දෙ වැනි වර්‍ගය
දෙවන කොටසෙහි පළමු ගාථා දෙකෙහි නිපකං සොබාවයෙන්ම පිහිටි හැකියාව, කසිණ පිරියම් ආදී යහපත් දෙයෙහි දැනුම් තේරුම් ලද, සාධුවිහාරිං දැහැනින් හෝ පලසමවතින් යුතු, ධීරං නුවණැති, එහි නිපක යන්නෙන් නැණවත් බව අරුත් සේ කියා ඇත. මෙහිදී නුවණැති බවම අදහසයි. ඨිති නම් ලිහිල් නොවූ උත්සාහයයි. සම් ද නහර (.........කැමති වුවත් (කාමං තතො ච නහාරුචා) මෙසේ පවත්නා වූ උත්සාහයට සමාන වචනයකි. තවද පවට නින්දා කළ යන අදහසින් ධීර නම් වේ. රාජාව රට්ඨං විජිතං පහාය යම්සේ සතුරු රජු තම පාලනය කරන රටට අයහපතක් පැමිණේ යැයි දැන, රජකම හැරදමා තනිව හැසිරේද, එසේම (කරුණු දැනුම් තේරුම් නැති) තම සහාය පිරිස හැරදමා තනිව හැසිරෙයි. මෙයද එහි අරුතයි. ඉතිරි කරුණු කියා ඇති පරිදි දැනගැනීමට හැකිවෙතැයි විස්තර නොකරන ලදී.
පළමු (ගාථා දෙකයි.)
තුන්වන (ගාථාවෙහි) වචනවල අරුත් (කලින් කියා ඇති බැවින්) පැහැදිලිය. සහාය සම්පදං හුදෙක්ම සීලාදී ගුණ සමූහයෙන් යුතු රහත් ඵලයට පැමිණි උතුමන්ගේ සහායම මෙහිලා දතයුතුය. මෙය එහි විස්තරයයි. මේ කියන ලද සහායකයකු ලැබීම අද්ධා පසංසාම ඒකාන්තයෙන්ම තුති කළ යුතුය. අගය කළ යුතු යැයි කියන ලදී. ඒ කෙසේද? සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා කවර හෙයින්ද? තමා කෙරෙහි සීලාදී උතුම් ගුණදහම් (කලින් නොතිබුණද) උසස් කෙනෙකු ඇසුරු කරනවිට දැන් ඇති වූ ගුණදහම්, වැඩි දියුණුවට - මහත් බවට පැමිණේද, තමා හා සමාන සහායකයකු ඇසුරු කරනවිට, එකිනෙකා කෙරෙහි කතාකොට සැක දුරුකර ගැනීමෙන් ගුණදහම් නොපිරිහේ. එබඳු උසස් හෝ සමාන සහායකයකු ලැබුවද නොලැබුවද කුහක - වැරදි දිවිපැවැත්ම හැරදමා - දැහැමින් සෙමින් ලැබෙන ආහාර අනුභව කරමින්, එහි නොසතුටක්, තරහක් ඇතිකර නොගනිමින් නිවැරදි ආහාර ලබන්නෙකු හෙවත් ‘අනවජ්ජභොජීව’ හිත වැඩ කැමති කුලපුතකුව තනිව හැසිරෙන කඟවේණකු මෙන් වන්නේය. මම ද එසේ හැසිරෙමින් මේ උතුම් අවබෝධය ලැබුවෙමි. නිද්දේසයෙහි කියා ඇති පරිදිය.
තුන්වන (ගාථාවයි.)
සතරවන (ගාථාවෙහි) දිස්වා බලා, සුවණ්ණස්ස රත්රන්වල, ‘වලයානි’ යනු අතිරේක වචනයකි. ඉතිරි පාඨයෙහි මේ අරුතමයි. පභස්සරා පැහැපත් වූ දීප්තිමත් යැයි කියන ලදී. ඉතිරි කරුණු පැහැදිලිය. මේ දැක්වෙන අදහසයි. අතෙහි රන්වළලු දැක, සමූහයක් ලෙස එක්වූ විට, හඬ නැගීමත්, තනි වළල්ලක් (අතෙහි දැමුවිට) හඬක් නොවීමත් සිතමින්, (සමූහයක්ව සිටීමේදී ඇතිවන ගැටුම) විදසුන් වඩා අවබෝධ කළෙමි. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය. නිද්දෙසයෙහි, නූපුරානි වළලු. ‘නියුරානි’ යැයි ඇතැමෙක් කියති. ඝට්ටෙන්ති එකක් අනික හා ගැටේ. හැපේ.
සිවුවන (ගාථාවයි.)
පස්වෙනි ගාථාවේ වචන තේරුම් කලින් කියා ඇති පරිදිය. මේ එහි අදහසයි. දුතියෙන දෙවැන්නකු සේ ඒ කුමාරයා සමග විසීමෙන් සීතල උණුසුම දැනෙන බව කියනවිට ඒ ගැන හැඟවීමේදී මම වාචාභිලාපො එහි සෙනෙහස ලෙසින්, අභිසජ්ජනා හටගත්, මම මොහු අත්හැර නොදමන්නේ නම්, නැවතද එසේම වෙයි. දැන් මෙසේ දෙවැන්නකු සහ, මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා එය දෙදෙනාටම සිතෙහි උසස් බවක් ලබාගැනීමට අනතුරුදායක වෙයි. එතං භයං ආයතිං පෙක්ඛමානො එය හැරදමා, නුවණ මෙහෙයා පසේබුදුබව අවබෝධ කළෙමි. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
පස්වෙනි (ගාථාවයි.)
හයවෙනි ගාථාවෙහි කාමා යනු දෙආකාරය. වත්‍ථුකාම සහ කිලෙසකාම යනුවෙනි. වත්‍ථුකාම යනු කැමැත්ත ඇතිකරවන, සතුට දනවන රූප ආදියයි. කිලෙසකාමා යනු ඡන්‍ද ආදී රාගයට අදාල සියළුම කොටස්ය. මෙහි අදහස් කරන්නේ වත්‍ථුකාමයයි. රූප ආදී නොයෙක් ආකාර ලෙසින් චිත්‍රා වේ. ලෝකයට අයත් (එදිනෙදා ජීවිතයට) රසවිඳින - ආස්වාදය. ලබන අදහසින් මධුරා වේ. නුවණ මඳ, කෙලෙස් වසගවන, ජනතාව සිත් ඇලෙන සුළු බැවින් මනොරමා වේ. විරූප රූපෙන විරූප වූ රූපයෙන්, නොයෙක් ආකාරව යැයි කියන ලදී. ඒවා රූප විලාසයෙන් විසිතුරුය. රූප ආදියද නිල් පැහැයෙන් නොයෙක් ආකාරය. එසේ නොයෙක් ආකාරයෙන් ඒ ඒ වින්දන පෙන්වා මථෙන්ති චිත්තං (සිත වසඟ කරගෙන) පැවිද්දෙහි නතුවීමට ඉඩ නොදෙයි. ඉතිරි කරුණු පැහැදිලිය. ඒ (කරුණුවලට අදාලව) නිගමනයද දෙවන-තුන්වන පදවලට ගලපා මුල් ගාථා අනුව පෙර කියා ඇති පරිදි දතයුතුය.
කාමගුණ කැමති කරවන අරුතින් කාමා, බැඳීම් අරුතින් ගුණා ‘මහණෙනි, අළුත් රෙද්දෙන් දෙපට සිවුරක් අනුදනිමි ‘අනුජානාමි භික්ඛවේ අහතානං වත්‍ථානං ද්විගුණං සංඝාටිං’ - මෙහි ගුණ අරුතිනි. කාලය ඉකුත් වෙයි. රෑ ගෙවෙයි. කෙමෙන් වයසේ ගති සොබාව අත්හැර යයි. ‘අච්චෙන්ති කාලා, තරයන්ති රත්තිසො වයො ගුණ අනුපුබ්බං ජහන්ති’ මෙහි සමූහ අරුතිනි. ‘සිය ගුණයකින් දීමෙන් බලාපොරොත්තු විය යුතුය’ සතගුණ දක්ඛිණ පාටිකංඛි තබ්බා - මෙහි ආනිසංස අරුතිනි. ‘බඩවැල, කුඩා බඩවැල’ - ‘අන්ත අන්තගුණං’ නොයෙක් ආකාර මල්(දම්) සකස් කරන්නේය. කයිරා මාලා ගුණෙ බහූ මෙහි බැඳීම් (එකට ගොනු කරන) අරුතිනි. කාමගුණ යයි මෙහි ගුණ යෙදී ඇත්තේ එම අරුතිනි. එහෙයින් බැඳීම් අරුතින් ගුණ යැයි කියන ලදී. බන්‍ධනත්‍ථෙන ගුණ’ චතූති විඤ්ඤෙය්‍යා ඇසින් (හඳුනාගෙන) දැකිය යුතුය. මේ ආකාරයෙන් කනින් (හඬ) හඳුනාගැනීම ආදියෙහි අරුත් දතයුතුය. ඉට්ඨා අදහස් කොට හෝ, මට ලැබේවා. අයත් වේවා! ලෙසට සිත්ගත් මනාප වූ අරමුණු ඇතිව යන අරුතයි. කන්තා සිත් අලවන, කමනීය. මනාපා මන වඩන්නා වූ, පියරූපා කැමති බව වඩන, කාමූපසංහිතා අරමුණු කොට ඉපදෙනු ලබන කැමැත්ත ඇති බැවින්, ආසා කරන ගතියෙන් යුතු, රජනීයා රාගී බව වඩවන ඇලීම් සහගත වූ,