අභිසමය කථා
සෘද්ධිකථාවට අනතුරුව, උසස් සෘද්ධිය වූ අවබෝධය දක්වන්නහු විසින් දේශිත අවබෝධ කථායෙහි පෙරනුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි අභිසමයො යනු සත්යයන්ගේ අබිමුවින් එක්වීමයි. ප්රතිවේධයයි යන අර්ථයි. අර්ථාවබෝධයැයි සමහරු කියති. කෙන අභිසමෙති යයි කුමක් යූසේයිද? ‘මහණෙනි, මෙසේ ධර්මාභිසමය මහර්ධිය ආදීන්හි සූත්ර කොටස්හි යෙදේ. එම රසය අභිසමය යැයි යූ.සේයි. එම අවබෝධය පවත්නා කල්හි, අවබෝධ කළ පුද්ගලයා එම ධර්මයෙන් සත්යයන් අවබෝධ කරයි. අභිමුඛව හමුවෙයි. ප්රතිවේධ කරයි යයි යූ.සේයි. මේ චෝදකයාගේ විමැසීමයි. චිත්තෙන අභිසමෙති යනු සිතින් තොරව අවබෝධයෙහි අභාව හෙයින් එසේ විසඳීමයි. හඤ්චි ආදිය චෝදනායි. හඤ්චි යනු ඉදින් යන අර්ථයි. චිත්තෙන යයි කියන ලද හෙයින්, තෙනහි අඤ්ඤාණි අභිසමෙති යයි කීය. න අඤ්ඤාණි අභසමෙති යනු සිත් මාත්රයෙන් අවබෝධ නොවන හෙයින් ප්රතික්ෂිප්තය. ඤාණෙන අභිසමෙති යනු ප්රතිඥාවයි. නැවත හඤ්චි යන ආදිය ඤාණයෙන් යැයි කියන ලද හෙයින් අඤ්ඤාණි අචිත්තකයැයි චෝදනාවකි. න අචිත්තකො අභිසමෙති යනු සිත් නැත්තහුට අවබෝධය නොවන හෙයින් ප්රතික්ෂිප්තය. චිත්තෙන ච යනාදි ප්රතිඥාවයි. නැවත හඤ්චි ආදිය සර්ව ඥාන සාධාරණ වශයෙන් චෝදනායි. සෙසු චෝදනා, විසඳීම්ද එම ක්රමයමැයි.
පරතොපන කම්මස්සකතා චිත්තෙනච ඤාණෙ නච යනු කර්මය ස්වකීය කොට ඇති සත්ත්වයෝයි මෙසේ කර්මය ස්වකීය කොට, පැවැති සිතින්ද ඤාණයෙන්ද, සච්චානු ලොමික චිත්තෙනච ඤාණෙනච යනු සත්යය ප්රතිවේධයට අනුකූල හෙයින් සත්යානුලොමික සංඛ්යාත විදර්ශනා සම්ප්රයුක්ත සිතින්ද, විදර්ශනා ඤාණයෙන්ද, කථං යනු යම්සේ අවබෝධය වේද, එසේ කියනු කැමැත්තෙන් විමසීමයි. උප්පාදාධිපතෙය්යං යනු යම්හෙයකින් චිත්තොත්පාදය නොමැතිව චිත්ත චෛතසිකයන්ගේ උත්පාදය නැත්ද? සිත අරමුණු ගැනීම් ස්වභාවකොට ඇත. ඒ හා සමග උපදිනු ලබන චෛතසික කෙසේ අරමුණ නොගත් කල්හි උපදින්නාහුද අභිධර්මයෙහිද, චිත්තොත්පාදයෙන්ම චෛතසික බෙදූහ. එහෙයින් මාර්ග ඤාණොත්පාදයෙහි අධිපති වූ සිතයයි අර්ථයි. ඤාණස්ස යනු මාර්ග ඤාණයට, හෙතු පච්චයොච යනු ජනක හා උපස්තම්භක වශයෙන්, තං සම්පයුත්තං යනු ඒ ඤාණය හා සම්ප්රයුක්ත නිරොධ ගොචරං යනු නිර්වාණාරම්මණ වූ, දස්සානාධිපතෙය්යං යනු සෙස්සන්ට දර්ශන කෘත්යයෙහිද, නිර්වාණ දර්ශනයෙහිද අධිපති වූ, චිත්තස්ස යනු මාර්ග සම්ප්රයුක්ත සිතට, තං සම්පයුත්තං යනු ඒ සිත හා සම්ප්රයුක්ත.
යම් හෙයකින් හටගත්තා වූද ක්රමයෙහි, හුදෙක් චිත්ත ඤාණයන්ගෙන්ම අවබෝධය නොවේ. තවද සියලුම මාර්ග සම්ප්රයුක්ත චිත්ත චෛතසික ධර්මයෝ සත්යාවබෝධ කෘත්ය සිදුකිරීම් වශයෙන් අභිසමය නම් වෙති. එහෙයින් එම ක්රමයද දක්වනු කැමැතියේ, කිං නු එත්තකොයෙව අභිසමයොයි විචාරා නහීයි එම වචනය ප්රතික්ෂෙප කොට ලොකුත්තර මග්ගක්ඛණෙයි යනාදිය වදාළහ. දස්සනාභි සමයො යනු දර්ශන ස්වභාව වූ අවබෝධය, සෙස්සෙහිද එම ක්රමයමැයි. සච්චා යනු සත්ය ඤාණයෝ, මාර්ග ඤාණයම නිර්වාණය නුවණින් බැලීම් අර්ථයෙන් විදර්ශනායි. විමොක්ඛො යනු මාර්ග විමෝක්ෂයයි. විජ්ජා යනු මාර්ග ඤාණයමය. විමුත්ති යනු කෙලෙස් නැසීම් වශයෙන් වන විමුක්තියයි. නිර්වාණය අවබෝධ කෙරේනුයි අභිසමයොයි. සෙස්ස ඒවායින් අවබෝධ කෙරෙත්නුයි අභිසමයොයි.
නැවත මාර්ගඵල වශයෙන් අවබෝධය බිඳ දක්වන්ට කිංනු ආදිය වදාළහ. මෙහි යම්හෙයකින් වනාහි මුළුමනින් නැසීම් අර්ථයෙන් ක්ෂයයෙහි ඤාණය නොලබාද? එහෙයින් සන්සිඳීම් අර්ථයෙන් අනුප්පාදෙ ඤාණං යයි යූ.සේයි. සෙස්ස සුදුසු පරිද්දෙන් දතයුතුය. දැන් යම්හෙයකින් කෙලෙස් ප්රහාණය ඇතිකල්හි අවබෝධය වේද, අවබෝධයෙහිද ඇතිකල්හි කෙලෙස් ප්රහාණය වේද? එහෙයින් චෝදනා පූර්වංගම කෙලෙස් ප්රහාණය දක්වනු කැමැතියේ ‘ය්වායං’ යනාදිය වදාළහ. එහි ය්වායං යනු යම් මේ මාර්ගස්ථ ආර්ය පුද්ගල තෙමේ, මෙහි වනාහි එවමාදිකා යන සිව් වචනයන් චෝදකයාගේ විමැසීමයි. නැවත අතීතෙ කිලෙසෙ පජහති යන මෙය චෝදනාවට අවකාශ දීම සඳහා විසඳුමයි. ඛීණං යනු විනාශවීම් වශයෙන් ක්ෂය වීමයි. නිරුද්ධං යනු චිත්ත පරම්පරා වශයෙන් නැවැත නැවැත නොඉපදීම් වශයෙන් නිරුද්ධ වූයේ, විගතං යනු වත්මන් ක්ෂණයෙන් පහවූයේ, විගමෙති යනු ඉවත් කරවයි. අත්ථං ගතං යනු අභාවයට ගියේ, අත්ථංගමෙති යනු අභාවයට පමුණුවයි. එහි දොස් පෙන්වා, න අතීතෙ කිලෙසෙ පජහති යයි ප්රතික්ෂිප්තය. අනාගත චෝදනායෙහි අජාතං යනු ඉපැත්මට නොපත්, අනිබ්බත්තං යනු ස්වභාවයට නොපත්. අනුප්පන්නං යනු උපතෙහි පටන් මතුයෙහි නොපිළිපන්, අපාතුභූතං යනු වර්තමාන භාවයෙන් චිත්තයාගේ පහළ නොවීම, අතීත අනාගත කෙලෙසුන් දුරුකරන කල්හි දුරුකළයුතු දෑ නොමැති හෙයින් උත්සාහය නිශ්ඵල බවට පැමිණේයයි එම ද්වයයම ප්රතික්ෂිප්තය. රත්තො රාගං පජහති යයි වත්මනෙන් රාගයෙන් රත්වූයේ එම රාගයම දුරුකරයි. වත්මන් කෙලෙසුන්හිද එම ක්රමයමය. ථාමගතො යනු ස්ථිර ස්වභාවයට ගියේ, කණ්හ සුක්කා යනු අකුසල් කුසල්දම්, යුගනන්ධා සමමෙව වත්තන්තී යනු එකට වෙළී සමව පවතිත්නුයි එම ස්වභාවයට පැමිණේයයි අර්ථයි. සංකිලෙසිකා යනු මෙසේ කිලිටි ස්වභාවයන්ගේ සම්ප්රයුක්ත භාවය ඇතිකල්හි, කිලිටි බවින් යුක්ත වූවාහු, මග්ග භාවනා හොති යනු මාර්ග භාවනාවට පැමිණේ යයි අර්ථයි. මෙසේ වත්මන් කෙලෙසුන් දුරුකරන උත්සාහය සමග, දුරු කළයුතු කෙලෙසුන්ගේ විද්යමානතායෙන් මාර්ග භාවනාවද කිලිටි වූයේ වෙයි. උත්සාහයද නිශ්ඵල වූයේ වේ. වත්මන් කෙලෙසුන්ගේ චිත්ත විප්රයුක්තතාවයක් නම් නොමැත.