3 - 8
යමෙක් වනාහි ඒ දෙයාකාර උපායයන්ගේ විද්යමානත්වයෙන් ‘උපය’ නම් වේ ද ඔහු සඳහා, උපයොහි -පෙ- දිට්ඨිමිධෙව සබ්බා යන බවයි. ධම්මෙසු උපෙති වාදං ඇලුණේය. ගැටුණේය යනුවෙන් ඒ ඒ ධර්මයන්හි වාදයට පැමිණේ. අනූපයං කෙන කථං වදෙය්ය තෘෂ්ණා දෘෂ්ටි දෙක ප්රහාණය කිරීමෙන් උපය රහිත බවට ගිය රහතන් වහන්සේ, රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ කෙසේ නම් ඇලුණෙක් වේද? ගැටුණු අයෙක් වේදැයි කිවයුතු වන්නේ ද? මෙසේ අනුපවද්ය වූ, නිරවද්ය වූ උන්වහන්සේ තීර්ථකයන් මෙන් කළ දෙය වසන්නෙක් නොවන්නේ ය’ යන අදහසයි. අත්තං නිරත්තං නහි තස්ස අත්ථි එහි වනාහි ආත්ම දෘෂ්ටියෙන් හෝ උච්ඡේද දෘෂ්ඨියෙන් ග්රහණයක් හෝ මිදීමක් (අත්හැරීමක්) නැත. ඇලීම්, ගැටීම් පිළිබඳ සිතුවිල්ලකුදු නැත. කුමන කරුණකින් එය නැත්තේ ද? අධොසි සො දිට්ඨිමිධෙව සබ්බා උන්වහන්සේ මෙලොවදීම, මේ ආත්මභාවයේදී ම ඤාණ නම් දියෙන් සියලු දෘෂ්ඨින්, දෘෂ්ඨිගතිකයන් දුරු කළේය. අත්හළේය. පහ කළේය. මෙසේ අර්හත් නිකූටයෙන් (අර්හත්වය දක්වා දේශනාව ගෙන යෑමෙන්) දේශනාව නිමා කළ සේක. එය ඇසූ රජතුමා සතුටු සිත් ඇතිව භාග්යවතුන් වහන්සේ වැඳ පිටත්ව ගියේය.
රත්තොනි වා රාගයෙන් ඇලී හෝ දුට්ඨොති වා යනාදියෙහි ද මේ ක්රමයමයි. තෙ අභිසංඛාරා අප්පහීනා යම් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, අනෙඤ්ජාභිසංඛාරයක් වේ නම් ඒවා අප්රහීනය. අභිසංඛාරානං අප්පහීනත්තා ඉහතින් කියූ පරිදි කර්මාභි සංස්කාර අප්රහීණ භාවයෙන් ප්රහීණ නොකළ බැවින්, ගතියා වාදං උපෙති ඔහු යන ගතීන්ගෙන් එකක් පිළිබඳව ප්රකාශ වේ. ඒ නිමිත්තෙන් නෙරයිකොති වාදං උපෙති උපගච්ඡති යැයි කියන ලදී. වදෙය්ය කියන්නේය. ගහිතං නත්ථි ගතයුත්තක් නැත. මුඤ්චි තබ්බං නත්ථි මුදාහැර සිටි බැවින් මුදවිය යුත්තක් මිදීමක් නැත.
යස්සත්ථි ගහිතං යම් පුද්ගලයෙකුට ‘මම ය, මගේ ය’යි ගැනීමක් ඇත් ද තස්සත්ථිමුඤ්චිතබ්බං ඒ පුද්ගලයාට මුදාහළ යුත්තක් වේද, මතු කී පදයන්හි අර්ථ පෙරලා (විරුද්ධාර්ථය) යෙදිය යුතුයි. ගාහමුඤ්චනා සමතික්කන්තො ග්රහණයෙන් මිදී ඉක්මවා සිටි රහතන් වහන්සේ වුද්ධි පරිහානි වීතිවත්තො අභිවෘද්ධිය ද පරිහානිය ද ඉක්මවා සිටි සේක. සොවුත්ථවාසො ආදියේ සිට ඤාණග්ගිනා දඩ්ඪානි යන්න දක්වා අර්ථ ඉහත කී පරිදිම දතයුතුයි. අධොසි කම්පා කළේය. ධුනි සන්ධුනි නිද්ධුනි යනාදියෙහි උපසර්ග යොදා අර්ථ වැඩිකරන ලදී.
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
තෙවන දුට්ඨට්ඨක සූත්ර වර්ණනාව නිමියේ ය.
4. සුද්ධට්ඨකසූත්රනිර්දේශ වර්ණනාව
සිවුවන සුද්ධට්ඨක සූත්රයේ පළමු ගාථාවෙහි අර්ථය පළමුව දැක්වේ. ‘මහණෙනි, මෙබඳු වූ දර්ශනයකින් පිරිසිදු බව ඇති නොවේ. තවද කෙලෙස් කිලුටින් අපිරිසිදු වූ, කෙලෙස් රෝගයන්ගෙන් පිරුණු, අධිගමය (අවබෝධය) රෝගයක්මය. මැවූ ඉන්ද්රජාලමය සඳක් වැනි මෙවැනි පුද්ගලයෙකු දකින දෘෂ්ටිගතික බාලයා, ‘මම ශුද්ධ වූ උතුම් වූ ආරෝග්ය වූවෙකු දුටුවෙමි’ යි සිතයි. ඒ දෘෂ්ටි සංඛ්යාත දර්ශනයෙන් මිනිසාගේ ශුද්ධිය ඇතිවේ යයි ඔහු මෙසේ සළකනේ, සිතන්නේ ඒ දර්ශනය ඉතා උතුම් ය’යි දැන ඒ දර්ශනයෙහි ශුද්ධිය දක්නා සුලු වූයේ, ඒ දර්ශන මාත්රයම ඤාණයයි අදහයි. එය වනාහී ආර්ය මාර්ග ඤාණය නොවේ.
පරමං ආරොග්ය පත්තං උතුම් නීරෝගීත්වයට (නිවනට) පැමිණ සිටි තාණ පත්තං ත්රාණයට (පාලනයට) පැමිණි ලෙණප්පතතං සැඟවීමට පැමිණි සරණප්පත්තං පිහිටට පැමිණි හෝ දුක් නැසීමට පැමිණි අභයප්පත්තං අමෘතමහා නිවනට පැමිණි. නිබ්බාණප්පත්තං වාණ නම් තණ්හා විරහිත බවට පැමිණි,
අභිජානන්තො විශේෂයෙන් දන්නා වූ. (අජානන්තො ඒකාන්තයෙන් දන්නේ, විජානන්තො නානාවිධව දන්නාවූ. පටිවිජානන්තො ඒ ඒ කරුණ නිමිති කරගෙන දන්නා වූ. පටිවිජ්ඣන්තො හදවතේ තබා ප්රතිවේධ කරන්නේ,
චක්ඛු විඤ්ඤාණං රූපදස්සනෙ චක්ෂු විඤ්ඤාණයෙන් රූප දැකීම ඤාණය යැයි සිතයි. පනවයි. අදහයි. මග්ගොති පච්චෙති උපාය යැයි සලකයි. පථො මාර්ගය, සංචාරය නීයාණං රැගෙන යානුයි නීයාණ නමි. නිය්යාණං යන පාඨය ද යෙදේ.
දිට්ඨෙන චෙ සුද්ධි යනු දෙවන ගාථාවයි. එහි අර්ථ මෙසේය. ඒ රූප දශන සංඛ්යාත දෘෂ්ටියෙන්, ඉදින් මිනිසාගේ කෙලෙස් ශුද්ධියක් වේද, ඒ ඥානයෙන් හෝ ඔහු ඉදින් ජාති ආදී දුක්ඛයන් ඉවත් කරයි ද මෙසේ ඇති කල්හි, ආර්ය මාර්ගයෙන් අනික් අශුද්ධි මාර්ගයකින් ඉදින් ශුද්ධියක් වේ නම්, රාගාදී උපධීන්ගෙන් උපධි සහිත වූයේ ම පිරිසිදු වේ යැයි කිවයුතු බවට පැමිණේ. මෙබඳු ශුද්ධියක් නැත. යම් හෙයකින් දිට්ඨිහි නං පාව තථා වදානං දෘෂ්ටිය ම ‘මොහු මිසදිටුවෙකි’යි කියයි. දෘෂ්ටියට අනුරූප බව සස්සතො ලොකො ආදියෙන් වනාහි එසේ එසේයයි කියයි.