පාරායනත්ථුතිගාථා නිර්දේශ වර්ණනාව
මෙයින් පසු සංගායනාවට සහභාගි වූ තෙරුන් වහන්සේලා දේසනය පසසමින්, ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ’ යැයි සඳහන් කළහ. ඉදමවොච මේ ‘පාරායණ’ හෙවත් සසරින් එතරවීමේ පිළිවෙත වදාළහ. පරිවාරක සොළසානං බාවරීගේ පිරිවර, (ගෝලයන්ද) පිංගිය සමග දහසයක්, ඒ දහසයක් වූ පිරිසට ඉදිරියෙන්ද, පසුපසින්ද, වම්පසින්ද, දකුණු පසින්ද සය යොදුනක්, සය යොදුනක් සේ හුන්හ. ඉදිරිපස කෙළින්ම සිටි පිරිස දොළොස් යොදුනක් විය. අජ්ඣිට්ඨො ඉල්ලන ලද්දේ.
අත්ථමඤ්ඤාය පාලි අරුත දැන, ධම්මමඤ්ඤාය පෙළ (දහම) දැන, පාරායණ පාරායණ නම් වූ මෙම දහම් කොටසට මෙසේ සමාන වචනයක් ඉදිරිපත් කොට, ඒ බමුණන්ගේ නම් කියමින් ‘අජිත’..... උතුම් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ’ යැයි කීහ. සම්පන්නචරණං නිවනෙහි පිහිටීමට හේතුවන පාමොක් සීලාදියෙන් යුතු, ඉසිං ඉසිවරුන්ගෙන් උසස් වූ.
නිද්දේසයෙහි, උපාගමිංසු සමීපයට ගියහ. පයිරුපාසිංසු සමීපයෙහි හුන්හ. පරිපුච්ඡිංසු පිළිතුරු බලාපොරොත්තුව ඇසූහ. පරිපඤ්හිංසු සමකොට බැලූහ.
සීල පාරමීප්පත්ති උතුම් සංවරසීලි බව, පිරිපුන් වීම, (පිලිවෙත්) මගෙන් හටගත් සීලය යන අරුතයි.
ගම්භීරෙ නොගැඹුරු බව, පිළිකෙව් කළ වචනය, දුද්දසෙ ගැඹුරු බවින්ම දැකීමට අමාරු, දුකින් දතයුතුයි. පහසුවෙන් දැකිය නොහැකිය. දුකින් දතයුතු නිසාම දූරනුබොධෙ දුකින් අවබෝධ කළ යුතුයි. පහසුවෙන් අවබෝධ කළ නොහැකිය. සන්තෙ නිවුනේ, පණිතෙ සෑහීමට පත් නොවන, මේ වචන දෙකම ලොවුතුරු බව සළකා කියන ලදී. අතක්කාවචරෙ වාද විවාදකොට එළඹිය හැකි නොවේ. (තීරණයට) බැසගත හැකි (එළඹිය හැකි) නොවේ. නුවණින්ම අවබෝධ විය යුතුය. නිපුණො සියුම්, පණ්ඩිතවෙදනීයෙ මැනවින් පිළිපන්, දැනුම් තේරුම් ඇත්තන් විසින් දතයුතුය.
තොසෙසි සතුට දැනවීය. විතොසෙසි නොයෙක් ලෙස සතුට උපදවීය. පසාදෙසි ඔහුගේ සිත පැහැදුන බව දැක්වීය. ආරාධෙසි සිත් ගත්තේය. (අදහස ඉටුවන තැනට පත්විය.) අත්තමනෙ අකාසි සොම්නස්ව තම සිත හෙළි කළේය.
එයින් පසු බ්රහ්මචරියං චරිංසු මග බඹසර හැසිරුණහ.
තස්මා පරායණං ඒ එතරට යන, නිවණට පමුණුවන යනුවෙන් කියන ලදී.
පාරායනානුගීතිගාථා නිර්දේශ වර්ණනාව
පාරායණ මනුගායිස්සන්ති යනු මෙහි සම්බන්ධයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාරායන’ නම් වූ දහම් කොටස දේශනා කළවිට දහසය දහසක් ජටිලයෝ අරහත් පලයට පැමිණියහ. සෙසු දහහතර කෝටියක් දෙව් මිනිසුන්ට දහම් අවබෝධ විය. පැරණි වියතුන් විසින් මෙසේ කියන ලදී.
තතො පාසාණකෙ රම්මෙ පාරායණ සමාගමෙ,
අමතං පාපයී බුද්ධො චුද්දස පාණකොටියො
අමතං පාපයී බුද්ධො චුද්දස පාණකොටියො
දහම් දෙසුම නිමවූ විට, ඒ ඒ පෙදෙස්වලින් පැමිණි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් තම තමන්ගේ ගම්නියම්ගම් ආදී පෙදෙස්වලට පැමිණ වූහ. භාග්‍යවතුන් වහන්සේද (බාවරීගේ) පිරිවරව සිට සොළොස් දහසක් සඟ පිරිස සහ නොයෙක් දහස් ගණන් බික්සඟන පිරිවරා සැවැත්පුරට පැමිණියහ. එහිදී පිංගිය හිමි භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘හිමියනි, බාවරි ඇඳුරුතුමාට බුදුවරයකු ලොව පහළ වූ බව සැලකිරීමට යමි, ඔහුට මා පොරොන්දු වී’ යැයි කීවේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලද පිංගිය හිමි, ඉඳු බෙලෙන් ගොදාවරී ගංතෙරට පැමිණ, පා ගමනින් අසපුව දෙසට ගියේය. මග බලමින් හුන් බාවරී බමුණා, තවුස් පිරිකරද - ජටා ආදිය ද නොමැතිව පැවිදිවෙසින් එන (පිංගිය හිමි) දුරදීම දැක ‘බුදුවරයකු ලොව පහළව ඇතැ’යි තීරණය කළේය. පැමිණිවිට, ‘කිමෙක්ද? පිංගිය, බුදුවරයකු ලොව පහළවීදැ’යි ඇසීය. ‘එසේය, බමුණ, බුදුවරයෙකු ලොව පහළව ඇත. පාසාණක සෑයෙහිදී අපට දහම් දෙසූහ. මම ඔබට ඒ දහම දේසනා කරන්නෙමි’යි කීය. එවිට බාවරී මහත් ගරු සැළකිලිමත්ව, පිරිස හා පුදසත්කාර කොට, අසුනක් පැනවීය. එහි හිඳ, පිංගිය හිමි, ‘පාරායණ මනුගායිස්සන්ති’ ආදී ගාථා කීය.