6. ජරාසූත්රනිර්දේශ වර්ණනාව
සයවන ජරා සූත්රයේ අප්ප වතං ජීවිතං ඉදං මේ මිනිස් දිවිය ඒකාන්තයෙන් ම අල්පය. කුඩාය. ස්ථිතික්ෂණ වශයෙන් ද සම්පත්ති ලක්ෂණ වශයෙන් ද ජීවිතය අල්ප වේ යයි ගුහට්ඨක සූත්රයේ පැවසූ පරිදි දතයුතුයි. ඔරං වස්සසතාපි මීය්යති වර්ෂ සීයට පෙර කලල ආදී අවස්ථාවන්හි ද මිය යයි. අතිච්චා වර්ෂ සීයක් ඉක්මවා ද මිය යයි. ජරසාපි මීය්යතී ජරාවෙන් ද මිය යයි. මින් අනතුරුව එන විස්තරය ගුහක සූත්ර වර්ණනාවේ පැමිණි පරිදිම ගතයුතුයි.
අප්පං මදය. ගමනීයො සම්පරායො පරලොව යායුතුයි. කලල කාලෙපි මෙහි කලලය නම් ප්රතිසන්ධි ක්ෂණයෙහි ජාති තුනක සිහින් රෝමකූපවලින් කරන ලද නූල අග තැබූ තෙල් බින්දුවක් පමණ වන අතිශයින් ප්රසන්න වූ ආකාරයෙන් පවතින්නකි. ඒ සඳහා කියන ලදී.
තෙල තෙලස්ස යථා බින්දු සප්පිමණ්ඩො අනාවිලො,
එවං වණ්ණ පටිභාගං කල්ලන්ති පවුච්චතී
එවං වණ්ණ පටිභාගං කල්ලන්ති පවුච්චතී
ඉතා පිරිසිදු ගිතෙල් මත අමිශ්රව තලතෙල් බින්දුවක් පවතින්නාක් මෙන් වර්ණවන්ත භාවයෙන් යුක්ත වූ දෙය කලලයැයි කියනු ලැබේ.
ඒ කලල අවස්ථාවෙහි සත්ත්වයා මිය යයි. වචතී ජීවිතය ගිලිහේ. චුත වේ. මරතී ජීවිතය වියෝගවීමට පැමිණේ. අන්තරධායති නොපෙනෙන බවට පත්වේ. විප්පලුජ්ජති සිඳේ. අණ්ඩජ යෝනියෙන් චවති (චුත වේ) ජලාබුජ යෝනියෙන් මරති (මැරේ) යනුවෙන් ද ඇතැමෙක් වර්ණනා කරති. අබ්බුද කාලෙපි අර්බුදය යනු කලලයට දින සතක් ගතවූ පසුව ඇතිවන මස් සේදූ වතුර මෙන් පැහැය ඇති අවස්ථාවයි. කලලය එවිට අතුරුදහන් වේ. එය කියන ලදී.
සත්තාහං කලලං හොති - පරිපක්කං සමූහතං,
විවට්ටමානං තං භාවං - අබ්බුදං නාම ජායතී
විවට්ටමානං තං භාවං - අබ්බුදං නාම ජායතී
මුහුකුරා ගිය උදුරා දැමූ සත්දිනක් වූ කලලයට පෙරළෙමින්, පරිවර්තනය වෙමින් පැමිණි අවස්ථාවට අබ්බුද යන නම යෙදේ. ඒ අබ්බුද කාලයේද මිය යයි.
පෙසි කාලෙපි ඒ අබ්බුදයට ද සත්දිනක් ගත වූ පසුව උණු කිරීමෙන් දිය කළ ඊයම් මෙන් වූ අවස්ථාව පේසි නම් වේ. එය මිරිස් මුලක් මෙන් දතයුතුයි. ගම්දරුවෝ ඉතා රතු වූ (පැසුණු) මිරිස් ගෙන සළු කෙළවර පොදියක් සේ තළා බැඳ මණ්ඩයක් ගෙන කබලක බහා ඒ පොදිය අව්වේ තබති. වියලී යන ඒ මිරිස් පොදිය සෑම පැත්තෙන්ම එළියට එයි. පේසිය මෙවැනි ස්වරූප ඇත්තේ වේ. අබ්බුද යන නම අතුරුදහන් වේ. එය කියන ලද්දේමය.
සත්තාහං අබ්බුදං හොති පරිපක්කං සමූහතං,
විවට්ටමානං තං භාවං පෙසි නාම පජායති
විවට්ටමානං තං භාවං පෙසි නාම පජායති
මුහුකුරා ගිය, උදුරා දැමූ සත්දිනක් ගත වූ අබ්බුදය පරිවර්තනය වීමෙන් පේසි නම් වූ තත්ත්වයට පත් වේ. ඒ පේසි අවස්ථාවේදීත් සත්ත්වයා මැරේ. යනකාලෙපී ඉක්බිති ඒ පේශියට ද දින සතක් ගත වූ කල්හි, කිකිළි බිත්තරයක් මෙන් පිහිටි ආකාර ඇති ‘ඝන’ නම් මස්පිඬ උපදියි. පේසි නාමය අතුරුදහන් වේ. එය කියන ලද්දේම ය.
සත්තාහං පෙසී භවති පරිපක්කං සමූහතං,
විවට්ටමානං තං භාවං ඝනො නාම පජායතී
විවට්ටමානං තං භාවං ඝනො නාම පජායතී
මුහුකුරා ගිය උදුරා දැමුණු පේසියට පෙරළෙමින් සත් දිනක් ගතවූ පසුව ඇතිවන තත්ත්වය ඝන නම යෙදේ.
කිකිළි බිත්තරය හාත්පස පිරිමඬුලු බැඳ සිටීද එසේ ඝනයේ රූ සටහන් කර්ම ප්රත්යයෙන් ඇතිවේ.
ඒ ඝන අවස්ථාවේ සත්ත්වයා මැරේ. පසාඛකාලෙපි පස්වන සතිය තුලදී දෙක දෙක බැගින් වූ අත් පා ද හිස ද සඳහා ගඩු පහක් වර්ධනය වෙති. ඒ සඳහා කියන ලදී. මහණෙනි, කර්මයෙන් පස්වන සතිය තුලදී ගඩුපහක් වර්ධනය වේ’ යනුයි. ඒ ප්රසාඛ කාලයෙහි ද සත්ත්වයෝ මිය යති. ඉන් අනතුරුව එන සවන, සත්වන සති ඉක්මවා දේශනාව හකුළුවා සතලිස්වන සතියේ දී, පරිණතියට පත්වූ කල කෙස් ලොම් නිය ආදිය උපන් කාලයේ ද ඒ ජීවියාගේ නාභියෙන් නැගුණු නාලය මවගේ උදර පටලය සමග ඒකාබද්ධ වේ. ඒ නාලයේ නෙළුම් දණ්ඩ මෙන් වූ සිදුරක් ඇත. ඉන් ආහාර රසය රැගෙන ගොස් ජීවියා තුල ආහාර සමුට්ඨාන (ආහාරයෙන් හටගන්නා) රූප උපදවයි. මෙසේ එම ජීවියා කුස තුල දසමසක් යැපේ. ඒ සියල්ල ම නො පවසා (කෙටි කර) සූතිඝරෙ යැයි කියන ලදී.
‘කෙසා ලොමා නඛාපිච’ යන්න ඒ සඳහා කියන ලදී.
යඤ්චස්ස භුඤ්ජතී මාතා අන්නං පානඤ්ච භොජනං,
තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරො
තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරො
ඒ මවුකුසේ සිටින සත්ත්වයා තම මව යම් ආහාර පානාදියෙන් අනුභව කරන්නේ ද ඉන්, ඒ ආහාරයෙන් ම යැපේ.
එහි සූතිඝරෙ යනු ප්රසූතිකාගාරයේ දී තිඹිරිගෙයිදී යන අර්ථයි. සූතිකාඝරෙ යන පදය ද යෙදේ. සූතිකාය යැයි පදය සිඳීම වේ. අද්ධමාසිකෙපී උපන් දවසේ පටන් අඩමසක් මොහුට ගතවීනුයි අර්ධමාසික නම් වේ. ද්වෙමාසිකා ගත වූයේනුයි සංවච්ඡරිකො නම් වේ. ඉන් ඉහළට යන දුවස්සිකා දියෙහිද මේ ක්රමයම වේ.
යදා ජිණ්ණො හොති යම්කලෙක ජරාජීර්ණ වේද ජරාවෙන් අඳුරු වී ගියේ ද වුද්ධො වයෝවෘද්ධ වූයේ ද මහල්ලකො ජාතියෙන් මහලු වූයේ ද අද්ධගතො තුන් අඩක් ඉක්මවූයේ වයො අනුප්පත්තො තුන්වන වයසට පැමිණියේ. ඛණ්ඩදන්තො තැනින් තැන වැටුණු දත් හා පැලුණු දත් ඇත්තේ දිරීම හේතුවෙන් කැඩුණු දත් මොහුට ඇත්තේනුයි ඛණ්ඩදත්ත නම් වේ. ඵලිත කෙසො සුදු වූ කෙස් විලූනං ලියා දැමූ කෙස් මෙන්, සිඳුණු කෙස් ඇති. ඛලිතං සිරො හිසකෙස් නැති (තට්ටය පෑදුණු) හිසක් ඇති වලිතං හටගත් රැළි ඇති, තිලකාහත ගත්තො සුදු තිලක, කලු තිලක ආදී කැළැල්වලින් ගහණ සිරුරු ඇත්තේ, භොග්ගො බිඳුණේ, මේ වචනයෙන් ද වක් වූ කුදු වූ සිරුර අදහස් කරයි. දණ්ඩපරායනො සැරමිටිය පිහිටකර ඇති, සැරමිටිය සහායකයා කරගත්. සා ජරායපි ඒ පුද්ගලයා ජරාවෙන් ද මැඩී මරණයට පත් වේ. නත්ථි මරණතො මොක්ඛො මරණයෙන් මිදෙන උපායක් නොලබයි. එබඳු උපක්රමයක් නැත.
ඵලානමිව පක්කානං පාතො පතනතො භයං මුහුකුරා ගිය, ඉදී පැසී නටුව ද වේලී ගිය කොස්ගෙඩි ආදිය ඉතා උදෑසන වැටෙන්නේ යැයි බියවන ඵල හිමියන්ට මෙන් එවං ජාතානං මච්චානං නිච්චං මරණතො භයං මෙලෙසින්ම උපන්නා වූ සත්ත්වයන්ට මෘත්යුනම් වූ මරණයෙන් නිරන්තරව බිය උපදියි.
යථාපි කුම්භකාරස්ස මැටිබඳුන් සාදන කුඹලාට මෙන්, කතං මත්තිකභාජනං ඔහු විසින් සෑදූ නිමවූ මැටි බඳුන්. සබ්බං භෙදන පරියන්තං සියල්ල බිඳී යාම, කුඩු වී විනාශ වී යෑම අවසන්කර ඇත්තේනුයි භෙදන පරියන්ත වේ. එවං මච්චානජීවිතං සත්ත්වයන්ගේ ආයු සංස්කාරය ද එසේමය. මරණයෙන් කෙළවර වේ.
දහරා ච මහන්තා ච ළාබාල දරුවෝද මහල්ලෝද යෙ බාලායෙච පණ්ඩිතා යම් ආශ්වාස ප්රශ්වාසයෙන් ජීවත්වන අඳබාලයෝ ද පාණ්ඩිත්යයෙන් හෙබි බුද්ධාදී මහා සත්ත්වයෝ ද සබ්බෙ මච්චුවසං යන්ති මෙසේ දැක්වූ සියලුම සත්ත්වයෝ මාරයාගේ වසඟයට යති.