3 - 4
සන්තො යනු මූලපදයයි. රාගස්ස සමිත්තතා ඇලීම් (රඤ්ජනය කිරීම්) ලක්‍ෂණ වූ රාගයේ සමිතභාවයෙන්. ද්වේෂාදියෙහි ද මේ නය ම වේ. විජ්ඣාතත්තා සියලු පරිළාහයන්ගේ දැවීමෙන්, නිබ්බුතත්තා සියලු සන්තාප නිවා දැමූ බැවින් විගතත්තා සියලු කුසලාභිසංඛාරයන් දුරුකළ බැවින්, ඉන් ඉතා දුර වූ බැවින්. පටිප්පසද්ධත්තා සර්වප්‍රකාරයෙන් ම නැවත ඉපදීම අභව්‍ය බැවින්. සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛූ මතුයෙහි කියනු ලබන සප්ත ධර්මයන් බිඳ දමා සිටි බැවින් භික්ඛු නම් වෙති. ඒවා නම්, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය යන මේ කෙලෙස් ධර්ම තුන සෝවාන් මාර්ගයෙන් බිඳින ලදී. ඕළාරික වූ කාමය, තරහව යන මේ කෙලෙස් ධර්ම දෙක සකෘදාගාමී මාර්ගයෙන් බිඳින ලදී. ඒ ධර්මයන්ම අංශුවක්වත් ඉතිරි නොකර අනාගාමී මාර්ගයෙන් බිඳින ලදී. මෝහය, මානය යන මේ කෙලෙස් ධර්ම දෙක අර්හත් මාර්ගයෙන් බිඳින ලදී. අවශේෂ කෙලෙස් දැක්වීමට භින්නාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා යි කියන ලදී. සංකිලෙසිකා යනු කෙලෙස් ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) පොනොභවිකා පුනර්භවය ගෙන දෙන සද්දරා කෙලෙස් දැවීම් (දරථයන්) මොවුන්ට ඇත්තේනුයි සද්දරා නමි. සදරා යන පාඨය ද යෙදේ. ‘සහදරථ’ යන අර්ථමයි. දුක්ඛවිපාකං විපාක දෙන අවස්ථාවෙහි දුක් ගෙන දෙන ආයතිං ජාති ජරාමරණීයා යනු අනාගතයේ ජාතිජරා මරණයන්ට ප්‍රත්‍යවීමෙන්.
‘පජ්ජෙන කතෙන අත්තනා’ යන ගාථාවේ මේ පිණ්ඩාර්ථයයි. (සංක්‍ෂිප්තාර්ථයයි.) යමෙක් තමා විසින් වඩන ලද මාර්ගයෙන් පිරිනිවනට ගියේ ද, කෙලෙස් පිරිනිවීමට ගිය බැවින් ම දුරුවූ සැක ඇත්තේ, විපත්ති-සම්පත්ති-හානි-වුද්ධි-උච්ඡේද-ශාස්වත-අපුඤ්ඤ-පුඤ්ඤ ප්‍රභේද ඇති විභවය ද භවය ද අත්හැර මාර්ග වාසයෙහි විසූ බැවින් ක්‍ෂය කළ පුනර්භව ඇත්තේ යැයි ඔවුන්ට මේ ස්තුති වචනය වේ. අරහා සො භික්ඛූති.
ඉතිහං යනුයි. ඉදහං යනු ද මේ පාඨය දෙවැදෑරුම්ය. ඉති යනු පද සන්ධි ආදිය සඳහා කියන ලදී. ‘ඉදහං’ යන පාඨය රුචි නොවේ. එහි ‘ඉති’ යැයි යම් පදයක් කියන ලද්දේ ද පදසන්‍ධීති පදය සන්‍ධිය පදසන්‍ධියයි. පදගටනාවයි යන අර්ථයි. පද සංසග්ගො පදයන්ගේ ඒකීභාවයයි. (එකතු කිරීමයි.) පදපාරිපූරි පදයන්ගේ පරිපූරණය, දෙපදයන්ගේ එකීභාවය, අක්ඛර සමවායො එකීභූත වුවත්, අපරිපූර්ණ නොවූයේද වේ. මෙය මෙසේ අක්‍ෂරයන්ගේ සමවාය, සන්නිපාතය (එකතුවීම) නොවේ යැයි දැක්වීමට අක්ඛර සමවායො යැයි කියන ලදී. බ්‍යඤ්ජන සිලිට්ඨතා යනු ව්‍යඤ්ජනාක්‍ෂර එකතුවීමේ දී අර්ථ සම්පූර්ණ වීමයි. කියන ලද ව්‍යඤ්ජනයන්ගේ, අර්ථ ව්‍යඤ්ජනයන්ගේ අර්ථ ව්‍යක්තිය ඇතිකරන මිහිරි භාවයයි. ගාථාර්ථයේ මෘදු භාවයයි. විෂම බව නොවේ. පදානු පුබ්බතාපෙතං යනු පදයන්ගේ අනුපූර්වතාව පදානුපුබ්බතාවයි. පදයන්ගේ පිළිවෙළ යන අර්ථයි. චෙතං යනු මේ. කතමං යනු ඒ කෙසේද? මෙතං යන මෙහි ම කාරය පද සන්ධි කිරිමට කියන ලද්දකි. කථංහොති යනු මම සිල්වතෙක් වෙමි’යි තමා උසස් කර (හුවා දක්වා) කථා කරන ස්වභාවය වේ. කත්‍ථති යනු ඉහත කියූ ක්‍රමයෙන් කියයි. විකත්‍ථති යනු විවිධාකාරයෙන් කියයි. කත්‍ථනා යනු කීමයි. ආරතො යනු ඉතා දුරින් විරතො ළං වූ සමීප වූ ස්ථාන වශයෙන් දුරු වූ හෙයින් නො ඇලුණේ, පටිවිරතො යනු ඉන් නැවතී සර්වප්‍රකාරයෙන්ම වියුක්ත වූවෙක්ව නො ඇලුණේ. එහි පිසාචයෙක් මෙන් දැක පලායන්නේ ආරතො වේ. ඇතෙකු මඩින කල්හි මෙන් ඔබනොබ දුවගියේ විරතො වේ. යෝධයන්ගේ යුද්ධයක් සන්සිඳුවා, මර්ධනය කර ගියාක් මෙන් පටිවිරතො.
ඛීණාසවස්ස යනු ක්‍ෂය වූ කෙලෙස් ඇති රහතන් වහන්සේට. කම්මුස්සදො යනු පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභි සංඛාර හා ආනෙඤ්ජාභි සංඛාර සංඛ්‍යාත වූ කර්මය පිරුණු බවක් උත්සන්නතාවක් තස්සිමෙ යනු ඒ ක්‍ෂීණාස්‍රවයාගේ මේ උත්සදයෝ (නැත)
3 - 5
මෙසේ රහතන් වහන්සේගේ පිළිවෙත දක්වා දැන් දෘෂ්ටිගතික වූ තීර්ථකයන්ගේ පිළිවෙතද දක්වමින් (පස්වන ගාථාව) වදාළහ. ‘පකප්පිතා සංඛතා’ යනාදී ගාථාවෙහි පකප්පිතා යනු පරිකල්පනය කළ සංඛතා ප්‍රත්‍යයෙන් සකස් කරන ලද. යසස යම්කිසි දෘෂ්ටිගතිකයකුගේ. ධම්මා දෘෂ්ටීහු. පුරක්ඛතා පෙරටුව කරන ලද. සන්ති විද්‍යමාන වෙත්. අවෙවදාතා අපිරිසිදු වූ යදත්තනි පස්සති ආනිසංසං තං නිස්සිතො කුප්ප පටිච්චසත්තිං යනු යමෙකුගේ ඒ දෘෂ්ටි ධර්මයෝ පෙරටු කරගෙන අපිරිසිදුව සිටිත්ද ඔහු මෙපරිද්දෙන්, තමා කෙරෙහි ඒ දෘෂ්ටියේ ප්‍රත්‍ය සංස්කාරාදිය මේ ලෝක වශයෙන් ද ගති විශේෂාදීය පරලෝක වශයෙන් ද යම් ආනිසංසයක් දක්නේද, එහෙයින් ඒ ආනිසංසය ද ඒ කිපීමද ප්‍රතීත්‍ය සමුත්පන්න බව නිසා ද සම්මුති ශාන්ත බව නිසා ද කෝපී බව දැක්වීම සංඛ්‍යාත දෘෂ්ටිය ද ආශ්‍රය කරගත්තේ වේ. ඔහු ඒ දෘෂ්ටියෙන් වෙලීගත් බැවින් තමා හෝ උසස්කර දක්වන්නේය. අනුන් හෝ පහත්කර දක්වන්නේය. ගුණ දෝෂයන්ගෙන් මැඬලන්නේය.
සංඛාතා යනු මූලපදයයි. සංඛතා යනු ප්‍රත්‍යයන් එකතු වී කරන ලද. උපසර්ග යෙදීම් වශයෙන් පදය වැඩිකරන ලදී. අභිසංඛතා ප්‍රත්‍යයන්ගෙන් විශේෂයෙන් සකසන ලද. සණ්ඨාපිතා ප්‍රත්‍ය වශයෙන් ම මනාව තැබූ. අනිච්වා යනු ඇතිව නැතිවන බැවින් පටිච්ච සමුප්පන්නා යනු වස්තු අරමුණක් නිසා උපන් ඛය ධම්මා ක්‍රමයෙන් ක්‍ෂය ස්වභාවයට යන. වයධම්මා පැවතුම් වශයෙන් පිරිහී යන ස්වභාවය. විරාග ධම්මා නොනැවතීම ගමන්කරන ස්වභාවය. නිරෝධ ධම්මා නිරෝධවන (නැතිවන) ස්වභාවය. නූපදින ධර්මයක්ව නිරෝධ වන ස්වභාවය යන අර්ථයයි. දිට්ඨිගතිකස්ස දෙසැටක් මිසදිටු ගෙන සිටි පුද්ගලයාට.
පුරෙක්ඛා මුලින් කළ, තණ්හා ධජො ඔසවා තබන බැවින් තණ්හාව ධජයකි. තණ්හාව නම් කොඩියක් මොහුට ඇත්තේනුයි තණ්හා ධජ වූ, පෙරටු කරගෙන හැසිරෙන බැවින් තණ්හාවම මොහු කේතුවක් කරගත්තේනුයි තණ්හා කෙතු, තණ්හාධිපතෙය්‍ය යනු ඡන්‍දාධිපති වශයෙන්. තණ්හා අධිපතිභාවයට පැමිණියේනුයි තණ්හාධිපතෙය්‍ය නම් වේ. නැතහොත් තණ්හාධිපති බව මොහුට ඇත්තේනුයි තණ්හාධිපතෙය්‍ය වේ. දිට්ඨිධජා ආදියෙහි ද ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. අවොදාතා අපිරිසිදු වූ. සංකිලිට්ඨා තමාම කිලිටි වූ. සංකිලෙසකා පසුතැවිලි වන,