12. ද්වයතානුපස්සනා සූත්ර වර්ණනාව
එවම්මෙ සුතං යනු ද්වයතානුපස්සනා සූත්රයයි. මෙම සූත්රය කුමක් නිසා දෙසන ලද ද? බුදුරජාණන් වහන්සේට ඇති වූ අදහසක් අනුව දේසනා කරන ලදී. මේ කෙටි සඳහනයි. එහි විස්තර ඉදිරියට වචන තේරුම් කිරීමේදී දැක්වේ. එවම්මෙ සුතං ආදිය කලින් කියා ඇති පරිදිය. පුබ්බාරාමෙ සැවැත් නුවරින් නැගෙනහිර දෙසින් පිහිටි අරමයි. මිගාරමාතුපාසාදෙ විසාඛා උපාසිකාව තම මයිලණුවන් වූ මිගාර සිටුවරයා විසින් මවු තනතුරෙහි තබන ලද බැවින්, ‘මිගාරමාතා’ යැයි හැඳින්වූවාය. ඒ මිගාර මාතාව විසින්, නව කෝටියක් අගනා මහාලිය පළඳනාව විකුණා කරවන ලද, බිම් මහලෙහි කාමර පන්සියයක් ද, මතුමහලෙහි කාමර පන්සියයක් ද, කුළුගෙවල් දහසකින් ද යුතු වූ පහය, ‘මිගාරමාතු’ නම් විය. ඒ මිගාරමාතු පහයෙහි,
තෙන ඛො පන සමයෙන භගවා භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර පුබ්බාරාමයෙහි මිගාරමාතු පහයෙහි වැඩවසන කාලයෙහි, තදහුපොසථෙ ඒ පෙහෙවස් දිනයෙහි පණ්ණරසෙ මෙය පෙහෙවස් දින ගණනය අනුව (සඳෙහි අඩුවැඩි බව අනුව) වෙන් කෙරෙන අනිකුත් පෙහෙවස් දින, පුණ්ණාය පුණ්ණමාය රත්තියා එසේ දවස් ගැනීමෙන් පසළොස්වන දිනය බැවින්, වළාකුළුවලින් තොර, පැහැදිලි අහසින් යුතු පිරිපුන් සඳ පෑයූ රැයක (පසළොස්වක දින) භික්ඛුසංඝං පරිවුතො බික්සඟන පිරිවරන ලදුව, අබ්භොකාසෙ නිසින්නො හොති මිගාරමාතු රුවන් පහයෙහි පිරිවෙන්හි, ඉහළින් ආවරණයක් නොමැති. එළිමහනෙහි ඉඩ ඇති තැනක පනවන ලද අගනා බුදුඅසුනෙහි වැඩ සිටිති. තුණ්හී භූතං තුණ්හීභූතං මුළුමනින්ම නිහඬ බවයි. බැලූ බැලූ තන්හිම නිහඬතාවයි. කිසිදු කතාකරන හඬක් නැත. අත් පා (කය සෙලවෙන) හඬකුදු නැත. භික්ඛු සංඝං අනුවිලොකෙත්වා එසේ පිරිවරා හිඳ සිටි නොයෙක් දහස් ගණන් නිහඬව සිටින පැවිදි පිරිස අතර, මෙපමණ සෝවාන් පල ලැබූවන්ය. මෙපමණ සකදාගාමීන්ය. මෙපමණ අනාගාමීය. මෙපමණ විදසුනෙහි යොමු වූ මගපල අරමුණු කොට ඇත්තන්ය. මේ පැවිදි පිරිසට කෙබඳු දහම් දෙසුමක් ගැළපේදැයි, සුදුසු දහම් දෙසුමකට වටපිට බලා,
යෙන තෙ භික්ඛවෙ කුසලා ධම්මා (කෙලෙස් ලෙඩ නැතිකරන) කායික මානසික සුවය ලබන තේරුමෙන් ද, නිවැරදි බවින් ද ඉටු අරමුණු පල දරන හෙයින් ද, (සිවුසස් අවබෝධයට) හැකියාව ඇති කරවන බැවින්ද, කුසල් සේ දැක්වෙන අවබෝධය ලබාගැනීමට මගපෙන්වන ඉගෙන දරාගතයුතු කරුණු තිස්හතක්, (බෝධිපක්ඛිය ධම්ම) අරියා නිය්යාණිකා සම්බොධගාමිනො අරිය උතුමන් හෙවත් බුදු පසේබුදු මහරහතුන් විසින් එළඹෙන ලද, (මේ) ලෝකයෙන් එතරට - නික්ම යා හැකි, (සසරින් ඉවතට පමුණුවන) මනා අවබෝධය වූ අරහත්බවට පැමිණෙන්නා වූ, තෙසං වො භික්ඛවෙ -පෙ- සවණාය මහණෙනි, ඒ අවබෝධය කරා ගෙන යන කුසල දහම, කා උපනිසා මෙය ඇසීමෙන් ඔබලාට ලැබෙන පලය කුමක්ද? කුමක් නිසා මේ දහම අසවු’දැයි කියන ලදී. දෙයාකාරව කරුණු විමසා බැලීමෙන්, ඇති සැටියෙන් දැකීමේ නුවණ ඇතිවෙයි. යාවදෙව පැහැදිලි කරන දෙය අවධාරණයෙන් දැක්වීමට යොදන වචනයකි. කොටස් දෙකක් යන අදහසින් ද්වයා වේ. එසේ දෙආකාර වූ, ද්වායනං යනු ද වචනයකි. යථාභූතං ඤාණයා වෙනස් නොවන නුවණ, එසේ කියන ලද්දේ කුමක් හෙයින් ද? ලොවී ලොවුතුරු ලෙසින් දෙයාකාරව කිවයුතු කරුණු (අතර) විදසුන් යන නමින් හඳුන්වන, ඇති තතු ඒ අයුරින්ම දක්නා නුවණයි. මෙහිදී ඒ ගැන වැඩිදුර නොදැක්වේ. ඇසීමෙන් මෙපමණකැයි දැනගත හැකිය. ඊටත් වඩා උසස් අවබෝධයක් ඒ ගැන ලැබිය යුත්තේ භාවනාවෙනි. කිඤ්චද්වයතං වදෙථ ‘මහණෙනි, දෙයාකාරව කුමක් උදෙසා කියන්නේදැ’යි ඔබලා සිතන්නාහුද? කිනම් පදරුත් අනුව දෙයාකාර වේද? එහි අදහස වදාළ මැනව’.
(1) එහිදී භාග්යවතුන් වහන්සේ එම දෙආකාරය පහදමින් ‘මේ දුක’ යැයි වදාළහ. සිවුසස් දහම්හි ‘මේ දුකය, මේ දුක ඇතිවීමට හේතුව’ යැයි දෙආකාරව දැක්වේ. මෙසේ එදිනෙදා ඇතිවන දේවල, කරුණුවල හේතු සහගතව දුක දැකීම අයමෙකානුපස්සනා මේ ලෝකයෙන් එහා (සසර පැවැත්මේ) නැවතීම දැකීම අනෙක් කොටස ලෙස දුතියානුපස්සනා පළමුවෙන් මෙහිදී දැකීමෙහි පිරිසිදුවීම හා සැක දුරුවීමෙහි පිරිසිදු බව (දිට්ඨි, කංඛා විතරණ) ඇතිවෙයි. දෙවැනි බැලීමේදී ඒ අවබෝධයට අදාල වන මග නොමග දැකීමේ පිරිසිදු බව (මග්ගාමග්ග ඤාණදස්සන) වේ. සම්මාද්වයතානුපස්සිනො කී පරිද්දෙන් මැනවින් දෙආකාරයෙන්, සිහිය නොවෙනස්ව පවත්වා ගනිමින් නැතිවන සුළු බව වැනසීමට පත්වන සැටි මෙනෙහි කිරීමෙන්, අප්පමත්තස්ස කායික හා මානසිකව ඇතිවන කෙලෙස් උත්සාහයෙන් තැවීමෙන් මැඩපැවැත්වීමෙන් ආතාපිනො සිරුර පිළිබඳවද, ජීවිතය පිළිබඳවද බලාපොරොත්තු නැති බැවින් පහිතත්තස්ස, පාටිකංඛං කැමතිවිය යුතුය. දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා මේ ජීවිතයෙහිදීම හෝ අරහත් බව සති වා උපාදිසෙසෙ අනාගාමිතා උපාදිසෙස යනු නැවත සසර උපතකට ඉඩ ඇති පරිදි ඉපදීම ඇති කරවන (විඤ්ඤාණ) ඉතිරිව ඇති හේතු, එසේ ඇති කල්හී, අනාගාමී බව බලාපොරොත්තු වේ යැයි දැක්වෙයි. ඊට පසු ලබන පලය වුවත් දෙආකාරව, නුවණින් විමසා බැලීම වේ. මගපල අතරින් අවසානය වූ රහත්පලයට උත්සාහය වඩවනු පිණිස එසේ කීහ.