16. පිඞ්ගිය සූත්‍ර නිර්දේශ වර්ණනාව
දහසය වන පිංගිය සූත්‍රයයි. ඡිණ්ණොහමස්මි අබලො වීතවණ්ණෙ ඒ බමුණා එකසිය විසිවයස් ව, ජරාවට පත්ව, දුබලව, ‘මෙතැන පා නොතබමි’ යි. සිතුවද වෙනත් තැනක පාද තබමින් ගමන් කරයි. පෙර තිබූ සමෙහි පැහැය දැන් විරූපීය. ‘එහෙයින් මම ජරාවට පත්වීමි. සවිබල නැත්තෙක්මි. සිරුරු පැහැය වෙනස් වී ඇතැයි’ කීය. මාහං සනස්සං මොමූහො අන්තරාවා ඔබවහන්සේගේ දහම අවබෝධ නොකොට, දැනුමැති කෙනෙක් නොවී මම නොනැසෙම්වා! ජාති ජරාය ඉධ විප්පහාණං මෙහිදීම ඔබවහන්සේගේ පාමුල පාසාණක චෙතියෙහිදී හෝ ඉපදීම ජරාව නසන නිවන - ඒ දහම මම දැනගන්නෙමි. එය මට කියනු මැනවි.
අබලො බලය - සවිය නැතිව, දුබ්බලො පිරිහුණු සවියෙන්, අප්පබලො සවිමත් බව අඩු, අප්පථාමො වෙර වීරිය අඩු, වීතවණ්ණො සමේ පැහැය වෙනස් වූ, විගච්ඡිත වණ්ණෙ සමේ පැහැය වැනසුණු යා සා පුරිමා සුභා වණ්ණනිභා පෙර කාලයේ තිබූ යහපත් සොඳුරු පැහැපත් බව දැන් අතුරුදන්ව ඉවත්වී ඇත. ආදීනවො පාතුභූතො උවදුරක් පහළ විය. යා පුරිමා සුභා වණ්ණනිභා යන පාඨය හැර ‘යා සුභා අස්සා’ යැයි ඇතමෙක් විස්තර කරති.
අසුද්ධා පටල ආදිය පිරිහී ඇත. අවිසුද්ධා අඳුරු (සේයාවකින් පෙනීම) අවුල් බවකි. අපරිසුද්ධා හාත්පස බිබිලි ආදියෙන් (සම) පටල වෙලී අපිරිසිදු වී, අවොදාතා නොපහන් වූ, නො තථා චක්ඛුනා රූපෙ පස්සාමි පෙර ඇසෙන් රූප අරමුණු දකිමි. බලමි. දැන් ඒ ආකාරයෙන් නොදකිමි. සොතා අසුද්ධා (කන් ඇසීම පිළිබඳවද) මේ ආකාරයෙනි. මාහං පනස්ස මම නොනැසෙම්වා!
දැන් පිංගිය සිරුරෙහි ඇති තතු දක්වා ‘මම ජරාවට පත්වූයෙමි’ ආදී ලෙස කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ, කයෙහි සෙනෙහස නැති කරලීම පිණිස (සිත) වෙහෙසට පත් කරවන රූප දැක......... ‘දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ’ යන ගාථාව වදාළහ. රූපෙසු රූප හේතුකොට, රූප නිසා, විහඤ්ඤමානෙ (ඊට අදාලව) කරන කියන දෙයෙහි වෙහෙසෙමින්, රූපන්ති රූපෙසු ඇස් රෝග ආදිය රූප හේතුකොට ගෙනම, ජනයා වෙනස් වෙති. බැඳෙති. කෝප වෙති.
හඤ්ඤන්ති ගැටෙනු ලැබෙති. විහඤ්ඤන්ති වෙහෙසවනු ලබති. උපවිහඤ්ඤන්ති අත් පා සිඳීම් ආදිය ලබති. උපසාතියන්ත මරණය ලබති. කුප්පන්ති පෙළෙති. පිළීයන්ති වෙහෙසට පැමිණෙති. ඝටීයන්ති ගැටීමට පැමිණෙති. ව්‍යාධිතා බය වී, දොමනස්සිතා සිත් වෙහෙසට පත්ව, වෙමානෙති නැසෙන කල
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් අරහත් පල තෙක් දේසනා කරන ලද පිළිවෙත ඇසූවත්, කය දුබලතාව නිසා වෙසෙසක් නොලබාම නැවත පිංගිය, දිස්වා චතස්සො යන මේ ගාථාවෙන් උන්වහන්සේ අගයමින් දේසනා කරන ලෙස ඉල්ලයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට නැවත ද අරහත් පල තෙක් පිළිවෙත දක්වමින් තණ්හාධිපන්නෙ යන ගාථාව වදාළහ.
තණ්හාධිපන්නෙ තණ්හාවෙන් ගැලී සිටි කල, තණ්හානුගෙ තණ්හාව සමග යන කල්හි, තණ්හානුගතෙ තණ්හාව සමග ලුහුබැඳ යනවිට, තණ්හානුසටෙ තණ්හාව සමග දුවන කල, තණ්හායපන්නෙ තණ්හාවෙන් ගිලී, පටිපන්නෙ තණ්හාවෙහි බැසගත්, අභිභූතෙ මඩිනු ලබනවිට, පරියාදින්න චිත්තෙ හාත්පසින් මැඩපවත්වාගෙන ඇතිකරගන්නා ලද කුසල සිතෙහි.