13. උදය සූත්‍ර නිර්දේශ වර්ණනාව
දහතුන්වන උදය සූත්‍රයයි. එහි අඤ්ඤා විමොක්ඛං නුවණ බලයෙන් වැටහෙන පරිදි මිදීම - නිදහස ගැන විමසයි.
පඨමෙනපි ඣානෙන ඣායි විතක්ක විචාර පීති සුඛ චිත්ත ඒකග්ගතා යන කරුණු පහෙන් යුතු පළමු දැහැන වඩයි. දුතියෙන පීති සුඛ චිත්ත ඒකග්ගතා කරුණින් යුතු, තතියෙන සුඛ ඒකග්ගතාවෙන් යුතු, චතුත්ථෙන උපෙක්ඛා චිත්ත ඒකග්ගතාවයෙන් යුතු සවිතක්ක සවිචාරෙන පි ඣානෙන ඣායති සිවුනය, පස්වන නය ආදියෙහි පළමු දැහැනින් විතක්ක විචාර සහිතව දැහැන් වඩයි. අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක අවිචාරෙන දෙවන තෙවන ආදී ඉතිරි දැහැනින්, සප්පීතිකෙන පීතිය සහිත දෙවන තෙවන දැහැනින්, නිප්පීතිකෙන පීතිය රහිත එම ඉතිරි දැහැන්, සුඛ සහගතෙන සුව සහගත තෙවැනි සිදුවන දැහැනින්, උපෙක්ඛා සහගතෙන සිවුවන පස්වන දැහැන්, සුඤ්ඤතෙන සුඤ්ඤතා හෙවත් හිස් බව හා මිදුණු බවින් යුතු, අනිමිතෙනපි නිමිත්තක් තහවුරු නිතර මෙනෙහි කොට, තමා විසින් නිමිති කොට ගෙනද (පසුව) අත්හැරීමෙන් ලැබූ නිමිති රහිතව දැහැන් වඩයි. අප්පණිහිතෙන පැමිණි මග ලෙසින් (භාවනා) බලාපොරොත්තුව හාත්පසින් පිරිසිදුව දරාගෙන ඵලසමවත් ලෙසින් ආසා නොවීමද, ලොකිකෙනපි ලෝකීය වූ පළමු, දෙවන, තුන්වන හා හතරවන දැහැන්ද.
ලොකුත්තරෙනපි එමෙන්ම ලොවුතුරු ලෙසින්ද ඣානරතො දැහැන්හි ඇලුනේ, එකත්ත මනුයුත්තො එක්කෙනෙකු ලෙස, තනිවම යෙදී, සදත්ථගරුකො තම (ලොවුතුරු) දියුණුව ගරු කරමින්, ක’ අකුරට ‘ද’ යොදන ලදී. තම දියුණුව ලෙසින් අරහත් බව දතයුතුය. තමාට ළංවූ සබඳතාවෙන්, තමාගෙන් අත් නොහැර, තම අරමුණු අනුවද, තමාට වැඩදායී ලෙසද යන අරුතින් ‘සකත්ථ’ යැයි කියනු ලැබේ. පල සමවතට සමවදනා ලෙසින් තම දියුණුවට ගරු කරමින්, නිවනට ද ගරු කරන්නෙකැයි ඇතමෙක් කියති. අරජො කෙලෙස් නැති, විරජො කෙලෙස් ඉහතහළ, නිරජො කෙලෙස් පහකළ විගතරජො යනුවෙන්ද පාඨයකි. එය මෙම අරුතමය. රජාපගතො කෙලෙස් වනසන ලද, රජවිප්පහීනො කෙලෙස් නැසූ, රජවිප්පමුත්තො කෙලෙස්වලින් මිදුණු.
පාසාණකෙ චෙතියෙ පාරායන සූත්‍ර දේසනා කළ තැන - ගල්තලාවෙහි, සබ්බාසසුක්ක පටිප්පස්සද්ධත්තා සියළු කෙලෙස් (හටගන්නා) උත්සාහ සංසිඳවූ බැවින්, නැසූ බැවින්.
කිච්චාකිච්චං මෙය කළ යුතුය, මෙය නොකළ යුතුයැයි මෙසේ සිතින් සිතිය යුතුය. කරණියා කරණීයං කය නැමති දොරටුවෙන් මෙය කිරීමට ඇවැසිය. මෙය නොකිරීම අවැසි යැයි මෙසේ කළයුත්ත හා නොකළ යුතු දේ, පහීනං හැරදැමූ, වසිපත්තො මැනවින් පුරුදු කළ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය (බමුණු) සිවුවන දැහැන ලැබූවෙකු බැවින්, ඔහු ලද එම දැහැනට අනුව, නොයෙක් අයුරින් මිදීම දැනගැනීමට අදාලව මතු දැක්වෙන ගාථා (දෙක) වදාළහ. පහානං කාමච්ඡන්දානං මෙසේ පළමු දැහැන උපදවා ගනු ලබන තැනැත්තා කාමච්ඡන්දය දුරු කරයි. ඒ අනුව මිදීම දැනගැනීම ගැන කියමි. මෙසේ සියළුම පදවල යෙදිය යුතුය.
චිත්තස්ස අකල්ලතා සිතෙහි ගිලන්බව, ගිලනාට අකල්ලක යැයි කියනු ලැබේ. හිමියෙනි, මම ගිලන් නොවෙමි’ ‘නාහං භන්තෙ අකල්ලකො’ යැයි විනයෙහිද කියන ලදී. අනමඤ්ඤතා සිතෙහි ගිලන්බව යැයි කියන ලද නිසි කටයුතු කිරීමෙහි නොහැකි බව, ඔලීයනා පසුබට වන අයුරින්, ඉරියව් හඳුනන - පවත්නා සිතෙහි ඒ ඉරියව් දරා ගැනීමට නොහැකිව, වවුලකු ගසක එල්ලී සිටින්නාක් මෙන්, කොකෙහි එල්ලන ලද පැණි ජෝගුවක් මෙන් ඇලවෙයි. ඔහුගේ ඒ ආකාරය සඳහා ‘පසුබටවීම’ යැයි කියන ලදී. දෙවන පදය උපසග්ගයෙකින් (අරුත) වැඩියෙන් දක්වා ඇත. ලීනං පැතිරී නැති, හැකිළුණු, අනික් පදයෙන් දෙආකාර බව පෙන්වන ලදී. ථීනං ගිතෙල් පිඬක් මෙන් නොවැගිරෙන ගතියෙන්, උකු බවින් සිටී. ථියනා ඒ ආකාරය පෙන්වයි. හැකිළෙන බව ඨියිතත්තං නොපැතිරුණු අරුතින් තදබවයි.
උපෙක්ඛාසතිසංසුද්ධං සිවුවන දැහැනෙහි මැදහත් සිහියෙන් මනා පිරිසිදුව, ධම්මතක්ක පුරෙජවං මෙයින් ඒ සිවුවන දැහැන් මිදීමෙහි සිට දැහැන්වල ඇතුලත් ඒ ඒ අංග පිළිබඳව විදසුන් වඩා ලබන ලද අරහත් බව (හෙවත් සියළු කෙලෙසුන්ගෙන් මිදීම) සඳහා කියයි. අරහත් විමුක්තියට (අයත්) අරිඅටැඟි යහපත් නිවැරදි කල්පනා ලෙසින් දහම් විමසා බැලීමට ඉදිරියට මෙහෙයවයි. එහෙයින් ‘ධම්මතක්ක පුරෙජවං - ධම්මතක්ක නම් නිවැරදි සංකල්පනා පෙරටුකොට යැයි කීහ. අවිජ්ජාය පභෙදනං ඒ අඤ්ඤාවිමොක්ඛ හෙවත් අරහත් බව අවිජ්ජාව බිඳ දමන ලදුව නිවන නිසා හටගත් බැවින් ඒ කරුණු අනුව එසේ කියමි යනුයි.
යා චතුත්ථජ්ඣානෙ උපෙක්ඛා මෙහි හටගැනීම බලයි යන අරුතින් උපෙක්ඛා වේ. එක් පසකට නොයා සමව බලයි තේරුමයි. උපෙක්ඛනා යනු ඒ ආකාරය දැක්වීමයි. අජ්ඣුපෙක්ඛනා යයි උපසග්ග පදයකින් අරුත දියුණු කරන ලදී. චිත්තසමථො සිතෙහි එකඟ බවයි. චිත්තප්පසටතා සිතෙහි අඩුලුහුඩු බව (වැරදි) හැරදැමූ බව, මජ්ඣත්ථතා සිතෙහි අන්තගාමී නොවන බව.