සතිපට්ඨානවාරාදිවණ්ණනා
සතිපට්ඨාන, සෘද්ධිපාද පූර්වාංගම වාරයන්ද මාර්ගක්ෂණ වශයෙන් යූ.සේයි. ඒවාද ඒ ඒ තන්හි විශේෂ පද මගින් සංක්ෂේප කරන ලදහ.
ධර්ම කථා වර්ණනා නිමි.
ලෝකෝත්තර කථා
දැන් ලෝකෝත්තර දම්වැටෙහි, ධර්මචක්ර කථායෙහි අනතුරුව දේශිත ලෝකෝත්තර කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි ලෝකෝත්තර පදයෙහි අර්ථය නිර්දේශ වාරයෙහි ප්රකට වන්නේය. චත්තාරො සතිපට්ඨානා යන ආදීහු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සුදුසු පරිදි මාර්ගඵල සම්ප්රයුක්තය. ඒවා අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධියැයි ලද නම් ඇති ආර්යයන්ගේ පක්ෂයෙහි වූ හෙයින් බෝධිපාක්ෂික නමැ. පක්ෂයෙහි වූ හෙයින් යනු උපකාර භාවයෙහි සිටි හෙයිනි. එම අරමුණුවල ඇතුල්ව, පැන වැදී එළඹ සිටි හෙයිනි. එම අරමුණුවල ඇතුල්ව, පැනවැදී එළඹ සිටින හෙයින් උපට්ඨානංයි සිහියම එළඹ සිටීම සතිපට්ඨානංයි. කාය, වේදනා, චිත්ත, ධර්මයන්හි වනාහි, අශුභ, දුක්, අනිත්ය, අනාත්ම ආකාර ග්රහණ වශයෙන් සුභ, සුව, නිත්ය, ආත්ම සංඥා ප්රහාණ කෘත්ය, සාධන වශයෙන්ද පැවැතීම් වශයෙන් සිව් ආකාර භේදයක් වේ. එහෙයින් චත්තාරො සතිපට්ඨානායි යූසේයි. එය කරණකොට බලවත් සේ උත්සාහ කෙරේනුයි පධානංයි. ශෝභන වූ බලවත් උත්සාහය සම්මප්පධානංයි. එය කරණකොට මනාව බලවත් උත්සාහ කෙරේනුයි සම්මප්පධානංයි. සෝභන වූ හෝ එය කෙලෙස් විරූප පැවැත්මෙන් විරහිත හෙයින් ප්රධාන වූයේද, හිතසුව නිපැයුම් අර්ථයෙන් ශ්රේෂ්ඨභාවය ගෙනදෙන හෙයින් ප්රධානභාවය හටගන්වන හෙයින්ද සම්මප්පධානංයි. වීර්යයට එය විශේෂ නාමයකි. මෙය උපන්නා වූද, නූපන්නා වූද අකුසලයන්ගේ ප්රහාණ නොඉපදීම් කෘත්යයද, නූපන්නා වූද උපන්නා වූද, කුසලයන්ගේ ඉපදීම් පැවැතීම් කෘත්යයන් සිදුකෙරේනුයි සිව්ආකාර වෙයි. එහෙයින් චත්තාරො සම්මප්පධානායි කියති. හටගැනීම් ක්රමයෙන් සමෘද්ධවීම් අර්ථයෙන් සත්ත්වයෝ එයින් සමෘද්ධ වෙති. සමෘද්ධ වූවාහු, වෘද්ධියට පත්වූවාහු, උසස් බවට ගියාහු වෙත්යයි මෙම ක්රමයෙන්ද සෘද්ධියි. ඒ හා සම්ප්රයුක්ත පූර්වංගමාර්ථයෙන් ඵලය වූ පූර්වභාග කාරණාර්ථයෙන් සෘද්ධියගේ පාදය (පිහිටීමට ආධාරකය) නුයි ඉද්ධිපාදොයි. එය ඡන්ද, වීර්යය, චිත්ත, වීමංසා වශයෙන් සිව්වැදෑරුම් වෙයි. එහෙයින් චත්තාරො ඉද්ධිපාදායි කියති. අශ්රද්ධා, කුසීතභාව, ප්රමාද, වික්ෂෙප, මුළාවීම් ආදීන්ගේ මැඩපැවැත්වීම ඇතිකරන හෙයින්, අභිභවන සංඛ්යාත අධිපති අර්ථයෙන් ඉන්ද්රියංයි. අශ්රද්ධාදීන්ගෙන් නොමඩනා හෙයින් අකම්ප්යාර්ථයෙන් බලංයි. එම ද්වයයම ශ්රද්ධා, වීර්යය, සති, සමාධි, ප්රඥා වශයෙන් පස්වැදෑරුම් වේ. එහෙයින් පඤ්චින්ද්රියානි පඤ්චබලානියි කියති. අවබෝධ කරන සත්ත්වයාගේ කොටස් වන හෙයින් සති ආදී සත් ධර්ම බොජ්ඣංගායි. නික්මයාම් අර්ථයෙන් සම්යග් දෘෂ්ටි ආදී අට, මාර්ගාංග වෙයි. එහෙයින් කියති සත්ත බොජ්ඣංගාති (අරියො) අට්ඨංගිකො මග්ගොයි.
මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්වභාගයෙහි ලෞකික විදර්ශනාව පවත්නා කල්හි, තුදුස් ආකාරයෙන් කය පරිග්රහණය කරන කල්හි කායානුපස්සනා සතිපට්ඨානයයි. නව අයුරෙකින් වේදනාව පරිග්රහණය කරන කල්හි වේදනානුපස්සනා සතිපට්ඨානයයි. සොළොස් අයුරෙකින් සිත පරිග්රහණය කරන කල්හි චිත්තානුපස්සනා සතිපට්ඨානයයි. පස් අයුරෙකින් ධර්මයන් පරිග්රහණය කරන කල්හි ධර්මානුපස්සනා සතිපට්ඨානයයි. මෙසේ මෙ අත්බැව්හි නූපන්විරූ පරහට නිපන් අකුසලයක් දැක යම් අයුරෙකින් පිළිපන් ඔහුට එය උපනිද? එසේ නොපිළිපදින්නෙමි. මෙසේ මාහට එය නූපදින්නේයයි එහි නොඉපැත්ම සඳහා උත්සාහ කරන කල්හි ප්රථම සම්යග් ප්රධානය වේ. තමා කෙරෙහි හැසිරීමට පත් අකුසලයක් දැක එහි ප්රහාණය සඳහා උත්සාහ කරන කල්හි දෙවැන්නද, මෙ අත්බැව්හි නූපන් විරූ ධ්යානයක් හෝ විදර්ශනාවක් හෝ උපදවන්ට උත්සාහ කරනහුට තෙවැන්නද, නිපන් දෑ යම්සේ නොපිරිහේද, මෙසේ නැවත නැවත උපදවන්නහුට සිව්වන සම්යක් ප්රධානය වේ. කැමැත්ත ප්රධානකොට කුසල් උපදවන කල්හි ඡන්දිද්ධිපාදයි. වීර්යය, සිත, විමසීම ප්රධානකොට කුසල් උපදවන කල්හි වීමංසිද්ධිපාදයි. මිථ්යා වචනයෙන් වළක්නා කල්හි සම්මා වාචායි. මිථ්යා කර්මාන්තයෙන්, මිථ්යා ආජීවයෙන් වළක්නා කල්හි සම්යග් ආජීවයදැයි මෙසේ නොයෙක් සිත්හි ලැබෙත්. සිව් මාර්ගක්ෂණයන්හි වනාහි එක් සිතෙහි ලැබෙත්. ඵලක්ෂණයෙහි සිව් සම්යග් ප්රධානයන් හැර සෙසු තෙතිස ලැබේ. මෙසේ එක් සිතෙහි ලබන්නා වූ ඒවා එකම නිර්වාණාරම්මණ සිහිය, කායාදීන්හි ශුභ සංඥාදී ප්රහාණ කෘත්යය සිදුකිරීම් වශයෙන් සිව් සීවටන්හුයැයි යූ.සේයි. එක්ම වීර්යය, නූපන් හා උපනවුන්ගේ අනුත්පාදාදී කෘත්ය්යන් සිදුකිරීම් වශයෙන් සිව් සම්යක් ප්රධානයැයි යූ.සේයි. සෙස්සෙහි පරිහානියක් හෝ වර්ධනයක් නොමැත.
තවද ඒවාහි –
නව එක විධා එකො - ද්වෙධාථ චතූ පඤ්චධා,
අට්ඨධා නවධා චෙව - ඉති ඡද්ධා භවන්ති තෙ
අට්ඨධා නවධා චෙව - ඉති ඡද්ධා භවන්ති තෙ
නවයක් එක් අයුරෙකි. එකක් දෙ අයුරෙකි. එකක් සිවු අයුරෙකි. එකක් පස් අයුරෙකි. එකක් අට අයුරෙකි. එකක් නව අයුරෙකි. මෙසේ ඒවා සය අයුරෙකින් වේ.
‘නවයක් එක් අයුරුය’ යන ඡන්ද, චිත්ත, ප්රීති, පස්සද්ධි, උපේක්ෂා, සංකල්ප, වාචා, කම්මන්ත, ආජීව යන මෙම නවය ඡන්ද සෘද්ධිපාදාදී වශයෙන් එක් අයුරුම වෙයි. අන් කොටස් භජනය නොකරයි. ‘එකක් දෙඅයුරෙකින්’ යනු ශ්රද්ධාව, ඉන්ද්රිය, බල වශයෙන් දෙඅයුරෙකින් සිටියේය. නැවත සිව්, පස් අයුරෙකින් යනු නැවත අන් එකක් සිව් අයුරෙකින්ද, අනෙකක් පස් අයුරෙකින්ද සිටියේයයි අර්ථයි. එහි එකක් වූ සමාධිය, ඉන්ද්රිය, බල, බොධ්යංග, මාර්ගාංග වශයෙන් සිව් අයුරෙකින් සිටියේය. ප්රඥාව එම සතරෙහිද, සෘද්ධිපාද කොට්ඨාසයෙහිද වශයෙන් පස් ආකාරය. ‘අට අයුරින් නව අයුරින්’ යනු අනෙක් එකක් අට අයුරෙකින්ද එකක් නව අයුරෙකින්ද සිටියේ යයි අර්ථයි. සිව් සීවටන්, ඉන්ද්රිය, බල, බොධ්යංග, මාර්ගාංග වශයෙන් සිහිය අට අයුරෙකින් සිටියේය. සිව් සම්යක් ප්රධන්, සෘද්ධිපාද ඉන්ද්රිය, බල, බොධ්යංග, මාර්ගාංග වශයෙන් වීර්යය නවවැදෑරුම් වේ. මෙසේ,