9. අපරාන්තානු දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
සංඥාව කියත්නුයි සඤ්ඤීවාදායි අසංඥීභාවය කියත්නුයි අසඤ්ඤීවාදයි. නේවසඤ්ඤීනාසඤ්ඤී භාවය කියත්නුයි නේවසඤ්ඤී නාසඤ්ඤීවාදායි. නොහොත් සංඥායයි පැවැති වාදය සඤ්ඤීවාදයයි. එය යම් කෙනෙකුන්ට ඇත්ද? ඔවුහු සංඥීවාදීහුය. අසංඥීවාදී, නෙවසඤ්ඤී, නාසඤ්ඤීවාදීහුද එසේමය. විනාශය කියත්නුයි උච්ඡෙදවාදායි දිට්ඨධම්මො යනු ප්‍රත්‍යක්‍ෂ ධර්මයයි. ඒ ඒ තන්හි ලද ආත්ම භාවයට එය විශේෂ නාමයකි. ඉහාත්මයෙහි නිර්වාණය දිට්ඨධම්ම නිර්වාණයයි. මේ අත්බැව්හි දුක් සංසිඳීම යැයි අර්ථයි. එය කියත්නුයි දිට්ඨධම්ම නිබ්බානවාදායි. මෙහි මෙය විස්තර කරනු ලබන කල්හි අටුවා සහිත සමස්ත බ්‍රහ්මජාල සූත්‍රයම කිවයුතු වේ. මෙසේ ඇතිකල්හි ඉතාමත් ප්‍රමාද වේයයි විස්තර නොකරන ලදි. එය කැමතියවුන් විසින් එය අපේක්‍ෂාකොට (සොයා) ගතයුතුය.
10-12. සංයෝජනික ආදී දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
සංයෝජනික දෘෂ්ටි, සර්ව දෘෂ්ටි සාධාරණවෙත්ද? එනිසා සියලු දෘෂ්ටි සංයෝජන හෙයින්, හැම දෘෂ්ටි සාධාරණයයි අර්ථය නිර්දේශ කරන ලදි. එය යට කියන ලද දෘෂ්ටි මැඩගෙන නැගී සිටින්නේමය.
මානය හා බැඳී පවත්නා දෘෂ්ටීන්හි, චක්ඛු අහන්ති අභිනිවෙස පරාමාසො යන මැනීම් පූර්ව ඇලීම් ස්පර්ශ කිරීමයි. දෘෂ්ටිය මාන සම්ප්‍රයුක්ත නොවේ. එහෙයින්ම මාන විනිබන්‍ධායි යූ.සේයි. මානය හා බැඳී, මානමූලිකයයි අර්ථයි.
චක්ඛු මමන්ති අභිනිවෙස පරාමාසො යන මෙහිද එම ක්‍රමයමැයි. මෙහි වනාහි මමා යයි කිවයුතු කල්හි මමං යයි අනුනාසික ආගමය දතයුතුය. අහන්ති මාන විනිබන්‍ධාය යනු රූපාදීන්ද, ආධ්‍යාත්මිකවමය. කසිණ රූපයෙන් තොර බාහිරයක් මමයයි නොගනී. මමන්ති මාන විනිබන්‍ධාය බාහිරයන්ද ලැබෙත්. බාහිරයන්ද මගේ යයි ගනියි. දුක්වේදනා අනිෂ්ට හෙයින් මානවස්තු නොවේද? ෂට් වේදනාවන්ද එහි මූලප්‍රත්‍යය වූ ෂට් ස්පර්ශද නොගන්නා ලදි. සංඥාදීහු මෙහි සිඳලන ලද හෙයින් නොගන්නා ලදැයි දතයුතුය.
13. ආත්මවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
අත්තවාද පටිසඤ්ඤුත්තා දිට්ඨි යනු ආත්මානු දෘෂ්ටියමය. ආත්මයැයි වාදයෙන් යුක්තවූ හෙයින් නැවැතැ මෙසේ යූ.සේයි.
14. ලොකවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
අත්තාච ලොකොච යනු එයම ආත්මයය. බැලීම් අර්ථයෙන් ලෝකයැයි අර්ථයි. සස්සතො යනු ශාශ්වත වාදයන්ගේ දෘෂ්ටියයි. අසස්සතො යනු උච්ඡේද වාදයන්ගේ සස්සතොච අසස්සතොච යනු ඇතැම් ශාශ්වතිකයන්ගේ, නෙව සස්සතො නාසස්සතො යනු අමරා වික්‍ෂෙිපිකයන්ගේ, අන්තවා යනු ස්වල්ප කසිණ ලාභීන්ගේද, තාර්කිකයින්ගේද, නිඝණ්ඨ ආජීවිකයන්ගේද නොහොත් උච්ඡේදවාදීහු, සත්ත්වයා උපතින් පූර්වාන්තවත්ය. මරණයෙන් අපරාන්තවත් යැයි කියති. අධිච්ච සමුප්පන්නිකයෝ සත්ත්වයා උපතින් පූර්වාන්තවත් යැයි කියති. අනන්තවා යනු අප්‍රමාණ කසිණලාභීන්ගේ, ශාශ්වතවාදීහු වනාහි පූර්වාන්තයක් හෝ අපරාන්තයක් නොමැත. එහෙයින් අනන්තවත්යැයි කියති. අධිච්ච සමුප්පන්නිකයෝ අපරාන්තයෙන් අනන්තවත් යැයි කියති.
අන්තවාච අනන්තවාච යනු උඩයට නොවඩා සරස්ව වඩනා ලද කසිණයන්ගේ, නෙව අන්තවා නානන්තවා යනු එය අමරා වික්‍ෂෙපිකයන්ගේ
15-16. භවවිභව දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
භව විභව දෘෂ්ටීන්ගේ, කියන ලද ආකාර ඇති දෘෂ්ටියෙන් වෙන්ව, අභිනිවෙස නොමැති හෙයින් වෙන්ව නිර්දේශ නොකොට කියන ලද දෘෂ්ටීන්ගේම වශයෙන් පසුබට වීම, අතිධාවනය යන එක් එක් ආකාර නිර්දේශ කරන්ට විමසුම් නොකොට, ඔලීයනාභිවෙසො භවදිට්ඨි අතිධාවනාභිනිවෙසො විභවදිට්ඨි වදාළහ. එහි භව නිරෝධය සඳහා ධර්මයන් දෙසනකල්හි සිත පැන නොයයි යයි යූ.සේයි. පසුබට වීම් ඇල්ම ශාශ්වත සංඥාවෙන් නිර්වාණයෙන් හැකිලෙන ඇල්මයයි අර්ථයි. ඇතැමෙක් භවයෙන්ම පීඩාවට පත්වන්නාහු, පිළිකුල් කරන්නාහු ජුගුප්සා කරන්නාහු විභවයට සතුටුවෙත්යයි යූ.සේයි. අතිධාවන ඇල්ම උච්ඡේද සංඥාවෙන් නිරෝධගාමිණී ප්‍රතිපදා ඉක්මවන ඇල්මයයි අර්ථයි.