7. තිස්සමෙත්තෙය්යසූත්රනිර්දේශ වර්ණනාව
සත්වන තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රයේ මෙථුන මනුයුත්තස්ස යනු මෛථුන ධර්ම ක්‍රියාවෙහි නිරත වූවහුට ඉති මෙසේ කීය. ආයස්මා යනු ප්‍රිය වචනයකි. තිස්සො යනු ඒ තෙරුන්ගේ නාමයයි. තිස්ස යනු මාපියන් තැබූ නමයි. මෙත්තෙය්‍ය යනු ගෝත්‍රයයි. ගෝත්‍ර නාමයෙන්ම මොහු ප්‍රකට විය. එනිසා අර්ථොත්පත්තියෙහි (අට්ඨකථාවෙහි) ‘තිස්සමෙත්තෙය්‍ය නම් යහලුවෝ දෙදෙනෙකි යි කියන ලදී. විඝාතං යනු නැසීමයි. බ්‍රෑහි කියන්න. මාරිස ප්රියවචනයකි. මෙය, නිදුකාණෙනි’යි කියන ලද්දේ වෙයි. සුත්වාන තව සාසනං නුඹගේ වචනය අසා විවෙකෙ සික්ඛිස්සාමසෙ සහායකයා අරබයා ධර්ම දේශනාවට ආයාචනා කරමින් කියයි. ඔහු වනාහි හික්මුණු ශික්ෂා ඇත්තෙක්මය.
මෙථුන ධම්මොනාම මෙය විස්තර කළ යුතු ‘මෙථුන ධම්ම’ය පිළිබඳ උදෙසීමයි. (මාතෘකාවයි.) අසද්ධම්මො යනු අසත්පුරුෂ නීච ජනයාගේ ධර්මයයි. ගාම ධම්මො යනු ගම්වැසියන් ඇසුරුකරන ධර්මයයි. වසල ධම්මො යනු වසලයන්ගේ ධර්මයයි. කෙලෙස් වැසි වස්වන බැවින් හෝ වර්ෂාවම වසල ධර්මයක් වූයේනුයි වසල ධර්මය වේ. දුට්ඨුල්ලො කෙලෙසුන්ගෙන් දුෂ්ට වූ බැවින් දුට්ඨො වේ. අදක්ෂ භාවයෙන් ථුල්ල වූයේනුයි දුට්ඨුල්ලො වේ. යම්හෙයකින් ඒ මෛථුන ධර්මයෙන් පිරිවැරූ තැනැත්තා දැකීම, ග්‍රහණය, පිරිමැදීම, ස්පර්ශය, ගැටීම, දුට්ඨුල්ල හෙවත් කෙලෙසුන්ගෙන් දුෂ්ට වූයේ වේද, ඒ නිසාද ඒ මෛථුන ධර්මය දුට්ඨුල්ල නම් වේ. ඔදකන්තිකො යනු ඒ මෛථුන ධර්මය අවසානයේ ජලයෙන් පිරිසිදුවීම අවශ්‍ය වේනුයි උදකන්ත හෙවත් දියකිය අවසන්කොට ඇත්තේ වෙයි. එයම ඔදකන්තික නම් වේ. රහසින් සැඟවුණු තැනක සිට කළයුතු බැවින් රහස්සො වේ. විනයෙහි වනාහි ‘දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්සං’ යන පාඨය යෙදේ. ඒ තුන් පදයෙහි දී ‘යො සො’ යන පදය පෙරළා ‘යං තං’ යනුවෙන් යෙදිය යුතුයි. ‘යං තං දුට්ඨුල්ලං සො මෙථුන ධම්මො, යන්තං ඔදකන්තිකං සො මෙථුනධම්මො’ යන්තං රහස්සං සො මෙථුනධම්මො’ යනුවෙනි. මෙහිදී වනාහි ‘යො සො අසද්ධම්මො -පෙ- යො සො රහස්සො මෙථුනධම්මො’ මෙසේ පද යෙදීම දතයුතුයි. දෙදෙනා දෙදෙනා විසින් යෙදිය යුතු බැවින් ද්වයං ද්වය සමාපත්තිය වේ. එහි පද යෙදුම මෙසේය. යමක් ද්වයං සමාපත්තිය යැයි කියයි ද එය මෙථුන ධර්මය නම් වේ. කිං කාරණා වුච්චති මෛථුන ධම්මො යනු කවර කරුණකින්, කවර පර්යායකින් මෛථුන ධර්මයැයි කියනු ලැබේ? ඒ කාරණය දක්වමින් ‘උභින්නං රත්තානං’ යනාදිය වදාළහ. එහි උභින්නං රත්තානං රාගයෙන් ඇලුණු ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ, සාරත්තානං විශේෂයෙන් මනාව ඇලුණා වූ අවස්සුතානං කෙලෙසුන්ගෙන් තෙත් වූ. පරියුට්ඨිතානං කුසල චාරය මැඩගෙන සිටි සිත් හැසිරීම, ‘සොරු මාර්ගයේ මැඩගෙන සිටිති’ ආදියෙහි මෙනි. පරියාදින්න චිත්තානං කුසල් සිත හාත්පසින්ම යටකරගෙන, ක්ෂය කර සිටි සිත්වලින් උභින්නං සදිසානං සමාන කෙලෙස් ඇති දෙදෙනාගේ, ධම්මො ස්වභාවය. තං කාරණා ඒ හේතුවෙන්, මෙකරුණ උපමාවකින් දැක්වීමට ‘උභො කලහකාරකා’ යනාදිය වදාළහ. එහි උභො කලහකාරකා මුලදී කලහ කරන දෙදෙනා මෙථුනකාති වුච්චන්ති සමාන යැයි කියති. භණ්ඩන කාරකා ඒ ඒ තැනට ගොස් ඩබර කරන භස්සකාරකා වදනින් කලහ කරමින් විවාද කාරකා විවිධ වචනවලින් විවාද කරන. අධිකරණ කාරකා විනිශ්චයට පැමිණෙන විශේෂ කරුණු ඇතිකරන වාදිනො වාද පථයන්ට පැමිණි සල්ලාපකා කථාකරන එවමෙව උපමා සන්සන්දනයයි.
යුත්තස්ස යුක්ත වූවහුට පයුත්තස්ස ආදරයෙන් යෙදුණහුට ආයුත්තස්ස විශේෂයෙන් යෙදුණහුට සමායුත්තස්ස එකට යෙදුණහුට තංචරිතස්ස එය කරන්නහුට තබ්බහුලස්ස එය බොහෝ කොට කරන්නාට තග්ගරුකස්ස එය ගරුකරන්නහුට තන්නින්නස්ස එහි නැමුණු සිත් ඇත්තාට තප්පොණස්ස එහි නැමුණු කය ඇත්තාට තප්පබ්භාරස්ස එහි අභිමුඛ වූ කය ඇත්තාට තදධිමුත්තස්ස එහි ඇලුණහුට තදධිපතෙය්යස්ස එය අධිපති කර, ජ්‍යෙෂ්ඨ කර පවතින්නාට
විඝාතං යනු නිර්දේශයේ උද්දේස වචනයයි. විඝාතං පෙළීම උපඝාතං සමීප කර හිංසා කිරීම. පීළනං ගැටීම, පෙළීම ඝට්ටනං ගැටීම, පෙලීම මේ සියලු පද ඔවුනොවුන්ට සමාන වේ. උපද්දවං උපද්‍රවය, හිංසාව උපසග්ගං ඒ ඒ තැනට පැමිණ සඟවන ස්වභාවය. බ්‍රෑහි කියන්න. ආචික්ඛ කියව. දෙසෙහි දෙසව, දක්වන්න. පඤ්ඤාපෙහි පනවන්න. පට්ඨපෙහි පිහිටුවන්න. විවර ප්‍රකට කරන්න. විභජාහි බෙදන්න. උත්තානී කරොහි පමුණුවන්න. පකාසෙහි ප්‍රකාශ කරන්න.
තුය්හං වචනං නුඹගේ වචන. ව්යප්පථං වදන් පෙළ දෙසනං දෙසුම අනුසාසනං අවවාද අනුසත්ථිං අනුශාසනාව සුත්වා කණින් අසා සුණිත්වා ඊට ම සමාන වචනයකි. උග්ගහෙත්වා මනාව ඉගෙන උපධාරයිත්වා විමසා බලා. උපලක්ඛයිත්වා සළකා බලා.
මුස්සතෙ වාති සාසනං පරියාප්ති, ප්‍රතිපත්ති යන දෙවැදෑරුම් ශාසනය ම නැසේ. ‘වා’ යනු පද පූරණ නිපාතයක් පමණි. තස්මිං අනරියං ඒ පුද්ගලයා කෙරෙහි මේ අනාර්ය වූ මිත්‍යා ප්‍රතිපදාව ගාරවාධි වචනං ගුණ විශිෂ්ඨ වූ, සත්ත්වයන් අතර උතුම් වූ ගෞරවණිය වූ ගරු බව ඇතිකරන වචනයකි. පොරාණයෝ එහෙයින් මෙසේ කීහ.
භගවාති වචනං සෙට්ඨං - භගවාති වචන මුත්තමං,
ගරුගාරව යුත්තො සො - භගවා තෙන වුච්චති
ගරුගාරව යුත්තො සො - භගවා තෙන වුච්චති
භගවා යන වචනය ශ්‍රේෂ්ඨය. භගවා යන වචනය උතුම්ය. ඒ උතුම් තථාගතයන් වහන්සේ ගරුකටයුතු, ගෞරව කටයුතු හෙයින් භගවා යැයි කියනු ලැබේ.
නාමය සතරවැදෑරුම්ය. ආවත්ථිකය. ලිංගිකය. නේමිත්තිකය. අධිච්ච සමුප්පන වශයෙනි. අධිච්ච සමුප්පන්න යනු ලෞකික ව්‍යවහාරයෙන් යාදිච්ඡකය යැයි ද කියන ලද්දේ වෙයි. එහි ‘වච්ඡො ධම්මො බලිවද්දො’ යනාදිය ආවත්ථිකය. ‘දණ්ඩී, ඡත්තී, සිඛී, කරී’ යනාදිය ලිංගිකය. ‘තෙවිජ්ජො, ජළභිඤ්ඤො’ යනාදිය නේමිත්තිකය. ‘සිරිවඩ්ඪකො, ධනවඩ්ඪකො’ යනාදී වචනාර්ථ නොබලා පැවති නාම අධිච්ච සමුත්පන්නය. මෙහි භගවා යන නම නේමිත්තිකයකි. එය මහාමායාව විසින් හෝ සුදොවුන් මහරජු විසින් හෝ අසූදාහක් නෑයන් විසින් හෝ නොතබන ලද්දකි. ශක්‍ර සන්තුසිතාදී දේවතා විශේෂයන් විසිනුදු නොතබන ලද්දකි. එය දේශනා පාළියෙහි මෙසේ දැක්වේ. ‘භගවාති නෙතං නාම මාතර කතං -පෙ- පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවා’ යනුවෙනි.