තජ්ජා මනො විඤ්ඤාණ ධාතු ඒ ඵස්සාදී ධර්මයන්ට යෝග්ය වූ මනෝ විඤ්ඤාණ ධාතුවයි. මේ පදයේ දී එකම සිත මැනීම් අර්ථයෙන් ‘මන’ යනුවෙන් ද විජානන අර්ථයෙන් ‘විඤ්ඤාණ’ යනුවෙන් ද ස්වභාවාර්ථයෙන් හෝ නිස්සත්ත අර්ථයෙන් ‘ධාතූ’ යැයි නම් තුනකින් කියන ලදී.
යුගසමාගමං එක් ප්රහාරයෙන් ම සමාගනත්වා පැමිණ යුගග්ගාහං ගණ්හිත්වා තරගයට ඒම, වාදයට ඒම ගෙන. සාකච්ඡං සමාපජ්ජිතුං එක්ව, සමග කථාවට අදක්ෂ බවට හේතු කාරණා දැක්වීම සඳහා තං කිස්ස හෙතු පසූරො පරිබ්බාජකො හීනො යනාදිය කියන ලදී. සොහි භගවා අග්ගොච අසමසයන්ට අග්ර වූ බැවින්, අසමාන ප්රඥා ඇති බැවින් අග්ර වෙති. සෙට්ඨො ච සියලු ගුණයන්හි සමානයකු නැති අර්ථයෙන් ශ්රේෂ්ඨ වෙති. මොක්ඛො ච සවාසනා සකල ක්ලේශයන්ගෙන් මිදුණු බැවින් මෝක්ෂයටද පත්වූහ. උත්තමො ච තමාට උතුම් වූවකු නැති හෙයින් උතුම් වෙති. පවරො ච සියලු ලෝකයා විසින් ප්රාර්ථනා කළයුතු බැවින් ප්රවර වෙති. මත්තෙන මාතංගෙන ත්රිමදගලිත හස්තියකු විසින්.
කොත්ථුකො කණ සිවලා සීහෙන මිගරඤ්ඤා සද්ධිං කේශර සිංහ මෘගරාජයකු සමග තරුණකො පැටවෙක් ධෙනුපකො කිරිබොන උසභෙන මංගල සම්මත (මොල්ලිය ඇති) වෘෂභයෙකු සමග. චලක්කුනා සද්ධිං සෙලවෙන මොල්ලිය සමග ධංකො කපුටා. ගරුළෙන වෙනතෙය්යෙන සද්ධිං මෙහි ගුරුළු නම් ජාති නාමයයි. වෙනතෙය්ය නම් ගෝත්ර නාමයයි. චණ්ඩාලො යනු අධම සැඩොලා. චක්කවත්තිනා සිවු දිවයිනටම අධිපති සක්විති රජු සමග පංසු පිසාචකො කැලිකසළ ගොඩවල උපන් යක්ෂයා ඉන්දෙන දෙවරඤ්ඤා සද්ධිං ශක්ර දිව්ය රාජයා සමග. සො හි භගවා මහා පඤ්ඤො ආදී පද හය ද ඉහත විස්තර කරන ලදී. එහි පඤ්ඤා පභෙදකුසලො තමාගේ අනන්ත විකල්ප ඇති ප්රඥා ප්රභේදයෙහි දක්ෂ වූ. පභින්න ඤාණො අනන්ත ප්රභේදයට පත් ඤාණය. මේ ප්රඥා ප්රභේදයෙහි දක්ෂභාවය ඇති කල්හි, ඒ ප්රඥාවන්ගේ අනන්ත වූ ප්රභේද දැක්වීය. අධිගත පටිසම්භිදො ලබන ලද අග්ර වූ පිළිසිඹියාපත් ඤාණ ඇති වතුවෙසාරජ්ජපත්තො සතර විශාරද ස්වභාව සංඛ්යාත ඤාණයන්ට පැමිණි. එය මෙසේ කියන ලදී,
‘සම්මා සම්බුද්ධ යැයි ප්රතිඥා කරන්නා වූ නුඹ විසින් මෙනම් ධර්ම අවබෝධ නොකරන ලද්දෙහි යැයි මෙහිලා ඒකාන්තයෙන් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව මා හට ප්රතිචෝදනා නගන්නේය යන මේ කාරණය, මහණෙනි, මම නො දකිමි. මහණෙනි, මම මේ කාරණය නොදක්නෙම්,
ක්ෂේමයට පැමිණියෙම්, නිර්භය බවට පැමිණියෙම්, විශාරද බවට පැමිණියෙම් වාසය කරමි. ක්ෂීණාශ්රව වූයේ යැයි ප්රතිඥා කරන නුඹ විසින් මේ ආශ්රව ක්ෂය නොකරන ලද්දෙහි යැයි -පෙ- මාර්ගඵලයට අන්තරායකර යම් ධර්මයක් නුඹ විසින් දෙසන ලද ද, ඒ ධර්ම සේවනය කරන්නාට අන්තරායක් නොවන්නේය -පෙ- තොප විසින් යම් අර්ථයක් පිණිස ධර්මය දේශනා කරන ලද්දේනම් ඒ ධර්මය, ඊට අනුව පිළිපදින්නාගේ මනාව දුක් කෙළවර කිරීම පිණිස හේතු නොවන්නේ ය යන මෙකරුණෙහිලා ඒකාන්තයෙන් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්රහ්මයෙක් හෝ ලෝකයෙහි වෙනත් කිසිවෙක හෝ කරුණු සහිතව මා හට ප්රතිචෝදනා නගන්නේය යන මේ කාරණය මහණෙනි, මම නොදනිමි. මහණෙනි, මම මේ කාරණය නොදක්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භය බවට පැමිණියෙම්, විශාරද බවට පැමිණියෙම් වාසය කරමි.’
දසබලධාරී දසබලයක් ඇත්තේනුයි තථාගතයෝ දසබල නම් වෙති. දසබලයන්ගේ බලය ‘දසබල බල’ නම් වේ. ඒ දසබල බලයන් දරන්නේනුයි දශබලධාරී’, ‘දශබල ඤාණ බලධාරී’ නම් වේ යන අරුතයි. මේ වචනත්රයේ අනන්ත ප්රභේද ඇති ඤාණයන්ගේ ප්රභේද මුඛ මාත්රය ම දක්වන ලදී. එයම ප්රඥා යෝග වශයෙන් අභිමංගල සම්මත අර්ථයෙන් පුරිසාසභො වේ. සන්ත්රාස නොවන අරුතින් පුරිසසීහො වේ. මහත් වූ අර්ථයෙන් පුරිසනාගො වේ. දැනගන්නා වූ අර්ථයෙන් පුරිසාජඤ්ඤො වේ. ලෝකයේ කටයුතු නම් ගැල උසුලන අර්ථයෙන් පුරිසධොරය්හො වේ.
ඉන් අනතුරුව තේජාදී අනන්ත ඤාණයෙන් ලැබූ ගුණ විශේෂ දක්වනු කැමතිව, ඒ තේජාදී ධර්ම අතරින් අනන්ත වූ ඤාණයේ මූලික බව දක්වමින් අනන්ත ඤාණ ඇත්තේ යැයි පවසා ‘අනන්ත තේජො’ යනාදිය කියන ලදී. එහි අනන්ත ඤාණො ගුණ වශයෙන් ද ප්රභා වශයෙන්ද කෙළවරක් නැති ඤාණය. අනන්ත තෙජො හික්මවිය යුතු ජන සන්තානයේ මොහඳුර දුරු කිරීමෙන් අනන්ත ඤාණ තේජස් ඇති. අනන්ත යසො ප්රඥා ගුණයෙන් ම ලෝකත්රයෙහි පතළ අනන්ත වූ කීර්ති ඝෝෂාව. අඩ්ඪො ප්රඥා ධන සමෘද්ධියෙන් සමෘද්ධිමත් වූ. මහද්ධනො ප්රඥා ධනවන්තයා විසිනුදු මහත් වූ ප්රභාවෙන් මහත්ව පැවතියා වූ ප්රඥා ධනය මොහුට ඇත්තේනුයි මහද්ධනො ‘මහාධනො’ යන පාඨයද යෙදේ. ධනවා පැසසිය යුතු ප්රඥා ධන ඇති හෙයින්, නිත්ය යුක්ත ප්රඥා ධන ඇති හෙයින්, අතිශය ස්වභාවයෙන් ප්රඥා ධන ඇති හෙයින් ධනවත්හ. මේ ත්රිවිධ අර්ථයෙහි මේ වචනය ශබ්ද විද්යාව දන්නෝ කැමති වෙති.
මෙසේ භාග්යවතුන් වහන්සේගේ ආත්මාර්ථ සාධනය ප්රඥා ගුණයෙන් දක්වා නැවත ඒ ප්රඥා ගුණයෙන්ම ලෝකාර්ථ සුභසිද්ධිය දක්වනුයේ, නෙතා යනාදිය කියන ලදී. එහි හික්මවීමෙන් සසර නම් වූ භයංකර ස්ථානයෙන් ජනයා මුදවා නිවන නම් ක්ෂේම ස්ථානයට පමුණුවන හෙයින් නෙතා වේ. එහි දර්ශන කාලයෙහි ම සංවර විනය, ප්රහාණ විනය වශයෙන් හික්මවිය යුත්තන් විනෙතා (හික්මවන්නේය) ධර්මදේශනා කරන කාලයෙහි මෙසේ සැකසංකා සිඳින බැවින් අනුනෙතා වේ. සැක සංකා සිඳ දමා පැණවිය යුතු අර්ථ පණවන හෙයින් පඤ්ඤාපෙතා වේ. එසේ පැනවූ අර්ථ නිශ්චය කරන හෙයින් නිජ්ඣාපෙතා වේ. එසේ නැවත නැවත සිතා බැලූ අර්ථයේ පිළිවෙත් යෙදීම් වශයෙන් පෙක්ඛතා එසේම පිළිපන් ප්රතිපත්ති ඵලයෙන් පසාදෙතා වේ. සො හි භගවා යන මෙහි හි කාරය අනතුරුව කියනු ලබන අර්ථයේ හේතු - කාරණා දක්වන නිපාතයකි.