තුන් වැනි වර්ගය
තුන්වන වග්ගයෙහි පළමු (ගාථාවයි) දිට්ඨි විසූකානි තදින් මුල් බැසගත් සැටදෙකක් වූ මිසදිටු අදහස්, එයින් මගපල ලබන යහපත් දැකීමට එකඟ නොවන බැවින්, අනුකූල නොවන, සිත නොසන්සුන් කරන, කලබලයට පත්කරන බැවින් එසේ යෙදුණි. මෙසේ දැකීම විකාර බවට පත්කරන හෙයින්, දිට්ඨි විසූකානි, විසුළු හැඟීම්ම දිට්ඨි විසූකානි. උපාතිවත්තො මගපල දැකීම මගින් ඉක්මවන, පත්තොනියාමං සතර අපාය ආදී දුක් ලබන තැන් වළක්වන, (සිවුසස්) අවබෝධය පිහිටකොට ඇති නියත බවම ලදිමි. නිවැරදි වූ, යහපත් යැයි කියන ලද පළමු මග (සෝවාන්) හෝ මෙපමණකින්, එම පළමු මගට පත්වීමේ කටයුතු නිමාව හෝ එය ලැබීම දැක්වීය. මීළඟට පටිලද්ධමග්ගො යන මෙයින් ඉතිරි මගපල ලැබීම පෙන්වයි. උප්පන්න ඤාණෙම්හි පසේ බුදුනුවණ ලබාගත් කෙනෙක් වෙමි. එයින් ලද පලය දක්වයි. අනඤ්ඤා නෙය්යො වෙනත් මහණ බමුණන් ‘මෙය ඇත්තය, මෙය ඇත්ත යැයි’ කියන අතර, මෙයින් තමන්ම ඇත්ත පසක් කළ අයුරු පහදයි. පසේ බුදුනුවණ අවබෝධ කරන ලද්දේ වෙනත් කෙනෙකුගේ හඳුන්වාදීමකින් තොරව, තමන්ම පුරුදුකොට වැසූ විදසුන් මගින් මිසදිටු හැගුම් මුළුමනින්ම ඉවත් කරදමා මූලික අරමුණ ඉටුකර ගනිමින් මගපලයෙන් උපන් නුවණිනි. ඒ සියල්ලම තමන් විසින් අවබෝධ කරන ලද බැවින්, වෙනත් කෙනෙකුගෙන් ලද දෙය නොවේ. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති පරිදි දතයුතුය.
න පරනෙය්යො වෙනත් තැනැත්තන් විසින් (කැඳවාගෙන ගොස්) පමුණුවාලිය නොහැකිය. න පරප්පත්තියො (තමන් විසින්ම) පිරිසිඳ දතයුතු බැවින්, වෙනත් තැනැත්තන් විසින් තහවුරු කරවිය යුතු නොවේ. න පරප්පච්චයො වෙනත් තැනැත්තකු හේතුව ලෙස නොහේ. වෙනත් කෙනෙකු ගැන සැදැහැ බව පවතී යයි හේතුවක් වන්නේ නැත. න පරපටිබද්ධගූ වෙනත් තැනැත්තෙකු හා බැඳුණු නුවණ පැමිණීමක් ද නැත.
පළමු (ගාථාවයි.)
දෙවන (ගාථාවෙහි) නිල්ලොලුපො ලොල් බවින් තොර වීමයි. යමෙක් රසයෙහි දැඩිව ඇළුණේ ද ඔහු වඩ වඩාත් එහිම ඇලෙයි. එයටම ආසා කරයි. නැවත නැවතත් එයට ඇළුම් කරයි. එහෙයින් ‘ලොලුප’ යැයි කියනු ලැබේ. මෙහිදී එම ඇළුම් කිරිම පිළිකෙව් කරමින් නිල්ලොලුපො යැයි කීය. නික්කුහො යමෙකුට තුන්ආකාර වූ කුහක ගති නොමැති නම්, එසේ හැඳින්වේ. මෙම ගාථාවෙහි සිත් අලවන ආහාර ආදියෙහි පුදුම සුළුව ඒවාට ගිජු බවක් ඇතිකර නොගැනීම එයින් අදහස් කෙරේ. නිප්පිපාසො පානය කිරීමට ඇති කැමැත්ත පිපාසාය. එයට නොකැමති බව නිප්පපාසො, ඉමිහිරි රසයට ගිජුව අනුභවයට කැමති නොවීම තේරුමයි. නිම්මක්ඛො අනුන්ගේ යහපත් ගුණ වනසන අදහසින් එම ගුණ මකා දැමීමයි. එසේ ගුණ යටපත් කොට කතා නොකිරීම මෙහි අදහස් වේ. තමා ගිහි කාලයෙහි අරක්කැමියාගේ ගුණ යටපත් කළ ආකාරය ගැන (සිතා) මෙසේ කියන ලදී. නිද්ධන්ත කසාව මොහො කයෙන් වන දුසිරිත් ආදිය තුන් ආකාරවද එය සය ආකාරවද නියම ලෙසින් නොදැක, අනුන් කෙරේ (තමා) දකින සැටි කහට සේ දතයුතුය.
තුන් ආකාර වූ කහට කවරේද? රාග කහට, දෝස කහට හා මෝහ කහටය. මේ හැර තුන් ආකාර වූ තවත් කහටද වේ. එය කයෙහි වචනයෙහි සිතෙහි කහට යනුවෙනි. ‘තත්ථ කතමෙ තයො කසාවා? රාග කසාවො දොස කසාවො මොහ කසාවො ඉමෙ තයො කාසාවා, තත්ථ කතමෙ අපරෙපි තයො කසාවා? කාය කසාවො වචී කසාවො මනො කසාවො’ති.
ඒවා අතුරෙන් මෝහය හැර අනෙක් පස් ආකාර වූ ‘කහට’ වලටද සියළු ආකාරයෙන් මුල්වන මෝහයම (දුරුකොට) පිරිසිදු කරන ලද බැවින් මෝහය නමැති කහට දුරුකොට පිරිසිදු කරන ලදැයි කියන ලදී. ලොල්බවින් තොරව, රාග කහට නැතිව, අනුන් හෙළා නොදකින, ගුණමකු නොවන බැවින් තරහව හෙවත් දෝස කිලුටෙහි පිරිසිදු බවද ඇතිවන්නේමය. නිරාසයො තණ්හා ආසා නොමැති වීමයි. සබ්බලොකෙ මුළු ලෝකයෙහි, තුන් භවයෙහි, දොළොස් ආයතනයන්හි භව, විභව තණ්හා වළකා, තනිව හැසිරෙයි. එසේම තනිව හැසිරීමට හැකිවේ යැයි මෙසේ එහි සම්බන්ධතාව දැක්විය යුතුය.
දෙවන (ගාථාවයි.)
තුන්වන (ගාථාවෙහි) මේ කෙටි අදහසයි. යමෙකු කරුණු දහයකින් යුතු, පවිටු මිසදිටු ලාමක අදහස් සිත දරා සිටින බැවින් පාපො නම් වේ. අනුන්ටද අයහපතම උදාකරයි. එහෙයින් අනත්ථදස්සී වෙයි. කයින් කෙරෙන දුසිරිත් ආදියෙහි (යෙදීම) විසමෙ නිවිට්ඨො හිතවැඩ කැමති කුලපුතෙක්, පාපං සහායං පරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං සයං න සෙවෙ යනුවෙන් පවට සහය වන්නකු අත්හැර දමන්නේය. මෙසේ තමන් ඇසුරු නොකරන්නේ නම්, අනුන් කෙරෙහිද යම් බලපෑමක් (යහපත් ලෙස) කළහැකිදැයි කියන ලදී. පසූතං ඒ ඒ තන්හි ලගින, විසිරුණ තදින් එල්බගත් හැඟීම්, පමත්තං කාමයන්හි හිරවුණු සිතයි. යහපත් භාවනා ආදිය පුරුදු නොමැති වීමයි. එබඳු තැනැත්තන් ඇසුරු නොකරන්නේය. සබඳතා නොපවත්නේය. ඉතා ළඟින් සුහද ඇසුරක් නොකරන්නේය. හුදෙක් තනිව හැසිරෙන කඟවේණකු මෙනි.
නිද්දෙසයෙහි සයං න සෙවෙය්ය තමන් (එබඳු කෙනෙකු වෙත) නොඑළඹෙන්නේය. සාමං න සෙවෙය්යා සිතෙනුදු නොඑළඹෙන්නේය. න සෙවෙය්ය ඇසුරු නොකරන්නේය. න නිවෙසෙය්ය සමීපයටවත් නො යන්නේය. න සංසෙවෙය්ය ඈත් වන්නේය. න පටිසෙවෙය්ය ඉවත් වන්නේය.
තුන්වන (ගාථාවයි.)
සිවුවන (ගාථාවෙහි) කෙටි අරුත මේය. බහුස්සුතං දෙ ආකාරය. තුන් පිටකයෙහි අරුත් මැනවින් දැන සිටීම පරියත්ති බහුස්සුතා යැයි හැඳින්වේ. මගපල, විදුනැණ හා අභිඤ්ඤා අවබෝධය ලැබීම පටිවෙධ බහුස්සුත නම් වේ. ධම්මධර හෙවත් දහම සිත්හි දරාගැනීම අරුතද මීට සමානය. කයෙන්, වචනයෙන් සිතින් කෙරෙන යහපත් කටයුතු පිළිබඳ වටහාගැනීම හා අයහපත් දෙයක් වේනම් අත්හළ යුතුය යන වැටහීම හා තවදුරටත් පවත්වා ගතයුතු හා හළ යුතු දේ ගැන වැටහීම පටිභාන ලෙස දැක්වේ. දහම් කොටස් ඉගෙනීම හා විචාරීමෙන් ද, අවබෝධය ද යනුවෙන් පටිභාන හෙවත් වටහාගැනීම තුන් ආකාරය දතයුතුය. දහම් කොටස් ඉගෙන, එහි මනා වැටහීමක් ලබන තැනැත්තා ‘පරියත්ති පටිභාන’ නම් වේ. විමසූ විටක, එහි අරුතද (තම) දැනීම අනුව විස්තර ලෙස, සඳහන්ව ඇති ආකාරය (සඳහන් වන තැන්) පහදා දීමේ වැටහීමක් ඇති තැනැත්තා ‘පරිපුච්ඡා පටිභාන’ නම් වේ. සෝවාන් ආදී මගඵල අවබෝධ කරන තැනැත්තා ‘පටිවෙධ පටිභාන’ නම් වේ. එබඳු වූ බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං කෙනෙකුගේ ඇසුර මගින් තමාටත්, අනුන්ටත් යන දෙකොටසටම හෝ මෙලොව පරලොව නොයෙක් ලෙසින් හිතසුව පිණිස හේතු වේය යනුවෙන් අඤ්ඤාය අත්ථානි කියා තිබේ. එහිදී ‘මම අතීතයෙහි සිටියෙම්ද ආදී වූ සැක තැන්වල විනෙය්ය කංඛං සැකය දෙගිඩියාව දුරුකොට, මුළුමනින්ම ඉවත්කොට මෙසේ (සසරෙහි) සියළු කටයුතු අවසන් කරන ලදුව, (නිවන අවබෝධ කොට) තනිව හැසිරෙන කඟවේනකු ලෙස වන්නේය.