4. සුද්ධට්ඨකසූත්‍රනිර්දේශ වර්ණනාව
සිවුවන සුද්ධට්ඨක සූත්‍රයේ පළමු ගාථාවෙහි අර්ථය පළමුව දැක්වේ. ‘මහණෙනි, මෙබඳු වූ දර්ශනයකින් පිරිසිදු බව ඇති නොවේ. තවද කෙලෙස් කිලුටින් අපිරිසිදු වූ, කෙලෙස් රෝගයන්ගෙන් පිරුණු, අධිගමය (අවබෝධය) රෝගයක්මය. මැවූ ඉන්ද්‍රජාලමය සඳක් වැනි මෙවැනි පුද්ගලයෙකු දකින දෘෂ්ටිගතික බාලයා, ‘මම ශුද්ධ වූ උතුම් වූ ආරෝග්‍ය වූවෙකු දුටුවෙමි’ යි සිතයි. ඒ දෘෂ්ටි සංඛ්‍යාත දර්ශනයෙන් මිනිසාගේ ශුද්ධිය ඇතිවේ යයි ඔහු මෙසේ සළකනේ, සිතන්නේ ඒ දර්ශනය ඉතා උතුම් ය’යි දැන ඒ දර්ශනයෙහි ශුද්ධිය දක්නා සුලු වූයේ, ඒ දර්ශන මාත්‍රයම ඤාණයයි අදහයි. එය වනාහී ආර්ය මාර්ග ඤාණය නොවේ.
පරමං ආරොග්‍ය පත්තං උතුම් නීරෝගීත්වයට (නිවනට) පැමිණ සිටි තාණ පත්තං ත්‍රාණයට (පාලනයට) පැමිණි ලෙණප්පතතං සැඟවීමට පැමිණි සරණප්පත්තං පිහිටට පැමිණි හෝ දුක් නැසීමට පැමිණි අභයප්පත්තං අමෘතමහා නිවනට පැමිණි. නිබ්බාණප්පත්තං වාණ නම් තණ්හා විරහිත බවට පැමිණි,
අභිජානන්තො විශේෂයෙන් දන්නා වූ. (අජානන්තො ඒකාන්තයෙන් දන්නේ, විජානන්තො නානාවිධව දන්නාවූ. පටිවිජානන්තො ඒ ඒ කරුණ නිමිති කරගෙන දන්නා වූ. පටිවිජ්ඣන්තො හදවතේ තබා ප්‍රතිවේධ කරන්නේ,
චක්ඛු විඤ්ඤාණං රූපදස්සනෙ චක්‍ෂු විඤ්ඤාණයෙන් රූප දැකීම ඤාණය යැයි සිතයි. පනවයි. අදහයි. මග්ගොති පච්චෙති උපාය යැයි සලකයි. පථො මාර්ගය, සංචාරය නීයාණං රැගෙන යානුයි නීයාණ නමි. නිය්‍යාණං යන පාඨය ද යෙදේ.
දිට්ඨෙන චෙ සුද්ධි යනු දෙවන ගාථාවයි. එහි අර්ථ මෙසේය. ඒ රූප දශන සංඛ්‍යාත දෘෂ්ටියෙන්, ඉදින් මිනිසාගේ කෙලෙස් ශුද්ධියක් වේද, ඒ ඥානයෙන් හෝ ඔහු ඉදින් ජාති ආදී දුක්ඛයන් ඉවත් කරයි ද මෙසේ ඇති කල්හි, ආර්ය මාර්ගයෙන් අනික් අශුද්ධි මාර්ගයකින් ඉදින් ශුද්ධියක් වේ නම්, රාගාදී උපධීන්ගෙන් උපධි සහිත වූයේ ම පිරිසිදු වේ යැයි කිවයුතු බවට පැමිණේ. මෙබඳු ශුද්ධියක් නැත. යම් හෙයකින් දිට්ඨිහි නං පාව තථා වදානං දෘෂ්ටිය ම ‘මොහු මිසදිටුවෙකි’යි කියයි. දෘෂ්ටියට අනුරූප බව සස්සතො ලොකො ආදියෙන් වනාහි එසේ එසේයයි කියයි.
රාගයත් සමග පවතී. සරාග වූයේ සරාගො. රාගික යන අර්ථයයි. සදොසො ආදියෙහි ද මේ ක්‍රමයමයි.
න බ්‍රාහ්මණො යනු තෙවන ගාථාවයි. එහි අර්ථ - යමෙක් පව් බැහැරලූ බැවින් බ්‍රාහ්මණ නම් වේ ද, ඔහු ආර්ය මාර්ගයෙන් අවබෝධ කරගත් ආශ්‍රවක්‍ෂය ඇත්තේ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ වූයේ, ආර්යමාර්ග ඤාණයෙන් අන්‍ය වූ අභිමංගල සම්මත රූප සංඛ්‍යාත දැකීමෙහි ද එබඳුම වූ ශබ්ද සංඛ්‍යාත ඇසීමෙහි ද අවිතීක්කම සංඛ්‍යාත සීලයෙහි ද හස්ති ව්‍රතාදී භේද ඇති ව්‍රතයෙහි ද පඨවි (තද ගතිය) ආදී භේද ඇති ස්පර්ශ (මුත) යෙහි ද උපන්නා වූ මිථ්‍යා ඥානයෙන් ශුද්ධිය වේයැයි නොකියයි යනුවෙන් රහතන් වහන්සේගේ වර්ණනාව දක්වනු සඳහා කියන ලදී. උන්වහන්සේ ත්‍රෛධාතුක පුණ්‍යයෙහිත් සියලුම පාපයන්හිත් අනුපලිත්තො, නොඇලුණු හෙයින් තම ආත්ම දෘෂ්ටියෙන් මිදී යම්කිසිවකු ගැනීම ප්‍රහීණ කළ හෙයින් අත්තඤ්ජහො. පුණ්ණාභි සංස්කාරාදිය නොකිරීමෙන් න ඉධ පකබ්බමනො යි කියයි. එනිසා උන්වහන්සේට මෙසේ පසසමින් කියන ලදී. සියලුම කරුණුවලට මුල්පදයෙන් සම්බන්ධ වීම ගතයුතුයි. ‘පිනෙහිත් පාපයෙහිත් නො ඇලී, ආත්මය අත්හැර, මේ ත්‍රෛධාතුක ලෝකයෙහි ඇලීම නොකරනුයේ, ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා අන්‍ය වූ ශුද්ධියක් නොකියනු ලැබේ. නාතිපටික්ඛෙපො න යනු ප්‍රතිශේධාර්ථයේ නිපාතයකි.
බාහෙත්‍වා සබ්බපාපකානි යන ගාථාවේ අර්ථ - යමෙක් සතර මාර්ගයෙන් සියලු පව් බැහැර ලා ආත්ම දෘෂ්ටියෙන් බැහැරව සිටි බැවින් මෙසේ කියන ලදී. බැහැරලූ පව් ඇති බැවින් විමලො වේ. විමල බවට නිර්මල බවට, බ්‍රහ්ම බවට, ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ, දුරුකළ සමාධිය, වික්‍ෂේපාකාර කෙලෙස් මලයෙන් හා මාර්ගඵල සමාධියෙන් සාධු සමාහිතො වේ. සංසාර හේතුව ඉක්මවා සිටීමෙන් සසර නිම වූ, ඉක්ම වූ නිෂ්ඨාවට පත් කෘත්‍ය ඇති බැවින් කෙවලී යැයි ද තණ්හා දෘෂ්ටියෙන් අමිශ්‍ර වූ, තොර වූ හෙයින් අසිතො යි ද ලෝකධර්මයන්හි කම්පා නොවන හෙයින් තාදී යැයි ද කියනු ලැබේ. මෙසේ ස්තුතියට සුදුසු වූ හෙයින් සබ්‍රහ්මා ඔහු බ්‍රාහ්මණයෙකැයි කියනු ලැබේ.
අඤ්ඤත්‍ර සතිපට්ඨානෙහී සතර සතිපට්ඨාන අත්හැර, ඉන් වෙන්ව සම්‍යක් ප්‍රධානාදියෙහි ද මේ ක්‍රමයමයි.
සන්තෙකෙ සමණබ්‍රාහ්මණා ඇතැම් ලෝක සම්මතයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යැයි ලැබූ නම් ඇති උතුමෝ විද්‍යමාන වෙති. දිට්ඨි සුද්ධිකා දෘෂ්ටියෙන් ශුද්ධ බව කැමතිව. තෙ එකච්චානං රූපානං දස්සනං මේ දෘෂ්ටි ශුද්ධිකයෝ, ඇතැම් රූපාරම්මණයන් දැකීම මංගලං පච්චෙන්ති ‘ඉෂ්ට කාරණයකි. සියලු සම්පත්තීන්ට හේතූවකි’යි කියති. අදහති. අමංගලං පච්චෙන්ති අනිෂ්ට කාරණයකි. සියලු සම්පත්තීන්ට කරුණකැයි නො අදහති. තෙ කාලතො උට්ඨහිත්‍වා ඒ දැකීම මංගල යැයි කියන්නෝ උදේම නැගිට, අභිමංගල ගතානි විශේෂයෙන් අභිවෘද්ධියට ගියහ. රූපානි පස්සන්ති නානාවිධ රූපාරම්මණ දකිති. චටක සකුණං ගේ කුරුල්ලන්. ඵුස්ස බෙලුවලට්ඨි ඵුස්ස (ඵුස) නැකතින් උපන් (හිඳ වූ) තරුණ බෙලිගසක් ගබ්භිනිත්‍ථි ගැබ සහිත ස්ත්‍රියක් කුමාරකං ඛන්‍ධෙ ආරොපෙත්‍වා ගච්ඡන්තං ළදරුවෙකු අතින් වඩාගෙන යන්නියක. පුණ්ණසටං දිය පිරුණු කළය. රොහිත මච්ඡං රතු රෝහිත නම් මත්ස්‍යයකු. ආජඤ්ඤරථං ආජානීය අශ්වයන් යෙදූ රිය. උසභං මඟුල් වෘෂභයෙකු ගොකපිලං කබර දෙනක්.