6. උච්ඡේද දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
ස්වකාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි ‘රූපය ආත්ම වශයෙන් මනාසේ බලයි. එකක්ම ගෙනහැර දක්වා සෙසු සතර සංක්ෂිප්ත කරන ලදි.’
7. අන්තර්ග්රාහික දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
අන්තර්ග්රාහික දෘෂ්ටියෙහි ප්රථම වාරයෙහි ආකාර විමසීමයි. දෙවැන්නෙහි ආකාර ග්රහණයයි. තෙවැන්නෙහි ආකාර විසඳුමයි. එහි ලොකො යනු ආත්මයයි. නො අන්තො යනු ඔවුනොවුන්ට ප්රතිපක්ෂ වූ ශාශ්වත උච්ඡේද අන්තයන්හි ශාශ්වත ග්රාහයෙහි ශාශ්වතාන්තයද, අශාශ්වත ග්රාහයෙහි උච්ඡේදාන්තයද වේ. පරිත්තං ඔකාසං යනු කුල්ලක් පමණ හෝ නෑඹිලියක් පමණ, නීලකතො ඵරති යනු නිල්යැයි අරමුණු කරයි. අයං ලොකො යන ආත්මය සඳහා යූ.සේයි. පරිවටුමො යනු හාත්පස සීමාව, අන්තසඤ්ඤී අන්තයෙක් ඇත්තේයැයි හැඟීම කෙළවරක් මෙයට ඇත්තේනුයි අන්තයැයි ගතයුතුය. යංඵරති යනු යම් කසිණ රූපයක් පැතිරේද? තං වත්ථුං චෙව ලොකොච යනු එම කසිණරූප ආරම්මණයද, ආලෝකාර්ථයෙන් ලෝකය වේ. යෙන ඵරති යනු යම් සිතකින් පැතිරේද? සො අත්තා චෙව ලොකොච යනු ආත්මය අපේක්ෂා කොට පුංලිංග කරන ලදි. ඒ සිත ආ්තමයද ආලෝකාර්ථයෙන් ලෝකයදැයි යූ.සේයි. අන්තවා යනු අන්තයයි. ඔභාසකතො ඵරති යනු ආලෝක කසිණ වශයෙන්, තේජෝ කසිණ වශයෙන්, ශ්වේත කසිණ වශයෙන් හෝ ආලෝකය පතුරුවයි. නිල් ආදී පංචකය ප්රභාශ්වර කසිණයන්ගේ වශයෙන් ගත් හෙයින්, පෘථුවි, ආපො, වායො, කසිණ වශයෙන් ආත්මාභිනිවේසයක් නොවේයයි ගතයුතුය.
විපුලං ඔකාසං යනු ගොයම් මැඩීම සඳහා සාදාගත් බිම (කමත) තරම් ආදී වශයෙන් විශාලස්ථානයක් නොවේ. අනන්තවා යනු බුද්ධ අනන්තවත් භාවයයි. අපරියන්තො යනු බුද්ධ අපරියන්තතාවයි. අනන්තසඤ්ඤී යනු අනන්ත සංඥාවයි. තංජීවං යනු එය ජීවයයි. ලිංග විපර්යාසය කරන ලදි. ජීව යනුද ආත්මයමය. රූපාදී පංචකයම වෘත්තාකාර අර්ථයෙන් ශරීරයයි. ජීවං න සරීරං යනු ආත්ම සංඛ්යාත ජීවය රූප සංඛ්යාත ශරීරය නොවේ. වේදනාදීන්හිද එම ක්රමයමැයි. තථාගතො යනු සත්ත්වයායි. රහත්හුයැයි ඇතැමෙක් කියති. පරම්මරණා යනු මරණින් මත්තහෙි, පරලෙව්හිය යන අර්ථයි. රූපං ඉධෙව මරණ ධම්මං යනු තමාට ප්රකට ස්කන්ධ ශීර්ෂයෙන් පංචස්කන්ධ ග්රහණයයි. එය මෙලෙව්හිම නස්නා ස්වභාවයැයි අර්ථයි. සෙසු ස්කන්ධයන්හිද එම ක්රමයමැයි. කායස්සභෙදා යනු ස්කන්ධ පංචක සංඛ්යාත වූ ශරීරයාගේ බිඳීමෙන් මත්තෙහි මෙම වචනයෙන් මරණින් මත්තෙහි යැයි යන එම උද්දේශයාගේ අර්ථය යූ.සේයි. ප්රීති ආදීන්හි වේයැයි මුල්පදයයි. සතරෙහිම අපි ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. තිට්ඨති යනු ශාශ්වත බැවින් සිටී. චුත නොවේයයි අර්ථයි. (හොති) වේ. පදයට අර්ථ විශේෂණ සඳහා (තිට්ඨති) සිටී යන පදය යූ.සේයි. උපපජ්ජති බිජුවට හා ගර්භාෂ උපතට පිවිසීම් වශයෙන් පැමිණේ නමැ. නිබ්බත්තතී යනු සංසේදජ, ඕපපාතික උපතට පිවිසීම් වශයෙන් උපදී නමැයි අර්ථ යෙදීම් දතයුතුය. උච්ඡිජ්ජති යනු නොසිඳී පැවැත්ම නොමැතිවීම් වශයෙන්, විනස්සති යනු විනාශවීම් වශයෙන්, න හොති පරම්මරණා යන පළමු පදයන්ගේ අර්ථ විවරණයයි. චුතියෙන් මත්තෙහි විද්යමාන නොවේ යයි අර්ථයි. හොතිච න ච හොති යනු ඒකාන්ත ශාශ්වතිකයින්ගේ දෘෂ්ටියයි. එක් ක්රමයකින් වෙයි. එක් ක්රමයකින් නොවේයයි අර්ථයි. ජීව ස්වභාවයෙන් වෙයි. පූර්ව ජීවයෙහි අභාවයෙහි නොවේයයි යූ.සේයි. නෙව හොති න නහොති යනු අමරා වික්ෂෙපයින්ගේ (ආඳා මෙන් ලිස්සා පැන යනවුන්ගේ) දෘෂ්ටියයි. විය හැකිද නොවිය හැකිද වේ. නොවිය හැකිද වියහැකිද වේ යන අර්ථයි. දෝෂාරෝපණ බියද, මුසාවාද බියද, අඥාන බැවින්ද, මෝහයෙන් මුළාවූ බැවින්ද, පෙර කියන ලද ක්රමයෙහි ප්රතික්ෂෙප මාත්රයක් කරයි. ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි යනු කියන ලද ආකාර ඇති දස පඤ්චකයන්ගේ වශයෙන්, පණස් ආකාරයන්ගෙන් යනුයි.
අන්තර්ග්රාහික දෘෂ්ටිය නිමි.
8. පූර්වාන්ත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
පූර්වාන්තාපරන්ත දෘෂ්ටීන්හි ශාශ්වතය කියත්නුයි ශාශ්වතවාදයි. සස්සතවාදායි. නොහොත් මෙය කරණ කොටගෙන කියත්නුයි වාදොයි. එය දෘෂ්ටි සහගතයට විශේෂ නාමයකි. ශාශ්වතයැයි කීමද, ශාශ්වත යෝගයෙන් ශාශ්වතයි. ශාශ්වත වාදය ඔවුන්ටනුයි ශාශ්වත වාදයයි. එසේම ඇතැම් කොටසක් ශාශ්වතයැයි කීම ඒකච්ච ශාශ්වතයි. එය ඔවුන්ගේ ඇත්තේනුයි එකච්ච සස්සතිකායි. එසේම කෙළවරක් ඇත්තේ හෝ කෙළවරක් නැත්තේ, කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද? කෙළවරක් නොමැත්තේ කෙළවරක් ඇත්තේ නොවේයයි පැවැති වාදය, අන්තානන්තයි එය ඔවුන්ට ඇත්තේනුයි අන්තානන්තිකායි නොමැරේනුයි අමරායි. ඒ කවරෙක්ද? මෙසේ මාහට, අප හට ආදී ක්රමයෙන් කෙළවර රහිත දෘෂ්ටිගතිකයාගේ දෘෂ්ටියද වචනයද, විවිධ වූ අවුල = වික්ෂෙපයයි. නොමැරෙන දෘෂ්ටියෙන් හෝ වචනයෙන් වන අවුල අමරා වික්ෂෙපයයි. එය ඔවුන්ට ඇත්තේනුයි අමරා වික්ඛෙපිකායි. වෙනත් ක්රමයක් අමරා නමැති මත්ස්ය ජාතියකි. එම මත්ස්යයා දිය මතුපිටට ඒම හා කිමිදීම් වශයෙන් දවනු ලබන්නේ අල්ලාගන්ට නොහැකි වේ. එපරිද්දෙන්ම මෙම වාදයද ඔබිනොබ දුවයි. ග්රහණයට නොඑළඹේනුයි අමරා වික්ෂෙපයි. එය ඔවුන්ට ඇත්තේනුයි අමරා වික්ෂෙපිකායි. අධිච්ච සමුප්පන්නො යනු අහේතුකව, ආත්මයද ලෝකයද, හටගත්තේය යන දර්ශනයයි. එය ඔවුන්ට ඇත්තේනුයි අධිච්ච සමුප්පන්නිකායි.
9. අපරාන්තානු දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
සංඥාව කියත්නුයි සඤ්ඤීවාදායි අසංඥීභාවය කියත්නුයි අසඤ්ඤීවාදයි. නේවසඤ්ඤීනාසඤ්ඤී භාවය කියත්නුයි නේවසඤ්ඤී නාසඤ්ඤීවාදායි. නොහොත් සංඥායයි පැවැති වාදය සඤ්ඤීවාදයයි. එය යම් කෙනෙකුන්ට ඇත්ද? ඔවුහු සංඥීවාදීහුය. අසංඥීවාදී, නෙවසඤ්ඤී, නාසඤ්ඤීවාදීහුද එසේමය. විනාශය කියත්නුයි උච්ඡෙදවාදායි දිට්ඨධම්මො යනු ප්රත්යක්ෂ ධර්මයයි. ඒ ඒ තන්හි ලද ආත්ම භාවයට එය විශේෂ නාමයකි. ඉහාත්මයෙහි නිර්වාණය දිට්ඨධම්ම නිර්වාණයයි. මේ අත්බැව්හි දුක් සංසිඳීම යැයි අර්ථයි. එය කියත්නුයි දිට්ඨධම්ම නිබ්බානවාදායි. මෙහි මෙය විස්තර කරනු ලබන කල්හි අටුවා සහිත සමස්ත බ්රහ්මජාල සූත්රයම කිවයුතු වේ. මෙසේ ඇතිකල්හි ඉතාමත් ප්රමාද වේයයි විස්තර නොකරන ලදි. එය කැමතියවුන් විසින් එය අපේක්ෂාකොට (සොයා) ගතයුතුය.
10-12. සංයෝජනික ආදී දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
සංයෝජනික දෘෂ්ටි, සර්ව දෘෂ්ටි සාධාරණවෙත්ද? එනිසා සියලු දෘෂ්ටි සංයෝජන හෙයින්, හැම දෘෂ්ටි සාධාරණයයි අර්ථය නිර්දේශ කරන ලදි. එය යට කියන ලද දෘෂ්ටි මැඩගෙන නැගී සිටින්නේමය.