ආවට්ට හාර සමපාත වර්ණනාව
නෙක්ඛම්ම සංකල්ප බහුල පුද්ගලයා කසිණ වශයෙන් හෝ මෛත්රී ආදී වශයෙන් හෝ ලබන ලද චිත්ත ඒකාග්රතා සංඛ්යාත වූ සිත් නමැති මංජුසාවෙහි සිත තබා සමාධිය ම හෝ ලබන ලද පරිදි සංකිලේස වශයෙන් රක්නා ලද සිත් ඇත්තේ වනැයි තස්මා රක්ඛිතචිත්තස්ස සම්මා සංකප්ප ගොචරොති අයං සමථො යි කියන ලදී. විදර්ශනාව ප්රඥා ප්රධාන වේ යන්න සම්මාදිට්ඨි පුරෙක්ඛාරොති අයං විපස්සනා යනුවෙන් කියන ලදී. ආර්ය මාර්ගයෙන් දුක්ඛ සත්යය අවබෝධ කළ කල්හි උදයව්යය දර්ශනය මස්තකප්රාප්ත වේ යන්න ඤත්වාන උදයබ්බයන්ති දුක්ඛපරිඤ්ඤා යි කියන ලදී. හටගත් ස්වභාව ඇති යම්කිසිවක් වේ ද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යනු මාර්ග ඥානයේ පැවැත්ම දැක්වීමකි. ඉමානි චත්තාරි සච්චානි යනු චතුසත්ය ධර්ම වශයෙන් ආවර්තනය වීම නිමවයි යනුයි. එහිදී පළමු සත්ය දෙක තැබීමෙන් විෂභාග ධර්ම වශයෙන් ද අවසන් දෙකින් සභාග වශයෙන් ද ආවර්තනය දතයුතුය.
විභත්ති හාර සමපාත වර්ණනාව
කුසල පක්ෂය කුසල පක්ෂය සමග දැක්විය යුතුය. රක්නා ලද සිත් ඇත්තහුට යනු සති සංවරයයි. එය ද්වාර වශයෙන් ෂඩ්විධය. චක්ෂු ද්වාරයේ පටන් මනෝද්වාරය දක්වා ය. නෙක්ඛම්ම සංකප්පය අව්යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය යැයි සම්මා සංකප්පය ත්රිවිධ ය. දුක්ඛෙ ඤාණය -පෙ- ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු ඤාණය යනුවෙන් සම්මා දිට්ඨිය අටවැදෑරුම් ය. උදය - ව්යය ඥානය පණස් වැදෑරුම් ය. අවිද්යාව හටගැනීමෙන් රූප සමුදය වේ. -පෙ- වෙනස්වන ලක්ෂණය දකින්නා වූ විඤ්ඤාණ ස්කන්ධයේ වැයවීම දකී (වශයෙනි) සතර මාර්ගවලට අනුව ථීනමිද්ධයෙන් මැඩීම චතුර්විධ ය. එහි සති සංවරය ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. ඒවා අතුරෙන් ලෞකික සති සංවරය කාමාවචරය ම ය. ලෝකෝත්තරය දර්ශන භාවනා භේදයෙන් දෙවැදෑරුම් ය. එකක් වූ මෙය සතර සතිපට්ඨාන භේදයෙන් සිව්වැදෑරුම් ය. සම්මා සංකප්ප ආදියේදී ද මේ ක්රමයමැයි.
මෙය වනාහි විශේෂයයි. සම්මා සංකප්පය ප්රථමධ්යාන වශයෙන් රූපාවචර වේ යයි බැහැර කළ යුතුය. පදට්ඨාන විභාගය පදට්ඨාන හාර සම්පාතයෙහි කියන ලද ක්රමයෙන් කිය යුතුය. අකුසල පක්ෂයෙහි අසංවරය චක්ඛු අසංවරය -පෙ- කාය අසංවරය, වාචා අසංවරය, මනෝ අසංවරය කියාද අටවැදෑරුම් ය. මිථ්යා සංකල්පය කාමවිතර්කාදී වශයෙන් ත්රිවිධය. අඥානත්වය දුක පිළිබඳ අඥානත්වය ආදී ලෙසින් අෂ්ටවිධව බෙදන ලදී. සම්යක් දෘෂ්ටි පක්ෂයෙන් මිථ්යාදෘෂ්ටිය සැට දෙවැදෑරුම්ව දතයුතුය. උත්පත්ති භූමි ලෙසින් ථීනමිද්ධය පස්වැදෑරුම් ය. මෙසේ අකුසල පක්ෂයෙහි බෙදීම දතයුතුය.
පරිවත්තන හාර සමපාත වර්ණනාව
පරිවර්තන හාරයෙහි, ආවර්තන හාරයෙහි කියන ලද ක්රමයෙන් සමථ විදර්ශනා දෙක වෙන් නොකොට සමථ විපස්සනාය භාවිතාය යි කියන ලදී. මෙහිදී සමථ විදර්ශනා දෙක ලෞකික යි දතයුතුය. පටිපක්ඛෙන යනු අරක්ඛිතෙන චිත්තෙන යන ගාථාව ප්රතිපක්ෂ වූ යන අදහසයි. එසේ නැතහොත් විභක්ති හාරයෙහි දක්වන ලද අකුසල පක්ෂයට ප්රතිපක්ෂ වූ යන අර්ථයයි.
වෙවචන හාර සමපාත වර්ණනාව
මානස, හදය, පණ්ඩර, විඤ්ඤාණ, විඤ්ඤාණස්කන්ධ, මනෝ විඤ්ඤාණ ධාතු යනු සිතට පර්යාය වචනයන්ය. තක්ක, විතක්ක, සංකප්ප, අප්පනා, බ්යප්පනා, චේතසො අභිනිරොපනා යනු සම්මා සංකප්පයට පර්යාය වචනයන් ය. පඤ්ඤා පජානන විචය පවිචය යනාදිය සම්මා දිට්ඨියට පර්යාය වචනයන් ය. ථීන, ථීයන, ථීයිකත්ත, චිත්ත අකල්ලතා, අකම්මඤ්ඤතා, ඔනාහ පරිනාහ අන්තොසංකොච යනු ථීනයට පර්යාය වචනයන් ය. අකල්ලතා, අකම්මඤ්ඤතා, කායාලසිය, සුප්ප, සුප්පනා, සුපිත යනු මිද්ධයට පර්යාය වචනයන් ය. භික්ඛකො, භික්ඛු යනාදිය භික්ඛු යන පදයට පර්යාය වදන් ය. දුග්ගති, අපාය, විනිපාත, වට්ටදුක්ඛ, සංසාර යනාදිය දුගතියට පර්යාය වදන් යැයි දතයුතුය.
පඤ්ඤත්ති හාර සමපාත වර්ණනාව
රකිනු ලබන සිහියෙන් අධිෂ්ඨානය කොට රකිනු ලබන සිත ඊට අධිෂ්ඨානයක් මෙන් වේයැයි සලකා රක්ඛිතචිත්තස්සාති පදට්ඨාන පඤ්ඤත්ති සතියා යි කියන ලදී. සෙස්ස මේ පඤ්ඤත්ති හාර සම්පාතයේ දී ඉන් මත්තෙහි ඔතරණ, සොධන හාර සම්පාතයන්හි දී ද නොවූ විරූ නොවේ. යට කියන ලද ක්රමය ම වේ.
අධිට්ඨාන හාර සමපාත වර්ණනාව
අධිට්ඨාන හාර සම්පාතයේ දී සම්මා දිට්ඨි නාම යං දුක්ඛෙ ඤාණං යනාදියෙන් චතුසත්ය හේතුව, හේතු සමුත්පන්න, ප්රත්ය, ප්රත්යුත්පන්න සංඛ්යාත විෂය වශයෙන් වෙනස දක්වා නැවත යං තත්ථ තත්ථ යථාභූතං ඤාණ දස්සනං යනුවෙන් පාලියේ ද පාලි අර්ථයන්ගේ ද ඉතිරි විෂය වශයෙන් ම වෙනස් බව දක්වයි. එහි යං සච්චාගමනං යනු සත්යයෙන් වෙනස් නොවූ යම් විෂයාගමනයක් වේ ද එයයි. අවබෝධය යන අර්ථයයි. යං පච්චාගමනං යනුවෙන් ද පාඨයක් වේ. ඒ විෂයයේ පිළිවෙලින් යම් ආගමනයක් වේ ද එයයි. ඒ ඒ විෂයාධිගමය යන අර්ථයයි. මෙහිදී පරික්ඛාර, සමාරොපන හාර සම්පාතයන්හිදී ඉතිරි වූ යමක් කිවයුතු ද එය පෙර කියන ලද බැවින් ප්රකට ම ය.