ඡබුද්ධධම්මවාරවණ්ණනා
බුද්ධ ධර්මවාරයෙහි දියඩ්ඪසතං යනු (විසිපහ බැගින් සයවාරයක්) එකසිය පනහකි. නිරුක්ති තුන්සියයකි. ඤාණ හයසියයකි. පටිසම්භිදාධිකරණෙ යනු ප්රතිසම්භිදා අධිකාරයෙහි, අඩ්ඪනවධම්මසතානි යනු ප්රථමයෙන් කියන ලද චතුස්සත්යයන්හි සැටෙකි. සිව් සතිපට්ඨානයන්හි සැටෙකි. සිව් සම්යක්ප්රධානයන්හි සැටෙකි. සත් බෝසත් විස්තර දේශනාවන්හි සැත්තෑවකි. අභිඤ්ඤාර්ථාදී පඤ්චකයෙහි එක්සිය විසිපහකි. ස්කන්ධාදී පංචකයෙහි එක්සිය විසිපහකි. නැවත චතුරාර්ය සත්යයන්හි සියයකි. සිව් ප්රතිසම්භිදාවන්හි සියයකි. ෂට් බුද්ධ ධර්මයන්හි එක්සිය පනහකැයි මෙසේ අටසිය පනහක් ධර්ම වෙයි. මෙසේ අර්ථද එපමණම වෙයි. එපරිද්දෙන්ම ශ්රද්ධාදී ත්රිවිධ ස්ථානයන්හි එක්සිය විස්සක් නිරුත්තීහුය. සත් විස්තර දේශනාවන්හි එක්සිය හතළිහක් නිරුක්තීහුය. අභිඥාතාර්ථාදීන්හිද ස්කන්ධාර්ථාදීන්හිද නිරුක්ති දෙසිය පනහ බැගිනි. ආර්ය සත්යයන්හිද ප්රතිසම්භිදාදීන්හි නිරුක්ති දෙසියය බැගිනි. බුද්ධ ධර්මයන්හි නිරුක්ති තුන්සියයකි. මෙසේ නිරුක්ති එක්දහස් හත්සියයකි. සත්යයෝද එපරිදිමය. ත්රිවිධ ස්ථානයන්හි ඤාණ දෙසිය හතරක් බැගිනි. සත් විස්තර දේශනාවන්හි දෙසිය අසූවක් අධික කොට ඇති ඤාණයෝය. අභිඤ්ඤාර්ථාදීන්හිද, ස්කන්ධාර්ථාදීන්හිද එක්සිය පහ බැගිනි. සත්යයන්හිද ප්රතිසම්භිදාදීන්හිද ඤාණ එක්සිය හතර බැගිනි. බුද්ධ ධර්මයන්හි ඤාණ එක්සිය සයකැයි, මේ ඤාණ තුන්දහස් හාරසියයකි.
ප්රතිසම්භිදා කථා වර්ණනාව නිමි.
දම්සක් කථා
සච්චවාරවණ්ණනා
නැවත ධර්මචක්රප්රවර්තන සූත්රාන්තයම පූර්වංගම කොටැ, දේශිත ධර්මචක්ර කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි දුක්ඛ වත්ථුකා යනු එක්වර අවබෝධවීම් වශයෙන්, දුක වස්තුකොට ඇතියේ ඒවාටනුයි දුක්ඛ වත්ථුකායි. එම දුකම වෙසො සච්ච වත්ථුකා යන ආදිය වදාළහ. එහි සත්යය අරමුණු වූයේ, උපකාර වූයේ ඒවාටනුයි සච්චාරම්මණායි. සත්යය ගොදුරුවූයේ, විෂය වූයේ ඒවාටනුයි සච්චගොචරායි, සච්චසංගහිතා යනු මාර්ග සත්යයෙන් සංගෘහිත වූවාහු, සච්ච පරියාපන්නා යනු මාර්ග සත්යයට අයත්වූවාහු, සච්චෙ සමුදාගතා යනු දුක දැනීමෙන් දුක්ඛ සත්යයෙහි උපන්නාහු එසේම එහි සිටියාහු, පිහිටියාහුයි ඨිතා පතිට්ඨිතායි.
‘පවත්තිතෙච භගවතා ධම්මචක්කෙ’ යයි කියන ලද ධර්මචක්රය නිර්දේශ කරනු කැමැතියේ ධම්මචක්කං යනාදිය වදාළහ. එහි ධර්මචක්රය ප්රතිවේධ ධර්මචක්රය, දේශනා ධර්මචක්රයයි දෙවදෑරුම්ය. එහි ප්රතිවේධ ධර්මචක්රය බෝධි පර්යංකයෙහි, දේශනා ධර්මචක්රය ඉසිපතනයෙහිය. ධම්මඤ්ච පවත්තෙති චක්කඤ්ච යන්නෙන් ප්රතිවේධ ධර්මචක්රය යූසේයි. චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්ච යන්නෙන් දේශනා ධර්ම චක්රයයි. කෙසේ නම් භාග්යවතුන් වහ්නසේ බෝධි පර්යංකයෙහි වැඩහුන් සේක් මාර්ගක්ෂණයෙහි ඉන්ද්රිය, බල, බොධ්යංග, මාර්ගාංගාදී ප්රභේද වූ ධර්මය පවත්වාද? එම ධර්මයන්ම කෙලෙස් සතුරන් නැසීම සඳහා පවත්නා හෙයින් ප්රහරණ චක්රයක් මෙනැයි චක්රයි. භාග්යවතුන් වහන්සේ ධර්මචක්රය පවත්වනසේක්ම එම චක්රය පවත්වත් නමැ. එයින් ධර්මයම චක්ර යනු කර්මධාරණ සමාසභාවය යූසේයි. ඉසිපතනයෙහි වැඩහුන් භාග්යවතුන් වහන්සේ ධර්මදේශනා ක්ෂණයෙහි හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි කෙලෙස් සතුරන් නැසීම සඳහා පවත්වන හෙයින් ප්රහරණ චක්රයක් හා සමානව දේශනා චක්රයද පවත්වති. හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි ඉන්ද්රියබල බොධ්යංග, මාර්ගාංගාදී ප්රභේද ධර්මචක්රයද පවත්වති. එයින් ධර්මයද, චක්රයද ධර්මචක්රයයි ද්වන්ධ සමාසතාව යූසේයි පවත්වන්නෙකු ඇතිකල්හි පැවැත්වීම නම් වේද? එහෙයින් හැමතැනම පවත්වති යයි යූසේයි. පවත්වන අර්ථයෙන් චක්රයයි යූසේයි. ධම්මෙන පවත්තෙතී ධම්මචක්කං යන ආදිය දේශනා ධර්මචක්රයම සඳහා යූසේයි.
එහි ධම්මෙන පවත්තෙති යනු යථා ස්වභාව හෙයින් ධර්මයෙන් පැවැත්වූ චක්රයනුයි ධම්මචක්කංයි යූසේයි. ධම්මචරියාය පවත්තෙති යනු හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි ධර්මය සඳහා පැවැත්වූ චක්රයනුයි ධම්ම චක්කං යයි යූසේයි. ධම්මෙ ඨිතො ආදීන්ගෙන් භාග්යවතුන් වහන්සේගේ ධර්ම සත්යතාව හෙයින්ද, ධර්මස්වාමී හෙයින්දැයි යූසේයි. දෙසූ පරිදි, ‘ඇවැත්නි, ඒ භාග්යවතුන් වහන්සේ දන්නේ දනියි. දක්නේ දකියි. පැණැසින් නැණෑසින්, දැහැමින් ශ්රේෂ්ඨත්වයෙන් යුක්ත වූවාහු, දෙසන්නාහු මනාව දෙසන්නාහු අර්ථය පැහැදිලි කරන්නාහු අමෘතය දෙන්නාහු ධර්මස්වාමී තථාගත වූ සේක. එම ධර්මයෙහි චක්රයනුයි ධර්මචක්රයයි යූසේයි. ඨිතො යනු විෂයීභාවයෙන් සිටියේ, පතිට්ඨිතො යනු අචලභාවයෙන් පිහිටියේ, වසිප්පත්තො යනු ඓශ්වර්යභාවයට පත්වූයේ, පාරමිප්පත්තො යනු කෙළවරට පැමිණියේ, වෙසාරජ්ජප්පත්තො යනු හික්මවිය යුතු සත්ත්වයින් අපේක්ෂාකොට කියන ලද වචනයන්ගෙන් ධර්මස්වාමිතාවයෙහිද, ධර්මාර්ථයෙහිද චක්රයයි යූසේයි. ධම්මං සක්කරොන්තො යන ආදීන්ගෙන් ධර්මාර්ථය සඳහා චක්රයයි යූ.සේයි. යමෙක් ධර්මය සත්කාරාදී වශයෙන් පවත්වයිද, හෙතෙම ධර්මාර්ථය පවත්වයි නමැ. ධම්මං සක්කරොන්තො යනු යම්සේ කරන ලද එම ධර්මය මනාව සත්කාර කරන ලද්දේ වේද, එපරිද්දෙන් එය කරනුයේ ධම්මං ගරු කරෙන්තො යනු එහි ගෞරව ඉපිදවීමෙන් එයට ගරු කරනුයේ, ධම්මං මානෙන්තො යනු ධර්මයට ප්රියභාවයද බුහුමන්ද කොට වාසය කරනුයේ, ධම්මං පූජෙන්තො යනු එය සාක්ෂ්යකොට දේශනා ප්රතිපත්ති පූජාවෙන් පූජා කරනුයේ, ධම්මං අපචායමානො යනු එම ධර්මයටම සත්කාර ගරුකාරයන්ගෙන් යටහපත් පහත් පැවතුම් කරනුයේ, ධම්මද්ධජො ධම්මකෙතු යනු ධර්මය ධජයක් මෙන් පෙරටුකොට (කෙහෙලි) තුන්හුලස් කොඩියක් මෙන් ඔසවා පැවැත්මෙහි, ධර්මධජ ධර්මකේතුවක්ව වීයයි අර්ථයි. ධම්මාධිපතෙය්යො යනු ධර්මාධිපති වශයෙන් පැමිණියා වූ භාවනා ධර්ම වහයෙන්ම සියලු ක්රියාවන්ගේ කිරීමෙන් ධර්මාධිපති වී, තං ඛො පන ධම්ම චක්කං අප්පතිවත්තියං යනු කිසිවෙකු විසින් නැවැත්විය නොහැකිතායෙන් නොනැසිය හැකි ස්වභාවයෙනැයි යූසේයි. නොපැවැත්විය හැකියයි අර්ථයි. එහෙයින් එම ධර්මය, පවත්වන අර්ථයෙන් ධර්මචක්රයයි යූ.සේයි.