12. භද්‍රාවුධ සූත්‍ර නිර්දේශ වර්ණනාව
දොළොස්වන භද්‍රාවුධ සූත්‍රයයි. ඔකං ජහං (ගිහිගෙයි) ආසාව දුරලූ, තණ්හාච්ඡිදං සිරුර හා බැඳි තණ්හාව නසන ලද, අනෙජං ලෝ දහමෙහි කම්පානොවන, නන්දිං ජහං අනාගතයෙහිදී රූපාදී බලාපොරොත්තු හැර දැමූ, තණ්හාව නම් වූ එකම කරුණ ගැන (තථාගතයන් වහන්සේ විසින් පැවසීම) අගය කිරීමේ අදහසින් මෙහි නොයෙක් ආකාරයෙන් කියන ලදී. කප්පං ජහං දෙ ආකාරයෙන් (තණ්හා-දිටඨි) කල්පනා දුරලන ලද, අභියාචෙමි වෙසෙසින් අයදිමි, සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො අති උතුම් වූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ වචන අසා මේ පාසාණක චෙතිය (පෙදෙසින්) බොහෝ ජනයා පැමිණෙතියි අදහස් වේ.
යෙ උපායුපාදානා තණ්හා දිට්ඨිවලට එළඹ ගන්නා ලද, චෙතසො අධිට්ඨානා සිතෙහි පිහිටුවාගෙන, අභිනිවෙසානුසයා (එසේ) පිහිටුවාගෙන අවුත් (යටපත් කොට) තබාගන්නා ලද,
ජනපදෙහි සංගතා අංග ආදී ජනපදවලින් මෙහි පැමිණි, වියාකරොහි දහම් දෙසනු මැනවි.
සංගතා ඒ තීර්ථක ආදීන් ද එක්රැස්ව, සමාගතා (පෙර) කී පරිදි ජනපදවලින් පැමිණි, සමොහිතා රැස්වූ, සන්නිපතිතා වෙන් නොවූ.
[missing trnas] ගැලපෙන පරිදි (ඉදිරි) ගාථා වදාළහ. අදාන තණ්හං රූප ආදියෙහි අරමුණු කොට දැඩිව ගත් තණ්හා ආසාව තණ්හා උපාදාන ලෙස කියන ලදී. යං යං හි ලොකස්මිං උපාදියන්ති ඒවා පිළිබඳව මුලසිටම - යම් යම් ආකාරයෙන් සිතා දැඩිව ගනිති. තෙනෙව මාරො අන්වෙති ජන්තුං ඒවා දැඩිකොට ගැනීමෙන්ම කරන කියන කටයුතුවල හටගනු ලබන - එක්රැස්වන පලවිපාක අනුව (සසර) පිළිබඳ ගැනෙන (රූප වේදනාදී) පිළිසිඳ ගත් පස්කඳ නම් වූ මාරයා සත්වග අනුව යයි.
තස්මං පජානං එහෙයින් ආදීනව අනිස ලෙසින් හෝ සසර බැඳීම් ලෙස හෝ දැනගැනීමෙන්, ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්ය විසත්තං අල්ලාගත යුතුය යන අරුත දනවන රූප ආදී එබඳු දෙයෙහි, මේ ලොව සියළු දෙනාම මාරයාගේ බලපෑම් බලා සිටිමින්, එසේ ඒවා දැඩිව ගන්නා ලද සත්ත්වයන් හෝ, එසේ දැඩිව අල්ලා ගැනීමෙන්, ඊට වසඟව වෙලුනු පුද්ගලයකු හෝ එසේ දැඩිව ගැනීම නිසා මේ මිනිස්කැලම මරණයෙහි වසඟයට පත්ව, එයින් ඉවත්ව යාමට, ගැලවී යාමට නොහැකි යයි සිතා බලමින්, (සිහි නුවණින් යුතු මහණ) කිසිවක් අල්ලා නොගනී. ඉතිරි කරුණු පැහැදිලිය.
මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. දේශනය අවසානයෙහි පෙර කී පරිදි දහම් අවබෝධය ලැබීය.
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
භද්‍රාවුධ සූත්‍ර වර්ණනාව නිමියේ ය.
13. උදය සූත්‍ර නිර්දේශ වර්ණනාව
දහතුන්වන උදය සූත්‍රයයි. එහි අඤ්ඤා විමොක්ඛං නුවණ බලයෙන් වැටහෙන පරිදි මිදීම - නිදහස ගැන විමසයි.
පඨමෙනපි ඣානෙන ඣායි විතක්ක විචාර පීති සුඛ චිත්ත ඒකග්ගතා යන කරුණු පහෙන් යුතු පළමු දැහැන වඩයි. දුතියෙන පීති සුඛ චිත්ත ඒකග්ගතා කරුණින් යුතු, තතියෙන සුඛ ඒකග්ගතාවෙන් යුතු, චතුත්ථෙන උපෙක්ඛා චිත්ත ඒකග්ගතාවයෙන් යුතු සවිතක්ක සවිචාරෙන පි ඣානෙන ඣායති සිවුනය, පස්වන නය ආදියෙහි පළමු දැහැනින් විතක්ක විචාර සහිතව දැහැන් වඩයි. අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක අවිචාරෙන දෙවන තෙවන ආදී ඉතිරි දැහැනින්, සප්පීතිකෙන පීතිය සහිත දෙවන තෙවන දැහැනින්, නිප්පීතිකෙන පීතිය රහිත එම ඉතිරි දැහැන්, සුඛ සහගතෙන සුව සහගත තෙවැනි සිදුවන දැහැනින්, උපෙක්ඛා සහගතෙන සිවුවන පස්වන දැහැන්, සුඤ්ඤතෙන සුඤ්ඤතා හෙවත් හිස් බව හා මිදුණු බවින් යුතු, අනිමිතෙනපි නිමිත්තක් තහවුරු නිතර මෙනෙහි කොට, තමා විසින් නිමිති කොට ගෙනද (පසුව) අත්හැරීමෙන් ලැබූ නිමිති රහිතව දැහැන් වඩයි. අප්පණිහිතෙන පැමිණි මග ලෙසින් (භාවනා) බලාපොරොත්තුව හාත්පසින් පිරිසිදුව දරාගෙන ඵලසමවත් ලෙසින් ආසා නොවීමද, ලොකිකෙනපි ලෝකීය වූ පළමු, දෙවන, තුන්වන හා හතරවන දැහැන්ද.
ලොකුත්තරෙනපි එමෙන්ම ලොවුතුරු ලෙසින්ද ඣානරතො දැහැන්හි ඇලුනේ, එකත්ත මනුයුත්තො එක්කෙනෙකු ලෙස, තනිවම යෙදී, සදත්ථගරුකො තම (ලොවුතුරු) දියුණුව ගරු කරමින්, ක’ අකුරට ‘ද’ යොදන ලදී. තම දියුණුව ලෙසින් අරහත් බව දතයුතුය. තමාට ළංවූ සබඳතාවෙන්, තමාගෙන් අත් නොහැර, තම අරමුණු අනුවද, තමාට වැඩදායී ලෙසද යන අරුතින් ‘සකත්ථ’ යැයි කියනු ලැබේ. පල සමවතට සමවදනා ලෙසින් තම දියුණුවට ගරු කරමින්, නිවනට ද ගරු කරන්නෙකැයි ඇතමෙක් කියති. අරජො කෙලෙස් නැති, විරජො කෙලෙස් ඉහතහළ, නිරජො කෙලෙස් පහකළ විගතරජො යනුවෙන්ද පාඨයකි. එය මෙම අරුතමය. රජාපගතො කෙලෙස් වනසන ලද, රජවිප්පහීනො කෙලෙස් නැසූ, රජවිප්පමුත්තො කෙලෙස්වලින් මිදුණු.