති. ලිංග ජාතිමයං එසේ නොදත් නමුදු, තණ ආදිය හඳුන්වනු ලබන්නා සේ ඒ ඒ නම් අනුව ජාතියම මුල් වෙයි. ඊට කරුණු මොනවාද? අඤ්ඤමඤ්ඤාහි ජාතියො තණ ආදිය වෙනස්ය. ගස් ජාති වෙනස්ය. තණකොළ අතරද වෙනස්කම් ඇත. තල් ආදියද වෙනස්ය. නොයෙක් නමින් හැඳින්වෙන පොල් ජාති ඇතැයි මෙසේ විස්තර කළ යුතුය.