8. පසූරසූත්රනිර්දේශ වර්ණනාව
අටවන පසූර සූත්ර නිර්දේශයේ පළමු ගාථාවේ සංක්ෂිප්ත අර්ථය මේ දෘෂ්ටිගතිකයෝ තමා පිළිගත් දෘෂ්ටිය නිසා ‘මෙහිම ශුද්ධිය වේ’ යැයි කියති. ‘අන්ය ධර්මයන්හි විශුද්ධියක් නැතැ’යි කියති. යමෙක් මෙසේ තම ශාස්තෲන් ඇසුරු කරමින්, ඒ සසුනෙහිම මේ ‘සුභවාදියෙකි’යි, තම දෘෂ්ටියෙහි සුභවාදී වෙති. මෙසේ ලෝකයේ බොහෝ ශ්රමණ බ්රාහ්මණයෝ ‘ලෝකය ශාස්වතය’ ආදී එක් එක් සත්යයන්හි වෙන වෙනම බැසගත්හ.
සබ්බෙ පරවාදෙ ඛිපන්ති සියලු අන්ය ලබ්ධි අත්හරිති. උක්ඛිපන්ති දුරින්ම දුරු කරති. පරික්ඛිපන්ති හාත්පසින්ම බැහැර කරති. සුභවාදා යනු නිද්දේසයේ උදෙසන පදයයි. සොභනවාදා යනු මෙසේ සුන්දර යැයි කියමින්. පණ්ඩිතවාදා ‘අපි පඩිවරු වෙමු’ මෙසේ කියමින් ථීරවාදා, ‘නිදොස් වාදයක් දරමු’යි කියමින්. ඤායවාදා ‘යුතු වූ න්යාය වාදයක් දරමු’යි කියමින්. හේතුවාදා කරුණු සහිත වූවක් කියමු යි පවසමින් ලක්ඛණවාදා ‘සැලකිය යුත්තක් කියමු’යි පවසමින්. කාරණවාදා උදාහරණයෙන් යුතු වාදයක් කියමු’යි පවසමින්. ඨානවාදා ඉවත්ව යෑමට අසමත් වාදයක් කියමු’යි පවසමින්.
නිවිට්ඨා ඇතුලට පිවිස. පතිට්ඨිතා එහිම සිට මෙසේ නැවතී.
තෙ වාද කාමා යනු දෙවන ගාථාවයි. එහි බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං ‘මොහු බාලයෙකි’, ‘මොහු බාලයෙකි’යි මෙසේ වාදාභිමුඛ දෙදෙනාම ඔවුනොවුන් මෝඩයන් සේ දකිති. කියති. තෙ අඤ්ඤසිතා කථොජ්ජං ඔවුහු ඔවුනොවුන් ඇසුරු කළ ශාස්තෲවරුන්ගේ වචන ගෙන කලහ කරති. පසංසකාමා කුසලාවදානා පැසසීම කැමතිවන ඒ දෙදෙනාම ‘අපි වාදයට දක්ෂයෙමු’යි ‘අපි පඬිවරු වෙමු’යි යන සිතුවිල්ලෙන් යුතුව.
වාදත්ථිකා වාදයෙන් ප්රයෝජන ඇතිව. වාදාධිප්පායා වාද අදහස් ඇතිව, වාද පූරෙක්ඛාරා වාදය ම පෙරටු කරගෙන හැසිරෙමින් වාද පරියෙසනං චරන්තා වාදයම සොයමින් හැසිරෙනුයේ. විගය්හ පිවිසි ඔගය්හ බැස අජ්ඣො ගහෙත්වා කිමිදී පවිසිත්වා ඇතුලට පිවිස.
අනොජවං ඕජ නැති, තේජස් නැති යන අර්ථයයි. සා කථා ඒ වචනය. කථොජ්ජං වදන්ති තේජස් නැතිව කියති. මෙසේ වාදයෙහි, ප්රතිවාදයෙහි එකම නියමයක් වේ.
යුත්තො කථායං යන ගාථාවෙහි යුත්තො කථායං යනු වාද කථාවේ උත්සාහවත් වූ. පසංසමිච්ඡං විනිඝාති හොති තමාට ප්රශංසාව කැමතිව, ‘කෙසේ නම් නිග්රහ කරන්නෙම්ද?’යි ආදී ක්රමයෙන් වාදයට මුලදීම සැක සංකා ඇතිව ගැටෙයි. අපාහතස්මිං ප්රශ්න විමසන්නන් විසින් අර්ථයට පරිබාහිරව කියන ලද්දේය. බ්යඤ්ජනයට පරිබාහිරව කියන ලද්දේය ආදී ක්රමයෙන් බැහැර කරන ලද වාදයෙහි. නින්දාය සො කුප්පතී මෙසේ තම වාදය බැහැරලූ විට උපන් නින්දාවෙන් ඔහු කිපෙයි. රන්ධමෙසි යමකුගේ සිදුරුම සොයමින්.
ථොමනං කීර්තිය, ප්රශංසාව. කිත්තිං හොඳ නම ප්රකට කිරීම. වණ්ණහාරියං ගුණ වැඩීම. පුබ්බෙව සල්ලාපා වාදයට මුලදීම, පෙරාතුවම. ‘මෙය කෙසේද?’ ‘මෙය කෙසේදැ’යි සැක සංකා මොහුට ඇත්තේනුයි කථංකථි වේ. ජයො නුඛො මෙ, මට ජය වේද? කථං නිග්ගහං කවරාකාරයකින් නිග්රහ කරන්නේද? පටිකම්මං කරිස්සාමි මගේ පිළිගැනීම, ලබ්ධිය පිරිසිදු කරගන්නෙමි. විසෙසං විශේෂයෙන් පටිවිසෙසං නැවත නැවත විශේෂයෙන් ආවෙඨියං කරිස්සාමී වෙළීම කරන්නෙමි. නිබ්බෙධියං කෙසේ මගේ වෙළුම් හරින්නෙම්ද? ඡෙදනං වාද සිඳීම. මණ්ඩලං වාද මණ්ඩල කිරීම පාරිසජ්ජා පිරිවර වූවෝ පාසාදනියා කාරුණික වූවෝ. අපසාදන්ති වළක්වති. බැහැර කරති.
අත්ථාපගතතං අර්ථයෙන් ඉවත් වූවත් ‘අථයක් නැත’යිද ‘අර්ථයෙන් බැහැර කරති. අර්ථයෙන් වළක්වත්. අත්ථො තෙ දුන්නීතො නුඹලා අර්ථය මනාව නොඑළවන ලදී. බ්යඤ්ජනන්තෙ දූරොපිතං නුඹලා බ්යඤ්ජනය වරදවා තබන ලදී. නිග්ගහො තෙ අකතො නුඹ විසින් නිග්රහ නොකරන ලදී. පටිකම්මන්තෙ දුක්කතං නුඹ විසින් තමාගේ ලබ්ධිය පිහිටුවීම මනාව නොකරන ලදී. විසමං කථිතං සමානව නොකියන ලදී. දුබ්භණිතං කියන්නේ ද වරදවා කියන ලදී. දුල්ලපිතං මනාව විසඳීම නොකරන ලදී. දුරුත්තං අන් අයුරකින් කියන ලදී. දුබ්භාසිතං විරූපව කියන ලදී.
නින්දාය ගැරහීමෙන් ගරහාය දොස් කීමෙන් අතින්තියා අගුණ, නුගුණ කීමෙන් අවණ්ණහාරිකාය අගුණ වැඩීමෙන්.
කුප්පති ප්රකෘති ස්වභාවය හැරදමා හැසිරේ. ව්යාපජ්ජති දෝස වශයෙන් කුණුවීමට යයි. පතිත්ථියතී ක්රෝධ වශයෙන් තද බවට යයි. කොපඤ්ච කුපිත බව. දොසඤ්ව තරහව අප්පච්චයඤ්ච අසතුටු ආකාරය පාතුකරොති ප්රකට කරයි. රන්ධමෙසි අතුරු සොයයි. විරන්ධමෙසි සිදුරු සොයයි. අපරද්ධමෙසි ගුණ ඉවතලා දෝෂයම සොයයි. ඛලිතමෙසි පැකිලීම සොයයි. ගලිත මෙසී ගිලිහීම, වැටීම සොයයි. ‘ඝට්ටිතමෙසි’ යන පාඨය ද යෙදේ. ‘ඔහුගේ පෙළීම සොයයි’ යන අරුතයි. වීවරමෙසි දෝෂ විවර සොයයි.
හුදෙක් කිපීම පමණක් නොව ශෝකාදිය කරන බව යමස්ස වාදං යන ගාථාවෙන් කියන ලදී. එහි පරිහීනමාහු අපාහතං අර්ථ බ්යඤ්ජනාදියෙන් පහ වූයේ පිරිහුන්නේ යැයි කියති. පරිදෙවති ඒ නිමිති කරගෙන ඔහු ‘අනික් දෙයක් මවිසින් සිහිකරන ලද’යි ආදී වශයෙන් වැලපෙයි. සොචති ඔහුට ජය වීය ආදී ලෙස ශෝක කරයි. උපච්චගාමන්ති අනත්ථුනාති ඔහු මා වාදයෙන් වාදය ඉක්මවා පරදවන ලදැයි ආදී වශයෙන් දැඩිසේ වැලපේ.