නිගමනකථා
මහාවග්ගො මජ්ඣිමොච - චූලවග්ගොච නාමතො,
තයො වග්ගා ඉධ වුත්තා - පමාණ පටිපාටියා
මහා, මධ්‍යම, චූලයැයි නම් වශයෙන් මෙහි පිළිවෙලින් වර්ග ත්‍රයයෙක් යූ.සේයි.
වග්ගෙ වග්ගෙ දස දස - කථා යා තා උදීරිතා,
උද්දාන කථා වණ්ණනා - ඉමා තාසං යථාක්කමං
වර්ගයක් පාසා කියන ලද, යම් ඒ දහයක් බැගින් වූ කථාවෝ වේද? මෙ එම කථාවන්හි පිළිවෙලින් දක්වන ඇමුණුම්ය. (පටුනය)
ඤාණං දිට්ඨි ආනපානං - ඉන්‍ද්‍රියං විමොක්ඛ පඤ්චමං,
ගති කම්මං විපල්ලාසො - මග්ගො මණ්ඩොති තෙ දස
ඤාණ, දිට්ඨි, ආනාපාන, ඉන්‍ද්‍රිය, පස්වන විමෝක්‍ෂයද, ගති, කර්ම, විපර්යාස, මාර්ග, මණ්ඩයැයි මහා වර්ගයෙහි දහයකි.
යුගනන්‍ධ සච්ච බොජ්ඣංගා - මෙත්තා විරාග පඤ්චමා,
පටිසම්භිදා ධම්ම චක්කං - ලොකුත්තර බල සුඤ්ඤතා
යුගනන්‍ධ, සත්‍ය, බොධ්‍යංග, මෛත්‍රී, පස්වන විරාගයද, ප්‍රතිසම්භිදා, ධර්මචක්‍ර, ලෝකෝත්තර, බල ශූන්‍යතා යැයි මධ්‍යම වර්ගයෙහි දහයකි.
පඤ්ඤා ඉද්ධි අභිසමයො - විවෙකො චරිය පඤ්චමො,
පාටිහීරං සමසීසී - සති විපස්සන මාතිකා
ප්‍රඥා, සෘද්ධි, අභිසමය, පස්වන විරාගයද ප්‍රාතිහාර්යය, සමසීසී, සතිපට්ඨාන, විදර්ශනා මාතෘකා වශයෙන් දහයකි.
යො සො සුගතං සුතානං - අධිපති භූතෙන භූතහිත රතිනා,
ථෙරෙන ථීර ගුණවතා - වුත්තො පටිසම්භිදා මග්ගො
බුදුපුත්නට අධිපති වූ, ජනහිත සුවයෙහි ඇලුණු, ස්ථිර ගුණයෙහි පිහිටි තෙරුන් විසින් යම් ඒ ප්‍රතිසම්භිදා මාර්ගයක් කියන ලද්දේද?
තස්සත්‍ථ වණ්ණනා යා පුබ්බට්ඨ කථානයං තථා යුත්තං,
නිස්සාය මයාරද්ධා - නිට්ඨාන මුපාගතා එසා
මවිසින් අරඹන ලද එහි අර්ථ වර්ණනාව යම් පූර්ව අර්ථ කථා ක්‍රමයක් වේද? එයද එසේම යෝග්‍යතාවයද, ඇසිරිකොට අවසානයට එළැඹියේය.
යං තං උත්තරමන්තී - මන්ති ගුණ යුත්තොච සද්ධාය,
කාරයි මහා විහාරෙ - පරිවෙණ මනෙක සාධු ගුණං
නොයෙක් යහපත් ගුණ යුත්, මන්ත්‍රී ගුණ යුත් යම් ඒ උත්තර මන්ත්‍රීවරයෙක් ශ්‍රද්ධායෙන් මහා විහාරයෙහි, පිරිවෙන් ශාලාවක් කරවන ලද්දේද?
ථෙරෙනෙත්‍ථ නිවසතා - සමාපිතායං මහාභිධානෙන,
තතියෙ වස්සෙ චුතිතො - මොග්ගල්ලානස්සභූපතිනො
එම ශාලාවෙහි වසන තෙරුන් විසින් මහා යන විශේෂ නාමයෙන් යුත්, මුගලන් රජුගේ ච්‍යුතියෙන් තෙවන වර්ෂයෙහි මෙය සමාප්ත කරන ලදි.
සමයං අනුලොමෙන්තී - ථෙරානං ථෙරවාද දීපානං,
නිට්ඨං ගතා යථායං - අට්ඨකථා ලොක හිත ජනනී
ථෙරවාද ප්‍රදීපායමාන තෙරවරුන්ගේ සමයට අනුලොම් වන සේ මෙන්ම, ලෝවැස්සාගේ යහපත යම්සේ හටගනිත්ද? එසේ මෙම අට්ඨකථාව නිමාවට ගියේය.
ධම්මං අනුලොමෙන්තා - අත්තහිතං පරහිතඤ්ච සාධෙන්තා,
නිට්ඨං ගච්ඡන්තු තථා මනොරථ සබ්බ සත්තානං
ධර්මයට අනුලොම්ව, ආත්මාර්ථ පරාර්ථ ඉටු කෙරෙමින් එසේම, සියලු සත්ත්වයින්ගේ අදහස් සම්පූර්ණ වෙත්වා.
සද්ධම්මපකාසනියා අට්ඨකථායෙත්‍ථ ගණිත කුසලෙහි,
ගණිතා තු භාණවාරා - විඤ්ඤෙය්‍යා අට්ඨ පඤ්ඤාස
ගණිතයෙහි දක්‍ෂයින් විසින් මෙම සද්ධර්ම ප්‍රකාශනී අටුවායෙහි බණවර පණස් අටක් ගණන් කරන ලදැයි දතයුතුය.
ආනුට්ඨුභෙන අස්සා - ඡන්‍දො බන්‍ධෙන ගණියමානාතු,
චුද්දස සහස්ස සංඛා - ගාථායො පඤ්චච සතානි
මෙහි අනුස්ට්‍රෂ් ඡන්‍දස් බන්‍ධනයෙන් ගණිනු ලබන කල්හි දාහතර දහස් පන්සියයක් ප්‍රමාණ ගාථා වේ.
සාසන චිරට්ඨිතත්‍ථං - ලොකහිතත්‍ථඤ්ච සාදරෙන මයා,
පුඤ්ඤං ඉමං රචයිතා - යම්පත්ත මනප්පකං විපුලං
ශාසනයෙහි චිරස්ථිතිය හා ලෝවැස්සාගේ යහපත උදෙසාද, සාදරයෙන් මවිසින් මෙය රචනා කිරීමෙන් අනල්ප වූ මහත් පිනකට සම්ප්‍රාප්ත වීද,
පුඤ්ඤෙන තෙන ලොකො - සද්ධම්ම රසායනං දසබලස්ස,
උපභුඤ්ජිත්‍වා විමලං පප්පොතු - සුඛං සුඛෙන චාති
එම පුණ්‍ය මහිමයෙන්, ලෝවැස්සා, දශබලධාරීන් වහන්සේගේ සද්ධර්ම රසායනය පරිභෝගකොට, සැනසිලිදායකව නිර්මල නිවන් සැපතට පැමිණේවා.
සද්ධර්ම ප්‍රකාශනී නම්
ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණයෙහි අටුවා කථාව නිමි.