16. සාරිපුත්තසූත්රනිර්දේශ වර්ණනාව
දහසය වන සාරිපුත්‍ර සූත්‍ර නිද්දේසයේ පළමු ගාථාව න මෙ දිට්ඨො නම් වේ. එහි ඉතො පුබ්බෙ යනු මේ සංකස්ස නගරයට බැසීමට පෙර වග්ගුවදො මිහිරි වදන් ඇති තුසිතා ගණිමාගතො තුසිත ලෝකයෙන් වුතවී මවුකුසට පැමිණි බැවින් “තුසිතයෙන් පැමිණි” නම් වේ ගණයාට, සමූහයාට, ආචාර්ය වන බැවින් ගණී නම් වේ. නැතහොත් සතුටු වූ යන අර්ථයෙන් තුසිත නම් වූ දෙලොවින් ගණයා වෙත පැමිණ. නැතහොත් තුසිතයාගේ, රහතුන්ගේ සමූහය මැදට පැමිණි.
ඉමිනා චක්ඛුනා මේ ආත්මභාවයට අයත් ප්‍රකෘති මසැසින් ඉමිනා අත්තභාවෙන මේ අවසන් ආත්ම භාවයෙන් තාවතිංස භවනෙ තව්තිසා දෙව්ලොව. පාරිච්ඡාත්තක මූලෙ පරසතු ගස් මුල පණ්ඩුකම්බලසිලායං රතු කම්බිලියක් බඳු ගල් මත. වස්සං වුත්ථො විසූ වස් ඇති දෙවගණපරිවුතො දේව සමූහයා විසින් පිරිවරා ගත්. ඔතිණ්ණො බැසගත්, අවතීර්ණ වූ ඉමං දස්සනං පුබ්බෙ මේ දර්ශනය මිස ඊට පෙර න දිට්ඨො වෙනත් කිසිදාක නොදුටු.
ඛත්තියස්ස වා ක්ෂත්රියකුගේ බසින් නො ඇසීම. බ්‍රාහ්මණාදීන්ගේ ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
මධුර වාදො යනාදියෙහි අර්ථ ව්‍යඤ්ජන සම්පන්නව මිහිරිව කියානුයි මධුරවදො නම් වේ. ප්‍රේම ජනනය කරන, ප්‍රේමයට සුදුසුව කියානුයි පෙමනීයවදො. කුරවි කොවුල් හඬ මෙන් මිහිරි ඝෝෂා ඇත්තේනුයි කරවීකරුත මඤ්ජුඝොසො විස්සට්ඨො ච විශිෂ්ඨ වූයේ, නොපැකිළෙනුයේ වේ. ඒ ඒ තැන නැවත නැවතී කථා නොකරන. විඤ්ඤෙය්යො ච මනාව දැනගත හැකි වන්නේය. මඤ්ජු ච මිහිරිවූයේ ද වේ. සවණියො ච කණට මිහිරි වේ. බින්දුව හැපුණේද වේ. අවිසාරීච නොපැතිරුණේ ද වේ. ගම්භිරො ච ගැඹුරු වූයේ වේ. නින්නා දීච නින්නාද ඇත්තේ වේ. අස්ස මේ බුදුරජුන්ගේ බහිද්දා පරිසාය පිරිසෙන් බැහැර. න නිච්ඡරති නොනික්මෙයි. කවර කරුණකින් ද? “මෙබඳු වූ මිහිරි ශබ්දය නිකරුනේ විනාශ නොවේවා” යි යන කාරණයෙනි. බ්රහ්මසරො අන්‍යයන්ට සිඳුණු ස්වර ඇත. බිඳුණු ස්වර ඇත. කාක ස්වර ඇත. බුදුරදුන් මහා බ්‍රහ්මයාගේ ස්වරය හා සමාන සවරයකින් යුක්තය. මහා බ්‍රහ්මයා වනාහි පිත්, සෙම් ආදී පීඩා නොවනක් වන නිසා ස්වරද ඉතා පිරිසිදු වූයේ වේ. කළ පින් බෙලෙන් බුදුරදුන්ගේ ශරීරාංග (වත්ථුං) ඉතා පිරිසිදුය. ශරීරාංගයන්ගේ පාරිශුද්ධභාවය නිසා නාභියේ සිට හටගන්නා වූ ස්වරය ඉතා පවිත්‍රය. අංග අටකින් සමන්විතව ම හටගනී. කෙවිල්ලන් (කොවුලන්) මෙන් හඬ ඇත්තේනුයි කරවීක භාණී නම් වේ. මත් කොවුලන්ගේ හඬ මෙන් මංජුස්වර ඇත්තේ වේ යන අර්ථයයි.
තාරෙති යනු බිය සැක සහිත ස්ථානය දක්වා ඉක්මවා යයි. උත්තාරෙති ක්ෂේම භූමියට පමුණුවමින් තරණය කරවයි. නිත්තාරෙති අක්ෂේම (බිය සැක සහිත) ස්ථානයෙන් නික්මවමින්, පිටත් කරමින් තරණය කරවයි. පතාරෙති මනාව ගෙන තරණය කරවයි. අතින් මනාව අල්ලාගෙන මෙන් එතෙර කරවයි යන අර්ථයයි. මේ සියල්ල එතෙර කිරීම, රැගෙන යාම ආදී ක්ෂේමස්ථානයේ තැබීමම යයි දක්වමින් ඛෙමන්තං භූමි සම්පාපෙති යයි වදාළහ. සත්තෙ යනු හික්මවන සත්ත්වයන්. මහත් වූ ගහණයක් බැවින් ද මහත් අනර්ථ එළවන බැවින් ද තරණය කිරීම ඉතා අපහසු හෙයින් ද ජාතියම කාන්තාරය වූයේ ජාතිකන්තාර නම් වේ. එය ජාති කන්තාරං වේ.
ගණස්ස සුස්සුසති සමූහයා මොහුගේ වචන අසනු කැමති වෙයි. ශ්‍රවණය කරයි. සැලකිල්ලට ගනියි. සොතං ඔදහති අසනු කැමතිව කන් යොමයි. පිහිටුවයි. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති දැනගනු කැමතිව සිත යොමු කරයි. ගණං අකුසලා වුට්ඨාපෙත්වා ජන සමූහයා, අදක්ෂ බවින් හටගත් අකුශලයෙන් නැගිටුවා කුසලයේ පතිට්ඨාපෙති දක්ෂභාවයෙන් හටගත් කුසලයෙහි පිහිටුවයි. සංඝී යනු රාශි වශයෙන් සමූහයක් මොහුට ඇත්තේනුයි සංඝී නම් වේ. පිරිස් වශයෙන් ගණනයක්, සමූහයක් ඇත්තේනුයි ගණී නම් වේ. ගණයාගේ ආචාර්ය වූයේනුයි ගණාචරියො නම් වේ.
දෙවන ගාථාවේ සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති සදේවක ලෝකයාට පෙනෙන්නාක් මෙන් මිනිස්සුන්ටද පෙනේ. නොහොත් යථා දිස්සති යනු සත්‍ය වශයෙන් අවිපරීතව. චක්ඛුමා උතුම් ඇස් ඇති. එකො පැවිදි ආදීන්ගෙන් හුදකලාව. රතිං නෛෂ්ක්‍රම්‍ය රතියට.
පටිරූපකො ස්වර්ණ ප්‍රතිරූපක වූ කුණ්ඩලාභරණයක් මත්තිකා කුණ්ඩලොවා මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් මෙන් ලොහඩ්ඪමාසොව සුවණ්ණ ඡන්නො රනින් වැසූ ලෝහ මස්සක් මෙන් පරිවාර ඡන්නා පිරිවරින් වැසුනාහු. අන්තො අසුද්ධා අභ්‍යන්තර වශයෙන් රාගාදියෙන් අපරිශුද්ධ වූ. බහිසොභමානා සිවුරු ආදියෙන් බාහිර වූ සුන්දර වූ, ශෝභමාන වූ.
අකප්පිත ඉරියාපථා ච නො සැරසූ ඉරියව්වලින් පණිධි සම්පන්නා පිරිපුන් ප්‍රාර්ථනා ඇති.
විසුද්ධ සද්දො පිරිසිදු කීර්ති ශබ්ද ඇති, යථාභූත (තත්ත්වාකාරයෙන් පැවති) ස්තුති ඝෝෂා ඇති යන අර්ථයයි. ගතකිත්තිසද්ද සිලොකො කීර්ති ශබ්දයද ප්‍රශංසාව ද ගෙන හැසිරෙන සුලු වූයේ. කිසිතැනක සුද්ධ සද්දො යි ද යෙදේ. නාගභවනයේද සුපර්ණ භවනයේද ආදී ක්‍රමයෙන් විස්තර කර දැක් වූ ස්ථානයන්හි. තතොච භීය්‍යො මෙකී ආකාරයට වඩා ගෞරවාන්විත වශයෙන් ඉතා වැඩි ලෙස, අතිරේකව දක්නා ලැබේ.
සබ්බං රාගතමං සියලු රාගන්ධකාරය. දෝෂ තමාදියෙහි ද මේ ක්‍රමයෙන් අර්ථය ගතයුතුයි. අන්ධකරණං ප්රඥාලෝකය වලක්වන, වසන. අචක්ඛුකරණං ප්‍රඥා චක්ෂුවෙන් නොකිරීම. අඤ්ඤාණ කරණං ඤාණයෙන් නොදැනීම ඇති කරන පඤ්ඤානිරෝධිකං ප්‍රඥා ඇස නසන. විඝාත පක්ඛිකං පීඩා කොටසෙහි වූ අනිබ්බාණ සංවත්තනිකං ප්‍රත්‍ය රහිත අමාමහ නිවන පිණිස හේතු නොවන්නා වූ.