මුත්තචාගො යනු හරන ලද පරිත්‍යාගයයි. පයතපාණි යනු පැමිණි පැමිණි අයට දෙනු පිණිස යොදන ලද අත් ඇති යනුයි. දාන සංවිභාගරතො යනු මෙයින් ඉතා අල්ප වූ කිසිවක් ලැබ එයින් ද බෙදීමෙහි ඇලුණු යනුයි. අප්පටි විභත්තං යනු මෙය අපට වන්නේය. මෙය ආර්යයන්ට වන්නේය යනුවෙන් නොබෙදන ලද යනුයි. සියල්ලම දිය යුතුමය යයි සිතා සිටි යන අර්ථයි. ඉමෙහි ඛො ථපතයො චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති යනු සෝවාන් වූ පුද්ගලයා මේ ධර්මයන්ගෙන් යුක්ත වෙයි යන අර්ථයයි. මේ සෝවාන් පුද්ගලයා විසින් මේ ධර්ම සතර ඒකාන්ත වශයෙන් ම ලබන බව දක්වයි.
මෙසේ ඒ වඩුවන්ට මේ රකුණු සතරින් යුක්ත බව යන ක්‍රමයෙන් කරුණු දක්වා දැන් නිෂ්පර්යාය වශයෙන් එය දක්වන්නට තුම්හෙ ඛො ථපතයො යනාදිය කියන ලදි.
සහස්සං කප්ප කොටියො යනු දහසක් ආත්මභාව විය යන අර්ථයයි. අසීති කප්පකොටියො යන පාඨයක් ද වේ. ආයුකල්ප අසූවක් විය යන අර්ථයයි. ඒවා කවර තැනක වී ද? ද්වෙචෙව මනුස්සෙ ච යි කියන ලදී. දෙවියන් අතර ද මිනිසුන් අතර ද යන අර්ථයයි. සංවිරූළ්හම්හි යනු හාත්පසින් දලු ලද මෙන් වැඩුණු යනුයි. අලභිංහං යනු (අලභිං අහං යන පද දෙකයි) මම ලැබුවෙමි යනුයි. අජ්ජ තිංසං තතො කප්ප යනු ඒ කල්පයෙන් අද දැන් මේ තිස්වැනි කල්පය යනුයි. තස්සා සඤ්ඤාය වාසනා යනු ඒ අවබෝධ වූ සංඥාවේ වාසනාවෙනි.
තණ්හා නිග්ඝාතකො යනු තණ්හාව මුලින් උපටුන්නෙකි. වටංසකො යනු මල්වලින් කරන ලද කැණිමඬලයි. සබ්බපුප්ඵෙහි ලංකතො යනු නොයෙක් මල්වලින් අලංකාර කරන ලද යනුයි. ලපන්නතරා උඩු යටි තොල් අතර යනුයි. ඔක්කා යනු ප්‍රභාවයි. මුද්ධනන්තරධායථා යනු මුදුනින් අතුරුදන් විය යනුයි. කංඛං විතරා යනු සැකය දුරු කරව යනුයි. යස්ස සබ්බධම්මෙසු සදා ඤාණං පවත්තති යන තැන තං යනු නිපාත මාත්‍රයකි. සියලු ධර්මයන්හි කැමැත්ත බැඳී ඇති බැවින් යමකු තුළ සැමදා ඤාණය පවතී ද ඒ සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට මෙය වදාළහ යන සම්බන්ධයයි. රාජා රට්ඨෙ භවිස්සති යනු සියලු රට තුළ රජු වන්නේය යනුයි. චරිමං යනු මුල් භවයයි. සච්ඡිකත්‍වා යනු ප්‍රත්‍යක්‍ෂ කොට යනුයි. ධම්මතං යනු චතුසත්‍ය ධර්මය හෝ ප්‍රත්‍යෙක බෝධියයි.
සුවණ්ණච්ඡදනං නාවං යනු දෙපසින් රන් අලංකාරවලින් සැරසීම් වශයෙන් වසන භූ රන් නැවක් යනුයි. පඤ්හං පුට්ඨා වියාකාසි සක්කස්ස ඉති මෙ සුතං යනු යම්සේ ඒ දේවතාවා ප්‍රශ්න විමසන ලද්දේ ශක්‍රයාට විසඳා දෙන ලද ද මා විසින් ද මෙසේ අසන ලදැයි ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් තමා විසින් අසන ලද පරිදි එය භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරයි යනුයි.
පංසු ථූපෙසු යනු ශරීර ධාතු ඇතුළත තබා පස්වලින් කරන ලද ස්තූපයන්ය. මෙසේ ඒවා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද්දේ නම් වේ. එහෙයින් ම උද්දිස්ස කතෙසු දසබලධරානං යි කියන ලදි.
දෙවපුත්ත සරීරවණ්ණා යනු දිව්‍ය පුත්‍රයෙකුගේ ශරීරය හා සමාන වර්ණ ඇති යනුයි. සුභගසණ්ඨිති යනු සෞභාග්‍යයෙන් යුතු සලකුණයි. උළාරං වත තං ආසි යනු මා විසින් කරන ලද ඒ පින උදාර විය යනුයි. යාහං යනු යා අහං යන පද දෙකයි. සත සහස්සං කප්පෙ මුදිතො ථූපං අපූජෙසි යනු ස්තූපය පුදා සියක් දහසක් ආයු කල්පයෙහි මම සතුටුවීමි යන අර්ථයයි. අනාගන්තූන විනිපාතං යනු අපායෙහි ඉපැත්මට නොගොස් යනුයි. යං චක්ඛුං යනු යම් ප්‍රඥා ඇසක් යනුයි. පණිහිතං යනු තබන ලද යනුයි. විමුත්ත චිත්තම්හි යනු මිදුණු සිත් ඇත්තේ වෙමි යනුයි. විධූතලතො යනු කම්පා කරන ලද තණ්හා ලතාවෙනි. මුලින් සිඳින ලද තණ්හාව යන අර්ථයයි.
සාමාකපත්‍ථො දනමත්තං යනු හුරුහැල් තණ නැළියක් පමණ බත් යනුයි. අඛිලෙ යනු පංච චේතොඛිලයන්ගේ අභාවයෙන් සියල්ලෙහි යනුයි. තස්මිඤ්ච ඔකප්පයි ධම්මමුත්තමං යන්නෙහි තස්මිං යනු පසේ බුදුන් තුළ ය. උත්තමං ධම්මං යනු පසේබුදු බවයි. මොහු තුළ උතුම් දහමක් විය යුතුයැයි විශ්වාස කළෙමි. තස්මිඤ්ච ධම්මෙ පණිධෙසිං මානසං යනු මොහු විවසින් ලබන ලද ධර්මය මම ද සාක්‍ෂාත් කරන්නෙමියි සිත පිහිටවූයෙමි යනුයි. භවෙ කුදාසුපි ච මා අපෙක්ඛ වා යනු කිසි භවයක අපේක්‍ෂා ඇත්තෙක් නොවේවා යි සිත පිහිටවූයෙමි යන සම්බන්ධයයි.
කුරූසු යනු උතුරුකුරු දීපයන්හි ය. දීඝායුකෙසු යනු ඔවුන්ගේ දහස් වර්ෂ ආයුෂ පිණිස කියන ලදි. අමමෙසු යනු අල්ලා නොගන්නා ලද දෙයෙහි ය. පාණීසු යනු සත්ත්වයන් කෙරෙහි ය. අහීනගාමිසු යනු ලබන ලද සම්පත් ඇති පුද්ගලයන් විසින් දිවි ඇති තෙක් නොපිරිහෙන ස්වභාව ඇති යනුයි. තිදසොපපජ්ජථ යනු තව්තිසා දෙවියෙක්ව උපන්නෙමි යනුයි. දෙව්ලොව හෝ තව්තිසාවේ හෝ උපන්නෙමි. විසිට්ඨකායූපගතො යනු විශිෂ්ට සිරුරට, නන් වන් කයට පැමිණියේ යනුයි. යසස්සිසූ යනු පිරිවර ඇත්තවුන් කෙරෙහිය. හිතාහිතාසීහි යනු කුශලාකුශලයන් ඉක්මවන්නන් විසිනි. පච්චක්ඛං ඛ්විමං යනු මේ වචනය ප්‍රත්‍යක්‍ෂ වූවකි යන අදහසයි.