2. පධාන සූත්‍ර වර්ණනාව
තං මං පධානපහිතත්තං යනු පධාන සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? උත්සාහවත්වීම පිණිස බුදුබව අවබෝධයට උත්සාහය පිණිස යන්නෙමි, මගේ සිත එහි ඇලෙයි’ යනුවෙන් ගරුකටයුතු ආනන්ද හිමි ‘පධානාය ගමිස්සාමි, එත්ථ මෙ රඤ්ජති මනො’ පබ්බජජා සූත්‍රය නිමා කළේය. භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියෙහි වැඩහිඳිමින්ම, ‘මා විසින් උත්සාහවත් වෙමින්, බුදුබව පතමින් සයවසරක් ඉතා අපහසු කටයුතුවල යෙදෙන ලදී. එය අද මහසඟනට පවසන්නෙමි’යි සිතූහ. ඉක්බිති ගඳකිළියෙන් නික්ම බුදුඅසුනෙහි වැඩහිඳ තං මං පධානපහිත්තතං යනුවෙන් මෙම සූත්‍රය වදාළහ.
එහි තං මං යන වචන දෙකින් තමන්ම හඳුන්වයි. පධාන පහිතත්ත නිවන පිණිස යොමු වුණු සිතින්, හැරදමන ලද ජීවිතය හෝ, නදිං නෙරඤ්ජරං පතී ඊට යොමුවන ලකුණු (හෙවත් සුදුසු පරිසරය) දක්වයි. ලකුණ නම් නිවනට උත්සාහවත් වනු පිණිස නේරංජරා නදියයි. එහෙයින් එය සම්බන්ධතාව දක්වන වචනයයි. මේ එහි තේරුමයි. නේරංජරා ගංතෙර යැයි කියන ලදී. විපරක්කම්මා බොහෝ සෙයින්ම උත්සාහවත්ව, ඣායන්තං හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළ හෙළීම මෙනෙහි කිරීමෙන් යොදමින්, යොගක්ඛෙමස්ස පත්තියා කාමාදී සතරාකාර වූ සංයෝගවලින් මිදුණු නිවන අවබෝධය පිණිස,
නමුචි මාරයා, ඔහු තම බලයෙන් ඉවත්වීමට කැමති වන දෙව්නිසුන් මුදා නොහරී. ඔවුන්ට අනතුරු කරයි. එහෙයින් නමුචි යැයි කියනු ලැබේ. කරුණා - දයාවෙන් යුතු, භාසමානො උපාගමි කවර හෙයින් පැමිණියේදැයි මෙය පැහැදිලි කෙරේ. එක්දිනක මහ බෝසත්හු මෙසේ සිතූහ. ‘හැමදාම ආහාරයටම යොමුවීම ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කරයි. මෙසේ ජීවිත පැවැත්ම බලාපොරොත්තුවෙන් නිවන ලද නොහැකිය’. එසේ සිතා, ආහාර ගැනීම බොහෝ සීමා කළේය. එයින් සිරුර කෙට්ටු විය. පැහැපත් බව නැතිවිය. ඉක්බිති මාරයා, ‘මෙය මනා අවබෝධයට සුදුසු මගද, නැත්දැ’යි නොදැන, (සිදුහත් තවුසා) ඉතා දරුණු තවුස්දම් පුරයි. කවදා හෝ මගේ බලය ඉක්මවනු ඇතැ’යි බියවී, මේ මේ ආකාරයෙන් කරුණු කියා වළක්වන්නෙමි’යි අවුත්, කිසො ත්වමසි දුබ්බණ්ණො සන්තිකෙ මරණං තව යනුවෙන් කීය.
මෙසේ කියා, බෝසතුන්ගේ මරණය ආසන්න බව තහවුරු කරමින්, සහස්සභාගො මරණස්ස එකංසො තව ජීවිතං ලෙසද පැවසීය. එහි තේරුම නම්, දහසෙන් එක් කොටසක්, ඒ මරණයට කවරෙකු හේතු වේදැයි ඉතිරි පාඨයක් ද වේ. එක් කොටසක් (එකො අංසො - එකංසො) මේ සඳහා කියන ලදී. මේ හුස්ම ගැනීම, හෙළීම ආදිය වැඩීමෙන් ඔබේ මරණයට හේතුවන්නේ දහසෙන් තවත් එක් කොටසකි. එහෙයින් ඔබේ ජීවිතය පවත්වන්නේ එක් කොටසකි. මෙසේ ඔබ මරණය ආසන්නයෙහිය. මෙසේ මරණයට ආසන්න බව තහවුරුකොට, ඊළඟට ජීවත්වීම පිළිබඳව උත්සාහවත් කරමින්, ජීවම්හො ජීවිතං සෙය්යා යැයි කීය. කෙසේනම් උසස් වේද? ජීවං පුඤ්ඤානි කාහසි
ඉක්බිති තමන් පින යැයි සිතා ඇති දේ දක්වමින්, චරතො ච තෙ යනුවෙන් කීය. එම ගාථාවේ බ්රහ්මචරියං තවුසන් කලින් කල ලිංගික ඇසුරෙන් වෙන්වීම ගැන කීය. ජුහතො යාග කරන්නාට, ඉතිරි කරුණු පැහැදිලිය.
දුග්ගො මග්ගො මෙම ගාථා අඩකින්, කෙලෙසුන් දුරු කිරීමේ උත්සාහයට කැමැත්ත නැති කරමින්, හුස්ම ගැනීම - හෙළීම පිළිබඳව දැහැන් වැඩීම දුකින්ම කළයුතු දෙයකැයි කීය. දුග්ගො කයත් සිතත් දුකට පත්කරමින් කළයුතු බැවින්, දුක්කරො ඔබ වැනි කෙනෙකුට ඉක්මනින් මරණයට පැමිණිම නොහැකිවන බැවින්, දුරභිසම්භවො යැයි මෙසේ අරුත් දතයුතුය. මෙයින් පසුව ඇති ඉමා ගාථා භණං මාරො අට්ඨා බුද්ධස්ස සන්තිකෙ ගාථා අඩ සංගායනාවට සහභාගී වූ හිමිවරුන් කියන ලදී. ඇතමෙක් මුළු ගාථාවම කී බව දක්වති. භාග්‍යවතුන් වහන්සේ විසින්ම වෙනත් තැනැත්තකු මෙන් තමන් නිදසුන් කරමින්, මෙහි සියල්ල වදාරන ලදැයි අපගේ වැටහීමයි. අට්ඨා සිටියේය. ඉතිරි කරුණු පැහැදිලිය.