3. මිථ්යා දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
මිථයා දෘෂ්ටිය යට කියන ලද අර්ථමය. මේ වනාහි වෙනත් ක්රමයකි. නත්ථි දින්නං යන්නෙන් උච්ඡේද දෘෂ්ටි හෙයින් දානයන්හි විපාක ප්රතික්ෂෙප කරයි. නත්ථි යිට්ඨං යන මෙහි ‘යිට්ඨං’ යනු කුඩා යාගයයි. හුතං යනු මහා යාගයයි. ද්වයයෙහිම විපාක ප්රතික්ෂෙප කරයි. නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො යනු දීමෙහි විපාක ප්රතික්ෂෙප කළ බැවින් සීලාදී පුණ්ය කර්මයන්ගේද ප්රාණඝාතාදී පාප කර්මයන්ගේද විපාක ප්රතික්ෂෙප කරයි. නත්ථි අයං ලොකො යනු පෙර කරන ලද කර්මයෙන් මෙලොව ඉපැත්මක් නැත. නත්ථි පරො ලොකො යනු මෙලොව කරන ලද කර්මයෙන් පරලොවක් නොලැබේ. නත්ථිමාතා නත්ථිපිතා යනු මව්පියවරුන් කෙරෙහි කරන ලද යහපත් අයහපත් කර්මයන්හි විපාක ප්රතික්ෂෙප කරයි. නත්ථි සත්තා ඔපපාතිකා යනු කර්මහේතුක උත්පත්තිය ප්රතික්ෂෙප කරයි. නත්ථි ලොකෙ සමණ බ්රාහ්මණා -පෙ- පවෙදෙන්ති මෙලෝ පරලෝ දක්නට සමත් අභිඥා ප්රතිලාභය සඳහා වන ප්රතිපදාව ප්රතික්ෂෙප කරයි. මෙහි පෙළෙහි, නත්ථි දින්නන්ති වත්ථුං යනු දුන් දැයෙහි විපාක නැතැයි කියන දානයයි. එම දෘෂ්ටියට හේතුව යැයි අර්ථයි. එවං වාදො මිච්ඡා යනු මෙසේ දුන් දෑහි විපාක නැතැයි කීමයි වචනයයි. වැරදි විපරීතතාවයයි.
4. සත්කාය දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
සක්කාය දිට්ඨි යනු ආත්ම දෘෂ්ටියමය. අන් තන්හි පැමිණි ක්රමයට අනුව වචන දැක්වීම සඳහා යූ.සේයි.
5. ශාශ්වත දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
ස්වකාය වස්තුක ශාශ්වත දෘෂ්ටිය යැයි කම්මධාරය සමාසයි. රූපවන්තං වා අත්තානං ආදී පසළොස් වචනයන්ගේ අන්තයෙහි මනාසේ බලයි යන්න සම්බන්ධ කළ යුතුය. පාඨය වෙනත් අයුරෙකින් නොගැළපේ. මෙසේ රූපවත් වූ ආත්මය මනාසේ බලයි යනුවෙන් එකක්ම ගෙනහැර දක්වා සෙසු තුදුස සංක්ෂිප්ත කරන ලදි.
6. උච්ඡේද දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
ස්වකාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි ‘රූපය ආත්ම වශයෙන් මනාසේ බලයි. එකක්ම ගෙනහැර දක්වා සෙසු සතර සංක්ෂිප්ත කරන ලදි.’
7. අන්තර්ග්රාහික දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
අන්තර්ග්රාහික දෘෂ්ටියෙහි ප්රථම වාරයෙහි ආකාර විමසීමයි. දෙවැන්නෙහි ආකාර ග්රහණයයි. තෙවැන්නෙහි ආකාර විසඳුමයි. එහි ලොකො යනු ආත්මයයි. නො අන්තො යනු ඔවුනොවුන්ට ප්රතිපක්ෂ වූ ශාශ්වත උච්ඡේද අන්තයන්හි ශාශ්වත ග්රාහයෙහි ශාශ්වතාන්තයද, අශාශ්වත ග්රාහයෙහි උච්ඡේදාන්තයද වේ. පරිත්තං ඔකාසං යනු කුල්ලක් පමණ හෝ නෑඹිලියක් පමණ, නීලකතො ඵරති යනු නිල්යැයි අරමුණු කරයි. අයං ලොකො යන ආත්මය සඳහා යූ.සේයි. පරිවටුමො යනු හාත්පස සීමාව, අන්තසඤ්ඤී අන්තයෙක් ඇත්තේයැයි හැඟීම කෙළවරක් මෙයට ඇත්තේනුයි අන්තයැයි ගතයුතුය. යංඵරති යනු යම් කසිණ රූපයක් පැතිරේද? තං වත්ථුං චෙව ලොකොච යනු එම කසිණරූප ආරම්මණයද, ආලෝකාර්ථයෙන් ලෝකය වේ. යෙන ඵරති යනු යම් සිතකින් පැතිරේද? සො අත්තා චෙව ලොකොච යනු ආත්මය අපේක්ෂා කොට පුංලිංග කරන ලදි. ඒ සිත ආ්තමයද ආලෝකාර්ථයෙන් ලෝකයදැයි යූ.සේයි. අන්තවා යනු අන්තයයි. ඔභාසකතො ඵරති යනු ආලෝක කසිණ වශයෙන්, තේජෝ කසිණ වශයෙන්, ශ්වේත කසිණ වශයෙන් හෝ ආලෝකය පතුරුවයි. නිල් ආදී පංචකය ප්රභාශ්වර කසිණයන්ගේ වශයෙන් ගත් හෙයින්, පෘථුවි, ආපො, වායො, කසිණ වශයෙන් ආත්මාභිනිවේසයක් නොවේයයි ගතයුතුය.
විපුලං ඔකාසං යනු ගොයම් මැඩීම සඳහා සාදාගත් බිම (කමත) තරම් ආදී වශයෙන් විශාලස්ථානයක් නොවේ. අනන්තවා යනු බුද්ධ අනන්තවත් භාවයයි. අපරියන්තො යනු බුද්ධ අපරියන්තතාවයි. අනන්තසඤ්ඤී යනු අනන්ත සංඥාවයි. තංජීවං යනු එය ජීවයයි. ලිංග විපර්යාසය කරන ලදි. ජීව යනුද ආත්මයමය. රූපාදී පංචකයම වෘත්තාකාර අර්ථයෙන් ශරීරයයි. ජීවං න සරීරං යනු ආත්ම සංඛ්යාත ජීවය රූප සංඛ්යාත ශරීරය නොවේ. වේදනාදීන්හිද එම ක්රමයමැයි. තථාගතො යනු සත්ත්වයායි. රහත්හුයැයි ඇතැමෙක් කියති. පරම්මරණා යනු මරණින් මත්තහෙි, පරලෙව්හිය යන අර්ථයි. රූපං ඉධෙව මරණ ධම්මං යනු තමාට ප්රකට ස්කන්ධ ශීර්ෂයෙන් පංචස්කන්ධ ග්රහණයයි. එය මෙලෙව්හිම නස්නා ස්වභාවයැයි අර්ථයි. සෙසු ස්කන්ධයන්හිද එම ක්රමයමැයි. කායස්සභෙදා යනු ස්කන්ධ පංචක සංඛ්යාත වූ ශරීරයාගේ බිඳීමෙන් මත්තෙහි මෙම වචනයෙන් මරණින් මත්තෙහි යැයි යන එම උද්දේශයාගේ අර්ථය යූ.සේයි. ප්රීති ආදීන්හි වේයැයි මුල්පදයයි. සතරෙහිම අපි ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. තිට්ඨති යනු ශාශ්වත බැවින් සිටී. චුත නොවේයයි අර්ථයි. (හොති) වේ. පදයට අර්ථ විශේෂණ සඳහා (තිට්ඨති) සිටී යන පදය යූ.සේයි. උපපජ්ජති බිජුවට හා ගර්භාෂ උපතට පිවිසීම් වශයෙන් පැමිණේ නමැ. නිබ්බත්තතී යනු සංසේදජ, ඕපපාතික උපතට පිවිසීම් වශයෙන් උපදී නමැයි අර්ථ යෙදීම් දතයුතුය. උච්ඡිජ්ජති යනු නොසිඳී පැවැත්ම නොමැතිවීම් වශයෙන්, විනස්සති යනු විනාශවීම් වශයෙන්, න හොති පරම්මරණා යන පළමු පදයන්ගේ අර්ථ විවරණයයි. චුතියෙන් මත්තෙහි විද්යමාන නොවේ යයි අර්ථයි. හොතිච න ච හොති යනු ඒකාන්ත ශාශ්වතිකයින්ගේ දෘෂ්ටියයි. එක් ක්රමයකින් වෙයි. එක් ක්රමයකින් නොවේයයි අර්ථයි. ජීව ස්වභාවයෙන් වෙයි. පූර්ව ජීවයෙහි අභාවයෙහි නොවේයයි යූ.සේයි. නෙව හොති න නහොති යනු අමරා වික්ෂෙපයින්ගේ (ආඳා මෙන් ලිස්සා පැන යනවුන්ගේ) දෘෂ්ටියයි. විය හැකිද නොවිය හැකිද වේ. නොවිය හැකිද වියහැකිද වේ යන අර්ථයි. දෝෂාරෝපණ බියද, මුසාවාද බියද, අඥාන බැවින්ද, මෝහයෙන් මුළාවූ බැවින්ද, පෙර කියන ලද ක්රමයෙහි ප්රතික්ෂෙප මාත්රයක් කරයි. ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි යනු කියන ලද ආකාර ඇති දස පඤ්චකයන්ගේ වශයෙන්, පණස් ආකාරයන්ගෙන් යනුයි.