3. පුණ්ණක සූත්ර නිර්දේශ වර්ණනාව
තුන්වන පුණ්ණක සූත්ර විස්තරයයි. ‘අනෙජං’ යනුවෙන් (ඇරඹෙන) මෙම සූත්රයද පෙර පරිදිම මෝඝරාජගේ (ඉල්ලීම) පිළිකෙව් කොට වදාරන ලදී. එහි මූල දස්සාවි අකුසල් මුල් ආදිය දකින, ඉසයො ඉසිවරු නම් වූ ජටිලයෝ, යඤ්ඤං දිය යුතු දෙයක්, අකප්පයිංසු සෙවූහ.
හෙතු දස්සාවී සියළු කරුණු දකින, සමාන වදනකි. කරුණු නම්, යම් අයුරකින් ඵලය පිණිස පවතීද එහෙයින් හේතු යැයි කියනු ලැබේ. එහෙයින් ඒ ඵලය පෙන්වා දෙයි. ‘එසේනම්, ඔහු අල්ලා ගනිවු’ යැයි (ඒ කරුණෙහි) පිහිටුවන්නාක් මෙනි. එහෙයින් නිදාන හෙවත් එය හේතුකොටගෙන යන අදහසයි. ‘හටගැනීම දකින’ හෙවත් සම්භව දස්සාවී ආදී වචන පහ ගැනද කී පරිද්දෙනි. යම් හෙයකින් එය හේතුවෙයිද, පවතීද, එහි ඵලය අනුව එයින් හටගනීද උපදීද එහෙයින් හේතුවද, හටගැන්මද කියනු ලැබේ.
යා වා පනඤ්ඤාපි කාචි සුගතියො සතර අපායෙන් මිදුණු උත්තර මාතා ආදී ඉසුරුමත් නොවූ දිළිඳු මිනිසුන් ද - ආහාරපාන දුලබ වූ දුකින් පීඩිත වූවන් දත යුතුය. යා වා පනඤ්ඤාපි කාචි දුග්ගතියො යමරජු, නාග, ගුරුළු, මළවුන් ආදීහු මහ ඉඳිමතුන් සැළකේ. අත්තභාවාහි නිබ්බත්තියා (නිරය, තිරිසන්, ප්රේත) තුන් තැන්හී පිළිසිඳ ගැනීම් ලෙසින් සිරුරක් (අත්තභාව) ලබනු පිණිස, ජානාති සියල්ල දන්නා නුවණින් දැනගනී. පස්සති හාත්පස දකින ඇසින් බලයි.
අකුසලා නොහැකියාවෙන්, අයහපතෙහි යෙදෙතැයි අකුසලභාගියා අයහපත් පැත්තට යොමුවේ යැයි අකුසල පක්ඛිකා ඒ සියල්ලක්ම නොදැනීම හෙවත් අවිජ්ජා මුල් වූ කරුණු වෙතැයි අවිජ්ජා මූලකා, නොදැනීමෙන්ම සැරිසරමින්, එහිම මැනවින්, (තදින්) බැස ගනිති. එහිම ගමන් කරතියි - අවිජ්ජා සමොසරණ, අවිජ්ජා සමුග්ඝාතා යනු අරහත් මගෙන් අවිජ්ජාව නසන ලදුව, සබ්බෙ තෙ සමුග්ඝාතං ගච්ඡන්ති කියන ලද පරිදි අකුසල කරුණු සියල්ලම නසන ලද බවට පැමිණෙති.
අප්පමාද මූලකා සිහියෙන් යුතුව (යහපත් දෙයෙහි) නොපමා වීම මූලික කරුණ සේ සැළකේ. අප්පමාද සමොසරණ නොපමා වීමෙහි මැනවින් බැස (යෙදී) එහිම ගමන් කරති. අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති තමා කාමාවචර ලෝකයෙහි මෙන් සිවු බඹතලයෙහි පිහිටීමෙන් උසස් සේ උපත ලදුව.
අලමත්තො සමත් වූ, මයා පුච්ඡිතං මා විසින් විමසන ලද, මහස්සෙ තං භාරං ඒ පැමිණි බර, (අසන ලද පැනය විසඳීම) උසුලනු මැනවි. ඉසයො ඉසිවර පැවිද්දන් පැවිදි වූ කිසියම් කෙනෙක්, ඉසිපබ්බජ්ජා පබ්බජිතා යැයි ද පාඨයකි.
ආජීවක සාවකානං ආජීවිකා දෙවතා යමෙක් ආජීවිකයන්ගේ වචන අසත්ද, කීකරුව ඇහුම්කන් දෙත්ද ඔව්හු ආජීවික සව්වෝ වෙති. එම ආජීවික සව්වන් දෙනු ලබන දේවල් ආජීවිකයන් පිළිගනු ලබත්ද, ඔවුන් ආජීවිකා දේවතාවෝය. අදාල වන හැමතන්හිම මේ අයුරුය. යෙ යෙසං දක්ඛිණෙය්යා දිසා කෙළවර සිටින යම් ආජීවිකාදීන්ට ඒ ඒ කැත් කුලවතුන් දෙනු ලබන දේවල් (පිළිගැනීමට) සුදුසු බව ලබත්ද, තෙ තෙසං දෙවතා ඒ ඒ ආජීවිකාදීහු ඒ ඒ කැත් කුලවතුන් ආදීන්ගේ දේවතාවෝ වෙති.