සුත්තන්තනිද්දෙසවණ්ණනා
කථං සති සම්බොජ්ඣංගො ඉති චෙ හොති යනු බොධ්යංගයැයි ස්මෘති සම්බොධ්යංගය ශීර්ෂකොට ඵල සමවතට සමවදින්නහුට, අනෙක් බොධ්යංගයන් විද්යමාන කල්හි, මෙසේ ස්මෘති සම්බොධ්යංගය වේයැයි මෙසේ පැවැතියා වූ කෙසේ එම ස්මෘති සම්බොධ්යංගය වේදැයි අර්ථයි. යාවතා නිරොධූපට්ඨාති යනු යම්තාක් කලකින් නිරෝධය වැටහේද? යම්පමණ කලෙකින් අරමුණු කිරීම් වශයෙන් නිර්වාණය වැටහේදැයි අර්ථයි. යාවතා අච්චි යනු යම්තාක් ප්රමාණයකින් සිළුව වේද? කථං අප්පමාණො ඉති චෙ හොති යනු බොධ්යංගයැයි අප්රමාණ නුවූයේද, ස්මෘති සම්බොධ්යංගය විද්යමාන කල්හි, මෙසේ මේය අප්රමාණ වේයැයි, මෙසේ පැවැතියා වූ එම අප්රමාණ ස්මෘති සම්බොධ්යංගය කෙසේ වේදැයි අර්ථයි. පමාණබන්ධා යනු අනුසය සහගත කෙලෙස්ද, මැඩගෙන නැගී සිටින කෙලේසද පුනර්භවය ඇතිකරන සුලු යම් සංස්කාර කෙනෙක් වෙත්ද, ඒවා පමාණ බද්ධ නම් වෙති. රාගය ප්රමාණ කරණයි, ද්වේෂය ප්රමාණ කරණයි. මෝහය ප්රමාණ කරණයි, යන වචනයෙන් රාගාදීහු යමෙකුට උපදිත්ද? මේ මෙතෙකැයි එහි ප්රමාණ කරන හෙයින් ප්රමාණ නමැ. එම ප්රමාණයෙහි බැඳුණහු මනාව බැඳුණහු, අයත් වූයේනුයි ක්ලේශාදීහු ප්රමාණ ඛන්ධා නම් වෙති. කිලෙසා යනු අනුසය සහගත වූ, පරියුට්ඨානානි යනු සමුදාචාර ප්රාප්ත කෙලෙස්, සංඛාරා පො නො භවිකා යනු නැවත නැවත ඉපැත්ම කරනුයේ පුනර්භවයි. පුනර්භවය ඇතිකරන ස්වභාවය ඔවුන්ටනුයි පොනබ්භවිකායි, පොනබ්භවිකයම පොනොභවිකායි, කුසල් අකුසල් කර්ම සංඛ්යාත සංස්කාරයි, අප්පමාණො යනු කියන ලද ආකාර ඇති ප්රමාණයෙහි අභාවයෙන් ප්රමාණ රහිත වූයේ, මාර්ග ඵලයන්ගේද, අප්රමාණ හෙයින් එහි විශේෂතා වශයෙන් දැක්වීමට අචලට්ඨෙන, අසංඛතට්ඨෙන යයි යූ.සේයි. භංග අභාවයෙන් අචලයි, ප්රත්යය අභාවයෙන් අසංඛතයි, යමක් වනාහි අචලද, අසංඛතද, එය අතිශයින් ප්රමාණ විරහිත වූයේ වේ.
කථං සුසමාරද්ධො ඉති චෙ හොතීති බොජ්ඣංගො යනු අනතුරුව කියන ලද ක්රමයෙන් යෙදිය යුතුය. විසමා යනු තෙමේද විෂම හෙයින්, විෂම ස්වභාවයට හේතුවන හෙයින්ද විසමායි. සම ධම්මො යනු ශාන්තාර්ථයෙන්, ප්රණීතාර්ථයෙන් සමවූ ධර්මය, ප්රමාණ අභාවයෙන් ශාන්ත වූයේ, ‘මහණෙනි, යම් පමණ සංඛත හෝ අසංඛත ධර්ම කෙනෙක් වෙත්ද? එම ධර්මයන් අතර විරාගය අග්රයැයි කියනු ලැබේයයි යන කීමෙන් සියලු ධර්මයන් අතර උතුම් අර්ථයෙන් ප්රණීත වූයේ පණීතොයි එම සම ධර්මයන්හි කී කල්හි සුසමයෙහි අරඹන ලදුයේ සුසමාරද්ධොයි. ආවජ්ජිතත්තා යනු ඵල සමවතෙහි පැවැති කාලය සඳහා යූසේයි. අනුත්පාදාදී සංඛත නිර්වාණයෙහි, මනෝද්වාරා වර්ජනයෙහි උපන් හෙයිනැයි යූ.සේයි. තිට්ඨති යනු පවතියි. උත්පාදාදිය යට කියන ලද අර්ථමය. සෙසු බොධ්යංග මූලික වාරයන්හිද එම ක්රමයමැයි.
බොධ්යංග කථා වර්ණනාව නිමි.
මෛත්රී කථා
මෙත්තාකථාවණ්ණනා
බොධ්යංග කථානන්තරවැ, දේශිත, බොධ්යංගකථා සංකල්පයන්හි, සූත්රාන්ත පූර්වංගම මෛත්රී කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්රාන්තයෙහි ආසෙවිතාය යනු වඩනා ලද ආදරයෙන් සෙවුණා ලද, භාවිතාය යනු වඩනා ලද බහුලීකතාය යනු නැවත නැවත කරනා ලද, යානිකතාය යනු යුක්ත යානයක් මෙන් කළ (එන්ජින් පරීක්ෂාකොට, ටයර් හා ඔයිල්, බ්රේක් ආදිය නිසි අයුරින් පවත්නා) වත්ථුකතාය යනු ප්රතිෂ්ඨාර්ථයෙන් වස්තුවක් මෙන් කළ, අනුට්ඨිතාය යනු එළඹ සිටි කල්හි, පරිචිතාය යනු හාත්පසින් රැස්කළ, සුසමාරද්ධාය යනු මොනොවට පටන්ගත් මොනොවට කළ, ආනිසංසා යනු අනුසස් (ගුණ) පාටිකංඛා බලාපොරොත්තු විය යුත්තාහ. කැමැති විය යුත්තාහ. සුඛං සුපති යනු සෙසු ජනතාව, පෙරැළෙන්නාහු, ගොරවන්නාහු දුකසේ ශයනය කෙරෙත්ද? එසේ නොනිදා සුවසේ නිදයි. නිද්රාවට අවතීර්ණ වනුයේ සමවතට සමවන්නාක් මෙන් වෙයි. සුඛං පටිබුජ්ඣති යනු අන්යයෝ කෙඳිරිගාන්නාහු, අත්පා දිගහැර ප්රාණවත් කරන්නාහු, පෙරැළෙන්නාහු දුකසේ පිබිදෙති. එසේ නොපිබිද, විකසිත වන නෙළුම්මලක් මෙන්, වෙනස්වීම් රහිතව පිබිදේ. නපාපකං සුපිනං පස්සති යනු සිහින දක්නේම යහපත් වූම චෛත්යය වන්දනා කරන්නාක් මෙන්, පූජාවක් කරන්නාක් මෙන්, ධර්මය අසන්නාක් මෙන් වූ සිහිනයක් දකියි. අන්යයෝ තමා සොරුන් විසින් වටකරන ලද්දාක් මෙන්ද, නපුරු සතුන්ගෙන් උවදුරට පත් වූවාක් මෙන්ද, ප්රපාතයට පතිත වන්නාක් මෙන් දකිත්. මෙසේ පාපී සිහින නොදකියි. මනුස්සානං පියො හොති යනු ළයෙහි පැළැඳි මුතුහරක් මෙන්ද, හිස පළන් මල්දමක් මෙන්ද, මිනිසුනට ප්රියමනාප වේ. අමනුස්සානං පියොහොති යනු යම්සේ මනුෂ්යයින්ටද අමනුෂ්යයින්ටද එසේම ප්රිය වේ. දෙවතා රක්ඛන්ති යනු මව්පියවරුන් සිය දරුවා මෙන් දේවතාවෝ රකිති. නාස්ස අග්ගිවා විසංවා සත්ථංවා කමති යනු මෛත්රී විහාරිහුගේ සිරුරෙහි ගිනි හෝ විස හෝ ආයුධ හෝ නොවැදගනී. නොපිවිසෙයි. ඔහුගේ සිරුර කඩා කපා දැමීම්වලට බඳුන් නොවේ. තුවටං චිත්තං සමාධියති යනු මෛත්රී විහාරිහුගේ සිත වහාම සමාධිගත වේ. එහි මන්දගාමී බවක් නොමැත. මුඛවණ්ණො විප්පසීදති යනු බන්ධනයෙන් මුක්ත, ඉදුණු තල්ගෙඩියක් මෙන්, ඔහුගේ මුහුණෙහි පැහැය සුපසන් වේ. අසම්මූළ්හො කාලං කරොති යනු මෛත්රී විහාරීහුට මුළාසී මරණයක් නම් නොමැත. නොමුළාසීවැ නිද්රාවට බස්නාක් මෙන් කළුරිය කරයි. උත්තරිං අප්පටි විජ්ඣන්තො යනු මෛත්රී සමවතින් මතුයෙහි අර්හත්වය අවබෝධ කරන්ට, නොහැකි වනුයේ නම්, මෙයින් චුතව නිදා පිබිදායක් මෙන්, බ්රහ්ම ලොකූපගො හොති යනු බඹලොව උපදීයයි අර්ථයි.