4. මෙත්තගූ සූත්ර නිර්දේශ වර්ණනාව
මඤ්ඤාමි තං වේදගුං භාවිතත්තං ‘මේ තැනැත්තා වේදයෙහි ද වඩනා ලද සිත ඇත්තෙකැයි’යි ද (භාවනාව පුරුදු කළ කෙනෙකැයිද) සිතමි.
අපරිත්තො නො අඩුව, මහන්තො කුඩා නොවූ, ගම්භීරො ගැඹුරු වූ, අප්පමෙය්යො මැනීමට නොහැකි වන්නේ ය. දුප්පරියොගාළ්හො බැසීමට අපහසු (ඇතුලට යාමට ඉතා අපහසු) පහූත රතනො සාගරූපමො බොහෝ දහම් රුවනට ආකරයක් බැවින් නොයෙක් රුවනින් යුතු මහසයුර මෙන්.
න මංකු හොතු නොහැකිළුණු මුහුණින් යුතු වෙයි. අප්පටිහත චිත්තො තරහෙන් විනාස නො වූ සිතින්, අලීනමනසො නොපසුබට සිතින්, අඛ්යාපන්න චෙතසො (කෙලෙසින්) කුණු නොවූ සිත.
දිට්ඨෙ දිට්ඨමත්තො ඇසට හමුවන රූප අරමුණෙහි දැකීමක් පමණකි. එහි අරමුණ අනුව ඉදිරියට (ඒ ගැන සිතා) කටයුතු කරන්නේ හෝ කරවන්නේ හෝ නැත. ඇසින් දුටු දෙයෙහි ඒ පෙනීම පමණි. ඇසීම ආදියෙහිද මේ ආකාර වේ. තව ද, දැකීමෙන් ඇසින් හැඳිනීම ද, කන යොමුවීමෙන් හඬද, පහසින් නහය, දිව, සිරුර යන ආයතන සඳහන් කරයි. නහයට ගඳ -සුවඳත්, දිවට රසයත්, කයට තදගතිය (පඨවි) උණුසුම හා වාතයත්, පහස ලබන දෙයට හඳුනාගැනීම්-දැනීම් (විඤ්ඤාණ) මගින් එහි සොබාවයත් සඳහන් කරයි. දිට්ඨෙ අනුපයො ඇසින් දැක හඳුනාගත් දෙයෙහි රාගයෙන් ළං නොවී, තරහ නැතිව අප්පටිඝො, අනිස්සිතො තණ්හාවෙන් නොඇලී, අප්පටිබද්ධො මානයෙන් තද නොවී, විමුත්තො සියළු අරමුණුවලින් මිදුණේ, විසඤ්ඤත්තො කෙලෙස්වලින් වෙන්ව සිටියේ.
සංවිජ්ජති භගවතො චක්ඛුං භගවත් බුදුරදුන්ගේ නියම මසැස පෙනේ. පස්සති දකියි. බලයි. චක්ඛුනා රූපං ඇසින් හඳුනාගන්නා රූප අරමුණ, ජන්දරාගො තණ්හා ආසාව.
දන්තං න යන්ති සමිති උයන්, කෙළිමඬුළු ආදියෙහිදී මහජනයා මැදට යන්නෝ හීලෑ ගොණකු හෝ හීලෑ අජානීය අසකු හෝ රියෙහි යොදා ගෙන යති. රාජා එබඳුම තැන්වලට යන්නා වූ රජද හීලෑ සතකු පිටෙහිම නගියි. මනුස්සෙසු මිනිසුන් අතරෙහිද සිවු අරිය මගින් දමනය වූවෝ, තමන්ම දමනය වීමෙන් උසස් වෙති. යොති වාක්යං මෙබඳු නින්දා සහගත හා රළු වචන නැවත නැවත කියද්දිත් ඉවසයි. එබඳු වචන නොකියයි. (ඒ ගැන නොවෙහෙසෙයි.) මෙබඳු දමනය වූ කෙනෙකු උසස් යැයි යනු තේරුමයි.
අස්සතරා කොටළුවකුට දාව වෙළඹකගෙන් උපන් අජානීය අසකු, අසුන් හික්මවන්නෙක් වහා ඒ කටයුතු මැනවින් කරයි. සින්ධවා සින්ධු රටෙහි උපන් අසුන්, මහානාගා කුඤ්ජර නම් වූ මහ ඇතුන්, අත්තදන්තො මොවුන්ගෙන් අස්සතරයෙකු හෝ සින්ධවයකු හෝ කුඤ්ජර නම් ඇතකු හෝ හීලෑ වූ දමනය වූවන් උතුම්ය. හීලෑ නොවූවන් උතුම් නොවේ. සිවුමගින් තමන් දමනය වූවකු වේ නම් වඩා උතුම්ය. සියල්ලන්ගෙන්ම ඉතා උතුම් යැයි තේරුමයි.
න හි එතෙහි යානෙහි ඒ ඇතුන් ආදිය යොදන ලද යානා අගනා වුවත්, උසස් වුවත් එබඳු යානාවලින් කිසිදු තැනැත්තෙකු සිහිනෙන් හෝ පෙර නොගිය තැනක් යැයි සලකනු ලබන නිවන දෙසට නොයන්නේ ය. මුලදී ඉඳුරන් දමනය කොට, පසුව අරිය මග වැඩීමෙන් මනාව දැමුණු බවට පත් වූ නුවණැති තැනැත්තා ඒ පෙර නොගිය දෙසට යයි. දමනය වූ බිමට හෙවත් අරහත් ඵලයට පැමිණෙයි. එහෙයින් තමන් දමනය වීම ඉතා උතුම් යන තේරුමයි.