2. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර නිර්දේශ වර්ණනාව
කොධ සන්තුසිතො යනු දෙවන තිස මෙත්තෙය්‍ය සූත්‍ර විස්තරයයි. අජිත සූත්‍ර (දේසනය) නිමවූ කල්හී, ‘මරණය නැමති රජු නොදක්නා ලොවක් බලාපොරොත්තු වන්නේ කෙසේදැයි’ මෝඝරාජ විමසීම ඇරඹියේය. ඔහුගේ ඉඳුරන් (දහම් අවබෝධයට) සුදුසු පරිදි සකස්ව නොතිබූ බැවින්, භාග්‍යවතුන් වහන්සේ, ‘මෝඝරාජ, ඔබ පසුව විමසන්න, වෙනත් කෙනෙකුට විමසීමට ඉඩ දෙන්නැ’යි වැළකූහ. එවිට තිස්ස මෙත්තෙය්‍ය තම සැකය විමසමින් ‘කොධ...ආදී ගාථාව කීය. එහි කොධ සන්තුසිතො කවරෙක් මේ ලොවෙහි සතුටු වෙත්ද? ඉඤ්ජිතා දැඩි ආසා හා දැඩිව වැළඳගත් හැඟීම්වලින් කවන, උභන්තමභිඤ්ඤාය දෙකෙළවර (මුල-අග) දැන, මන්තා න ලිප්පති නුවණින් නොඇලෙයි.
පරිපුණ්ණ සංකප්පො කෙලෙසුන් දුරුකිරීම ආදී සිතිවිලිවලින් පිරිපුන් බලාපොරොත්තු ඇති.
තණ්හා ඉඤ්ජිතං දැඩි ආසාවෙන් සැලෙන, දැඩිව ගත් හැඟීම්වලින් සැලෙන බවද මේ අයුරිනි. කාමිඤ්ජිතං කෙලෙස් කාමයන්ගෙන් සැලෙන, දඟලන, කම්මිජිතං යනුවෙන්ද වචනයකි. එය නුසුදුසුය.
උසස් තැනැත්තා මහා පුරිසො, උතුම් තැනැත්තා අග්ග පුරිසො, මූලික තැනැත්තා සෙට්ඨ පුරිසො, ලාමක ඔතෑනි නොවූ තැනැත්තා විසිට්ඨපුරිසො, දෙටු තැනැත්තා පාමොක්ඛ පුරිසො, පහත් ගති නැති තැනැත්තා උත්තම පුරිසො, පුද්ගලයන් අතර, (උසස් ගුණයෙන්) කෙළවරට ගිය තැනැත්තා පධාන පුරිසො, සියල්ලන් කැමතිවන තැනැත්තා පවර පුරිසො.
සිබ්බනි මච්චගා දැඩි ආසාව - තණ්හාව ඉක්මවා සිටියේ, උපච්චගා ඉක්මවා ගියේය.
ඔහුට ඒ කරුණු පහදා දෙමින් භාග්‍යවතුන් වහන්සේ ‘කාමෙසූ’ ආදී ගාථා දෙක වදාළහ. එහි කාමෙසු බ්රහ්මචරියවා කාමය නිමිතිකොට බඹසර හැසිරීම හෝ කාමයන්හි පලවිපාක දැක, මග බඹසර හැසිරීමෙන් යුතු වූයේ යැයි කියන ලදී. මෙපමණකින් සතුට දැක්වීය. තණ්හා නැතිවීම ආදීකොට අනෙජනං (එජා යනු තණ්හාවට නමකි.) සංඛාය නිබ්බුතො තිර නැති බව විමසමින් රාගාදී (කෙලෙස් ගිනි) නිවීමෙන්, නිවුණු බවට පත්ව, අයහපත් දේ හැර, යහපතටම ගිය ආරති ඇලීම දුරින්ම දුරුකොට විරති ඒ ඇලීම හැර පටිවිරති නැවත නැවත (විමසමින්) ඒ ඇලීම හැර, වෙරමණි නොකර සිටීම (තණ්හා පලිගැනීම් නැතිකිරීම), අකිරියා කටයුතු හැරදැමීම, අකරණං නොකිරීම, අනජ්ඣාපන්ති (වරදකට) පත් නොවෙමින්, වෙලා අනතික්කමො සීමා නොඉක්මවමින්, ඉතිරි කරුණු ඒ ඒ තන්හි කියා ඇති බැවින් පහසුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අර්හත් බව කුළුගන්වමින් දෙසූහ. දේසනාව අවසන මේ බමුණාද අතවැසි දහසක් පිරිස සමග අර්හත් පලෙහි පිහිටියේය. තවත් දහස් ගණනකට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු පෙර පරිදිමය.
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
තිස්ස මෙත්තෙය්‍ය සුත්ත වර්ණනාව නිමියේ ය.
3. පුණ්ණක සූත්‍ර නිර්දේශ වර්ණනාව
තුන්වන පුණ්ණක සූත්‍ර විස්තරයයි. ‘අනෙජං’ යනුවෙන් (ඇරඹෙන) මෙම සූත්‍රයද පෙර පරිදිම මෝඝරාජගේ (ඉල්ලීම) පිළිකෙව් කොට වදාරන ලදී. එහි මූල දස්සාවි අකුසල් මුල් ආදිය දකින, ඉසයො ඉසිවරු නම් වූ ජටිලයෝ, යඤ්ඤං දිය යුතු දෙයක්, අකප්පයිංසු සෙවූහ.