වෙනත් ආකාරයකින් යම් තැනැත්තෙකු සුගතයන් වහන්සේලා කෙරෙහි සිත කිලිටි කරගතහොත්, එය මහත් වූ අපරාධයක් වන බව පහදා දෙමින් දැන් අභූතවාදී යන ගාථාව කීහ. අභූතවාදී එබඳු උතුමන්ට අපහාස ලෙසින් බොරු දොස් කියන තැනැත්තා, නිරයං පදුම ආදී නරකාදිවල, පෙච්ච සමා භවන්ති මේ ජීවිතයෙන් පසු නිරයෙහි උපදී. පරත්ථා පරලොව ගැන
වැඩි කතා කුමටද? යො අප්පදුට්ඨස්ස වැරදි නැති, නපුරු නොවන, අවිජ්ජා නමැති කිලිටි නැති බැවින් සුද්ධො පව් සිතිවිලි නොමැති බැවින් අනංගණො යැයි දතයුතුය. නපුරුකම් නොමැති බැවින් හෝ පිරිසිදු, පිරිසිදු බැවින් සිතෙහි කිලිටි නැති ලෙසද මෙසේ අරුත් යෙදිය යුතුය.
මෙසේ බුද්ධාදී සුගතයන් වහන්සේලා කෙරෙහි සිත කිලිටි කරගත් කෙනෙකු මහත් අපරාධයක් කරන බව තහවුරු කොට, මීළඟට තුරිත වත්ථු ගාථා නමින් ගාථා දහහතරක් කීහ. එම ගාථා කෝකාලික හිමියන් මිය යද්දී, අවවාද ලෙසින් ගරුකටයුතු මහමුගලන් තෙරුන් විසින් කියන ලදී. මහා බ්රහ්මයා විසින් කියන ලදැයි තවත් කෙනෙක් කියති. ඒ ගාථාද මේ සූත්රය සමගම අදාල වන පරිදි ඇතුලත් කර ඇත. යමෙකු ලෝභයෙන් යුතුනම්, එම ගතිගුණය මෙවැනි විටකදී ද නොයෙක් ලෙසින් (නොයෙක් මුහුණුවරෙන්) පවත්නා බැවින්, එය ලෝභයම බව ඒ මුල් ගාථාවෙන් ලෝභ ගුණෙ අනුයුත්තො යැයි දක්වනු ලැබීය. එය තණ්හාවටම සමාන වචනයකි. අවදඤ්ඤූ වචන පිළිනොගෙන, බුදුවරුන්ගේ වුවද අවවාද නොසැළකීමෙන්, මච්ඡරි පස්ආකාර වූ මසුරුකමින්, කේලාම් කීමෙන් අගසවුවන් බිඳවනු කැමතිව, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය. ඇවැත්නි, කොකාලික ලෝභ තණ්හාවෙන් යුතු ඔබ වැනි කෙනෙකු, ලොභගුණෙ අනුයුත්තො සො වචසා පරිභාසති අඤ්ඤං පුද්ගලයෙකුට නින්දා කිරීමේ අරමුණින්, මුඛදුග්ගා ආදී ගාථා තුනක් එහෙයින් කියමි.
මේ එහි පැහැදිලි නොකල පදවල තේරුම්ය. මුඛදුග්ග විසම මුවක් ඇති තැනැත්ත, ඇති තතු නොකියන, බොරු කියන්නා වූ, අනරිය අයහපත් මිනිසාණනි, භුණාහු දියුණුව වනසන තැනැත්ත, පුරිසන්ත ජීවිතය කෙළවර කොට ඇති මිනිසාණනි, කලි අවාසනාවන්ත තැනැත්ත, අවජාත බුදුරජාණන් වහන්සේට (ගරු නොකරන) බුදුපුතකු නොවන තැනැත්ත,
රජං ආකිරසි කෙලෙස් දුවිලි තමන්ම තවරා ගත්තෙහි, පපතං අපිරිසිදු වතුරවළ පපාතං යනුද මෙම අදහස ඇති වචනයකි. පපද යන වචනයක්ද වේ. මහා නිරය යනු ද තේරුමයි.
ඉතිහතං මෙහි හ ඉති නිපාත පදයි. තං ඒ යහපත් අයහපත් කටයුතු, නැතහොත් හතං ගිය, පිළිපන්, රැස්කරන ලද යනු ද තේරුමයි. සුවාමී එබඳු දෙයක් කරන ලද බැවින් එය ඔහුට හිමිය. ඔහුම එය ලභතෙව එයින් ඔහු වැනසේ යැයි කියන ලදී. ලැබෙන දේ දුක්ඛං මන්දො........ කිබ්බිසකාරී යැයි දැක්වූහ.
මීළගට යම් දුකක් එබඳු තැනැත්තකු විඳීද, එය පහදා දෙමින්, අයොසංකුසමහතට්ඨානං ආදී ගාථාව කීහ. එහි මුල් ගාථා පද දෙකෙහි අදහස - යකඩ කූරුවලින් ඇනීමෙන් පීඩා විඳීමට සිදුවීම ගැන, භාග්යවතුන් වහන්සේ විසින්, ‘මහණෙනි, ඒ නිරයපාලකයන් ඔහුට පස්ආකාර වූ බැඳීම් නම් වූ (දඬුවම් කාරණ) කරතැයි කියන ලද පරිදි මෙහි අදාළය. එසේ දක්වා ඇති පරිදි, ගිනියම් වූ පොළවෙහි හොවා, නිරයපාලකයන් විසින් සිරුරෙහි පස් තැනකට යකඩින් කළ තියුණු මුවහත් රත් වූ උලකින් අනිනු ලබයි. රත් වූ උල් සහිත යකඩ කූරක් අතෙහි තබති ආදී ලෙසින් භාග්යවතුන් වහන්සේ මේ පිළිබඳව වදාරන ලදී. ගාථාවේ පසුපේළි දෙකෙහි අරුත මෙයයි. නොයෙක් අවුරුදු ගණනක් එහි දුක්විඳ ඉතිරි වී ඇති තවත් දුක් විඳිනු පිණිස අනුපිළිවෙලින් ලුණු හා කහට රසැති ගංතෙරට ගිය ඔහුට ‘රත් වූ යකඩ ගුළි මුවෙහි දමතැයි ද, රත් වූ ලෝදිය මුවෙහි ඉසිතැයි ද කියන ලදී. අයො ලෝහ, ගුළ සන්නිභං බෙලිගෙඩි හා සමාන, යකඩ ලෙසින් තඹ ලෝහ ද අනිත් පදයෙන් යකඩ ගුළි යැයි ද දතයුතුය. පතිරූපං කරන ලද කටයුතු අනුව,
එයින් පසු ගාථාවල (සඳහන්) න හි වග්ගු ‘අල්ලා ගනිවු, පහර දෙව් යැයි, වදන්තා, නිරය පාලකයෝ මිහිරි වචන නො කියති. වදන්ති, නා භි ජවන්ති මුදු මොළොක් ලෙසින් (සුහද ලෙසින්) ඉදිරියට නොදුවති. මුදු ලෙස (සෙනහසින්) නොපැමිණෙති. බොහෝ විපත් පමුණුවමින්ම එළඹෙතැයි කියන ලදී. න තාණං උපෙන්ති රැකවරණයක්, පිළිසරණක්, පිහිටක් වෙමින් නොපැමිණෙති. අල්ලා ගනිමින්, වනසමින්ම එතියි කියන ලදී. අංගාරෙ සන්ථතෙ සෙන්ති අඟුරු පව්වකට නැංවූවා සේ, නොයෙක් අවුරුදු දහස් ගණනක් අතුරන ලද ගිනි අඟුරු මත නිදති. අග්ගිනිසමං ජලිතං හාත්පස දිලිසෙන, හැම පැත්තෙන්ම සමව ඇවිලෙන ගින්න, පවිසන්ති මහා නිරයෙහි වැටුනු හා සමානව බැසගනිති. ඒ මහා නිරය ‘චතුක්කණ්ණ’ යැයි කියන ලදී. යොදුන් සියයක් දුර සිට බැලූවිට ඇස් බිඳී යයි.