මීළඟට ‘කවර විටක හෝ පරපණ නැසීම, නුදුන් දේ ගැනීම ආදියෙහි යෙදුනත්, ඔහු බමුණකුම වේ’ යැයි යන බමුණන්ගේ දැඩිව ගන්නා හැඟීමක් වේද, ඒ හැඟීම ඉවත් කෙරෙමින්ද, හිංසා කිරීම් ආදී අයහපත් දෙයෙහි යෙදෙන කෙනෙකු එහි විපාක නොදැක, ඒවා අත් නොහරිත්ද, ඒ පුද්ගලයා පවිටු වූ වසලයකු වන බවද එහි පලවිපාකද දක්වමින් වෙනත් අයුරින් වසල බව හා වසලයකු වන සැටි දේශනා කරන්නට එකජං වා ද්විජං වා ආදී මෙබඳු ගාථා වදාළහ.
එකජො යනු බිත්තරයකින් උපත ලබන්නන් හැර, ඉතිරි යොනිවලින් (වෙනත් ආකාරයට) ඉපදෙන්නන්, එය ද එක්වරක් ඉපදීමකි. ද්විජො යනු බිත්තරයකින් ඉපදෙන, මවුකුසින් ද බිජුවටින්දැයි දෙවරකට උපදී. ඒ එකජං වා ද්විජං වාපි වේ. යොධ පාණං මේ ලෝකයෙහි යම් ජීවියකුට විහිංසති සිතිවිලි අනුව කය නම් දොරටුවෙන්ද සිතිවිලි අනුව වචනය නම් දොරටුවෙන්ද එක්කොට ජීවිත තොර කරයි. (සිත කය වචන මෙහෙයා යම් කෙනෙකු නසයි) පාණනි හිංසති යනුවෙන්ද සඳහන්ව ඇත. එහිදී බිත්තරයකින් හැර වෙනත් ලෙස ඉපදෙන හෝ, බිජුවටින් උපදින හෝ මෙම කොටස් දෙකටම අයත් ජීවීන්ට හිංසා කරයි යනුවෙන් ගළපා ගතයුතුය. යස්ස පාණෙ දයා නත්‍ථි එබඳු සිතින් අනුකම්පාවක් ඇති නොවන බව කීය. මෙතැන් සිට ඉදිරියට දැක්වෙන ගාථාවල, කලින් කියා ඇති පද විස්තර හැර, පැහැදිළි කළයුතු, විස්තර නොකරන ලද පද පමණක් සඳහන් කරන්නෙමි.
හන්ති නසයි, හානියට පත්කරයි. පරිරුන්‍ධති සේනාව පිරිවරා සිටී. ගාමානි නිගමානිච මෙහි ‘ච’ අකුරෙන් නගරද කිවයුතුය. නිග්ගාහකො සමඤ්ඤාතො මෙසේ හානි කිරිමෙහිදී සේනාව හා වටලා, ගම්නියම් නගර අවහිර කරන්නෙකැයි ලෝකයා දැනගනු ලබයි.
ගාමෙ වා යදි වාරඤ්ඤෙ ගම ද, නියම්ගමද නගරයද යන සියල්ලම ගම යන වචනය හා සැළකෙයි. ඒවා හැර මෙහි කැලය අදහස් වේ. ඒ ගමෙහි හෝ නැතිනම් කැලයෙහි හෝ, යං පරෙසං මමායිතං අනුන්ට අයිති, රැකගනු ලබන, නොදුන් යම් ඕනෑම දෙයක්, ථෙය්‍ය අදින්නං ආදියති (අයිතිකරුවන්) නොදෙන ලද, අනුදැනුමක් නොලද දෙයක් සොර සිතින් ගැනීමයි. යම්කිසි උපායකින්, යම්කිසි සොර මගකින් තම කොටසට එකතුකර ගැනීමයි.
ඉණ මාදාය තමාට අයත් කිසියම් දෙයක් (ඇපයට මෙන්) තබා වෙනත් දෙයක් ලබාගැනීම හෝ, කිසියම් දෙයක් නොතබා මෙපමණ කලකින්, මෙපමණ දෙයක් වැඩියෙන් (පොලියක්) දෙමි’යි අගය වැඩිකිරීමෙන් හෝ මෙයින් යම් ලාභයක් වේද, ‘එය මටය, මුදල ඔබටම වන්නේ’ යැයි ලාභය දෙදෙනාටම සමවන සේ හෝ මෙසේ සම්මතයකට පැමිණ ණය ගෙන, චුජ්ජමානො පලායති, න හි තෙ ඉණමත්‍ථි ඒ ණයහිමියා ‘මගේ ණය දෙව’යි, ඉල්ලනු ලබද්දී, ‘මා ඔබෙන් ගන්නා ලද ණයක් නැතැ’යි ද, කවරෙකු සාක්කි වේදැ’යි මෙසේ කියමින් ගෙදර සිටියද ඉවතට යයි.
කිඤ්චික්‍ඛකම්‍යතා ඉතා අල්ප ලෙසින් වුවද කිසියම් දෙයක්ම කැමතිව, පන්‍ථසමිං වජතං ජනං පාරෙහි යන කිසියම් ගැහැණියක හෝ පිරිමියකු හෝ, හනත්‍වා කිඤ්චික්‍ඛමාදෙති මරා කපා කොටා ඒ බඩු පැහැර ගනී.
අත්තහෙතු තම ජීවිකාව පිණිස, පරහෙතු ධනහෙතු එසේම තම ධනයට හෝ අනුන්ගේ ධනය වෙනුවෙන්, ‘ච’ හැමතැනටම විකල්ප ලෙසින් යෙදේ. සක්‍ඛි පුට්ඨො ‘දන්නා දෙයක් වේනම්, එය කියව’යි පවසන ලදුව, මුසා බ්‍රෑති දැනගෙන ‘නොදනිමි’ හෝ නොදැන ‘දනිමි’ හෝ කියයි. හිමිකරුවන් අහිමි වූවන් ලෙසට පත් කරයි.
ඤාතීනං ඒ හා බැඳුණු (නෑදෑ) ආදී, සඛානං සමවයස් වූ යහළුවන්ගේ, දාරෙසු අයිතිවූවන් කෙරෙහි හෙවත් බිරියන් කෙරෙහි, පතිදිස්සති පිළිකුල් ලෙස කටයුතු කරයි. ඉක්මවා හැසිරෙන ඇල්මක් දක්වයි. සහසා තම බලපුළුවන්කාරකමින්, (ඒ තැනැත්තිය) නොකැමතිව, සම්පියෙන ඔවුන් විසින් ඒ බිරියන් පතමින් දෙදෙනා කෙරෙහි ඇතිවන ආදරය ගැනද කියන ලද්දේ වේ.
මාතරං වා පිතරං වා මෙසේ මෙත් හැඟීමක් නැතිව, ජීණ්ණකං ගත යොබ්බනං මෙසේ කරුණ සහගත නොවී, පහුසන්තො න භරති සම්පත් උපකරණ ආදී සියළු පහසුකම් තිබුණද, රැකබලා නොගෙන, ආහාරපානාදිය නොදෙයි.
සසු බිරියගේ, හිමියාගේ මවට, හන්ති අතින් හේ කැටකැබිලිති ආදියෙන් හෝ වෙනත් කිසියම් දෙයකින් ගසයි. රොසෙති ඔහුට තරහම උපදවයි. වාචාය නපුරු වචනයෙන්,
අත්‍ථං මෙලොව පරලොවදී, උසස් අරමුණු ඉටුකරගත හැකි යම් දෙයක්, පුච්ඡිතො සන්තො ඇසූවිටක, අනත්‍ථමනුසාසති ඔහුට අයහපතක් වන ලෙසටම කරුණු කියයි. පටිච්ඡනෙන මන්තෙති දියුණුවට අදාල දෙයක් හෝ කියයිද, තමා නොදන්නා වුවත්, නොඇසූ, සැඟවූ අදහස් ඇති වචන යොදමින්, වටහාගත නොහැකි ලෙස කතා කරයි. ගුරුවරයකු එළිදරව් නොකරන, රහස් මෙන්, දිගුකලක් සඟවාගෙන සිට, වෙනත් කරුණු කියයි.
යො කත්‍වා අටුවාවෙහි මුල් කොටසෙහිදී පවිටු දෙයට කැමති බවක් ගැන මා විසින් සඳහන් කරන ලද පරිදි, ‘මේ ලොවෙහි ඇතැම් කෙනෙක් කයෙන්, වචනයෙන්, සිතින් දුසිරිත්හි හැසිර, එය සැඟවීමට පවිටු, ලාමක හැඟීම අනුව බලාපොරොත්තුව කටයුතු කරයි. මා මං ජඤ්ඤාති ඉච්ඡතී මෙසේ සිදුවී යැයි අනුන්ට දැන නොගන්නා ලෙසට, කරන ලද දේ හෙළිනොවන ලෙස රහසක් සේ තැබීම පටිච්ඡන්න කම්මන්තො වෙයි.
පරකුලං යනු නෑදෑ පවුලක් හෝ මිතුරු පවුලක් හෝ, ආගතං - එබඳු යම් පවුලකින් අනුභවකොට, එබඳු තැනකින් කෙනෙකු තම ගෙදරට පැමිණි විට, ආහාරපාන ආදියෙන් න පටිපූජෙති පෙරළා නොසළකයි. නොදෙයි. මනාව ආහාර නොදෙයි.