අථ යනු කරුණු දක්වන ආකාරය අතර නිදසුනකි. වෙනත් ලෙසකින් කිවහොත්, අපිරිසිදු බව දකින්නැයි කියා ඇති පරිදිය. අස්ස මේ සිරුරෙහි, නවහි සොතෙහි ඇස් සිදුරු දෙකින්, කන් සිදුරු දෙකින්, නාස්පුඩු දෙකෙන්, කට, මළපහ මග සහ මුත්‍රා මගින්, අසූචි සවතී මුළු ලොවෙහිම පතළ, නොයෙක් ලෙසින්, ඉතාම පිළිකුල්, දුගඳ හමන අපිරිසිදු දෙයම ගලා බසියි. වැගිරෙයි. අගිල්, සඳුන් වැනි සුවඳ හමන දෙයක් හෝ මුතු, මැණික්, රන් රිදී ආදී අන්කිසි වෙනත් දෙයකින් නොවේ. සබ්බදා ඒවා හැමවිටම, රැයද, දවාලෙහිද උදයෙහිද, සවස්කලද (නැවතී) සිටින විටද, ගමන්කරන විට (සිදුවෙයි) අපිරිසිදු යැයි කියන්නේ කුමක් නිසාද? අක්ඛිමහා අක්ඛිගූථකො ඒවා අතර, ඇස් සිදුරු දෙකෙන් ඉවත හළ හමෙහි මස මෙන් (කබ), කන්සිදුරුවලින්, බැඳුණු කුණු තට්ටුවක් මෙන් වූ (කලාඳුරු) කණ්ණගූථකො, නාස්පුඩුවලින් සැරව බඳු, සිංඝාණිකා (සොටු) ද ගලයි. මුඛෙන ච වම කුමක් වමනය කරයිද? එකදා පිත්තං යම්විටක පිත කෝප වූ කල - වෙනස්කම් (සිරුරේ) ඇතිවෙයි. එය වමනය යැයි අදහස් කෙරේ. සෙම්හඤ්ව පිත පමණක් නොවේ, සෙම සිරුරෙහි, පාත්‍රයක් පිරෙන තරමට ඇත. ඒ සෙමද එක්විටක (වැඩියෙන්) වැගිරෙන ‘වමන’ සොබාවට පත්වෙයි. එහි පැහැය ආදිය විසුද්ධිමග්ගයෙහි සඳහන් පරිදි දතයුතුය. සෙම්හඤ්ච යන තන්හි ච අකුරෙන් සෙමද ලේ ආදී වෙනත් අපිරිසිදු දියර සොබාවයෙන් යුතු දේවල් ඇතුළත් වෙයි. මෙසේ දොරටු සතකින් අපිරිසිදු දේ පිටවන අයුරු දක්වා, සුදුසු කාලය හා පුද්ගල ලෙසින් දැන භාග්‍යවතුන් වහන්සේ දොරටු දෙකක් වෙනම වචනයකින් සඳහන් නොකොට, වෙනත් අයුරින්, මුළු සිරුරෙහිම අපිරිසිදු දේ ගලන සැටි කායම්හා සෙදජල්ලිකා යැයි වදාළහ. එහි සෙදජල්ලිකා දහඩිය ද ලුණු රස මුසු ඇලෙන සුළු අපිරිසිදු තට්ටුවක් මෙන් මේ සිරුරෙහි සවති සබ්බදා යන මෙම වචන සමඟ එක්විය යුතුය.
යම්සේ බත් පිසිනවිට, සහල්ද, සැලියෙහි මලද පෙණ සමග උඩට නැගී, සැලියෙහි කට ඉක්මවා පිටතට ගලයි ද එසේම අනුභව කරන ලද ආහාර, පානය කරන ලද (දියර) දේ කුසෙහි ගින්නක් පැසවන කල්හී, ඒ ආහාරපානවල මල නැගී අක්ඛිම්හා අක්ඛිගුථකො ආදී ලෙසින් නික්ම ඇස් ඉක්මවා පිටතට ගලයි. මෙසේ මේ සිරුරෙහි අපිරිසිදු බව දක්වා මීළඟට, ලොව උතුම්ම කොටස යැයි සම්මත හිසෙහි ඉතා උසස් බවම සිතමින් වැඳිය යුත්තන්ට ද (හිස නමා) නොවඳිත්ද, එහි නිසරු බවත්, අපිරිසිදු බවත් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ අථස්ස සුසිරං සීසං යන මේ ගාථාව වදාළහ.
එහි සුසිරං-සිදුරයි. මත්ථලූංගස්ස පූරිතං දීකිරි පිරුණ කැකිරි (මද) මෙන් වූ හිස්කබල අතර මිදුළු රැසකින් පිරුණු (හිස්මොළය) ඒ හිස්මොළය ගැන ද විසුද්ධි මග්ගයෙහි සඳහන් පරිද්දෙන් දතයුතුය. සුභතො නං මඤ්ඤති බාලො මෙසේ නොයෙක් ලෙසින් අපිරිසිදු දෙයින් පිරුණු සිරුර, අනුවණ තැනැත්තා වරදවා වටහාගෙන, යහපත්, පිරිසිදු, කැමැත්ත වඩවන, සතුට දනවන දෙයකැයි ආසාවෙන්, දැඩිව එබඳු අදහසින්ම, උසස් පහත් ලෙස සළකමින් (තණ්හා-දිට්ඨි-මාන) යන තුන් ආකාරයෙන් කල්පනා කරයි. කවර හෙයින්ද? අවිජ්ජාය පුරක්ඛතො සිවුසස් සඟවන මෝහයෙන් (සිත) පෙරටුකොට, යටත්කොට පවත්නා ලද හෙයිනි. මෙසේ අදහාගෙන, එම අදහස දැඩිසේ ගෙන ‘මෙසේ හඟිමි’යි (තවදුරටත්) සිතාගැනීමයි. ඒ නොදැනීමේ-මුළාවීමේ අයහපත (කෙතෙක්දැයි) බලන්න.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සජීවීව (සිරුරෙහි) පිළිකුල් සහගත බව දක්වා, සක්විති රජුගේ සිරුර වුවද ඒ කියන ලද පරිදි පිළිකුල් සහගතම වේයැයි, සියළු ආකාරයෙන් සම්පත් ඇතිව ඉපදුණද, අයහපත දක්වා, දැන් අජීවී ලෙසින් සිරුරේ අයහපත්-විපත් බව ද පෙන්වාදීමට යදා ච සො මතො සෙති යන ගාථාව කීහ.
එහි අරුත නම්, මෙබඳු වූ මේ සිරුර, යදා ආයුස, උණුසුම, හුස්ම ඉවත්වීමෙන්, මතො, වාතය පිරුණු මයිනහමක් මෙන් ව උද්ධුමාතකො පැහැය වෙනස් වීමෙන් විනීලකො සුසානස්මිං වැඩකට නැති ලී කොටයක් මෙන්, අත්හැර දමන ලද බැවින් අපවිද්ධො සෙති ඉක්බිති, දැන් මොහුගේ නැවත නැගිටීමක් නැතැයි තරයේම සිතා අනපෙක්ඛා හොන්ති ඤාතයො මළේ යැයි තිර නොමැති බව-අනිස බව දක්වයි. සෙති යනු හුස්ම ගැනීම නතරවීම අදහස් වේ. මේ වචන දෙකින්ම ජීවිතයෙහි සවිය, බලය නොමැති බව පෙන්වයි. උද්ධුමාතො යැයි පවත්නා වෙනස පෙන්වයි. විනීලකො සමෙහි රාගය-ඇලීම දුකයි. මේ වචන දෙකෙන්ම රූපයට ඇති මානය නැති කිරීමද (සමෙහි) පැහැපත් බව නිසා වූ මානය නැති කිරීමද දක්වයි. අපවිද්ධො ගතයුතු දේ දක්වයි. සුසානස්මිං ඉවසා දරාගැනීමට අපහසු, නුසුදුසු ඇතුළත, පිළිකුල් බවයි. මේ දෙකෙන්ම මගේ යැයි යහපත් ලෙස සිතාගැනීම ඉවත් කරයි, අනපෙක්ඛා හොන්ති ඤාතයො (මළ පසු) පෙරදී මෙන් කළයුතු දෙයක් නොමැති බව දක්වයි. එයින්ද (ජීවත්වන විට) පිරිවර නිසා ඇති වූ මානයද නැති වීම අදහස් කරයි.