3. සුභාසිත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු සුභාසිත සූත්‍රයයි. එය (වෙනත් කෙනෙකුගේ විමසීමකට නොව) තම අදහස පරිදි දේසනා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ යහපත් වචනයට කැමති වෙති. යහපත් වචන කතා කිරීමෙන් පුද්ගලයන් අයහපත් වචන කතා කිරීම වැළැක්වීමට මෙම සූත්‍රය වදාළහ. එහි එවං මෙ සුතං සංගායනාවට සහභාගි වූ හිමිවරුන්ගේ වචනයි. තත්‍ර බො භගවා......... භදන්තෙ තෙ භික්‍ඛූ යනුවෙන් මෙහි සඳහන් නොවේ. ඉතිරි කරුණු කලින් කියා ඇති අයුරිනි. එහෙයින් විස්තර සඳහන් නොවූ වචන ගැන මෙහි දක්වනු ලැබේ. තත්‍ර (දේසනා කරන ලද) තැන හා කාලය දැක්වීමයි. වැඩවසන කාලයෙහි, වැඩවසන ආරාමය අදහස් වේ. එයින් කිවයුතු දේ සහ, දේසනා කාලය පෙන්වා දෙයි. භාග්‍යවතුන් වහසේ නුසුදුසු තැන හෝ නුසුදුසු වේලාවෙහි දහම් නොදෙසති. ‘බාහිය, ඔබට (දහම් දෙසීමට) මේ කාලය නොවේ. ‘අකාලො ඛො තාව බාහිය’ ආදී තැන් නිදසුන්ය. ඛො යනු පදයක අඩු තැන් පිරවීමට හෝ අවධාරණයෙන් කිවයුතු විටකදී යොදන නිපාතයකි. භගවා ලෝකවාසීන් ගරු බුහුමන් පළකිරීමට (තථාගතයන් වහන්සේට යෙදූ වදනකි). භික්‍ඛූ කතාව ඇසීමට බලාපොරොත්තු වන පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීමකි. ආමන්තෙසි ඇමතීය, වදාළේය. (ඇමතූහ) වටහා දුන්නේය.
භික්‍ඛවො ඇමතූ අයුරුය. එයින් පිඬුසිඟා යාම, සිල් ආදී මහණුන් අනුගමනය කරන යහගුණ එකතුව ගැනද කියන ලදී. ඒ අනුව ලාමක වූවන් විසින් සෙවුනා ලද පැවැත්ම පැවිදි පිරිසට පවසමින් උඩඟු බැගෑබවෙහි දොස් දක්වති. භික්‍ඛවො කරුණාව පැතිරුණු හදවතින් හා නෙතින් යුතුව, කරුණා දයා පිරි වදනින් තම මුහුණ දෙසට (අසන පිරිස) යොමු කරවාගෙන, එහිදී පැවසීමට කැමති වන කරුණු පහදා දෙමින්, තමාට සවන් දීමට කැමැත්ත උපදවයි. එසේම, පහදා දෙන කරුණු, මනාව ඇසීමටත්, මෙනෙහි කිරීමටත්, මනාව ඇසීමෙන් මෙනෙහි කරවීමෙන් සසුන් සම්පතෙහි යොදවති. වෙනත් දෙව් මිනිසුන්ද පැමිණ සිටිනවිට (මෙහිදී) කවර හෙයින් මහණුන්ට ඇමතු සේද? දෙටු බවින්ද, උසස් බවින්ද සමීපව හා හැමවිටම තැන්පත් බවද සළකාය. මේ දහම් දෙසුම එක් තැනැත්තෙකුට නොව හැමටම ගැළපෙන, සුදුසුවන බැවින්ද, පිරිස අතරෙහි ද දෙටු මහණ මුල්තැන ගනී. ගිහි ජීවිතයෙන් වෙන්ව අනගාරික වීම මුල්කොට උසස් වේ. (මුළු පිරිසෙහිම) නායකයාට සමීප වෙමින් (තථාගතයන් වහන්සේ අනුගමනය කරමින් ද ) හැමවිටම තැන්පත් බවින් යුතුව, සමීපව හැසිරෙන බැවින්ද, සියළු පිරිසට ගැලපෙන පරිදිම දහම් දෙසමින් පැවිදි පිරිසම ඇමතු සේක. එමෙන්ම මේ කතාබහට ගැළපෙන පරිදි හා ඒ යහපත් පිළිවෙතට සුදුසු ලෙසද එසේ ඇමතූහ. භදන්තෙ ගරු සැළකිලි හඟවන වචනයකි. තෙ භික්‍ඛූ භාග්‍යවතුන් වහන්සේ යම් පිරිසකට ඇමතූ සේක්ද, ඒ පිරිස උන්වහන්සේ එසේ ගරුකරමින් ‘ගරු හිමියනි’ යනුවෙන් පිළිවදන් දුන්හ.
චතූහි අංගෙහි කරුණු සතරකින් හෝ කොටස් හතරකින් බොරු කීමෙන් වැළකීම වැනි යහපත් වචනයට අදාල කරුණු හතරින්, ඇත්ත කතා කිරීමේදී ඊට යොමුවන කොටස් හතර, චතුහි අවධි විබත් වචනයකි. කරණකොට අරුතින් යෙදී ඇත. සමන්නාගතා සමනූ ආගතා ඒ අනුව පැමිණි, පවතින, යුතු, වාචා ‘කතාබහ කරන වදන්’ වාචා ගිරා ව්‍යප්පථො ‘හොඳ කණට මිහිරි වූ’ - ‘නෙළා කණ්ණසුඛා’ ආදී ලෙස යෙදී ඇත. එමෙන්ම වචනය කරන ලද දෙයක ‘ඇඟවීමක්’ ද වේ. ‘වාචාය චෙ කතං කම්මං, ‘සතරාකාර වූ දුසිරිත් වචනයෙන් වෙන්වීම යහපත් වචනය යැයි කියනු ලැබේ. ‘යා චතූහි වචී දුච්චරිතෙහි ආරති...පෙ.... ‘අයං වුච්චති සම්මා වාචා’ ‘මෙසේ වැළකීම් අරුතෙහිද වේ. ‘මහණෙනි, නපුරු වචන නිතර කීමෙන්, ඊට පුරුදු වීමෙන්, වැඩි වැඩියෙන් යොදා ගැනීමෙන් නිරයෙහි ඉපදීමට හේතුවේ.’ එරුසා වාචා භික්‍ඛවෙ ආසෙවිතා භාවිතා, බහුලීකතා නිරයසංවත්තනිකා හොතී’ - මෙහි සිතිවිල්ලද, වචනයද ඇතුළත් වේ. එහෙත් මෙහිදී එය අදහස් නොකෙරේ. කවර හෙයින්ද? නොකිව යුතු බැවිනි. සුභාසිතා හොති යහපත් ලෙස කියන ලද්දේ වෙයි. එයින් එහි යහපත් අරුතක් ඇති බව දැක්වෙයි. න දුබ්භාසිතා අයහපත් ලෙස නොකියන ලද, එයින් අයහපතක් නොවන බව දැක්වෙයි. අනවජ්ජා වැරදි ලෙස කියන ලද රාග - තරහ ඇති කරවන ගති නැති, එයින් අදාල දෙයෙහි පිරිසිදු බව - යහපත් බව තහවුරු බව කීමෙහිදී (එහි අනික් අරුත) වැරදි බව දැක්වීමයි. අනනුවජ්ජාච දොස් නැගීමෙන් මිදුණු, එයින් හැම ලෙසින්ම පිරිපුන් බව පෙන්වයි. විඤ්ඤුනං පණ්ඩිතයන්ට, එයින් ගැරහුම් පැසසුම් ලබන අනුවණයන් අපමණ යැයි පෙන්වා දෙයි.