15. මොඝරාජ සූත්‍ර නිර්දේශ වර්ණනාව
පහළොස්වන මොඝරාජ සූත්‍රයයි. ද්වාහං දෙවරක්ම අජිතටද තිස්ස මෙත්තෙය්‍යටද කරුණු පැහැදිලි කිරීමෙන් පසු, මෝඝරාජ ද දෙවරක්ම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීය. ඔහුගේ ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු වනතුරු එයට ඉඩ නොදුන්හ. එහෙයින් ‘මම දෙවරක්ම ඒ උතුමාගෙන් විමසීමි’යි කීය. යාව තතියඤ්ච දෙවිසි ව්‍යාකරොති මෙ සුතං අති පිරිසිදු දෙවියකු බවට පත්, ඉසිවර භගවත් සම්මා සම්බුදුන් වහන්සේගෙන්, සහදැමියෙකු තුන්වරක් දක්වා යම්කිසි කරුණක් අසන ලද විට, එය පැහැදිලි කර දෙතියි මා අසා ඇත. ගෝදාවරී නදී තෙරදී මා එසේ අසන ලදී. එහෙයින් ‘ව්‍යාකරොතීති මෙ සුතං’ යැයි කීය. මේ ගාථාවෙහි නිද්දෙසයෙහි කියා ඇති කරුණු යට සඳහන් පරිදිය.
අයං ලොකො මිනිස් ලොව, පරො ලොකො ඒ හැර ඉතිරි ලෝක, සදෙවකො බඹලොව හැර දෙවියන් ලෙස උපත ලැබූවන් සහ දෙවියන් යැයි සම්මතව හඳුන්වන්නන්ගෙන් යුතු, බ්‍රහ්මලොකො සදෙවකො මේ ආකාර වූ දෙවියන් සහිත ලෝකය යැයි ආදී තැන් ලෙස නිදසුන් පමණි. ඒ අනුව සඳහන් කර ඇති පරිදි ලෝකය දතයුතුය.
එවං අභික්කන්ත දස්සාවිං මෙසේ දෙවියන් සහිත සියළු ලෝවාසීගේ අදහස්, ගතිසොබා, සසර ඉපදීම් හා ඉන් මිදීමද දැකීමට හැකි, උසස් ලෙස දකින.
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු උවමනාවන, පවතින (වැදගත්) සේ සලකනු ලබන දේවල් හිස්බවද ඒවා හේතු රැසක එකතුවක් ලෙසද යන දෙආකාරයෙන්ම ලෝකයෙහි හිස්බව නුවණින් විමසා බලව. අත්තානුදිට්ඨිං ඌහච්ච මමය-මගේය යන දැඩිව ගන්නා ලද දැකීම උදුරා ඉවත දමා.
ලුජ්ජති බිඳේ. චක්ඛති ඇස, එය පිරිවර දේවල් සහිතව (ඇස හා එහි ඇති කොටස්) සුදුපැහැ මඩුල්ලක් සේ (වේදිකාවක් සේ) වටව කන්මඬල මැද - ඉදිරියෙහි සිටින තැනැත්තන්ගේ සිරුරු, හැඩ ලකුණු, එයින් සැකසෙන දේ අනුව (පෙනෙන දේ) දැකීමේ, සුදුසු පරිදි හඳුනා ගැන්ම ඉටුකරමින් සිටී. රූපා පැහැය වෙනසට පත්වෙමින්, හදවතට දැනෙන බව සඳහන් වෙතියි තේරුමයි. ඇසෙන් පවත්නා (ගන්නා) හැඳිනීම, ඇසට හෝ ඇස ඇසුරු කොට හෝ හඳුනා ගැනීම චක්ඛු විඤ්ඤාණං ඇසෙන් පවත්නා පහස චක්ඛු සම්ඵස්සො, චක්ඛු සම්ඵස්ස පච්චයා ඇසෙන් හඳුනාගත් දෙයින් වන පහස හේතුවෙන්, වෙදයිතං විඳීම වේදනා යන අරුතයි. එහි සැප ගෙන දෙනුයේ සුඛං සුවයයි. එය යමෙකු කෙරෙහි ඇතිවේද, ඔහු සුවපත් කරතියි යන අර්ථය සුච නම් වේ. කාය චිත්ත ආබාධයන් කා දමති. මනාසේ සාරාදමතියි හෝ යන අර්ථයෙන් ද සුඛ නම් වේ. දුක්ඛං දුන් පමුණුවනු සපාකයි. ලබයි. යම් ඇතිවන්නා වූ (ලබන්නා වූ) දෙයක් දුක් සහගත බවට පත් කරයි යන අරුතයි. දුකත් නොවීද, සැපයකුත් නොවීද අදුක්ඛමසුඛං ‘ම’ අකුර වචන සන්‍ධි ලෙස කියන ලදී. ඒ ඇස හා පහස එක්ව යෙදුනු වින්දනයෙන් (වෙදනා) එක්ව සම්බන්ධවීමෙන් (සහජාත) එකිනෙකට ඇතිවීමට උපකාර වෙමින් (අඤ්ඤමඤ්ඤ) එකිනෙක ඇසුරු කරමින් (නිස්සය) පල ගෙන දෙමින් (විපාක) නොසිඳී පවතිමින්, (ආහාර) එකිනෙකට මුසුවෙමින්, (සම්පයුත්ත), (ඇතිවීම-පැවැත්ම-නැතිවීම යන) ගතිසොබා තිබීමෙන් (අත්‍ථි) එතෙක් නැති නොවූ බැවින්, (අවිගත) යන හේතු අටක් වෙයි. එහි පහස පිළිගන්නා බැවින්, අනන්තර, සමනන්තර, රූප, උපනිස්ස යන හේතු නැත. (ඇස හා පහස) ඉවත් නොවූ බැවින් තීරණය කිරීම් ආදී (සන්තීරණ) පස්ආකාර අනුව, අදාල සිතිවිලි ඇතිවීමට උපකාර ලෙස (උපනිස්සය) දක්වා ඇත.
සවන යොමු කරන අරුතින් සොතං කන, එයට අදාල අනෙක් කොටස් සමග) දේවල් සහිතව, එහි බිල තුල පිහිටි සියුම් තඹවන් ලෝම ඇති ඇඟිල්ලක වෙළුමක් පමණ (මුදුවක් පමණ) පෙදෙසෙහි සොත විඤ්ඤාණය සුදුසු පරිදි හඬ නමින් හඳුන්වන දෙය (සද්ද) ලබාගැනීමේ අරමුණ ඉටු කරමින් සිටී. හඬ ළගා කරයි. සද්දා හඬ පිටකරනු ලබයි යන තේරුමයි. ගඳසුවඳ දැනගනී යැයි ඝාණං, එය නාස් සිදුර තුල, එළුවකුගේ පා සටහන තරම් පෙදෙසක පිහිටි ඝාණ විඤ්ඤාණ නමින් ගඳ සුවඳ ලබාගැනීමේ අරමුණ ඉටුකරමින් සිටී. ඒ ගඳ සුවඳ හඳුනා ගනු ලැබීම ගන්‍ධො ජීවිතය කැඳවනු ලබතියි ජිව්හා රස දැනීම අරුතින් හෝ ජිව්හා දිව, ඒ හා අදාල අනෙක් කොටස් සමග - එහි අග-මුල හැරදමා, හරි මැද මතුපිට, මැදින් බිඳුණ උපුල් පතක අග බඳු සටහන් ඇති පෙදෙසෙහි ජිව්හා විඤ්ඤාණයට සුදුසු පරිදි රසය ලබාදීම ඉටුකරමින් සිටී. ඒවා ජීවීන්ට රසය දෙන බැවින් රසා රස විඳීම ලබාදෙතියි තේරුමයි.