පංචක්ඛන්ධෙ යයි සමූහ වශයෙන් කියන ලදුයේද, එක් එක් ස්කන්ධ වශයෙන් අර්ථ වර්ණනාව කලාප සම්මර්ශන ඤාණ නිර්දේශයෙහි වෙන් වෙන් දක්වන ලද හෙයින් අවසානයෙහිද වෙන් වෙන්ව ස්කන්ධයන්ගේ වශයෙන් අනුපස්සනාවන්ගේ ගණන් ගත් හෙයින් සමූහයෙහි පැවති වචනයන්ගේද කොටස්හිද පැවැත්ම ලැබීම් වශයෙන් කරන ලදැයි දතයුතුය. වෙන් වෙන්ව පැවැති සම්මිශ්රණයන් එකට හකුළුවා වචන වශයෙන් හෝ පංචස්කන්ධ යැයි යූ.සේයි. එක පහරින් පංචස්කන්ධයන් එකක් වශයෙන් සම්මර්ශනය ගැළපේමය. පඤ්චන්නං ඛන්ධානං නිරොධො නිච්චං නිබ්බාණන්ති පස්සන්තො යන ආදීනව ඤාණ නිර්දේශයෙහි කියන ලද ක්රමයෙන් විදර්ශනා කාලයෙහි සන්තිපද ඤාණ වශයෙන් නිර්වාණය නිත්යයැයි දක්නේ. සම්මත්ත නියාමං ඔක්කමති යනු මාර්ග ක්ෂණයට බසියි. ඵල ක්ෂණයෙහි වනාහි බැසගත්තේ නම් වේ. සියලු නියාමයන්ට බස්නා ක්රමයන්හි එම ක්රමයමැයි. අරොග්යං යනු නිරෝග වූයේ, විසල්ලං යනු හුල් රහිත වූයේ, ඒ හා සමානයන්හි එම ක්රමයමැයි. අනාබාධං යනු ආබාධ විරහිත ආබාධයන්ට ප්රතිපක්ෂ වූයේ හෝ ඒ හා සමානයන්හි එම ක්රමයමැයි. අපරපච්චං යනු අන්ය ප්රත්යය විරහිත, උපස්සග්ගතො යන්නද, අනුපස්සග්ගං යන්නද සමහරු සංයෝග කොට කියවති. පරමසුඤ්ඤං නයු සියලු සංස්කාරයන්ගෙන් ශූන්ය හෙයින්ද, උතුම් හෙයින්ද පරම ශූන්යයි. පරමත්ථං යනු සංඛත අසංඛතයන්ගේ අග්ර වූ හෙයින් උතුම් අර්ථයයි. ලිංග විපර්යාස වශයෙන් නපුංසක වචනයයි. නිර්වාණයාගේ ශූන්යතාව හෙයින්ද අනාත්මතාව හෙයින්ද, මෙම ද්වයයෙහි ප්රතිලෝම ක්රමය නොයූසේයි. අනාසවං යනු ආශ්රව විරහිත, නිරාමිසං යනු ආමිස විරහිත, අජාතං යනු උපත් විරහිත හෙයින් නූපන්, අමතං යනු භංග අභාවයෙන් මරණ විරහිත, මරණයද නපුංසක භාව වචන වශයෙන් මතං යයි යූසේයි.
මෙසේ මේ පිළිවෙලින් කියන ලද ආකාර භේදභින්න වූ සමසතළිස් අනුපස්සනාවන්හි ස්වභාව සංග්රහ වශයෙන් ත්රිවිධ අනුපස්සනාවන්හි එකට සංග්රහ කරනුයේ අනිච්චතොති අනිච්චානුපස්සනා යන ආදිය වදාළහ. ඒවාහි සුදුසු අයුරින් අනිත්ය, දුක්ඛ, අනාත්මයන්හි යෙදීම් කළයුත්තාහ. අවසන්හි වනාහි ඒවා වෙන් වෙන්ව ගණන් වශයෙන් දක්වන ලදි. ගණනයන්හිද ගණන් පිළිවෙල වශයෙන් ප්රථමයෙන් අනාත්මානුපස්සනාව ගණිතය. එහි පඤ්ච වීසති යනු මත්තෙහි හිස් ලෙසින් නිශ්ඵල ලෙසින් ශූන්යතා වශයෙන් අනාත්ම වශයෙන්දැයි එක් එක් ස්කන්ධයෙහි ස්කන්ධ පහ බැගින් කොට පඤ්ච ස්කන්ධයන්හි පස්විසි අනාත්මානුපස්සනායි. පඤ්ඤාසා යනු අනිත්ය වශයෙන්, විනාශවන ස්වභාව වශයෙන් කම්පාවීම් වශයෙන්, බිඳෙනසුලු වශයෙන් සැමදා නොපවත්නා ලෙසින්, වෙනස්වීම් ස්වභාවයෙන්, අසාර වශයෙන්, විනාශ වීම් වශයෙන්, ප්රත්යයෙන් හටගත් ලෙසින්, මරණ ස්වභාව වශයෙන් එක් එක් ස්කන්ධයෙහි දහය බැගින් කොට පංචස්කන්ධයන්හි අනිත්යානුපස්සනා පනහකි. සතං පඤ්ච වීසති චෙව යනු සෙස් දුක් වශයෙන් රෝග වශයෙන් ආදී එක් එක් ස්කන්ධයෙහි විසිපහ බැගින් කොට, පංච ස්කන්ධයන්හි එකසිය විසිපහක් අනුපස්සනාවෝ වෙති. යානි දුක්ඛෙ පවුච්චරෙ යනු ය්ම අනුපස්සනාවෝ වෙත්ද, ඒවා දුක්ඛමය පංචස්කන්ධයෙහි ගණන් වශයෙන් කියති. ඒවා එක්සිය විසිපහක්මයැයි සම්බන්ධය දතයුතුය. යානි යන මෙහි ලිංග විපර්යාසය දතයුතුය.
විදර්ශනා කථා වර්ණනාව නිමි.
මාතෘකා කථා
දැන් මහතෙරහු, විදර්ශනා කථානන්තරව, සියලු ප්රතිසම්භිදා මාර්ගයෙහි නිර්දිෂ්ට, සමථ විදර්ශනා මාර්ග නිර්වාණ ධර්මයන් ආකර නානත්ව වශයෙන් නොයෙක් ක්රමයන්ගෙන් පසසනු කැමැතියාහු නිච්ඡාතො ආදී එකුන්විසි මාතෘකා පදයන් උදෙසා එහි නිර්දේශ වශයෙන් මාතෘකා කථාවක් නම් කීහ. එහි මේ පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. පළමුව මාතෘකාවෙහි නිච්ඡාතො යනු නොමැලවුණේ, සියලු කෙලෙස්හු පීඩා යෝගයෙන් මැලවුණාහු වෙති. රාගයද නිරතුරු පැවැතියේ සිරුර දවයි. අනෙක් කෙලෙසුන් ගැන කියනුම කවරේද? මහණෙනි, රාගාග්නිය, ද්වේෂාග්නිය, මෝහාග්නිය යැයි මේ අග්නි තුනෙකි. කෙලෙසුන්ට ප්රධාන වූ කෙලෙස් ත්රයයක්ම යූ.සේයි. ඒ හා සම්ප්රයුක්ත පුද්ගලයෝද දවත්මය. මෙසේ හටගත් කෙලෙසුන්ගේ අභාවයෙන් නිච්ඡාතොයි. එය කවරෙක්ද, විමෝක්ෂ සම්බන්ධයෙන් විමෝක්ෂයැයි දතයුතුය. මිදේනුයි මොක්ඛොයි මනාව මිදේනුයි විමෝක්ෂයැයි අර්ථයි. මේ එක් මාතෘකා පදයකි. විජ්ජා විමුත්ති යනු විද්යාවම විමුක්තියි. මේ එක් මාතෘකා පදයකි. ඣාන විමොක්ඛො යනු ධ්යාන යම විමෝක්ෂයි. මේ එක් මාතෘකා පදයෙකි. සෙස්ස එකිනෙකවමය. මෙසේ එකුන්විසි මාතෘකා පදයෝය. නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො නිච්ඡාතො යනු නෛෂ්ක්රම්යයෙන් කාමච්ඡන්දය පහව ගිය හෙයින්, කාමච්ඡන්දයෙන් නිකෙලෙස් වූ යෝගියා ඉන් ලද, නෛෂ්ක්රම්යයද, නොමැලවුණු, නිකෙලෙස් විමෝක්ෂයයි. සෙස්සෙහිද එම ක්රමයමැයි.
නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො මුච්චතීති විමොක්ඛො යනු නෛෂ්ක්රම්යය තුළින් යෝගියා කාමච්ඡන්දයෙන් මිදේනුයි එම නෛෂ්ක්රම්යය විමෝක්ෂයැයි අර්ථයි. සෙස්සෙහිද එසේමය. විජ්ජතීති විජ්ජා යනු ස්වභාවයෙන් විද්යමාන වේ. තිබේ. ලබයිනුයි විද්යා නමැයි අර්ථයි. නොහොත් ස්වභාව තත්ත්වය දැනගැනීම සඳහා පිළිපන් යෝගීන් විසින් ස්වභාවය විඳිනු ලැබේ. දැනගනු ලැබේනුයි විද්යා නමැයි අර්ථයි. නොහොත්, විශේෂ ස්වභාව ලැබීම සඳහා පිළිපන් යෝගීන් විසින් විඳිනු ලැබේ. ලබානුයි විද්යා නමැයි අර්ථයි. නොහොත් තමා විසින් විඳිය යුතු භූමිය විඳියි. ලබයිනුයි විද්යා නමැයි අර්ථයි. තමා විසින් විඳිය යුතු ස්ථානය විඳියි ලබයි නුයි විද්යා නමැයි අර්ථයි. ස්වභාව දර්ශන හේතු හෙයින් යථා ස්වභාවය ප්රකට කෙරේනුයි විද්යා නමැ. විජ්ජන්තො මුච්චති මුච්චන්තො විජ්ජති යනු කියන ලද ආකාර ධර්මය කියන ලද අර්ථයෙන් විද්යමාන වූයේ කියන ලද අයුරින් මිදේ. කියන ලද අයුරින් මිදෙනුයේ කියන ලද අර්ථයෙන් විද්යමාන වේනුයි විද්යා විමුක්ති නමැයි අර්ථයි.