3 - 6
මෙසේ ආශ්‍රිත වූයේම ය. දිට්ඨි නිවෙසා -පෙ- ආදියති ච ධම්මං යනාදී ගාථාවෙහි මේ ලෝකය ශාස්වතය. මෙයම සත්‍යය’ ආදී වශයෙන් පැවති දෘෂ්ටි පිළිගැනීම දිට්ඨි නිවෙසා නමි. නහි ස්වාති වත්තා යනු සුවසේ ඉක්මවිය හැක්කෝ නොවෙති. ධම්මෙසු නිගච්ඡෙය්‍ය සමුග්ගහිතං දෙසැටක් මිසදිටු දහම්හි මනාව බැසගෙන, ඒ ඒ ධර්මය මනාව පිළිගෙන, තදින් අල්ලාගෙන පවතිත් ද එහෙයින් මේ දෘෂ්ටි වෙලීම් ඉවත් කිරීම අසීරුය යන අදහසයි. තස්මා තරො තෙසු නිවෙසනෙසු නිරස්සති ආදියතිච්ච ධම්මං යනු ඒ දෘෂ්ටීන් ඉවත් කිරීම අපහසු හෙයින් මිනිසා ඒ දෘෂ්ඨින්හිම වෙලීගැලී තමා අජ ශීල, ගෝ ශීල, කුක්කුර ශීල, පංචතාපන, මරුප්පපාත, උක්කුටික ප්‍රධාන, කණ්ටක, අපස්සයාදී ප්‍රභේදයන් ද ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාවන්හි ගණාදී ප්‍රභේදයන් ද යන ඒ ඒ ධර්මය (පිළිගැනීම්) අත්හරියි. පිළිගනියි. ඉවත දමයි. නැවත ගනියි. වඳුරෙක් ඒ ඒ අතු අල්ලාගෙන අත හරින්නාක් මෙනැයි කියන ලදී.
මෙසේ අත්හරින්නේ ද පිළිගන්නේ ද නොනවත්වා ම වංචල වූ සිත් ඇති බැවින්, නොමැත්තා වූ ගුණ දෝෂයන් කරණ කොටගෙන තමාට හෝ අනුන්ට යස අයස උපදවන්නේ ය. දුරතිවත්තා යනු ඉක්මවීමට අපහසුය. දුත්තරා යනු දුක සේ ඉක්මවිය යුතු දු උත්තරා දුප්පතරා (එතෙර වීමට අපහසු) දුස්සමතික්කමා, දුබ්බීතිවත්තා (ඉක්මවීමට අපහසු) යනුවෙන් උපසර්ග යොදා අර්ථය වැඩිකරන ලදී.
නිච්ඡිනිත්‍වා ශාස්වත වශයෙන් නිශ්චය කර, විනිච්ඡිනිත්‍වා ආත්ම වශයෙන් නානාවිධව විනිශ්චය කර, විචිනිත්‍වා පර්යේෂණය කර, පවිචිනිත්‍වා ආත්මවාදයෙහි සර්වප්‍රකාරයෙන්ම විමසා බලා, නිචිනිත්‍වා විච්ඡිනිත්‍වා යන පාඨ ද යෙදේ. ඔධිග්ගා හො අවධි කොට ගැනීමය. නසා ගැනීමය. බිලග්ගාහො කොටස් වශයෙන් ගැනීමයි. ‘බිලසො පටිචිභජිත්‍වා’ ආදියෙහි මෙනි. වරගාහො උතුම් ගැනීමයි. කොට්ඨාසගාහො අවයව වශයෙන් ගැනීමයි. උච්චය ගාහො රාශි වශයෙන් ගැනීමයි. සමුච්චය ගාහො විශේෂ රාශි වශයෙන් ගැනීමයි. ඉදං සච්චං මෙය ම ස්වභාවයයි. තච්ඡං තථ සත්‍ය බව, නොවෙනස් බව. තථං පරිණාමයට පත්නොවන භූතං විද්‍යමාන වන, යථාවං යථා ස්වභාවය. අවිපරීතං විපරීත නොවන.
නිරස්සති ඉවතලයි. දුරුකරයි. පරවිච්ඡින්‍දතාය වා අනුන් විසින් වෙන්කරනු ලැබීමෙන්, අනභිසම්භුනන්තොවා නොපැමිණිනුයේ හෝ නොහැකි වනුයේ දුරුකරයි. අත්හරියි. පරො විච්ඡින්‍දෙති අනිකෙක් වියෝග කරයි. මෙහි නැත්තේනුයි නත්‍ථෙත්‍ථො යනුමෙහි නැත. සීලං අනභිසම්භුනන්තො සීලය සම්පාදනය නොකරන්නේ සීලං නිරස්සති සීලය අත්හරියි. අනෙක් පදයන්හි අර්ථ ද මෙසේ ම ගතයුතුයි.
3 - 7
යම් කෙනෙක් සියලු මිසදිටු පිළිගැනීම් ආදී දෝෂයන් සෝදාහැර ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් ධොනො වේ. ‘තස්ස ධොනස්ස හි -පෙ- අනූපයො සො’ යන ගාථාවෙන් කුමක් කියන ලද ද? ධොන නම් ප්‍රඥා ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින් ධොනයාට, කම්පා කරන ලද සියලු පාපධර්ම ඇති රහතන් වහන්සේට ලොව කිසිතැනෙක්හි ඒ ඒ භවයන්හි සංකල්පනාදී දෘෂ්ටීන් නැත. උන්වහන්සේ ඒ දෘෂ්ටීන්ගේ අභාවයෙන් යුක්ත බැවිනි. යම් ඒ තමා විසින් කළ පව්කම් වසමින් අන්‍ය තීර්ථකයෝ මායාවෙන් හා මානයෙන් මෙසේ අගතියට (නරකයට) යත් ද එම මායාවත් මානයත් දුරුකළ බැවින් රහතන් වහන්සේ, රාගාදී දෝෂයන්ගෙන් කුමකින් යුත් ද? මෙලොව හෝ පරලොව, නිරයාදී ගති විශේෂයකට කුමකින් යන්නේ ද? අනුපායො සො යනු තණ්හා දිට්ඨි උපායන් දෙක නැති බැවින් අනුපාය නම් වේ.
කිං කාරණා කවර කරුණකින්, ධොනා වුච්චති පඤ්ඤා ධොනා යනු කාරණා කාරණා දන්නා ප්‍රඥාව යැයි කියයි. තාය පඤ්ඤාය කාය දුච්චරිතං ඒ ඉහතින් කියූ ප්‍රඥාවෙන්. කයින් පැවති දුසිරිත, කුණු කෙලෙස් ඇතිකරන හැසිරීම හෝ දුච්චරිත නම් වේ. ධුතඤ්ච ධොතඤ්ච කම්පිත කළ බැවින් ද ධෝවනය කළ බැවින් ද සන්‍ධොතඤ්ච මනාව ධෝවනය කරන ලද බැවින්, නිද්ධොතඤ්ච විශේෂයෙන් මනාව සෝදන ලද. රාගො ධුතො වා යනාදිය සතර මාර්ග වශයෙන් යෙදිය යුතුයි.
සම්මා දිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා වා මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨියෙන්, මිත්‍යා දෘෂ්ටිය කම්පිත කරන ලදී. සොළවන ලදී. ධෝවනය කරන ලදී. සම්මා සංකප්ප ආදියෙහි ද මේ ක්‍රමයම යෙදිය යුතුයි. මෙය කියන ලදී. ‘මහණෙනි, සම්මා දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටිය විනාශ කරනු ලබයි’ යන සූත්‍ර පාඨය විස්තර කළ යුතුයි. සම්මා ඤාණෙන යනු මාර්ග සම්ප්‍රයුක්ත ඤාණයෙන් හෝ ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයෙන්. මිච්ඡා ඤාණං විපරීත වූ ඤාණය, අයථා ඤාණය, පාප ක්‍රියාවන්හි ඇලීම් වශයෙන් පාප ක්‍රියාවක් කොට ‘මවිසින් හොඳ දෙයක් කරන ලදී’යි සිහි කිරීම් වශයෙන් උපදින මෝහයයි. සම්මා විමුත්තියා මිච්ඡා විමුත්ති සමුච්ඡේද විමුක්තියෙන් විපරීත බවට, අයථා බවට, මිදීමට ගිය සිහි ඇතිව, විමුත්ති සංඥාවෙන් යුතු,