විදර්ශනා කථා
විදර්ශනා ප්රතිසංයුක්ත, සතිපට්ඨාන කථාවට, අනතුරුව විදර්ශනා ප්රභේද, දක්වන්නාහු විසින් දේශිත සූත්රාන්ත පූර්වංගම විදර්ශනා කථායෙහි පෙර නුවූ අර්ථ වර්ණනාවයි. එහි සූත්රාන්තයෙහි සො යනු සර්වනාම හෙයින් යමෙක හෝ ඔහු හෝ සියල්ලෝම හෝ සංගෘහිත වෙත්. වත යනු ඒකාංශාර්ථයෙහි නිපාතයි. කඤ්චි සංඛාරං යනු ස්වල්ප මාත්රවූද සංස්කාරයක් අනුලොමිකාය ඛන්තියා යනු මෙහි විදර්ශනා ඤාණයම ලෝකෝත්තර මාර්ගයට අනුලොම් වේනුයි අනුලෝමිකංයි. එයම කැමැත්ත අපේක්ෂාකොට, අනුලෝමික සියලු සංස්කාර එයට අනිත්ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කැමැති වෙති. රුචිවෙතියිනුයි ඛන්තියි. එය මෘදු මධ්යම, තීක්ෂණ වශයෙන් තෙවදෑරුම්ය. කලාප සම්මර්ශනය මුල්කොට උදයව්යය ඤාණ කෙළවරකොට ඇතියේ මෘදුකානුලෝමික ක්ෂාන්තියි. භංගානුපස්සනාව මුල්කොට ඇති සංස්කාරෝපේක්ෂා ඤාණය කෙළවරකොට ඇතියේ මධ්යමානුලෝමික ක්ෂාන්තියි. අනුලෝම ඤාණය තීක්ෂණ අනුලෝමික ක්ෂාන්තියි. සමන්නාගතො යනු යුක්ත වූයේ, නෙතං ඨානං විජ්ජති යනු එම හේතුව, එම කරුණ විද්යමාන නොවේ. සම්මත්තනියාමං යනු මෙහි මා හට හිතසුව එළවන්නේ වන්නේ යයි මෙසේ ආශිර්වාද කරනුයේ එසේම හටගන්නා හෙයින්, අශුභාදීන්හි අශුභයැයි ආදී අවිපරීත පැවැත්ම යෙදෙන හෙයින්ද යහපත් ස්වභාවයනුයි සම්මත්තොයි. අනන්තර ඵලදානය සඳහා, අර්හත්වෝත්පත්තියට නියමිත පිළිවෙල වූ හෙයින් නියාමයි. නිශ්චයයි අර්ථයි. නිවැරදි ස්වභාවයද, නියමිත පිළිවෙලද එයමනුයි සම්මත්ත නියාමයි. ඒ කවරක්ද, ලෝකෝත්තර මාර්ගයයි. විශේෂයෙන් වනාහි සෝවාන් මාර්ගයයි. එහෙයින් මාර්ග නියමයෙන් නියම හෙයින් නියතයි. [missing trans]
කතීහාකාරෙහි යන ආදී වූ විමසීම් පූර්වංගම සූත්රාන්ත නිර්දේශයෙහි පඤ්චක්ඛන්ධෙ අනිච්චතො ආදීන්හි නාමරූපද නාමරූපයෙහි ප්රත්යයන්ද, පරිග්රහණය කොට, කලාප සම්මර්ශන වශයෙන්, ආරබ්ධ විදර්ශක යෝගාවචරයා පඤ්ච ස්කන්ධයන්හි එක් එක් ස්කන්ධය, අනිත්යය අවසන්කොට ඇති ස්වභාවයෙන්ද, ආදි අන්තවත් භාවයෙන්ද, අනිත්යය වශයෙන් බලයි. උත්පාද ව්යය ප්රතිපීළනතායෙන්ද දුකට වස්තු හෙයින්ද දුක්ඛතො ප්රත්යයන්ගෙන් යැපිය යුතු හෙයින්ද, රෝග මූලතායෙන්ද රොගතො දුක්ඛතාව නමැති හුල වැදීමට යෝග්ය හෙයින්ද, කෙලෙස් නමැති අපවිත්ර දෑ වැගිරෙන හෙයින්ද, උත්පාද ජරා භංගයන්ගෙන්ද ඉදිමුණු, මේරුණු, බිඳුණු ස්වභාව හෙයින්ද, ගෙඩි පීඩා හටගන්නා හෙයින්ද, ඇතුළත විදින හෙයින්ද, ඉවත් කරලීම දුෂ්කර හෙයින්ද සල්ලතො; ගර්හා කරන ස්වභාවයෙන්ද, අවැඩ එළවන ස්වභාවයෙන් දුකට වස්තු ස්වභාවයෙන්ද අඝතොයි. අස්වෛරීභාව ජනනය කරන හෙයින්ද, රෝගාබාධයන්ට ආසන්න කාරණය හෙයින්ද ආබාධතොයි; ස්වවශයෙහි නොපවත්නා හෙයින්ද, යටහත්ව නොපවත්නා හෙයින්ද පරතොයි; ව්යාධි ජරා මරණයන්ගෙන් බිඳවැටෙන හෙයින් පලොකතොයි; නොයෙක් ව්යසනයන් ගෙන එන හෙයින් ඊතිතොයි; නොදත් මහත් අනර්ථයන් එළවන හෙයින්ද සියලු උපද්රවයන්ට හේතුවන හෙයින්ද උපද්දවතොයි; සියලු බියට ආකර හෙයින්ද, දුක් සංසිඳීම් සංඛ්යාත උතුම් ආශ්වාසයට ප්රතිපක්ෂ වූ හෙයින්ද භයතොයි; නොයෙක් අනර්ථයන්ගෙන් අනුබද්ධ හෙයින්ද, දෝසයන් එළඹ සිටින හෙයින්ද, විපතක් මෙන්, නොඉවසීමට සුදුසු හෙයින් උපසග්ගතො; ව්යාධි ජරා මරණයන්ගෙන්ද, ලාභාදී ලෝක ධර්මයන්ගෙන්ද, බොහෝසෙයින් සැලෙන හෙයින් චලතො; උපක්රමයෙන්ද, ස්වභාවයෙන්ද ලෙහෙසියෙන් බිඳීයන සුලු හෙයින් පභංගුතොයි; සියලු අර්ථයන්ගේ වැටීම වන හෙයින්ද, ස්ථිරභාවයාගේ අභාව හෙයින්ද අද්ධුවතොයි; ආරක්ෂාවක් නොමැති හෙයින්ද, ක්ෂෙමතාවයක් නොලැබිය හැකි හෙයින්ද, අතාණතො ඇලීමට නුසුදුසු හෙයින්ද, ඇලුණවුන්ටද, ආරක්ෂක කෘත්යයක් නොකැරේනුයි අලෙණතො; නිශ්රිතයින්ට බිය හා සාරකත්ව අභාව හෙයින්ද අසරණතොයි; කල්පිතය පරිදි, ස්ථිර ශුභ, සුව, ආත්ම ස්වභාවයන්ගෙන් හිස් හෙයින් රිත්තතො; හිස් හෙයින්ම තුච්ඡතො; ස්වල්ප හෙයින් හෝ, ස්වල්පයද ලෙව්හි හිස්යයි යූ.සේයි. ස්වාමි, නිවාසී, වේදක, කාරක පාලක විරහිත හෙයින් සුඤ්ඤතො; තෙමේද අස්වාමික භාවාදියෙන් යුක්ත හෙයින් අනත්තතො; ප්රවෘත්ති දුක්ඛතායෙන්ද, දුක්ඛයාගේ ආදීනවතායෙන්ද ආදීනවතො; නොහොත් දරිද්රතාවන්ට හමයි. යේ පවත්වයිනුයි ආදීනවො; දිළිඳු මිනිසාට එය විශේෂ නාමයකි. ස්කන්ධයෝද දිළින්දෝමයැයිද, දිළින්දන් හා සමාන හෙයින්ද ආදීනව වශයෙන්, ජරාවෙන්ද මරණයෙන්ද යන දෙඅයුරෙකින් වෙනස්වන හෙයින් විපරිණාමධම්මතො; දුර්වලතායෙන් පෙණපිඩක් මෙන්ද, සුව බිඳ දමන හෙයින්ද අසාරකතො; දුකට හේතු බැවින් අඝමූලතො; මිතුරු වෙසින් එන සතුරෙකු මෙන් විශ්වාසය නසන හෙයින් වධකතො; පහවූ භවතායෙන්ද විභවය හටගන්වන හෙයින්ද විභවතො; ආශ්රවයන්ට ආසන්න කාරණ බැවින් සාසවතො; හේතුප්රත්යයන්ගෙන් මනාව සංස්කාරණය කරන හෙයින් සංඛතතො; මෘත්යුමාර, ක්ලේශමාරයින්ට ආහාරවන හෙයින් මාරාමිසතො; ජාති, ජරා, ව්යාධි, මරණ ස්වභාව හෙයින් ජාති ජරා ව්යාධි මරණ ධම්මතො; සොක, පරිදෙව උපායාසයන්ට හේතුවන හෙයින් සොක පරිදෙව උපායාස ධම්මතො; තෘෂ්ණා, දෘෂ්ටි, දුශ්චරිත සංකිලේසයන්ට විෂය ස්වභාව හෙයින් සංකිලෙසික ධම්මතො; වශයෙන් බලයි. මේ හැමතන්හිම බලයි යන වචනය අන්තයට ගතයුතුය.