5. ධොතක සූත්‍ර නිර්දේශ වර්ණනාව
පස්වන ධෝතක සූත්‍රයයි. වාචාභිකංඛාමි වචනය කැමැත්තෙමි. සික්ඛෙ නිබ්බාණමත්තනො තමන්ගේ රාගාදිය නිවනු පිණිස උසස් සීලයෙහි හික්මෙන්නේය. නිද්දේසයෙහි (මීළඟ වචන ගැන) මුලින් දක්වා නැත.
ඉතො මගේ මුවින්.
නිද්දේසයෙහි ආතප්පං යනු කෙලෙස් තැවීමයි. උස්සාහං නොහැකුළුණු (වීරිය), උස්සොළ්හිං බලවත් වීරිය, ථාමං ලිහිල් නොවූ, ධිතිං දිරිය, විරියං කරොහි බලවත් සේ උත්සාහ කරති. ඡන්දං ජනෙහි කැමැත්ත ඇති කරගනුව.
මෙසේ පැවසූ විට සතුටු වූ ධොතක භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින් කතාවට මුල පුරන ලෙස ආයාචනා කරමින් ‘පස්සාමහං’.... ගාථාව කීය. පස්සාමහං දෙවමනුස්සලොකෙ දෙව් මිනිස් ලෝකයෙහි මම දකිමි. තං තං නමස්සාමි මෙබඳු වූ ඔබවහන්සේ නමදිමි. පමුඤ්ච මුදාගන්න.
නිද්දේසයෙහි පරිදි පච්චෙක සම්බුද්ධා ඒ ඒ අරමුණු සේ වෙන් වෙන්ව සිවුසස් තමන්ම නුවණින් අවබෝධ කළෝ පසේ බුදුවරු වෙති. සීහසීහො බිය නොවන අරුතින් සිංහයගේත් උසස් සිංහයෙකි. නාගනාගො කෙලෙසුන් නැති අරුතින් හෝ මහත් බැවින් හෝ රහත් උතුමන් අතර උසස්ම රහත් උතුමෙකි. ගණි ගණි පිරිස් ඇත්තන්ගෙන් මුල් තැනට පත්වන පිරිස් ඇත්තෙකි. මුනි මුනි නුවණැත්තන්ගෙන් ද නුවණැති බැවින් මුල්තැන ගන්නා මුනිවරයා, රාජ රාජා උතුම්ම රජ, මුඤ්ච මං මා මුදවන්න. පමුඤ්ච මං නොයෙක් ලෙසින් මා මුදාගන්න. මොචෙහි මං මා (සිත දරා ඇති බර) ලිහිල් කරන්න. පමොචෙහි මං මා තවත් ලිහිල් කරන්න. උද්ධර මං සංසාරය නැමති මඩගොහොරුවෙන් මා ගොඩගෙන බිම තබන්න. සමුද්ධර මං මැනවින් ගොඩබිමට ගන්න. වුට්ඨාපෙහි සැකය නැමති උලෙන් ඉවත්කොට වෙන්ව සිටින පරිදි නැගිටුවා තබන්න.
එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ම කතාබහට මුල්වෙමින් (කාමාදී) සැඩපහර තරණය කරන අයුරු ‘නාහං........... යන ගාථාවෙන් වදාළහ. නාහං ගමිස්සාමි මම නොයන්නෙමි. නොහැක්කෙමි. උත්සාහ නොකරන්නෙමි යැයි කියන ලදී. පමොචනාය මුදවාලීමට, කථංකථිං සැකය සහිත, තරෙසි එතර කරනු මැනවි.
නිද්දේසයෙහි (දැක්වෙන පරිදි) න ඊහාමි (ඒ සඳහා) නොයෙදෙමි. න සමීහාම් වෙනත් අයුරකින්ද නොයෙදෙමි. අස්සද්ධෙ පුග්ගලෙ තෙරුවන කෙරෙහි සැදැහැ නැත්තවුන්, අච්ඡන්දකෙ මගපල පිණිස කැමති නැති. කුසීතෙ සිත එකඟ කර ගැනීමක් නැති, හීන විරියෙ උත්සාහය මද, අප්පටිපජ්ජමානෙ පිළිවෙත් පිළිනොපැද, මෙසේ වදාළ කල්හී බොහෝ
සතුටට පත් ධෝතක භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින්, අවවාද ඉල්ලමින්, ‘අනුසාස බ්‍රහ්ම’ යන ගාථාව කීය. බ්‍රහ්ම උසස් බව හඟවන ඇමතීමකි. විවෙක ධම්මං හේතු නිසා ඇතිවන හැමදෙයකම පැවැත්මක් නැතැයි ලබන සංසිඳීම - විවේකය වූ නිවන, අබ්යාපජ්ජමානො නොයෙක් නොයෙක් ලෙසට නොපැමිණ, ඉධෙව සන්තො මෙහිම සිටිමින්. අසිතො (තණ්හා දිට්ඨි) ඇසුරු නොකොට.
මෙයින් පසු දැක්වෙන ගාථා දෙක මෙත්තගූ සූත්‍රයෙහි කියා ඇති විස්තර පරිදිය. වෙනස් වන්නේ එහි ‘ධම්මං’ වෙනුවට මෙහි ‘සන්ති’ යැයි යෙදීම පමණි. මේ වෙසෙසකි. තුන්වන ගාථාවෙහි මුල් පේලි අඩ එම සූත්‍රයෙහි දැක්වූ පරිදිය. පසු කොටසෙහි සඳහන් සංගො යන්නෙන් ඇලෙන ලගින තැන් කියන ලදී. ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. කලින් සඳහන් වූ පරිදි දේසනය අවසානයෙහි දහම් අවබෝධයද විය.
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
ධෝතක සූත්‍ර වර්ණනාව නිමියේ ය.
6. උපසීව සූත්‍ර නිර්දේශ වර්ණනාව
හයවන උපසීව සූත්‍රයයි. මහන්ත මොඝං මහත් වූ (කාමාදී) සැඩපහර, අනිස්සිතො පුද්ගලයකු හෝ දහමක් හෝ ඇසුරු නොකොට, නො විසහාමි නොහැකි වෙමි. ආරම්මණං හේතු වූ කරුණ යං නිස්සිතො යම් පුද්ගලයෙකු හෝ දහමක් හෝ ඇසුරු කොට.
නිද්දෙසයෙහි (දැක්වෙන පරිදි) කාමොඝං අනාගාමී මගෙන්, භවොඝං අරහත් මගෙන්, දිට්ඨොඝං සෝවාන් මගෙන්, අරහත් මගෙන් අවිජ්ජොඝං තරණය කරන්නේය. සක්යකුලා පබ්බජිතො භාග්‍යවතුන් වහන්සේගේ උසස් කුලය දක්වන අදහසින් කියන ලදී. ආලම්බනං වසා මැඩගෙන සිටිනා තැන, නිස්සයං නොඇලුණු බව, උපනිස්සයං හේතුව.
ඒ බමුණා ආකිඤ්චඤ්ඤායතනය ලබා, එයින් එහා (ඉදිරියට) යාමක් නොදනී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඇසුරු කොට පවන්නා දෙයින් එහා මතු ලද හැකි පියවර ‘ආකිඤ්චඤ්ඤං’ යන ගාථාවෙන් වදාළහ. එහි පෙක්ඛමානො ඒ ආකිඤ්චඤ්ඤායතන සමවතට සිහියෙන් යුතුව සමවැදී, නැගිට - එය අනිසය ලෙස දකිමින්, නත්ථිති නිස්සාය ‘කිසිවක් නැතැ’යි පවත්නා සමවත අරමුණු කොට, තරස්සු ඔඝං එතැන් පටන් පවත්නා විදසුන් මගට සුදුසු වන පරිදි සිවුආකාර වූ සැඩපහර තරණය කරව. කථාහි සැක සහගත දේවලින්, තණ්හක්ඛයංනන්ත මහාභිපස්ස දිවා රෑ නිවන අරමුණු කොට බලව. මෙයින් ඔහුට මේ ජීවිතයෙහිදීම සැප විහරණය පවසති.